හැකරැලි බෙහෙත 😋☠️

tarson

Well-known member
  • Feb 25, 2009
    9,009
    6,374
    113
    මේ මිනිස්සු ඉතාම වටිනා දෙයක් පාවිච්චි කරන්නේ නෑ.

    බැරල් එකක් උඩට වෙනකන් වතුර පුරවන්න ඕනෙ.
    ඊට පස්සෙ මේ හැකරැල්ලො ග්‍රෑම් 500ක් හෝ කිලෝ එකක් විතර දාන්න ඕනෙ.
    උන්ට යන්න බැරිවෙන්න පියනකින් වහන්න පුළුවන් නම් හොධයි, නැත්තන් ඉටිකොලේකින් හරි සීල් කරගන්න ඕනෙ (කොහොම හරි හැකරැල්ලො ටික වතුරෙ ගිල්ලල තියන්න ඕනෙ).
    ඒකට අහක දාන ඉදුණු පළතුරක් (භාගයක් හෝ ගෙඩියක්) දාන්න ඕනෙ. ගස්ලබු වගේ ඒව හොධයි.
    ඊට පස්සේ දවස් දෙකක් තියල ඒ වතුර දාන්න ඕනෙ පොළොවට සහ ගස් වලට හොදට තෙමෙන්න.

    මේ විධිහට දවස් තුනක් කරන්න ඕනෙ දවසක් ඇර දවසක්

    කිසිම ලෙඩක් එන්නේ නැතුව ගස් ටික වැවෙනව.
    කෙමිකල් පොහොර දාන්න ඕනෙත් නෑ, කෘමි නාශක ගහන්න ඕනෙත් නෑ.
    මාස 8 ක් 12 ක් වගේ ගියාම ආපහු ඕක කරන්න ඕනෙ.

    පස සරු කරන්න සහ කෘමි නාශක විධිහට ආදි කාලෙ කරපු සාර්තක ක්‍රමයක්.
    පසේ ඉන්න පනුවො මාර ආසයි මේ වතුර වලට, උන් පස් කනවා ඉවරයක් නෑ, හිතකර බැක්ටීරියාත් හැදෙනවා ඉවරයක් නෑ.
    රතු පනුවො විමානයක් වෙනවා පස් යට.
    ඕව දැන් කෙමිකල් ගහන්න පුරුදු වෙච්ච මිනිස්සු දන්නෙත් නෑ.
    සල්ලි ලක්ෂ ගණන් ඉතුරු කරන්න පුළුවන් මේ ක්‍රමේට.

    අනිත් එක මේ විධිහට දියර හදල විකුනන්නත් පුළුවන් අනිත් ගොවීන්ට.

    මේ ගමේ මිනිස්සුන්ට නිධානයක් නිකන් දීල තියෙනව. මුන් පාචිචි කරන්නේ නෑ මෝඩයො ටික.

     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,689
    113
    United States
    ගස්ලබු දාල දවස් දෙකක් තියල ගහන වතුර එක නම් ඇත්තටම try කරල බලන්න වටිනව, කෙමිකල් නැතුව ගස් ටික හැදෙනව නම් ඒක ලොකු දෙයක්නෙ.