දැං ලංකාවේ ගිනිගෙන දැවෙන ප්‍රස්ණය හැක් සිද්දියයි...
අනේ ඒ කොලුවා මාරයි දෙයියනේ...
ඉස්ටීව් ජොබ්ස් හිටියනං ඇපල් එක බාර දෙනව පුංචි අම්මේ..
හපෙ අප්පේ මෙහෙමත් මොළයක්..
වාවන්නෑ හසන්ත මහත්තයෝ...
මෙවන් පුතෙක් ලද දෙමව්පියන් හැක්වන්නේමය..
බත් ඉදෙන්නෑ පුතේ... ඔවා තමයි දැයේ IT වීරයා...
උඹට රස්සාවක් දීලා සුපර් කොම්පියුටරයක් අරන් දීලා ටෙලිකොම් එකේ ලොක්කා කරලා නාසා එකට සිස්සත්වයක් දෙන්න මේ සිරිසේනට බෑනෙ...
ඔන්න ඔය ආකාරයේ අනේකවිද හීල්ලීම්, හොටු පෙරීම්, නාහෙන් ඇඬීම් වලින් වෝල් එක එකම සෙවල ගොඩක් වී ඇත...
උදේ නැගිට ෆේස්බුක් ආවේ ඩිස්ප්ලේ එක පිහදලාය.. තව පොඩ්ඩෙන් හැකර් වෙනුවෙන් හැලූ කඳුලු ගංගා මත මා ලිස්සා ඇදවැටීමට තිබිණ....
ඔය ලොජික් එක මෙසේ අරන් බලමු...
බැංකුවක් දමා මිනිස්සු රවට්ටා මිලියන ගාණක් සල්ලි ගෙන රට පැන්න සක්විති ලංකාවෙ මුදල් ඇමති කළ යුතුය.. ( ඉන්න එකත් එසේම නිසා අව්ලක් නැත )
මිලියන 157ක් උපයාගත් විදිහක් හොයා ගත නොහැකි නාවික හමුදා වැටුපෙන් චැනල් එකක් පටන් ගත් දැයේ අසහාය වියවසායක යෝසිත රාජපක්ස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපති කල යුතුය....
ඉල්ලක්කයට වෙඩි තැබීමේ සූරයන් වූ කරාටේ ධම්මික, ආමි රොසාන් , කඩුවෙල වසන්ත ආදී පාතාලයන් මැරුවේ අපරාදෙනෙ... උන්ව ආමි එකෙ කොල්ලො ට්‍රේනින්ග් කරන්න ඔෆිසර් පෝස්ට් එකකට බඳවා ගන්න තිබුණාය...
අනුරාධපුරේ ගණිකා ජාවාරම නවත්තන්න කියා ෆේස්බුක් එකේ වීඩියෝ එකක් තියා සොයිසව මැරූ SFලොකූව බැට්මෑන් සුපර්මෑන් වගේ පෝස්ට් එකක් දී ජාතික ආරස්සාව සදාචාරය රකින්න බඳවා ගන්න තිබුණාය...
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද බැඳුමකර මගෝඩිය සේප් එකේ සිදුකළ පට්ට දස්සකම නිසා නැවත සේවයේ පිහිටවිය යුතුය....
අර ලොජික් එක හරිනං මේ ලොජික් වැරදීමට නොහැක..
එමනිසා දායක සභාවෙන් අවසරයි...
සිරිසේනගේ සයිට් එක හැක් කිරීමට හැකි ලංකාවේ එකම එකා ඔය පොඩි එකා නෙමේය... ඔයිට වැඩිය ඕන තරං වැඩ්ඩන් ලංකාවෙ ඉන්නවාය..නමුත් උන් නීති ගරුක උන් වීම නිසා උන්ට නීති කඩා වීරයන් වීමට උවමනාවක් නැත...
අනික IT සම්බන්ධ වැඩ්ඩන්ගේ මතයට අනුව ඔය සයිට් එක සිරිසේන මහතා මෙන් සරල සයිට් එකක් වන අතර එය හැක් කිරීම මහා ලොකු මෙව්වා එකක් නොවේය..
අනික ඕකා බැංකුවල් හැක් කර සල්ලි ටික මාරු කර ගත්තා නං දායක සභාවේ උපාසක උපාසිකාවන් ඕකාගේ පවුලටම මඩු වලිගෙන ගහන හැටිත් බලාගන්න තිබුණා ය...
නීතියට හැම කොල්ලාම බල්ලාම ජනපති ද යටත් විය යුතුය..
නීති කඩන උන් වීරයන් පොරවල් වන්නේ නැත..
ඒ නිසා අනිත් පොඩි උන්ගෙ ඔලුවලටත් පොරත්වය දමා හැක්කිරීමට හෝ වෙනත් නසරාණි වැඩ කිරීමට අනුබල නොදී නීතිගරුක පුරවැසියන් ලෙස නීතිය රැකීමට උදව් කිරීම රටට හොඳ වේය...
පොඩි එකා බාල වයස්කාරයෙක් නිසා පුනරුත්ථාපනය කර IT උගන්වා රටට වැඩදායීව යොදා ගැනීම වෙනම එකකි...
හැක් කරපු ගමන් ඌව IT ලොක්කා කිරීම තව එකකි...
මිනී මරන්න ගෑස් කාමර හදපු ඉංජිනේරුවන්,
මිනී මරන්න බෙහෙත් හොයාගත් දොස්තරවරුන්...
පරමාණු බෝම්බ හැදූ විද්‍යාඥයන් වීරයන් වන්නේ නැත...
උන් මේ ලෝකෙ අවාසනාවට බිහිවූ තිරිසනුන්ය..
- උපුටාගැනීමකි -

Last edited: