හැඟීම් සහ දුක

hpalpola

Well-known member
  • මිනිස්සුන්ට ඇති වන හැඟීම් විවිධාකාරයි. ආදරය, ආශාව, ආකර්ශනය, කැමැත්ත, තරහ මේ වගේ විවිධ විදියට ඒ හැඟීම් වලට නම් දීලා තියෙනවා. මේ හැඟීම් සජීවි ⁣වගේම අජීවී දේවල් නිසා සහ ඒ දේවල් වෙත ඇති වෙන්න පුළුවන්. බුදු දහමට අනුව සිතිවිල්ලක් ඇති වෙලා නැති වෙන්න ගත වෙන වෙලාව වගේ 17 ගුණයක් රූපය පවතිනවා. මේ නිසා අපි දේවල් මුල් කරගෙන ඇති කර ගන්න හැඟීම්වලට අදාළ දේවල් ඇති වී නැති වී යන ආකාරය අපිට පේන්නෙ නැහැ. නිකමට ගත්තොත් පිරිමියාට ආශාව ඇති වෙන ප්‍රභලම රූපය ගැහැණියගේ රූප⁣යනෙ. ගැහැණියට ආශාව ඇති වෙන ප්‍රභලම රූපය ගැහැණු රූපය. මේ රුපය ගැහැණු වේවා පිරිමි වේවා හිතාගන්න බැරි වේගයෙන් වෙනස් වෙනවා. ඒක අපිට පියවි ඇහැට පේන්නෙ නැහැ. කාලයක් යද්දි තමයි පේන්නෙ. අද දකින රූපය නිසා ඇති කර ගන්න, ඇති වෙන හැඟීම් මේ වෙනස්වීම ගැන අවබෝධයෙන් ඇති වුනානම් ඒක ඇත්ත ස්වභාවය අනුව ඇති වුන හැඟීම්. හැබැයි ඒ ගැන අවබෝධයක් නැතිව ඇතිවෙන හැඟීම්වලට ඒ තත්ත්වය දෙන්න බැහැ. ඒ වගේ හැඟීම් රූපය වෙනස් වෙද්දි වෙනස් වෙනවා. මේ වෙනස්වීම නිසා මිනිස්සු අත⁣රෙ ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් සමථකරගෙන ජීවත් වෙන්න පුළුවන් ගෑණු පිරිමි භේදයකින් තොරව මනා ප්‍රඥාවතුන්ට පමණයි. එහෙම නොහැකි වන හැම කෙනෙක්ට ම වෙන්නෙ දුකට පත් වෙන්න.