හැටන්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හැටන් - දික්‌ඔය නගරවලට (13 දා) ඇදහැලුන අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ ගංවතුර තර්ජනයක්‌ හටගෙන ඇත. මෙම අධික වර්ෂාවත් සමග හැටන් ඉතිහාසයේ වැඩිම ගංවතුර තර්ජනය මේ වන විට හටගෙන ඇති අතර මේ නිසා පවුල් කීපයක්‌ම අවතැන්ව සිටිති. 13 දා අලුයම සිට ප්‍රදේශයේ අධික වර්ෂාවක්‌ පවතින අතර හැටන් සාත්තු නිවාස මාර්ගය මේ වන විට මුළුමණින්ම ජලයෙන් යටවී ඇත. මෙම මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන්රථයක්‌ සහ මෝටර් රථයක්‌ද ජලයට හසුව ඇති අතර එම ප්‍රදේශයේ නිවාසවලටද ජලය ගලා යැමෙන් නිවැසියෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

    310159_618518814847896_278930267_n.jpg


    971776_618519038181207_551668475_n.jpg


    179899_618519381514506_1686113587_n.jpg