හැමදාම උණු වතුර බොමු.....

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    හැමදාම උණු වතුර බොමු.....

    උණු වතුර පානය කිරීම තුලින් ලබාගන්න පුළුවන් සෞක්‍යමය වාසි 12 ක් පිළිබදව ඔබව දැනුවත් කරන්න තීරණය කලා. අපි එකින් එක බලමු මොනවද මේ වාසි කියලා.වතුර කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්. ගොඩක් වෛද්‍යවරු දවසකට වතුර වීදුරු 8ක් වත් බොන්න කියල උපදෙස් දෙනවා. ඔයාගේ සාමාන්‍ය වතුර වීදුරුව වෙනුවට, උණු වතුර පානය කලොත් ලබාගන්න පුළුවන් වාසි පිලිබඳව කලින් දැනගෙන හිටියද ?
    බර අඩුකරගැනීම

    සෑම උදෑසනම, ලෙමන් කැබැල්ලක් එක්කරන ලද උණු වතුර වීදුරුවක් පානය කිරීම, බර අඩු කරගැනීමට කදිම විසදුමක්. අපේ ශරීරයේ ඇති මේදය කඩා දැමීමටද උණු වතුර වලට හැකියාවක් තියෙනවා.
    උගුරේ සහ නාසයේ සිරවීම් ඉවත්කිරීමට

    හෙම්බිරිස්සාව කියන්නෙ අපි කාටත් එපා කරපු ලෙඩක්. සෙම නිසා අවහිර වුනු නහය, කසන උගුර වැනි තත්ත්ව වලට උණු වතුර පානය කිරීම ඉතා හොද විසදුමක්.
    ඔසප් වේදනාව අඩුකරගැනීම

    උදරයේ ඇති මාංශ පේශීන් වලට සහනයක් ලබාදීමේ හැකියාව උණු වතුර වලට තිබෙනවා. මේ නිසා ඔසප් වේදනාව සමනය කරගන්න උණු වතුර පානය උපකාරී වෙනවා.
    සිරුරේ ඇති විෂ ඉවත්කිරීමට

    උණු වතුර පානය කිරීමෙන් සිරුර තුල ඇති උෂ්ණත්වය වැඩි වෙනවා. මෙමගින් අධික ලෙස දහඩිය පිට වීමට පටන් ගන්නා නිසා දහඩිය හරහා සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය පිටවෙනවා.
    අකලට වයස්ගත වීම නතර කිරීමට

    අකලට වයස්ගත වීම සිදුවන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසයි. මේවා ඉවත්කිරීම මගින් අකලට වයස්ගතවීම වලක්වා ගන්න උණු වතුර පානය කිරීමෙන් පුළුවන් වෙනවා. හමේ නම්‍යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මගින් ඔබේ සමේ සුමුදු බවත් වැඩි වෙනවා.
    කුරුලෑ ඉවත් කිරීමට

    සිරුර ඇතුලතින් පිරිසිදු කිරීමේ හැකියාව උණු වතුර වලට ඇති නිසා, කුරුලෑ තත්වයන් සියල්ල නැති කරන්න උණුවතුර වලට පුළුවන්.
    පෘෂ්ටිමත් කොන්ඩයකට

    හිස කෙස් වල අගිස්ස ශක්තිමත් කර දිගු සිනිදු සහ පෘෂ්ටිමත් කෙස් කළඹක් ලබාදෙන්න උණුවතුර වලට පුළුවන්.
    දිගු කෙස් කලඹකට

    ඔබේ හිස කෙස් වැඩීම වේගවත් කරන්න උණු වතුර වලට පුළුවන්.
    හිස්හොරි වලක්වා ගැනීමට

    උණුවතුර පානය කිරීම මඟින් හිස් කබලේ වියලි බව අඩුකර හිස්සොරි ඇතිවීම වලක්වා ගන්න පුළුවන්.
    ස්නායු පද්ධතිය නිරෝගී කිරීමට

    සිරුර තුල ලේ ගමනාගමනය වර්ධනය කරමින් ස්නායු පද්ධතිය නිරෝගී කරන්න උණුවතුර වලට පුළුවන්.
    ආහාර ජීර්ණයට

    බඩවැල් තුල ඇති මේදය දියකර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කරවනවා.
    බහිශ්‍රාවිය පහසු කිරීමට

    බඩවැල් තුල ඇති ආහාර ඉවත් කර මලබද්ධය වැනි සංකූලතා අඩු කරමින් බහිශ්‍රාවිය කටයුතු පහසු කරනවා.
    උපුටා ගැනීමකි....
     
    Last edited:

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    You must spread some Reputation around before giving it to Sara531 again.
    :(

    tankz macho...
    11.gif
    11.gif
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සෑම උදෑසනම, ලෙමන් කැබැල්ලක් එක්කරන ලද උණු වතුර වීදුරුවක් පානය කිරීම, බර අඩු කරගැනීමට කදිම විසදුමක්. අපේ ශරීරයේ ඇති මේදය කඩා දැමීමටද උණු වතුර වලට හැකියාවක් තියෙනවා.

    dehi dammoth hari yaida meka?