හැමදාම නැතිවෙන ගීතාගේ 7000

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    හැමදාම නැතිවෙන ගීතාගේ 7000

    Geethas.jpg

    ස්වර්ණවාහිනියේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ විනිසුරුවරියක වශයෙන් කටයුතු කළ ජනප‍්‍රිය නිළි ගීතා කුමාරසිංහ එසේ කටයුතු කළ කාලය තුළ ස්වර්ණවාහිනියේ තාක්‍ෂණික හා වේෂ නිරූපන ශිල්පීන්ට මලවදයක් වූ බව පැපරාසියා වෙත වාර්තා වේ.
    ගීතා මෙම විනිසුරු මඩුල්ල සඳහා එක්වීමට බලවත් කැමැත්තක් පළ කොට තිබෙන්නේ අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය මැතිවරණයේදී මනාප ඡන්ද ලක්‍ෂ ගණනක් ලබාගත්තේ මෙම වැඩසටහනට සහභාගී වීමෙනැයි ඇය දරන අදහස නිසාය.

    නර්ථන වැඩසටහන් පිළිබදව කිසිම දැනුමක් නැති ගීතා සල්සා නැටුමට ‘සම්බා’ ලෙසත් සම්බා නැටුමට ‘ලැටින්’ ලෙසත් ලැටින් නැටුමට ‘ඊස්ටන්’ ලෙසත් කතකලි නැටුමට ‘කැන්ඩියන්’ ලෙසත් විකාර දොඩවන ලද්දේ විනිසුරු මණ්ඩලයේ සිටියදී පවා බීමතින් සිට ඇති බැවිනි. නර්ථනය අතරතුර කෙවින් නුගාරා විනිසුරුවරයාගෙන් ඒ පිළිබදව අසාදැනගන්නා ගීතා ඒවා ගිරවියක සේ නර්ථනය අවසානයේ පවසා ඇත.

    මෙම වැඩසටහන අතර තුර තමන්ගේ පසුම්බියේ තිබී රුපියල් 7000 ක් නැතිවූ බව පවසා සිටි ගීතා ඊට එක් වේශනිරූපන ශිල්පියෙකු වෙත චෝදනා කර සිටියාය. ඉංග‍්‍රීසි භාෂාවෙන් අමුතිත්ත කුණුහරුපයෙන් එම වේශනිරූපන ශිල්පියා වෙත බැනවැදී ඇති ගීතා අවසානයේ ‘‘තෝ තමයි ......පුතා මගේ සල්ලි ගත්තේ’’ යනුවෙන් චෝදනා කොට තිබේ.

    මෙයින් මහත් කළකීරීමට පත් වේශනිරූපන ශිල්පීන් කණ්ඩායම ඔවුනොවුන් සම්මාදම් කොට රුපියල් 7000 ක් එකතු කිරීමට කටයුතු යොදා තිබේ. මේ බව නොදත් ගීතා ඊට දින කිහිපයකට පසුත් උවමනාවෙන්ම තම පසුම්බිය වේශනිරූපන කුටියේ තබා ගොස් නැවතත් තවත් රුපියල් 7000 ක් නැතිවූ බවට නැවත චෝදනා කර තිබේ. පසුව මෙම චෝදනා ඇය බීමතින් කරන්නක් බව වේශනිරූපන ශිල්පීන් තේරුම් ගෙන ඇත.

    මෙම වැඩසටහනට භාතිය හා සංතුෂ් පැමිනි විට ඔවුන්ට ඉඳ ගැනීම සඳහා ගීතාට ඇයගේ අසුන පිරිනැමීමට සිදුවීම නිසා වැඩසටහනේ සංවිධායකයින්ට කුණුහරුපයෙන් බැනවදිමින් ඉවත්ව ගොස් තිබේ. පසුව එක් සංවිධායකයෙකු ‘‘කමක් නැහැ ගීතක්කේ ඔයාට එන්න බැරිනම් අපි රෝසි අක්කව ගෙන්නගන්නම්’’ කී සැනින් ඇය නැවතත් එම ස්ථානයට පැමිණ තිබේ.

    ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහන පුරා බීමතින් පිස්සු කෙළඇති ගීතා කුමාරසිංහ ඡන්දදායකයින්ගේ මනාපය වැඩිකරගැනීම කෙසේ වෙතත් තිබුණ ඡන්ද ටිකටත් කෙළවාගත් බව මෙම විස්තර පැපරාසියා වෙත පැවසූ පුද්ගලයා වැඩිදුරටත් පවසා සිටියේය.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පිස්සියො ගැන ලියන උන්ට ඉට වැඩිය පිස්සු නකන් වචන නාස්ති කරනව:P:P