හැමෝම එන්න ඇතුළට එන්න හදිස්සියක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    උඹ කියන එක හරි මචන්...ඒ පීඩනේ ඉන්න එකා බයට මරනවා.. ඒක වෙන්ඩ පුලුවන් දෙයක්

    නමුත් බන් උඹ ඒ video එක බැලුවද? මරපු සතාගෙන් මුන් මහ කුප්ප ආතල් එකක් ගන්නේ..මුන් තිරිසන්නු.උන්ට තේරෙන දෙයක් නෑ..හොඳක් නරකක් දන්නවනම් උට අපි තිරසන්නු කියන්නෙ නෑ...

    ඊට වඩා බුද්ධිමත් ජාතියක්නේ මිනිස්සු කියන්නේ...?

    බයට සතෙක් මරන එකයි..මරලා උගෙන් ආතල් ගන්න එකයි වෙනම දෙයක් බන්..මේ කාලකන්නින්ට තියෙන්නෙ ගෝත්‍රික මානසිකත්වයක්.

    මරපු එකා උස්සන් ඉද්දි උගෙ යට බඩට ගහන ෆොටෝ එකක් තියේ...මොන මානසික මට්ටමක්ද බන් ඒ..ඒවා සාධරනීකරනය කරන්ඩ පුලුවන්ද..පොර ටෝක් දෙනවා නෙමේ..මට දැනුන දේ කිව්වේ :)

    ඒක ඇත්ත
    උන් මහ පොඩි එවුන් වගේ ආතල් එකක්නේ ගන්නෙ,
    සමහරවිට උන් ඔය ඔහොම හැසිරෙන්නෙ තමන්ගේ ජීවතේට තිවුනු තර්ජනේ අහවර උනා කියන හැගීමට වෙන්න පුලුවන්. සමහරවිට අපි උනත් ඒ තත්වෙට වැටෙන්න පුලුවන් බන් මොනවා හරි ලයිෆ් ත්‍රෙට්නින්ග් සිටුවේශන් එකකදි

    වනජීවී එකෙන් කරන්න ඕන වැඩේ හරියට වෙලාවට කරා නම් හරිනේ බන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ කියන්නේ පොලු මුගුරු අරගෙන ඌව හොයන්න ගියේ මොකක් කරන්නද ?,
    මේක අනුමත කරන්න එපා
    එතකොට වෙන්නෙ අපේ රටේ ඉන්න අනිත් මෝඩ
    මිනිස්සුත් ඔය වගේ දේවලට පෙලැඹෙන එක.

    කොහෙද අනුමත කලේ?

    උඹ නිකන් බබෙක් වගේනේ කතා කරන්නේ... යකො ගමකට සතෙක් පනිනකොට සීනිබෝල එහෙමද අරගෙන යන්නේ? :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ කියන එක හරි මචන්...ඒ පීඩනේ ඉන්න එකා බයට මරනවා.. ඒක වෙන්ඩ පුලුවන් දෙයක්

    නමුත් බන් උඹ ඒ video එක බැලුවද? මරපු සතාගෙන් මුන් මහ කුප්ප ආතල් එකක් ගන්නේ..මුන් තිරිසන්නු.උන්ට තේරෙන දෙයක් නෑ..හොඳක් නරකක් දන්නවනම් උට අපි තිරසන්නු කියන්නෙ නෑ...

    ඊට වඩා බුද්ධිමත් ජාතියක්නේ මිනිස්සු කියන්නේ...?

    බයට සතෙක් මරන එකයි..මරලා උගෙන් ආතල් ගන්න එකයි වෙනම දෙයක් බන්..මේ කාලකන්නින්ට තියෙන්නෙ ගෝත්‍රික මානසිකත්වයක්.

    මරපු එකා උස්සන් ඉද්දි උගෙ යට බඩට ගහන ෆොටෝ එකක් තියේ...මොන මානසික මට්ටමක්ද බන් ඒ..ඒවා සාධරනීකරනය කරන්ඩ පුලුවන්ද..පොර ටෝක් දෙනවා නෙමේ..මට දැනුන දේ කිව්වේ :)

    ඔව්. උන් මහා සක්කිලි විදියට සතාව උස්සන් නටන්නේ.. කැමරාවට රඟන්නේ..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    කොහෙද අනුමත කලේ?

    උඹ නිකන් බබෙක් වගේනේ කතා කරන්නේ... යකො ගමකට සතෙක් පනිනකොට සීනිබෝල එහෙමද අරගෙන යන්නේ? :lol::lol::lol:
    හරි මාරුවට පස්සෙ තර්ජනයක් නැහැ නේ.army එකේ මිනිස්සු ප්‍රබාකරන් මැරුණට පස්සෙ උගේ මිනිය කොලබ ගෙනත් ආතල් ගත්තද ?,ඔය වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සු වනජීවි එකේ මිනිස්සුන්ට බාධා නොකරයි කියලා උඹ කියන්නේ කොහොමද
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ප්‍රශ්නය තමන්ගේ වන තාක්කල් පිලිතුර දාර්ශණිකය :rolleyes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මිනිස්සු හිටපු තැන මැරිච්ච දිවියෙක් හිටියා...එච්චරයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි මාරුවට පස්සෙ තර්ජනයක් නැහැ නේ.army එකේ මිනිස්සු ප්‍රබාකරන් මැරුණට පස්සෙ උගේ මිනිය කොලබ ගෙනත් ආතල් ගත්තද ?,ඔය වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සු වනජීවි එකේ මිනිස්සුන්ට බාධා නොකරයි කියලා උඹ කියන්නේ කොහොමද

    මම දන්නේ කොහොමද බාධා කලාද කියලා...නිව්ස් වලට කියපු දේ කිව්වේ...
    උන් ඔහොම සතා නොමැරුවත් ඒකෙන් අපිට හිතන්න බෑනේ උන් බාධා කලේ නෑ කියලා වනජීවී එකට...
    එකිනෙකට ස්වායක්ත සිද්ධි දෙකක්...
    බාධා කලානම් ඒ වැරැද්දටත් දඬුවම් ලැබිය යුතුයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදරට සර්පයෙක් ආවම උබලා පොල්ලකින් කෙලින්නේ නැද්ද?? කුනුගොඩට දාලා පුච්චලා දාන්නේ නැද්ද??
    හොරෙක් මාට්ටුවුනාම නෙලන්නේ නැද්ද?? මැරෙනකන් කෙලින්නේ නැත්තේ මෙලොත් ගහපු එකාට කෙලවෙන නිසා නෙමෙයිද??
    ප්‍රභාකරන් මැරුවම සිංහලු කිරිබත් කෑවේ නැද්ද?? මගුලට කන කිරිබත අවමගුලටත් කෑවේ නැද්ද??
    උබලා දවසකටවත් ජිවිත තර්ජන තියා ඇහැටවත් දැකලනැති අහිංසක සතෙක්ගේ මස් කෑල්ලක් කටේ තියලා නැද්ද??

    ඕව ඔහොම තමයි සිංහලු. ගමට කොටියෙක් ආවම ආතල් ගන්න බෑ, ගමේ මිනිස්සුන්ට ඕකෙක් අල්ලලා කැලේට ගිහින් දාන්න ආම්පන්නවත් කැහිල්ලක්වත් නෑ...... ගෙදර එකෙක් ඇදන් ගියදාට උබලගේ ඔය සත්ව කරුණාවත් නෑ......
    වැඩිය ඕන නෑ ගෙදරට යන පාරේ පිස්සු බල්ලෙක් ඉන්නවා..... පයින් ගෙදර යයිද උබලා?? දවස් කීයක් ඉවසන් ඉදියිද??

    මිනිස්සු ගෝත්‍රිකයි තමයි, උන් තමුන්ට තියෙන අවදානෙන් මිදෙනවා...... ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි, එවෙලෙට අවශ්‍ය දේ නැත්නම් ගෝත්‍රික ආම්පන්න වලින් වැඩේ අහවර කරනවා......
    ඇමෙරිකාවේ සුද්දෙක් ගෙදර තියෙන තුවක්කුවෙන් වෙඩිතියලා කොටියා මරලා සෙල්ෆියක් ගහලා එෆ්බී දැම්මනං ඌ පොර, අඩුගානේ උබලා මෙච්චර කියවන්නේ නෑ, ගමේ උන් කරකියාගන්න දෙයක් නැතිව ජිවිත අවදානෙන් මිදෙන්නේ පොල්ලකින් උදැල්ලකින් කෙලියොත් හෙන ගෝත්‍රිකයි........

    අනේ උකේ.........

    බලදාරීන් නිර්වින්දක, තුවක්කු තියන් උඩබලන් හිටියම මිනිස්සු ගෝත්‍රික වෙලා වැඩේ ඉවරකරලා..... එච්චරයි.......

    ඇත්තටම දුකයි ජාතික සම්පතක් රටට අහිමිවීම ගැන.:(:( ඒත් ඉතින් කොටියා කැලේ ඉන්න ඕන මිනිහා ගමේ ඉන්න ඕන....