හැමෝම මේක බලන්න....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    හැමෝම මේක බලන්න....!

    මම මේක ලියන්න හිතුවේ ගොඩක් හිතල. නොලියනවද ලියනවද කියල හිතල.. එත් මට හිතුන මේක ඒ පුද්ගලයට ගව්රවයක් විදිහට ලියන්න ඕන කියල .

    මගේ යාලුවෙක් ඉන්නවා Telecom එකේ. මිනිහ නිතරම outstation යනවා ජොබ් වලට. පොර කිසිම විදිහකින් හාමුදුරු නමකටවත් අගමටවත් විශේෂ ලැදියාවක් තියන කෙනෙක් නෙවෙයි. ආතල් එකේ කාල බීල ඉන්න පොරක්.
    දැන් අවරුද්දකට විතර කලින් Telecom එකේ වැඩකට පොර ඇඹිලිපිටියේ යනකොට පාගමනින් දාඩිය පෙරාගෙන ඇවිදින හමුදුරුවෝ දෙන්නෙක් දැකල. මගේ යාළුවගේ වාහනේ ගිය Driver හෙන ආගමට දහමට ලැදී පොර. Driver පොර අමාරුවෙන් ඇවිදින මේ හාමුදුරු දෙනමට ලිෆ්ට් එකක් දෙන්න හිතාගෙන වාහනේ නවත්තල හමුදුරෝවෝ කොහෙද යන්නේ නගින්න කියල විස්තර කතා කරලා. විස්තර අහනකොට හමුදුරුවෝ කියල තියෙන්නේ ගව ඝාතනයට විරුද්දව කරන සත්‍යග්‍රහයකට ඇඹිලිපිටිය පැත්තේ ඉදන් අනුරාධපුරයට පයින් වඩිනවා කියල. එයාල වහනයට නගින එකත් ප්‍රතික්ශේප කරලා. Driver පොර හාමුදුරුවන්ට Diary එකකුත් දීල වෙලාවේ හැටියට දෙන්න වෙන දෙයක් නෑ කියල. ඔය හාමුදුරුවරු දෙන්නගෙන් එක හාමුදුරු නමකගේ කකුලේ සෙරෙප්පු දෙකක්වත් තිබුනේ නෑ. මගේ යාළුවා මට කිව්වා පව් මචන් අව්වේ රත් වෙච්ච පාරේ සෙරෙප්පු දෙකක්වත් නැතිව යන හැටි දැක්කම උටත් මාර අප්සෙට් කියල.
    ඒ හාමුදුරුවෝ වෙන කව්රුවත් නෙවෙයි ලගදි දළදා මාලිගාව ලග ජීවිතේ පුජ කරපු බෝවත්තේ ඉන්ද්‍රරත්න හාමුදුරුවෝ.
    මගේ යාළුවා දවස් 3ක් Telecom එකේ වැඩේ කරලා ආපහු එනකොටත් අර දහාමුදුරු දෙනම හම්බවෙලා තියනවා. මට හම්ඹුනා කිව්වා තැන මතක නෑ. එදා හාමුදුරුවන්ගේ විස්තරත් ඉල්ලගෙන ගිලන්පස එහෙමත් අරන් දීල තමා එයාල ඇවිත් තියෙන්නේ. හාමුදුරුවෝ එක්ක පස්සේ දවසක Driver බුවා contacts මාර්ගයෙන් කතා කරලා තියනවා මේ අපවත් වෙන්න මාසෙකට විතර කලින්. එදා ගමනට දවස් 15ක් විතර ගිය කියල හාමුදුරුවෝ කියල තියනවා. Driver පොරට කියල තියනවා මහත්තය එදා දුන්න Diary එක ගොඩක් ප්‍රයෝජනවත් ..මගේ දැනටත් අතේ තියෙන්නේ එකේ කියල..ඒ වෙලාවෙත් නුවර ඇවිල්ල තිබිල තියෙන්නේ මස් කඩයක් Open කරන එකකට විරුද්දව කරපු වැඩකට. ඊට පස්සේ දවසක Driver ම තමා කතා කරලා මගේ යාලුවට කියල තියෙන්නේ හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන. Driver මාර අප්සෙට් එකකින් කතා කලේ කිව්වා ඒ ගැන, මගේ යාලුවටත් එක අහල මාර අප්සෙට් උන කිව්වා. මොකද ඒ හාමුදුරුවන්ගේ කතා කල විලාශය.ගති පැවතුම් ගැන හරි පැහැදිලා හිටියේ එයාල.

    මම මේක ලිව්වෙ මම කියන දේ බොරුවක් නෙවේ කියල මම සහසුද්දෙන්නම දන්නා නිසා. වෙන මොන කතන්දර තිබ්බත් මම ඒ දේවල් ඇත්ත නැත්ත දන්නේ නෑ. මේ දේ ඇත්ත. ඒ ගැන හිතල මම මේක ලිව්වේ. මොකක් හරි අරමුණක් වෙනුවෙන් ජීවිතේ නැති කරගන්න කොච්චර නම් ශක්තියක් හිතේ තියෙන්න ඕනෙද කියල මට හිතුන. අපි මරුන විදිහ ගැනයි අරකයි මෙකයි ගැන ගහ මරාගන්නවට වඩා හිතන්න ඕනේ හාමුදුරුවෝ හිතන්න දෙයක් ඉතිරි කරලා අපිට ගිය එක ගැන.. ඒ ගැන හිතමු..කතා කරමු...

    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!
    හැමෝටම තෙරුවන් සරණයි.
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    ඒ හාමුදුරුවෝ වෙන කව්රුවත් නෙවෙයි ලගදි දළදා මාලිගාව ලග ජීවිතේ පුජ කරපු බෝවත්තේ ඉන්ද්‍රරත්න හාමුදුරුවෝ. :(
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    උබේ කතාව ඇත්ත වෙන්න ඇති මචන්...
    මාරම හිතේ වීර‍ය්‍යක් තියෙන්න ඔනෙ මේ වගෙ දෙයක් කරන්න...අපිටනම් මෙවගෙ එකක් හිතන එකත් වේදනාවක්......එ කෙසේ වෙතත් සියදිවි හානි කරගන්න එකනම් අනුමත කරන්න බෑ නෙ.....බුදු දහමෙවත් එවගෙ දේවල් අනුමත කරල නෑ...කොහොම නමුත් එතුමන් පාරමිතාවක් පුරනවනම් එය ඒ ආකාරයෙන් ම කුසල කර්මයක් වී ඉක්මනින්ම නිවන් ලබා ගැනීමට හැකි වේවා කියල අපි ප්‍රාර්තනා කරමු...අපිට කරන්න පුලුවනුත් එච්චරයි නෙ...
     
    • Like
    Reactions: kawee

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    උබේ කතාව ඇත්ත වෙන්න ඇති මචන්...
    මාරම හිතේ වීර‍ය්‍යක් තියෙන්න ඔනෙ මේ වගෙ දෙයක් කරන්න...අපිටනම් මෙවගෙ එකක් හිතන එකත් වේදනාවක්......එ කෙසේ වෙතත් සියදිවි හානි කරගන්න එකනම් අනුමත කරන්න බෑ නෙ.....බුදු දහමෙවත් එවගෙ දේවල් අනුමත කරල නෑ...කොහොම නමුත් එතුමන් පාරමිතාවක් පුරනවනම් එය ඒ ආකාරයෙන් ම කුසල කර්මයක් වී ඉක්මනින්ම නිවන් ලබා ගැනීමට හැකි වේවා කියල අපි ප්‍රාර්තනා කරමු...අපිට කරන්න පුලුවනුත් එච්චරයි නෙ...

    :yes::yes::yes::yes:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    උබේ කතාව ඇත්ත වෙන්න ඇති මචන්...
    මාරම හිතේ වීර‍ය්‍යක් තියෙන්න ඔනෙ මේ වගෙ දෙයක් කරන්න...අපිටනම් මෙවගෙ එකක් හිතන එකත් වේදනාවක්......එ කෙසේ වෙතත් සියදිවි හානි කරගන්න එකනම් අනුමත කරන්න බෑ නෙ.....බුදු දහමෙවත් එවගෙ දේවල් අනුමත කරල නෑ...කොහොම නමුත් එතුමන් පාරමිතාවක් පුරනවනම් එය ඒ ආකාරයෙන් ම කුසල කර්මයක් වී ඉක්මනින්ම නිවන් ලබා ගැනීමට හැකි වේවා කියල අපි ප්‍රාර්තනා කරමු...අපිට කරන්න පුලුවනුත් එච්චරයි නෙ...

    :yes::yes::yes:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!
    හැමෝටම තෙරුවන් සරණයි.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    480843_568227013221498_1612985710_n.jpg
     
    hasoon

    Member
    Dec 28, 2007
    445
    62
    0
    in colombo
    මේක එක්තරා විදිහක ආත්ම පූජාවක් . සියදිවි හානි කරගැනීමක් නෙමේ
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka
    අපවත් වී වදාල පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන සංඝ පිතෘන් වහන්සේට නිවන් සුවය අත්වේවා!