හැමෝම_හොයන_NOS ගැන

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    හැමෝම_හොයන_NOS ගැන

    ලොකු පොඩි අපි හැමෝම වගේ phone එකේ හරි computer එකේ හරි racing games සෙල්ලම් කරලා තියනවා.

    ඉතින් අපිට මේ racing games හැම එකකම වගේ දැකල පුරුදුයි Nitrous කියන option එක.

    එකපාරම car එක ස්පීඩ් කරලා අනිත් car ටික පහුකරන් යන මේ option එක active වෙනකන් අපිට ඉවසිල්ලක් නැති තරම්


    attachment.php


    ඉතින් මේක අපිව රවට්ටන්න games වලට දාපු option එකක් විතරද?

    ඇත්තටම එහෙම නැහැ. සැබෑ ලෝකෙත් ඒ option එක තියන වාහන තියනවා. සාමාන්‍ය වාහනවල නම් නෙවෙයි. වැඩි වේගයෙන් යන්න අවශ්‍ය විදියට coustom modifications කරපු වාහන වල තමයි මේ Nitrous oxide systems දකින්න ලැබෙන්නේ.

    ඇත්තටම මොනවද මේ?

    මේක ඇත්තටම හඳුන්වන්නේ Nitrous Oxide (N2O) කියල. Nitrous oxide කියන්නේ nitrogen පරමාණු දෙකක් සහ oxygen පරමාණුවක් එකතුවෙලා හැදෙන සංයෝගයක්. මේ සංයෝගය උදව්කරගෙන නිර්මාණය කරගන්න උපකරණ කට්ටලය තමයි මේ Nitrous Oxide System (NOS) එකක් කියන්නේ.

    ඉතින් කොහොමද මේ මේ Nitrous oxide වාහනේ වේගේ වැඩි කරන්න උපකාර වෙන්නේ?

    මේ nitrous oxide සංයෝගය දැඩි පීඩනයකට ලක් කරලා සිලින්ඩර වලට දියරයක් විදියට ගබඩා කරන්න පුළුවන්. එය වාතයට නිරාවරණය උනාම ෆැරන්හයිට් -130 ක් පමණ සිසිල් වායුවක් බවට පත්වෙනවා. මේ වායුවේ අධික සිසිල සහ පීඩනය නිසා සාමාන්‍ය වාතයේ තිබෙනවාට වඩා ගොඩක් වැඩි ඝණත්වයක ඔක්සිජන් ප්‍රමාණයක් තිබෙනවා.

    එන්ජිමේ දහනය සිදුවෙන අවස්ථාවේදී එන්ජිමේ සිලින්ඩර තුල උෂ්ණත්වය ෆැරන්හයිට් 600 කට වගේ ඉහල යනවා. මේ සංයෝගය එන්ජිමේ සිලින්ඩර තුලට ගමන්කරාම ඒ උෂ්ණත්වය නිසා මේ නයිට්‍රජන් පරමාණු එක්ක බැඳිලා තියන ඔක්සිජන් පරමාණු වෙන්විමකට ලක්වෙනවා. ඒ කියන්නේ එන්ජිමේ දහනයට අමතර ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙනවා. අමතර ඔක්සිජන් කියන්නේ දහනයට අත්‍යාවශ්‍ය දෙයක්. මේ නිසා වැඩි ජවයකින් එන්ජිමේ දහනය වීමක් සිද්ධ වෙනවා.

    ඒ කියන්නේ වැඩි බලයක් එන්ජිමෙන් ලබාගන්න පුලුවන් වෙනවා.

    මේ ක්‍රියාවලියේදී අපි සාමාන්‍ය පරිසරයෙන් එන්ජිමකට ලැබෙනවට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබාදීමක් සිදු කරනවා. වාහනයක එන්ජිමේ දහන සිද්ද වෙන්න වාතය (ඔක්සිජන්) සැපයුමක් සහ තෙල් සැපයුමක් යන දෙකම අවශ්‍ය බව අපි දන්නවා. ඉතින් අමතර ඔක්සිජන් සැපයුමට සාපේක්ෂව අපිට අමතර තෙල් සැපයුමක් ලබාදෙන්න වෙනවා. එම නිසා nirtous oxide system ආකාර දෙකකින් හැදින්වෙනවා.

    එකක් dry system, අනිත් ක්‍රමය wet system.

    Dry system එකේදී එන්ජිමේ air filter එකන් එන වාත සපයුමටම nitrous oxide සැපයුමක් ලබාදෙනවා.
    තෙල් සැපයුම වැඩි කරන්න අවශ්‍ය නිසා වාහනයේ තියන fuel injectors මගින් අමතර තෙල් සැපයුමක් එන්ජිමට ලබාදෙන්න වෙනවා.

    wet system එකේදී Nitrous oxide සහ තෙල් යන දෙකම වෙනම injector එකක් මගින් සමබරව ලබාදීම සිදුවෙනවා.

    පහල video එකෙන් ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්.








    මේ ක්‍රම දෙකෙන්ම අවසාන ප්‍රතිඵලයක් විදියට එන්ජිමෙන් වැඩි බලයක් උත්පාදනය කරගැනීමක් තමයි සිදුකරන්නේ. සරළව අපිට තේරෙන විදියට පැහැදිලි කරාට මේක සරල ක්‍රියාවලියක් නෙවෙයි. මේකට තව ඉලෙක්ට්‍රොනික උපාංග රාශියක් සම්බන්ධ වෙනවා. එන්ජිමට ලබා දෙන්න ආවශ්‍ය Nitrous oxide ප්‍රමාණය, කොපමණ අමතර තෙල් සැපයුමක් ලබාදෙන්න ඕනද කියල වගේ දේවල් තීරණය කරන්න sensor ඇතුලත් වෙනවා.

    ඒ වගේම nitrous oxide එන්ජිම තුලට ගමන් කරවන නල පද්දතියක් මේ උපකරණවල දකින්න ලැබෙනවා.
     

    Attachments

    • maxresdefault.jpg
      maxresdefault.jpg
      82.3 KB · Views: 140
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    ලොකු පොඩි අපි හැමෝම වගේ phone එකේ හරි computer එකේ හරි racing games සෙල්ලම් කරලා තියනවා.

    ඉතින් අපිට මේ racing games හැම එකකම වගේ දැකල පුරුදුයි Nitrous කියන option එක.

    එකපාරම car එක ස්පීඩ් කරලා අනිත් car ටික පහුකරන් යන මේ option එක active වෙනකන් අපිට ඉවසිල්ලක් නැති තරම්

    :eek: