මගේ බිරිඳ නිත්‍යා මහපාරේ නිරුවතින් ඇවිද ගියාය.
ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය.මගේ රැකියා ස්ථානයේ මිතුරන් කිහිපදෙනෙකු එකම මේසයකට රැස්ව එක් දුරකතනයකට මුහුණු ඔබාගෙන කුමක් දෝ නරඹමින් සිටි අතර මම ද එතැනට ගොස් ඉහලින් එබී බැලුවෙමි.
පැහැදිලි දුරකථන තිරය මත අපගේ නගරයේම සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිට මාර්ගයක නිරුවතින් ඇවිද යමින් සිටියාවූද අඩිය තබන තාලයටඅනුව ගැසෙන තට්ටම් හා ඉහළට කර බඳින ලද බොකුටු කොණ්ඩයක් සහිත වූඅ කාන්තාව මගේ දෑසටද හසුවිය.ක්‍රමයෙන් වීඩීයෝව ඉදිරියටධාවනය වන විට මා දුටුවේ ඒ මගේ බිරිඳ බවය. එය සජීවී වීඩියෝවකි.
මම වහා බැංකුවෙන් එලියට පැන්නෙමි.අදාළ සුපිරි වෙළඳසැල තෙක් දිව්වෙම්.එහෙත් ඈ එතැන නොවීය.මොහොතක් දෙකක් හිසකෙස් අවුස්සාගැනීමටත් මුහුණ තෙරපවා ගැනීමටත්
ගත කළ පසු සුපිරි වෙළඳසැලෙහි ආරක්ෂක නිලධාරියා වෙත ගොස් "දැං අර මෙතනින් ගිය ගෑනු කෙනා කොහෙදට ගියේ?" යැයි ඇසුවෙමි.
"මොන ගෑනිද සර්.මෙතනින් දගිය ගෑණුන්ගෙන් මට මතක අර හෙලුවෙන් ගිය ගෑණි විතරයි"
ආරක්ෂක නිලධාරියා විසින් සඟවා ගත් වලත්ත සිනාව දෑසට නැතත් මගේ මනසට හසුවූ නමුදු එවේලෙහි කෝප වීම මෝඩකමක් බවවටහාගන්නට තරම් මගේ සිහිබුද්ධිය යහපත් තත්ත්වයක තිබුණෙන් මම සන්සුන්ව කතා කළෙම්.
"ඔව්.එයා තමයි"
ආරක්ෂක නිලධාරියා කුහුලින් පිරි බැල්මක් හෙලුවේය.
"ඒ මගේ වයිෆ්"
"ඕහ්.මහත්තයා.මේ ඒ ගෑනි ..නෝනා අර ඉස්සරහා ෆ්ලෝරා එකේ මිස් ඇතුලට ගත්තා මං දැක්කා"
මම මල් අලෙවිසැල වෙත දිව්වෙමි.එහෙත් එය වසා දමා තිබිණි. වීදුරු දොර ඇතුළතින් අගුළු දමා තිබූ අතර "වසා ඇත " යනුවෙන් ලියාතිබූපුවරුව සාමකාමී අයුරින් එල්ලී තිබිණි.
කුමක් කරන්නේදැයි සිතමින් ආපසු හැරී බැලූවිට මල් අලෙවි සැල ඉදිරිපිට නානාවිධ වයස් වූ නානාවිධ මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් තාවර වෙමින් සිටින බව දුටුවෙමි. එසේනම් ඈ නිසැකවම මේ තුළ සිටින්නීය,යන්න සිතින් තහවුරු කරගත් මම ෆ්ලෝරාවේ වීදුරු දොරට තට්ටු කරන්නටවූයෙමි. මගේ නොනවතින හා ක්‍රමයෙන් දැඩි වන තට්ටුවේ ශබ්දයට ඉදිරියට ආ කෙල්ලක ඇතුලතින් අගුලු දමා තිබූ වීදුරු දොර ඇරියාය.
"දොර කඩන්නද හදන්නෙ?මොකද්ද වෙන්න ඕන"
"මගේ..වයිෆ්..එයා ඇතුලෙ ඉන්නවද..දැන් ඇවිදගෙන ආවෙ.දැන්"
මඳක් කල්පනා කළ කෙල්ල වහා දොර වැසුවාය.වසා ඇති වීදුරු දොරෙන් ඇතුලේ සිටි ඇය දොරෙන් එළියේ සිටි මගේ ඡායාරූපයක් ගත්තාය.ඒඇයගේ දුරකථනයෙනි.එලියෙහි සිටින මිනිසුන් දෙස මඳ වේලාවක් බලා සිටි ඈ ඇතුළට ගියාය.මම නැවත වරක් දොරට තට්ටු කරන්නට වූයෙමි. ඇතැම් විට එය තට්ටු කිරීමක් නොව තඩි බෑමක් වූවා වන්නට ඇත. ඇතුළත සිට තවත් කෙල්ලක එලියට ආවාය.
දොර ඇරිණි.ඈ ෆ්ලෝරාවේ හිමිකාරිය බව වටහාගැන්මට ඇයගේ ශරීර භාෂාව ප්‍රමාණවත් විය.
එකී තරුණ කාන්තාව " කරුණාකරලා එයාට බනින්න එපා" කියමින් මට ඇතුලට යෑමට ඉඩ හැරියාය.ඇතුළතට යෑමට තිබූ උනන්දුව එකවරහීන වී ගියා බඳු තත්වයකට මුහුණ දුන් මම මද වේලාවක් එතැනම සිටගෙන සිටියෙමි. දැන් මා විසින් නිත්‍යා වෙත දැක්විය යුතු ප්‍රතිචාරයකුමක්දැයි සිතා ගැනීමට මා විසින් එම කාලය ගත්තාදැයි මා දන්නේ නැත. මල් පිරවූ භාජන සහිත කොටස පසු කර ඇතුළතට ගිය විට ඇතුළත වූ විවෘත කුඩා කලාපයක මේසයක් පුටුවක් හා දිග හැරීමටත් අවශ්‍ය නම්අකුලා තබන්නටත් හැකි වර්ගයේ ඇඳකුත් වූ අතර එම ඇඳ මත ඈ හිඳ සිටියාය.ඇයගේ හිස පමණක් පෙනෙන්නට තිබූ අතර දෙපා පවා වැසෙනපරිදි රෙද්දක් පොරවාගෙන සිටියාය. ඇය සිටියේ ඒ නන්නාඳුනන කුඩා ඇඳ මත ගුලිවී හිඳගෙනය.ඒ ගුලිය ඔතා තිබූ රෙද්ද දොර රෙද්දක් බවත්ඇයගේ එක් ඇසකින් අපිළිවෙලට පහළට රූරා තිබුණේ කලු පැහැ ඇස් ආලේපන බවත් දුටුවෙමි. ඇය නිරුවතින් මහ මඟට බැසීමට පෙරඇයගේ මුහුණ සරළ හා පිළිවෙල අයුරින් වත්සුණු තවරා තිබෙන්නට ඇති බව වටහා ගැනීමට එය ප්‍රමාණවත් විය.
ඒ,වසර හතරක් පුරාවට මා ආදරය කළ මා හා උද්‍යානයන්හී පෙම්වත්වූද මහා මාර්ගයන්හී වමතෙහි එල්ලී ඇවිද ගියාවූද යහනකත නුරා පිරවූවාවූද යුවතියමය. ඒ මිල අධික හා අධ්ක කාලයක් පවත්වා ගතහැකි විලවුන්ද වත්සුණුද සෙවුවා වූද නොයෙකුත් විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම්දආභරණද සොයා ගොස් මිලදී ගැනීමට වරු ගණන් ගත කළ ගැහැනියමය.
ඕනෑම මොහොතක තම රුව ඇස ගැටෙන ඕනෑම මිනිසෙකුට ප්‍රියමනාප විය යුතු යැයි කියූ ගැහැනියයි.මාහා විවාහ වී තෙවරසක් තෙක්සමාදානයෙන්ද සතුටින්ද මා හා ජීවත් වූ ගැහැනියයි.
ඇයට කුමනාකාර අතවරයක් කරදරයක් සිදුව තිබුණද ඈ මගේ බිරිඳම මිස අන් යමෙකු නොවේ.කෙසේ වතුදු ඇයගේ මෙම තත්වයට හේතු වූතැනැත්තන් සොයා ඉරා දැමීමට මටම සපථ කළෙමි.
දෙවසරක් පූර්ණ අපගේ කුඩා දියනිය මගේ සහෝදරියකගේ නිවසේ තබා නගරයට එන බවක් උදෑසන කියූ බවක් මතකයේ ඇතත් ඒ කුමක්උදෙසාදැයි මට මතක තිබුණේ නැත.
වසර තුනකට පෙර මාගේ විවාහය නිත්‍යා සමඟ සිදුවන ව විට අපි අපගේ ජීවිතය නිවැරදිව සැලසුම් කර තිබුණෙමු.
අපට අප උදෙසා ඉදිකළ නිවසක්ද මිලදී ගත් ණය වාරික රහිත වාහනයක්ද විය. අප දෙදෙනා සියල්ල ලද්දෝ වූයෙමු.
අපගේ විවාහයෙන් දෙමසකට පසු මහේ අම්මා නාන කාමරයේ ලිස්සා වැටි ඔත්පොළ වූයෙන් හා මහ ගෙදර රැඳී සිටි ලොකු අයියා හදිසියේ ලත්රැකියා මාරුවකින් බිරිඳගේ ගම තෙක් පදිංචිය වෙනස් කිරීමෙන් මටත් නිත්‍යාටත් මහ ගෙදරට යෑමට සිදුවිය.
ලොකු අක්කාටත් නංගීටත් මහ ගෙදර පදිංචියට ඒමේ අදහසක් නොතිබූ අතර අම්මා මහ ගෙදර හා ඉඩම මගේ නමට පවරා දුන්නාය. එය අම්මාවිසින් මට දුන් ත්‍යාගයක් නොව මා හසුකරන ලද උගුලක් බව කියූ නිත්‍යාගේ මව මා හැර දමා ගෙදර එන්නැයි නිත්‍යාට බල කළාය.
නිත්‍යා යනු සාමකාමී හා උත්කෘෂ්ට ගැහැනියකි.ඈ කිසිදා ලෙඩ ඇඳෙහි සිටි මගේ අම්මා රැක බලාගැනීම පැහැර හැරියේ නැත. අම්මාගේ රාජකාරිහා රැකියාවේ රාජකාරි යන දෙකෙන්ම මා වෙහෙසට පත්වීමෙන් මුදාලනු වස් ඈ සිය රැකියාවෙන් ඉවත් වන්නට තීරණය කළේ අපගේ විවාහයෙන්තෙවන මාසයේදීමය.ඉනික්බිති ඈ සුපසන් බිරියක් වූවාය.
මගේ නිවස සුන්දර කළ ඈ මහ ගෙදරට හිමිවූ උචිතම හා සුන්දරම ලේලිය වූවාය.අයියාත් අක්කාත් දුර බැහැර පදිංචිව සිටි අතර මසකට වරක්පැමිණ අම්මා සමඟ දවසක් ගත කර ගියහ.නංගී අසල්වැසි පදිංචිකාරියක වූ අතර නිත්‍යා තනිව සිටින දිනවල ඇයගේ තනි නොතනියට සිටියේනැගෙනියගේ කුඩා පුතු සචින්තය.
දරුවන්ට අතිශයින් ආදරය කළ නිත්‍යා අපගේ දරුවාට උපත දීමට තීරණය කළේ සැබැවින්ම මා ඒ පිළිබඳව අවිනිශ්චිත මතයක සිටියදීය.නිත්‍යාමා සමඟ දැඩිව වචන හුවමාරු කරගත් එකම එක අවස්ථාව ලෙස මගේ මතකයේ ඇත්තේද එම දැනට ඒ එළඹි අවස්ථාවමය.
"ඔයාට දැනටමත් අමාරුයිනෙ.දැනට අපිට පුලුවන් ද බබෙක් හදන්න"
"දැන් නැතුව කවද්ද?"
"මං කියන්නෙ අම්මා...."
"අම්මා මැරුණට පස්සෙ ළමයෙක් හදාගමු කියලද ඔයා කියන්නේ?"
මම නිහඬ වීමි. අයියලාත් අක්කලාත් නිත්‍යාට සුබ පැතූ අතර තෑගි බෝග රැගෙන ආවෝය.අපගේ නිවස සමකාමී විය. අපගේ බැඳීම් සාමකාමීවිය.මම සාමකාමීව ජීවත් වෙමින් සිටියෙමි. කිසිවෙකු තම බිරිඳගේ අඩුපාඩු කියනු ඇසුණහොත් මම ඔවුනට සිනාසී මගේ බිරිඳ පිළිබඳවආඩම්බරයෙන් කතා කළෙමි.
"ඔලුව කන්නෙ නැති ගෑනියෙක් ලබන්න පෙර පින් තියෙන්න ඕන" මා කියූවේ අපමණ සැනසීමකිනි.

කොහොමත් අන්තිමේ එච්චරයි නෙ 