හැම_වහනේටම_GPS

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    රථවාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි සංඛ්‍යාත

    traffic-jam-photo-co-allgreen-com.jpg


    වාහනවලින් සියළු රහස් ගමන් අහවරයි.. සියළු වාහනවල ගමන් GPS මගින් නිරීක්‍ෂණය කරන්න රජය තීරණය කරයි..

    නව රථවාහන අංක තහඩු සඳහා ගුවන්විදුලි සංඛ්‍යාත හඳුනාගැනීමේ පද්ධතියක් ලබන වසරේ දී හඳුන්වාදීමේ සූදානමක් ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

    එමගින් රථවාහනවල ගමන් මග සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබාගැනීමට පොලිසියට හැකිවනු ඇත.ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ආසන්නම කුලුනු මගින් මෙම නව අංක තහඩුව සහිත මෝටර් රථ නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.

    මෙම කුලුනු ජංගම දුරකථන තිබෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ජංගම දුරකථන කුලුනුවලට සමාන වේ.

    මෙරට ඇති සියළු රථ වාහනවල ගමන් බිමන් නිරීක්‍ෂණය සදහා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව විද්‍යුත් චිපයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

    මෙම නව ක‍්‍රමවේදය ලබන වසරේ සිට ක‍්‍රියාවට නැංවෙන අතර රේඩියෝ තරංග මාර්ගයෙන් වාහනයේ සියළු චලනයන්ට අදාල තොරතුරු ලබා ගත හැකි චිපයක් සහිත ස්ටිකරයක් ඒ යටතේ නිකුත් කෙරේ.

    මෙම චිපයේ වාහනයේ සියලු තොරතුරු ඇතුළු කිරීමට නියමිත අතර ප්‍රධාන අංක තහඩුවට අමතරව වාහනවලට එම චිපයද අනිවාර්ය වෙයි.

    මෝටර් රථ කොමසාරිස් තුෂාර එෆ්. සුරවීර මහතා පැවසුවේ මෙම නව පද්ධතිය නව මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මුල් වශයෙන් හඳුන්වාදෙන බවත් පසුව අනෙකුත් වාහන සඳහා හඳුන්වාදෙන බවත් ය.

    අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණයකදී වැදහත් :

    වාහන භාවිත කරමින් කරනු ලැබූ අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙන්ම ව්‍යාජ අංක භාවිත කරනු ලබන අවස්ථා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙම ක්‍රමය පොලිසියට සහය වනු ඇතැයි ඒ මහතා පැවසීය.

    මෙම පද්ධතිය මගින් රථවාහනවල ගමන්මග මාර්ගගතව නිරීක්ෂණය කිරීමට අදාළ බලධාරීන්ට හැකි වනු ඇතැයි පොලිස් රථ වාහන අධ්‍යක්ෂ ඉන්දික හපුගල මහතා ප්‍රකාශ කළේය.

    මෙම ක්‍රමය සීසීටීවී හරහා නිරීක්ෂණ කටයුතු කරන ආකාරයට සමාන බවත් මෙම කුලුනු මුලින්ම කොළඹ ප්‍රදේශයේ සවිකරනු ඇති බවත් ඒ මහතා කීය.

    “අනතුරකදී හෝ අපරාධයකදී අදාළ වාහන පහසුවෙන් හඳුනාගැනීමට සහ ලුහු බැඳීමට මෙම කුලුනු මාර්ගයෙන් හැකිවේවි.“යැයි ඒ මහතා පැවසීය.



    සලකන අයට සහ Bump , Comment කරන අයට 14++ ගානේ දෙනවා.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මානව හිමිකම් උල්ලංගනය කිරීමක්....ලෝකේ හැම ආණ්ඩුවක්ම හදන්නේ මිනිස්සුන්ගේ නිදහස නැතිකරලා හිරකාරයෝ රුකඩ වැඩේ තියාගන්න
     
    • Like
    Reactions: hi.dushan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම හැමෝගෙම වාහන යන එන තැන් බලන එක කරන්න පුලුවන්ද :oo: පෞද්ගලිකත්වයට හානි වෙනව කියන්න පුළුවන් නෙ
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    එහෙම හැමෝගෙම වාහන යන එන තැන් බලන එක කරන්න පුලුවන්ද :oo: පෞද්ගලිකත්වයට හානි වෙනව කියන්න පුළුවන් නෙ

    ow bng. owa karanna baha. api yana yana diha mokekhari balagena innawa wagene.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මානව හිමිකම් උල්ලංගනය කිරීමක්....ලෝකේ හැම ආණ්ඩුවක්ම හදන්නේ මිනිස්සුන්ගේ නිදහස නැතිකරලා හිරකාරයෝ රුකඩ වැඩේ තියාගන්න

    :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    එහෙම හැමෝගෙම වාහන යන එන තැන් බලන එක කරන්න පුලුවන්ද :oo: පෞද්ගලිකත්වයට හානි වෙනව කියන්න පුළුවන් නෙ

    kivvata owa karanne na. sinhala ponnayo hithan inne lankawa amarica kiala
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kivvata owa karanne na. sinhala ponnayo hithan inne lankawa amarica kiala
    අර අලුත් හැඳුනුම්පතට ලේ වර්ගේ දාන ඒකටත් විරුද්ද උනාද කොහෙද සෙට් එකක්. එහෙව් එකේ මේවා කරන්න වෙන්නේ නෑ