රථවාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි සංඛ්‍යාත
වාහනවලින් සියළු රහස් ගමන් අහවරයි.. සියළු වාහනවල ගමන් GPS මගින් නිරීක්ෂණය කරන්න රජය තීරණය කරයි..
නව රථවාහන අංක තහඩු සඳහා ගුවන්විදුලි සංඛ්‍යාත හඳුනාගැනීමේ පද්ධතියක් ලබන වසරේ දී හඳුන්වාදීමේ සූදානමක් ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
එමගින් රථවාහනවල ගමන් මග සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබාගැනීමට පොලිසියට හැකිවනු ඇත.ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ආසන්නම කුලුනු මගින් මෙම නව අංක තහඩුව සහිත මෝටර් රථ නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.
මෙම කුලුනු ජංගම දුරකථන තිබෙන ස්ථාන හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා ජංගම දුරකථන කුලුනුවලට සමාන වේ.
මෙරට ඇති සියළු රථ වාහනවල ගමන් බිමන් නිරීක්ෂණය සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව විද්‍යුත් චිපයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම නව ක්‍රමවේදය ලබන වසරේ සිට ක්‍රියාවට නැංවෙන අතර රේඩියෝ තරංග මාර්ගයෙන් වාහනයේ සියළු චලනයන්ට අදාල තොරතුරු ලබා ගත හැකි චිපයක් සහිත ස්ටිකරයක් ඒ යටතේ නිකුත් කෙරේ.
මෙම චිපයේ වාහනයේ සියලු තොරතුරු ඇතුළු කිරීමට නියමිත අතර ප්‍රධාන අංක තහඩුවට අමතරව වාහනවලට එම චිපයද අනිවාර්ය වෙයි.
මෝටර් රථ කොමසාරිස් තුෂාර එෆ්. සුරවීර මහතා පැවසුවේ මෙම නව පද්ධතිය නව මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මුල් වශයෙන් හඳුන්වාදෙන බවත් පසුව අනෙකුත් වාහන සඳහා හඳුන්වාදෙන බවත් ය.
අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණයකදී වැදහත් :
වාහන භාවිත කරමින් කරනු ලැබූ අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙන්ම ව්‍යාජ අංක භාවිත කරනු ලබන අවස්ථා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී මෙම ක්‍රමය පොලිසියට සහය වනු ඇතැයි ඒ මහතා පැවසීය.
මෙම පද්ධතිය මගින් රථවාහනවල ගමන්මග මාර්ගගතව නිරීක්ෂණය කිරීමට අදාළ බලධාරීන්ට හැකි වනු ඇතැයි පොලිස් රථ වාහන අධ්යක්ෂ ඉන්දික හපුගල මහතා ප්‍රකාශ කළේය.
මෙම ක්‍රමය සීසීටීවී හරහා නිරීක්ෂණ කටයුතු කරන ආකාරයට සමාන බවත් මෙම කුලුනු මුලින්ම කොළඹ ප්‍රදේශයේ සවිකරනු ඇති බවත් ඒ මහතා කීය.
“අනතුරකදී හෝ අපරාධයකදී අදාළ වාහන පහසුවෙන් හඳුනාගැනීමට සහ ලුහු බැඳීමට මෙම කුලුනු මාර්ගයෙන් හැකිවේවි.“යැයි ඒ මහතා පැවසීය.
සලකන අයට සහ Bump , Comment කරන අයට 14++ ගානේ දෙනවා.....

පෞද්ගලිකත්වයට හානි වෙනව කියන්න පුළුවන් නෙ 