ඒ සියල්ල අමතක කොට ඔබ වතුර ගසා කොමඩ් අසුනෙන් නැඟිට ගියා යැයි සිතන්න. එහෙත් ඔබේ වතුර ගැසීම හෝ කොමඩ් බඳුනේ ඇති වතුර ප්රමාණය ඔබ දැමූ උදලු මිටක් තරම් වූ බෙට්ට ගසාගෙන යන්නට තරම් ප්රමාණවත් නොවූ යේ නම් එය කොමඩ් එකේ රැදෙනු නිසකය. එසේම ඔබ පිටත් වෙද්දී කොමඩ් එක දෙස නොබැලුවේ නම් හෝ එය මඟහැර ගියේ නම් නැවත අසීරුතාවයකට පත් වන්නේ දෙවෙනුව පැමිණෙන පුද්ගලයාය. එසේම උදළු මිටි තරම් ඒවා කොමඩ් බඳුනේ ජලය මඟින් ගසා නොයන බවත්, එය ගසාගෙන යන්නට නම් බාස්කට් එකකට වතුර පුරවා කොමඩ් එකට හැලිය යුතු බවටත් විද්යාත්මකව සොයාගෙන ඇත්තේය. එවන් තත්වයක් යටතේ තදබල අමාරුවකින් පැමිණෙන අය බාස්කට් වලට වතුර පුරවා ඔසවා කොමඩ් එකට ගැසීමෙන් මහත් අසීරුතාවයකට පත්වන බව මතක තබාගත යුතුය. එසේනම් ඔබ පරාර්ථකාමී වන්නේ නැවත එන පුද්ගලයා වෙනුවෙන් නිවැරදිව කොමඩ් එක ෆලෂ් කර යෑමෙන්ය.