දවසක් සුපර්මාර්කට් එකකදී අත පය හොඳට තියන එකෙක් ඇවිත් කියනවා මහත්තයා සල්ලි ඉල්ලන්න නෙමේ ආවේ. මම ආර්මි එකෙන් අයින් වෙලා ඉන්නේ. රස්සාවක් නැහැ. පුළුවන් නම් හාල්, තුනපහ ටිකක් අරන් දෙන්න කියලා. මම කිව්වා එහෙනම් රස්සාවක් හොයල දෙන්නම් සිකියුරිටි කම්පැනි එකක . මට පෝන් නම්බර් එක දෙන්න කියලා. මූ කියනවා මට පෝන් එකක් නැහැ මහත්තයාගේ නම්බර් එක දෙන්න කියලා. මම කිව්වා මගේ එක දෙන්න බැහැ , පණිවිඩයක් දෙන්න ක්රමයක් කියන්න කියලා. ඊට පස්සේ නෝනගේ නම්බර් එක කියල එකක් දුන්නා. පස්සේ ඇත්තටම සිකියුරිටි රස්සාවක් සෙට් කරලා එදා හවසම දුන්න නම්බරේට කෝල් කලාම ආන්සර් කරපු ගෑනියෙක් කියනවා එහෙම නම තියන එකෙක් අදුනන්නේ නැහැ . එහෙම රස්සාවක් හොයන්නෙත් නැහැ කියලා. බලනකොට අරූ බොරුකාරයෙක්. මම ඇත්තටම රස්සාවක් හොයල දීලා උදව්වක් කරන්න හැදුවේ. අර කතාවක් තියනවනේ බඩගින්නේ ඉන්න කෙනෙකුට මාලුවෙක් දෙනවට වඩා හොඳයි බිලී පිත්තක් දීලා මාළු අල්ලන හැටි කියල දෙන එක කියලා. ඊට පස්සේ මම හිතාගත්තා මේවගේ එවුන්ට කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා.හිඟා කාගෙන එන එකෙක්ට 100 ක් 200 ක් වගේ දීලා දාන එක නම් අවුලක් නැහැ. හැබැයි එකෙක්ටවත් 500 න් එහා නිකන්ම දෙන්න යන්ඩ එපා. වෘත්තිමය හිඟන්නන්ට නම් සත පහක් දෙන්ඩ එපා.
කවුරු හරි අාවම පොඩ්ඩක් විස්තර අහලා බලහන් genuine එකෙක්ද කියලා. උට නිකන් යමක් දෙනවා වෙනුවට හම්බ කරගන්න චාන්ස් එකක් දීපන්. විශේෂයෙන්ම අතපය හතර හොඳට තියෙන එකෙක් නම්.
මම නම් කරන්නෙම අපේ ගෙදර වත්තෙ වැඩ ටිකක් තියෙනවා, කරලා දෙන්න පුළුවන්ද, නැවතිලා වත්ත බලා ගන්න පුළුවන්ද වගේ දෙයක් අහන එක. එතකොට සතා අඳුරගන්ඩ පුළුවන්. කට්ටක් කාලා ගේමක් ගහන හැබෑ උවමනාවක් තියෙන එකෙක් නම් එ් වෙලාවට කීයක් හරි හම්බෙනවාට වඩා job එකක් හම්බෙනවාට කැමතියි. හැබැයි හිඟන කම job එක කරගත්ත හැත්තට එහෙම බෑ. අන්න එහෙම උන්ට සත පහක් දෙන්ඩ හොඳ නෑ.
මට නම් උවමනාවක් අැති එකෙක්ගෙන් ගෙදර වැඩ ටිකක් කරවගෙන 5000 ක් විතර දීලා දාන එක වුණත් දුකක් නෑ. කාලකණ්ණි වෙන්ඩම ඉපදිච්ච එකෙක්ට නිකන් 500 ක් දෙන එක ඊට වඩා පාඩුවක් විතරක් නෙවෙයි, එහෙම කාලකන්නි තව හැදෙන්න උල්පන්දම් දීමක්.![]()
ඇත්තටම දැන් හිඟන්නෝ වැඩියි. රටක ආර්ථික අර්බුදයක් තියනකොට ඒකත් එක්කම දරුණු සාමාජීය අර්බුදයක් පැනනගිනවා. ආර්ථික පීඩනයත් එක්ක මිනිස්සුන්ගේ වටිනාකම් (values) නැති වෙලා ගිහින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම පහත් දෙයක් කරන්න මිනිස්සු පෙළඹෙනවා.
හොඳම දේ තමන් හිතනවා නම් බොරුකාරයෙක් නිසා නොදිය යුතුයි කියලා ඌත් එක්ක තර්ක නොකර නැහැ කියන එක. නැත්නම් කලින් කෙනෙක් කියපු විදිහට පිහියකින් අනින්නත් පුළුවන්.
මේ තත්වය ඉදිරියට තවත් වැඩිවෙනවා.
(2)