කතාව මේකයි. මෙච්චර කල් පාවිච්චි කළේ 988 පැකේජ් එක. ඒකෙ ඩේටා ප්‍රමාණය සහ ස්පීඩ් එක මෙච්චර කාලෙකට ඕනි වැඩක් කරගන්න ප්‍රමාණවත් උනා. ඒත් දැන් සතියකට විතර කලින් ඉඳන් අඩු ගානෙ යූ ටියුබ් වීඩියෝ එකක් වත් ප්ලේ කරගන්න බැරි තරම් ස්පීඩ් අඩු වෙලා. රවුටරේ ඕෆ් කරලා ඔන් කරලා දහ අට සන්නියම නටලා බැලුවත් එච්චර තමා. බැරි තැන ස්පීඩ් ලිමිට් චෙක් කළා. ඒකත් අවුලක් නෑ. ඒත් ඉන්ටර්නෙට් ස්ලෝ. නිකමට වගේ අනිත් මොබිටෙල් සිම් එකේ ඩේටා ඔන් කළා. මෙන්න යකෝ යකා වගේ වැඩ. එතකොටයි වැඩේ තේරුනේ. පැකේජ් එක දාලා දවස් හතරයි , anytime 30GB වලින් 28GB ඉතුරුයි. මේ උට්ටිගෙ පුටාලා ස්පීඩ් එක ලිමිට් කරලා පැකේජ් එකේ.
දවස් එක හමාරක වෑයමකින් පස්සෙ ගත්තා කස්ටමර් කෙයා එකට. කිව්වා විස්තරේ.
මුන් කියනවා
මම ඇහුවා දැන් ඔයාලා ඔහොම මගුලක් කරන බව දැනුවත් කළාද කියලා
එතකොට මගෙ 30 GB ANYTIME DATA වලින් 28 GB ඉතුරු වෙලා තියෙනකොටත් ලිමිට් කළේ මොන බම්බුවකටද ඇහුවම කියනවා. YOUTUBE ඩේටා ඉවරනම් ඔක්කොම ලිමිට් කරනවලු.
මුන් යකෝ....
කනෙක්ෂන් හරියට දීගන්න බැරුව ස්ලෝ උනාම ගෙවලා ගන්න අපේ පැකේජ් එකටත් කෙළවන මේ හ්+ඉඟන කම්පැනි වලට හෙන 7 ගහන්න ඕනි මේ කරන වැඩ වලට....
උන්ට හෙන 7
ශෙයා 1 ක් = හෙන 1 යි..
අසාධාරණයට ලක් වෙච්ච හැමෝම එකතු වෙමු මේ ගෲප් එකට. මේක අපිම ආපස්සට හරවමු MOBITEL speed limit කිරීමට එරෙහි වෙමු
( හොඳ පැකේජ් එකක් දන්නවනම් රෙකමන්ඩ් කරන්න )
පෝස්ට් එක fb එකෙන් ගත්ත එකක්..මටත් ඕකම උනා..තව නයිට් ටයිම් ඩවුන්ලෝඩර් එකේ ස්පීඩ් 0ට බහිනව 2gb බාපු ගමන්..මන් නන් කියන්නෙ ජියෝ එකෙන් ඕක ගන්ඩම ඕන

