හිජාබයේ වැදගත්කම...

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හිජාබයේ වැදගත්කම...

    සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ සාක‍ෂියක් නැත.

    සෑම ආගමක්ම විෂමාචාර වූ ගැහුණු – පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්වය හෙළා දකියි, පිවිතුරු සදාචාරාත්මක ජීවිතය උතුම් කොට සළකයි, එයට ආශිර්වාද කරයි. නමුත්, එම සදාචාරාත්මක ජීවිතය කෙසේ ගෙන එන්නේ ද, පවින් පිරුණු විෂමාචාරය මුලින් උදුරා දමන්නේ කෙසේ ද යනු ගැන ඉස්ලාමය හැර සෙසු ආගම් ප්‍රායෝගික මගක් ගෙන දක්වා කි්‍රයාත්මක කළේ නැත.


    ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කිසිම කඩතුරාවක් හෝ ආවරණයක් නොමැතිව, උරෙන් උර ගැටී සෙල්ලම් කිරීමටත්, සෑම කටයුත්තක්ම කිරීමටත් හැකි පරිසරයක් ඇතිකර දීමෙන් පසුව, සදාචාරයේ මහිමය ගැන කතා කිරීමෙන් කිසිම ඵලක් නැත. අද, නොයෙකුත් සමාජයන් හි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන් වැරදි මාර්ගයන්හි හැඩගැසීම, විෂමාචාරය ව්‍යාප්ත වීමට ප්‍රධාන කාරණයක් වී ඇත.
    :(

    මෙම භයානක තත්ත්වය මුස්ලිම් තුළත් ඇතිවීමේ ලකුණු දැන් සමහර තැන්හි පෙනෙන්නට ඇත.:(මෙයට කාරණය නම්, මුස්ලිම්වරුන්ගෙන් වැඩිදෙනෙක් ඉස්ලාමයෙන් තොරව තම ජීවිතය පවත්වාගෙන යෑමට පටන් ගැනීමය. මෙම අනුවේදනීය තත්ත්වය ඇතිකිරීමෙහිලා ඉස්ලාමයට විරුද්ධ බටහිර, ලෞකික චින්තයන් හා එම චින්තන අනූව බටහිර පන්නයට ආවඩන ලේබල් මුස්ලිම්වරුන් කි්‍රයා කරගෙන යයි. මෙය වනාහි මුළු මානව සංහතියම තිරිසන් යුගයක් කරා ගෙනයන නින්දිත කි්‍රයාවකි.


    ඉස්ලාමය වනාහි මානව සංහතිය තුළ සදාචාරාත්මක සමාජ ක්‍රමයක් ඇතිකිරීමෙහිලා ස්ථීර චේතනාවක් හා වැඩපිළිවෙලක් ගෙන ඇති දිවිපෙවෙතකි. මේ නම් අකුරට පමණක් සීමාවූවන් නොවේ. මුළු ලොවටම ආදර්ශමත් විශිෂ්ඨ සමාජයක් ඇතිකිරීමට මේවා තුළින් ඉස්ලාමය සමත් වී ඇත.


    මෙම චේතනාව හා කි්‍රයා පිළිවෙළ පියවර සතරකින් සමන්විත ය.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පළවෙනි පියවර: විෂමාචාර ලෙස ස්ත්‍රීන් හා පුරුෂයින් අතර ඇතිවෙන සම්බන්ධතාවයන් ලොවෙහි ඇති කරන පාපකාරී තත්ත්වය කුමක්ද, සමාජ පරිහානිය කුමක්ද, ගෙන එන ලෙඩ රෝග මොනවාද, එයින් ඇතිවන අපකීර්තියන් හා අගෞරවයන් මොනවා ද යනු ඉස්ලාමය විස්තර කරයි. එමෙන්ම, මෙම පාපකාරී කි්‍රයාවන් නිසා මරණින් මතු ජීවිතයේ අල්ලාහ් අභියස හා අනෙකුත් තැන්හි ලැඛෙන ද~ුවම් හා දුක්ඛිත තත්ත්වයන් මොනවා ද යන්න ද ගෙන දක්වයි. මෙලෙස, දුරාචාරය කෙතරම් පාපකාරී කි්‍රයාවක් ද යන්න අප හද තුළ ඇති කරයි.



    දෙවනුව: ලේ ඥාතීන් නොවන අන්‍ය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කඩතුරාවක් නොමැතිව, නිදහස් ආශ්‍රයක් ඇතිකර ගැනීමේ පරිසරය, විෂමාචාර කි්‍රයාවන්ට තුඩුදෙන බව කවුරුත් දන්නා කරුණකි. එම නිසා, එම පරිසරය වෙනස් කිරීමට ඉස්ලාමය මඟ පාදයි. සෑම කෙනෙකුගේම බැල්ම, කතාව හා ක්‍රියාවන් කෙසේ විය යුතුද, ඇඳුම් පැළඳුම් කෙසේ තිබිය යුතුද, කිට්ටු ඥාතීන් (උදාහරණයක් වශයෙන්: පියා – දුව, මව- පුතා, සහෝදර – සහෝදරියන්) අතර පවා යමක් කමක් තේරෙන වයසට ආ විට කෙසේ හැසිරිය යුතු ද වැනි දේ විස්තර කරන, ඒවා කි්‍රයාත්මක කොට පෙන්නුවේය.



    තෙවනුව: ඉහත සඳහන් පරිදි ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශ්වයම වෙන්කොට තැබුවත්, ඔවුන්ගේ සිත හා කය වැඩෙන විට ඒ සමඟම යම් යම් හැඟීම් හා එකිනෙකා කෙරෙහි කිසියම් ආදරයක්, ආශාවක් ද වැඩෙයි, මෙයින් ශාරීරිකා අවශ්‍යතාවයන් ද ඔවුන්ට ඇතිවෙයි. මෙය ඉස්ලාමය විසින් තහනම් කොට නැත. නමුත්, මෙය වැරදි මාර්ගයකින් ඉටුකර ගැනීමට ඉස්ලාමය ඉඩ නොදෙයි. මේ සඳහා ඉස්ලාමය ඇතිකර ඇති කි්‍රයා නම්, අල්ලාහ් පවසා ඇති පරිදි නීත්‍යානුකූලව ස්ත්‍රිය හා පුරුෂයා විවාහ විය යුතු බවය. මෙම විවාහය පහසුවෙන් කර ගැනීමට ඉස්ලාම් අවශ්‍ය විධි විධාන යොÞ ඇත.

    සිව්වෙනුව : ඉහත සඳහන් සෑම කි්‍රයා මාර්ගයක් ම අභිබවා යම් ස්ත්‍රියක් හෝ පුරුෂයක් වැරදි කළහොත්, ඔවුන් විවාහ කර, කළ වරදට ද~ුවම් දීම සඳහා නීති පද්ධතියක් ද ඉස්ලාමය විසින් සකසා ඇත. උස් කඳුවැටි හා ගැඹුරු පල්ලම් අතර ඇති මාවත්හි වේගයෙන් යන වාහනයන්ගේ ආරක‍ෂාව තකා සමහර තැන්හි මාර්ග සංඥා දක්නට ඇත. එමෙන්ම, සවිමත් තාප්ප ද දක්නට ඇත. මෙයින් පෙනීයන්නේ එම සංඥාවන් නොතකා වේගයෙන් යන්නන් බේරාගැනීමට මෙම තාප්ප තනා ඇති බව ය. මෙවැන්නක් ය ඉස්ලාමයේ නීති පද්ධතියත්. මේ වනාහි සදාචාරයේ පැවැත්ම සඳහා ඉස්ලාමය කි්‍රයාත්මක කරන ඉහත සඳහන් කි්‍රයා මාර්ගය නොතකා වැරදි කරන්නන් යහ මඟට ගෙන ඒමට හා එවැන්නන්ගෙන් මානව සංහතිය ආරක‍ෂා කර ගැනීමට ගනු ලබන පියවරකි.

    මෙලෙස, සදාචාරාත්මක සමාජයක් නගා සිටුවීමෙහි ලා ඉතා ශ්‍රේෂ්ඨමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් අනූව කටයුතු කළ ඉස්ලාමය වැනි තවත් ආගමක් හෝ ජීවන සැලැස්මක් ලබා ගැනීම කිසිසේත් නොහැක.

    ඉස්ලාමය එතරම් ශ්‍රේෂ්ඨ ජීවන සැලැස්මක්ය. මිනිස් ජීවිතයේ සෑම අංගයක් ම, සෑම දෙයක්ම සොබා දහමට එකඟව කරගෙන යෑම සඳහා පහසු වැඩ පිළිවෙළක් එහි ඇත. එපමණක් නොව, ඉස්ලාමයේ මෙම වැඩ පිළිවෙළ අනූව සමාජයක් ද ඇතිකරනු ලැබ ඇත. අද මුස්ලිම්වරු නොයෙකුත් ප්‍රශ්නයන්ට මුහුණ පා සිටිති. මෙවන් අවධියක ද අනෙක් සමාජයීය මිනිසුන්ට වඩා මුස්ලිම්වරුන් අතර සංවරභාවයෙන් යුත් උසස් ගුණාංග ඇත්තේ නම්, එයට සම්පූර්ණ හේතුව වන්නේ ඉස්ලාමයේ මඟ පෙන්වීම ය.

    ඉස්ලාමයේ මෙම කරුණු සම්බන්ධව, අප සැවොම මොහොතක් සිතා බැලීම අවශ්‍යය. අද, මානව සංහතියෙහි සදාචාරය ගෙන ඒමට මෙය හැර වෙනත් මඟක් නොමැත.

    ටානියා නශ්රුදීන්- මහනුවර
    * කාන්තාව සහ අධ්‍යාපනය
    * කාන්තාවට ලබා දී ඇති අයිතීන්
    * හිජාබ් -ෆර්දාව ඇඳීම සහ කාන්තා නිදහස
    * දික්කසාදය හා ඉස්ලාම් නීතිය
    * ගැහැණු පිරිමි දෙපාර්ශවයම ළඟින් ඇසුරු කිරීම
    * කථා කිරීමේ අයිතිය
    * පවුල් කටයුතු මෙන්ම පොදු කටයුතුවලදී
    * සාක්ෂි කීම-සාධාරණත්වය
    * කාන්තාව සහ දේශපාලනය
    * දේපල (වස්තුව) පිළිබඳ අයිතිය
    * හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද?
     

    Wal Bada

    Well-known member
  • හිජාබයේ අපුල දනවන කතාව |The disgusting story of the hijab

    ඉස්ලාම් ඉන් සිංහල ආයෙත් මරු කතාවක් දාල. ගොඩක් වැඩ තිබුණත්, ඩෙස්ක්ටොප් කොම්පියුටරේ නැතුව පාම් ටොප් එකෙන්ම රාළට මේක ලියන්න හිතුනෙ ඒකයි. මේ ලිපියේ අකුරු හෙම වැරැදිලා තිබොණොත් කියවන අයගෙන් සමාව ඉල්ලා හිටිනව. මොකද පාම් ටොප් එකේ අකුරු තඩි සයිස් කරල් බලන්න බෑ නෙ! රාළට ඉතින් දැන් හතළිස් ඇඳිරිය එන්න පටන් අරන්!

    ඉස්ලාම් ඉන් සිංහල මෙදා පොටේ හිජාබයේ වැදගත්කම – විෂමාචාර වූ ගැහණු පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්ව කියල ලිපියක් දාල. මේ උන්නැහේ නොකියා කියන්නේ ස්ත්‍රීන් හා පුරුෂයන් එක්ව ඉන්න එක හොඳ නෑලු, එතකොට වැරදි සම්බන්ධ වලට පෙළඹෙනවා කියල. සමහරවිට සිංහලෙන් ඉස්ලාම් ලියන මනතුංග උන්නැහේගේ මුස්ලිම් සමාජයේ නම් එහෙම වෙන්න ඇති. ගෑනියෙක් තියා ගෑනු යට ඇඳුමක් දැක්කත් මෝල් වෙන පිරිමි ඒ උන්නැහේගේ සමාජයේ ඉන්නව ඇති. එහෙම මෝල් වෙලා එක එක සෙල්ලම් දානත් උන් යනව ඇති. එතකොට උන්ගේ මෝල් වීම් වලට පලි අහක ඉන්න ගෑණු! උන් උන්ගේ වනචර ගති හදා ගන්නේ නෑ. ඒ වෙනවට කරන්නේ ගෑණුන්ව වහලා තියෙන එක! මෙන්න මුස්ලිම් සදාචාරය!

    ඊට පස්සේ මේ ගොයියා කියනව ලේ ඥාතීන් නොවන අන්‍ය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කඩතුරාවක් නොමැතිව, නිදහස් ආශ්‍රයක් ඇතිකර ගැනීමේ පරිසරය, විෂමාචාර ක්‍රියාවන්ට තුඩුදෙන බව කවුරුත් දන්නා කරුණකි කියල. අනේ අපි දන්න තරමට නම් එහෙම නෑ! ඔහොම වෙන්නේ මුස්ලිම් කාරයන්ට විතරක් වෙන්න ඇති. ඕනෙම ගෑණියෙක් දැක්ක ගමන් මෝල් වෙන පිරිමි ඉන්න ජාතියකට ඕන ඔය වගේ නීති තමයි.

    ඊට පස්සේ විෂමාචාරයට ඉස්ලාමයේ දඬුවම් දෙන එක ගැන මේ ගොයියා අපූරු කතාවක් දෙසා බානවා. හැබැයි ඉතින් මේ ගොයියා නොදන්න දේ තමයි දූෂණයට ලක් වෙච්ච කාන්තාවක් ෂරියා නීතිය ඉදිරියට ගියාම, ඇයට දූෂණය ඔප්පු කර ගන්න බැරි වුණොත් විෂමාචාරය වෙනුවෙන් දඬුවම් නියම වෙනවා. අනෙක් රටවල් වල නීතිය අනුව එවන් කාන්තාවන්ට කිසිම දඬුවමක් හිමි වෙන්නේ නෑ. මනතුංග ගොයියා ඔච්චර ඔජ වඩන ඉස්ලාම් ආගමේම තමයි කියල තියෙන්නේ වහලියක් හා ලිංගිකව එක්වෙන්න ඇගේ කැමැත්ත අවශ්‍ය නෑ කියන එක. ඒ කියන්නේ ස්ත්‍රී දූෂණය නීතිගත කරල තියෙනව වගේ වැඩක්

    ඊට පස්සේ ඉස්ලාම් ඉන් සිංහල ගොයිය කියනවා “අද, මානව සංහතියෙහි සදාචාරය ගෙන ඒමට මෙය හැර වෙනත් මඟක් නොමැත” කියල. මේ මනුස්සයට තේරෙන්නේ නෑ නීති දාන්න දාන්න නීති කඩන්න මිනිස්සු පෙළඹෙන බව. ගෑණුන් වහල තියන එකට වඩා පිරිමි ගෑණු දැක්ක ගමන් මෝල් වෙලා අණින්න යන ගතිය අඩු කර ගත්ත නම් මීට වඩා සදාචාරවත් වෙන්නේ නැත්ද? ලිංගික වහලියන් හා ස්ත්‍රීන්ට වඩාත් හොඳ තැනක් දුන්නොත් සදාචාරය දියුණු වෙන්නේ නැත්ද? ස්වර්ගයේ හමුවන හූරිලා ගැන ලිංගික ෆැන්ටසිය හිතින් දරන්, තම බිරිඳ තුලින් හූරි කෙනෙකු පැතීම නතර කර ගත්තොත් නරක නැත්ද? කිරි දෙන මවකට ඇගෙ දරුවා අවජාතක වීම නිසා පොල්පිති වලින් පහර දෙන එක නතර කර ගැනීමෙන් සදාචාරය දියුණු වන්නේ නැත්ද?

    පිරිමින්ගේ අඩුපාඩු කම් වහන්න ගෑණුන් වහන ක්‍රියාවන්ට අපි විරුද්ධ වෙන්න ඕන. ඒක මිනිස් කමට නිගාවක්. මුස්ලිම් පිරිමියගේ වලත්ත කමට ගෑණුන්ට හිජාබ් අන්දන එක මනුෂ්‍යත්වයට නිගාවක්. අපි ඒ නිසා හිජාබයට විරුද්ධ වෙමු.


    Source
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    The image of the typical Muslim woman wearing the veil and forced to stay home and forbidden to drive is all too common in most peoples thoughts. Although some Muslim countries may have laws that oppress women, this should not be seen as coming from Islam. Many of these countries do not rule by any kind of Shari'ah (Islamic law) and introduce their own cultural standpoints on the issue of gender equity.

    Islam on the other hand gives men and women different roles and equity between the two is laid down in the Quran and the example of the Prophet (peace be upon him). Islam sees a woman, whether single or married, as an individual in her own right, with the right to own and dispose of her property and earnings. A marriage gift is given by the groom to the bride for her own personal use, and she keeps her own family name rather than taking her husband's. Both men and women are expected to dress in a way that is modest and dignified. The Messenger of God (peace be upon him) said: "The most perfect in faith amongst believers is he who is best in manner and kindest to his wife." Violence of any kind towards women and forcing them against their will for anything is not allowed.

    A Muslim marriage is a simple, legal agreement in which either partner is free to include conditions. Marriage customs thus vary widely from country to country. Divorce is not common, although it is acceptable as a last resort. According to Islam, a Muslim girl cannot be forced to marry against her will: her parents simply suggest young men they think may be suitable.
     
    Last edited: