හිජාබ් මක්නිසාද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හිජාබ් මක්නිසාද?

    හැඳින්වීම

    අල්ලාහ් මෙම විශ්වයේ පාලකයාද විනිශ්චය දිනයේ අධිපතියා ද වෙයි, දයාව හා කරුණාවෙන් යුත් ඔහුටමය පැසසුම් සියල්ල හිම්වන්නේ, යහපත් ගති පැවතුම් ඇත්තන්ගේ අවසානය සාර්ථක වන්නේය, කවර අය නින්දිත ක්‍රියාවන් හි නියුක්තව සිටින්නේ ද ඔවුන් හැර අන් අය අතර වෛරය නොවේවා.æ

    යා අල්ලාහ් ඔබගේ සලාතය සලාමය (සමාÞනය) හා ආශිර්වාදය ඔබගේ වහලා සහ වක්තෘවරයා වූ මුහම්මද් (සල්) තුමාටත්, එතුමාගේ මිතුරන්ටත් අනුගාමිකයින්ටත් හිම්වේවා.

    මුස්ලිම් කාන්තාවන්ට අදාළ කාර්්‍යයන්හි ඉස්ලාමික නීතිය විශෙAෂ සැලකිල්ලක් දක්වයි. මෙයට ප්‍රධාන කාරණය නම් ඇයගේ නිර්මලත්වය ගෞරවය හා නම්බුව ආරක්ෂා කොට ඉතාමත් උසස් තත්වයක් ඇයට ලබා දීමේ අරමුණින්ය. කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ඔවුන්ගේ රූප සුන්දරය හා ස්වභාව ලීලාව යනාදිය පිටට විදහා පෙන්වීමෙහි සීමාවන් පනවා ඇත්තේ ඔවුන්ගේම ආරක්ෂාව පිණිසය, ඒවා තුළින් වැරදි ක්‍රයාවන් ඇතිවීම වලක්වාලීම පිණිසය, ඇත්ත වශයෙන්ම ඉස්ලාමය කාන්තාවන්ගේ නිදහසට පහර නොදෙයි, සීමාවන් ඇති නොකරයි. නමුත් ඔවුන්ගේ නිහතමානිත්වයට නින්Þවක්, අපකීර්තියක් ඇතිවෙන්න ඉඩ නොදී, දැඩි ආරක්ෂාවක් තුළින් උසස් ස්ථානයක වැජඹීමට හැකි තත්වයක් ඇතිකිරීම එහි අරමුණ වෙයි.

    මෙම පොතෙහි හිජාබය තුළින් කාන්තාවන්ට දී ඇති ආරක්ෂාවේ වැදගත්කම ගැන විස්තර කර ඇත. මේ වනාහි හිජාබ් ඇඳීමෙහි ඇලී සිටින එයට ආශා කරන කාන්තාවන්ට එය තව තවත් ක්‍රමානුකූලව පිළිපැදීමටත් තුඩුදෙයි. තව ද කාන්තාවන්ගේ ලස්සන රුව පිටට විදහා පෙන්වීමේ අදහසින් අලංකාරවත්වීමේ භයානක විපත්තිය ගැනද මෙහි කියා ඇත. මේවා සිතට ගෙන කටයුතු කිරීම යහපත් වේ. තවද හිජාබය අතහැරීමෙන් දෙලොවෙහිම ඇතිවන විපාකයන් ගැන මෙහි අනතුරු ඇඟවීමක් ද කර ඇත. මොහොතක් මේ ගැන බැලීම නුවණට හුරුය.
    අල්ලාහ් අපගේ චේතනාවන් හොඳ හැටි දන්නේ ය, ඔහු අපට සෑහේ ඔහු ඉතා යහපත් ආරක්ෂකයා වෙයි.

    - ආචාර්්‍ය සෙයියද් මුහම්මද් බින් ඉස්මාඊල්
    - ආචාර්්‍ය සාලිහ් අස් සාලිහ් (පරිවර්ථන කර අර්ථ විවරණය ද ලියූ තැනැත්තා)

    හිජාබයේ වැදගත්කම්

    1- කීකරුභාවයෙන් යුත් ක්‍රියාවක්æ

    හිජාබය වනාහි අල්ලාහ්ටත් ඔහුගේ වක්තෘ වූ මුහම්මද් (සල්) තුමාටත් කීකරුව කරනු ලබන ක්‍රියාවකි. අල්ලාහ් එය ඔහුටත් ඔහුගේ වක්තෘවරයාටත් කීකරුවීමේ කාර්්‍යයක් බව හඳුනා දී ඇත.

    අල්ලාහ් මෙසේ පවසයි:

    —අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරයා කිසියම් කාර්්‍යයක් සඳහා තීන්දුවක් දුන්නේ ද, පසුව එම කාර්්‍ය සම්බන්ධයෙන් තමන්ට විකල්ප තීන්දුවක් ගැනීමේ අයිතියක් දේව විශ්වාසය ඇත්තා වූ කිසිදු පුරුෂයෙකුට හෝ කිසිදු ස්ත්‍රියකට හෝ නොමැත. තවද අල්ලාහ් ට හා ඔහුගේ වක්තෘවරයාට කවරෙකු අකීකරු වන්නේ ද ඔහු පැහැදිළිවම දුර්මාර්ගයෙහි සිටියි.˜ (අල්-කුර්ආන් 33:36).

    ඔහු තවත් පවසයි:

    —(මුහම්මද්æ) ඔබගේ ස්වාමියා කෙරෙහි දිවුරා (පවසමිæ) ඔවුනතර ඇතිවන ආරවුල් හි ඔබව විනිශ්චය කරු බව පිළිගෙන, ඔබ විසින් දෙනු ලබන තීන්දුව සම්බන්ධයෙන් ඔවුන්ගේ සිත් තුළ යම් කිසි අතෘප්තියක් නොමැතිව සම්පූර්ණයෙන් එයට අවනත වන තෙක් ඔවුන් ඊමාන්ධාරීන් (විශ්වාසවන්තයින්) නොවෙයි.˜ (අල්-කුර්ආන් 04- 65

    කාන්තාවන් හිජාබ් ඇඳිය යුතුයි යන්න අල්ලාහ්ගේ නියෝගයකි.

    (හිජාබ්: මෙය කිසියම් සංස්කෘතියට අයත් එකක් බව අදහස් නොකළ යුතුයි. මෙය අල්ලාහ්ගේ නියෝගයක් නම්, මේ සඳහාවූ කෝන්දේසි අරාබිකරයින්, ඊජිප්තුවන්, පකිස්තානූන්, කළු සුදු ඇමරිකානූන් යනු නොමැත. මෙහි අරමුණ වන්නේ කාන්තාවන්ගේ ආරක‍ෂාවය. මෙය සඳහා වූ කොන්දේසි හා කි්‍රයා පිළිවෙල කුර්ආනයෙහි ද සුන්නාවෙහිද සවිස්තර ව සඳහන් කොට ඇත. ස්තී්‍රන්ට හා පුරුෂයන්ට යහපත් දේ කුමක් ද යනු ඔවුන්ව මැවූ අල්ලාහ්ට වඩා දන්නා තවත් කෙනෙකු නොමැත. ඔහු විසින් දෙනු ලැබූ ආගම (ජීවන සැලැස්ම, යහ මඟ) ඥානයෙන් යුතුය. එමෙන්ම, ඔහුගේ සෑම කි්‍රයාවක්ම ඥානයෙන් පිරී ඇත.)

    අල්ලාහ්ගේ නියෝග අල්කුර්ආනයේ මෙලෙස විස්තර කර ඇත:

    තවද (ශාස්තෘවරයානණි) ඊමාන්ධාරීන් (විශ්වාසවන්තියන්) වූ කාන්තාවන් හට පවසන්න: —ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතුයි, තමන්ගේ රහසඟඳ රැකගත යුතුයි. තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටතට පෙනෙන දේ හැර) නොපෙන්විය යුතුයි. තවද තමන්ගේ පයෝදර උතුරු සළුවකින් ආවරණය කරගත යුතුයි.˜ (ශ= අල්කුර්ආනය 24- 31

    කවැරුන් හෝ තම රූ සපුව තව තවත් අලංකාරවත් කර ප්‍රදර්ශණය කිරීම වනාහි අඥානවත් නූගත් ක්‍රියාවක් බව අල්ලාහ් සලකයි.

    ඔහු මෙසේ උපදෙස් දෙයි:

    —තවද ඔබගේ නිවෙස් හි රැඳී සිටින්න. පසුගිය ආඥාන සමයෙහි මෙන් දේහ අලංකාරය ප්‍රදර්ශනය කරමින් නොඇවිදින්න.˜ (අල්-කුර්ආන් 33-33

    (පසුගිය අඥාන සමය යනු: ඉස්ලාමයට පෙර කාලයයි).

    අල්ලාහ් මෙසේද පවසයි:

    —නබිතුමාගේ භාර්යාවන්ගෙන් ඔබ යම් දෙයක් ඉල්ලන විට තිරයට මුආ වී ඔවුන්ගෙන් ඉල්ලනු මැනව.˜ (ශ= අල්කුර්ආන් 33- 53

    ඉහත සඳහන් කුර්ආන් වාක්‍යයන් නබි (සල්) තුමාගේ භාර්යාවන්ට පමණක් සීමාවුවන් නොවේ. මෙම වාක්‍යයන් ඊමාන්ධාරීන් (විශ්වාසවන්තියන්) වූ කාන්තාවන් සැවෝමට ම පොදු වේ. පහත සඳහන් කුර්ආන් වාක්‍යයන් තවත් පැහැදිළිව හා විස්තරව ඇත. අවධානයෙන් කියවා තේරුම් ගන්න.

    —නබිතුමාණනි ඔබගේ භාර්යාවන් ඔබගේ දියනියන් තවද ඊමාන්ධාරීන් (විශ්වාසවන්තයින්)ගේ භාර්යාවන් ආදීන්ට කියන්න: ඔවුන් තමන්ගේ කබාය (හෝ ශරීරය සම්පූර්ණයෙන් ආවර්ණය වන අයුරින් ඇඳුම් ) ඇඳගත යුතු බව, මෙය ඔවුන් හැඳින ගැනීමටත් ඔවුන් හිංසා පීඩා වලින් සුරක්ෂිත වීමටත් ඉතාමත් යෝග්‍ය (පහසු) වන්නේය.˜ (අල්-කුර්ආන් 33-59

    (කිසියම් කීකරු භාවයක් හෝ විනීතභාවයක් නොමැති වල්බූරු නිදහස් විවෘත සමාජයන් හි කාන්තාවන් විඳින දුක වේදනාව කියා නොහැකි තරම් ය. සෑම කෙනෙකු ම මේ ගැන මනාව දනිති, විවේචනය කරති, ෙÞස් කියති. නමුත් මෙවන් දුක් ගැහැට කාන්තාවන්ට ඇතිවන්නේ කෙසේ ද? යනු සිතන්නෝ ඉතා සුළු කොටසකි. අපව මැවීමේ නියම අරමුණ ගැන මනා වැටහීමක් ඇත්තෝ මේ ගැන අවබෝධ කරගනිති. අල්ලාහ් ට සම්පූර්ණයෙන් අවනත වී ඉස්ලාමය අනූව ජීවත් වීමට හා ඔහුට පමණක් නැමදීමට ය අප මවා ඇත්තේ. මෙම අරමුණ කරා පියනගන්නේ කෙසේ ද යනු කුර්ආනයේ සවිස්තරව සඳහන් කොට ඇත. එයින් ස්ත්‍රීන් හා පුරුෂයන් තම තමන්ගේ ගෞරවය, විනීතභාවය, නිහතමානිත්වය වැනි දේ රැකගෙන ජීවත් වන්නේ කෙසේ ද යනු දැනගත හැකිය. හිජාබය ස්ත්‍රීන්ට ඉමහත් ගෞරවය හා ආරක‍ෂාව ගෙනදෙයි. ඒ සමඟ ම, නරක, පාපකාරී අදහස් ඇත්තාවුන්ගේ බැල්මෙන් හා නොමනා කි්‍රයාවන්ගෙන් තමා බේරා ගැනීමට ද හැකි වනවා ඇත).

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නබි (සල්) තුමා මෙසේ පැවසූහ:

    —කාන්තාවන් zඅව්රාහ්z වෙයි (ඇය ආරක්ෂා කළ යුතුයි).˜ (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි), මූලාශ්‍රය: තිර්මිදි).

    2- හිජාබ් යනු zඉෆ්ෆාහ්Z (විනීතභාවය) වේ

    අල්ලාහ් විසින් හිජාබය කාන්තාවන්ට අනිවාර්්‍ය කර ඇතAතේ ඔවුන් තුළ පවිත්‍රතාවය විනීත භාවය සහ යහපත් හැසිරීම යනාදිය ගෙන ඒම පිණිසය. හිජාබය අකුරටම පිළිපැදීමෙන් මෙම ගතිගුණයන්ගෙන් පිරුණු ජීවිතයක් ලැඛෙනවාට සැක නැත. මෙසේ නැතිවිට නොයෙකුත් ප්‍රශ්න විටින් විට මතුවී ජීවිතය නරකාදියක් බවට පත් කරයි.

    අල්ලාහ් මෙසේ පවසයි:

    —නබිතුමාණනීæ ඔබගේ භාර්යාවන්, ඔබගේ දියණියන්, තවද විශ්වාසවන්තයන්ගේ භාර්යාවන් ආදින්ට කියන්න: ඔවුන් තමන්ගේ කබාය (හෝ ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන අයුරින් අඳින ඇඳුම) ඇඳ ගත යුතු බව මෙය ඔවුන් හැඳින ගැනීමටත්, ඔවුන් හිංසා පීඩාවලින් සුරක්ෂිතවීමටත් ඉතාම යෝග්‍ය (පහසු) වන්නේ ය˜. (අල්-කුර්ආන් 33 - 59

    එනමුත් තම රූප සුන්දරය නැතිවී ගිය මහලූ කාන්තාවන් තමන්ගේ පිටත ඇදුම් ගලවා තැබීමටත්, තම මුහුණ, අත් ආදිය පිටත පෙනෙන ලෙස සිටීමටත් අල්කුර්ආනය අනුමත කරයි. එසේ මුත් ඔවුන් විනීතභාවයෙන් සිටිය යුතුයි යනු කියා ඇති බවද අප අමතක නොකළ යුතුයි.

    කුර්ආනය මෙසේ පවසයි:

    —කිනම් කාන්තාවන් තරුණ කාලය ඉක්මවා විවාහවීමේ ආශාව නැතිව සිටින්නියන් වන්නේ ද, එම කාන්තාවන් තම රූ සපුව නොපෙනෙන ලෙස තම පිටත ඇඳුම් ගලවා තැබීම ඔවුන් වෙත කිසිම වැරදක් නැත. නමුත් ඔවුන් ද විනීතභාවයෙන් යුත් කාන්තාවන් ලෙස හැසිරීම ඔවුන්ට යහපත්ය. තව ද අල්ලාහ් සියල්ල අසන්නේ ය, සියල්ල දන්නේය.˜ (ශ= අල්කුර්ආන් 24: 60).

    (මෙම දේව වාක්‍යයෙහි අල්ලාහ් සියල්ල අසන්නේය, සියල්ල දන්නේය යනු කියා ඇත. ස්ත්‍රී පුරුෂයන් හට කුමන දේ යහපත් වන්නේ ද යන්නට අÞළ සෑමයක් ම අල්ලාහ් දන්නා බව කිසිදු සැකයක් නැත. තම අදහසට විරුද්ධ ව නැඟී සිටීමට කිසිවෙකුට හැකි නොවේ. හිජාබ් ඇඳීම අල්ලාහ්ගේ අණසකි. එයින් ඇතිවන යහපත් විපාකයන් ගැන වූ ඔහුගේ ඥානය පරිපූර්ණ ය.)

    ඇත්ත වශයෙන් ම, මහළු කාන්තාවන් වූවත් තමන්ගේ විනීතභාවය රැකගෙන ජීවත්වීම ඉතා උතුම් බව අල්ලාහ් පවසයි. එය එසේ නම් තරුණියන් හා වයසින් අඩු කාන්තාවන් කෙසේ සිටිය යුතුයි ද යනු සිතා බැලීම ඉතා වැදගත්ය.

    3- හිජාබ් යනු —තහාරා˜ (පවිත්‍රතාවය) වේæ

    අල්ලාහ් හිජාබය අනිවාර්්‍ය කිරීමෙන් ඔහුගේ —හික්මා˜ නම් වූ ඥානය කෙතරම් ශ්‍රේෂ්ඨ ද යනු පෙන්වා ඇත.

    අල්ලාහ් පවසයි :

    —නබිතුමාගේ භාර්යාවන්ගෙන් ඔබ යම්කිසි දෙයක් ඉල්ලන විට තිරයට මුආ වී ඔවුන්ගෙන් ඉල්ලනු මැනව. ඔබගේ ද ඔවුන්ගේ ද සිතේ පවිත්‍රතාවය රැඳීමට මෙය ඉතා යහපත් වේ.˜ (අල්-කුර්ආන් 33- 53

    විශ්වාසවන්ත ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ සිත්හි පවිත්‍රතාවය ඇතිකිරීමෙහි හිජාබය විශේෂ තැනක් ගන්නේය.

    නෙතින් යමක් නොදකිනා විට ඒ ගැන සිත්හි ආශාවන් ඇතිවන්නේ නැත. සමහර විට නෙතින් දකින යමක් ගැන සිත් හි ආශාවන් ඇතිවන්නත් පුළුවන, නැතිවන්නත් පුළුවන. මෙය කෙසේ වෙතත් (හිජාබය තුළින්) බැලීමට යම් තිරයක් දැමීමෙන් —ෆිත්නා˜ නම් වූ නින්දිත කාර්්‍යයන් (අවුල්) ඇතිවීම වළකාලිය හැකිවෙයි. තවද සිතෙහි නරක චේතනා ඇත්තන්ට මෙය බාධකයක් ද වෙයි. කාලයාගේ ඇවෑමෙන් අධම සිත් ඇත්තෝ යහමගට හැරී පවිත්‍රවීමට ද මෙය සුදුසු මාර්ගයක් වන්නේය.

    අල්ලාහ් පවසයි :

    —මෘදුව (කාමූක හැඟීම උද්දීපන වන අයුරින්) කථා නොකරනු මැනව. මක්නිසාද යත්, සිත්හි ලෙඩ (නරක චේතනාවන්) ඇති අය එයින් පෙළඹෙන්නේය.˜ (කුර්ආන් 33- 32


    4- හිජාබ් ආරක්ෂාව සඳහා වූ පලිහක් වේæ

    නබි (සල්) තුමා පවසා ඇත:

    —ඉතාමත් ශ්‍රේෂ්ඨමත් වූ අල්ලාහ් zහයියීz සහ zසිත්තීර්z වෙයි ඔහු zහයාz (නම්වූ විනීතභාවය) සහ zසිත්තීර්z (නම් වූ ආරක්ෂාව හා ආවරණය) යනාදිය ප්‍රිය කරයි.˜ (මූලාශ්‍රයන්: අබූදාවූද්, නසායි, ෙඛෙහකී, අහ්මද්).

    හයියී - අල්ලාහ් විනීතවන්තයෙකි: ඔහු තම Þසයන්ගේ අකීකරු කි්‍රයාවන්ගෙන් ඔවුන් ව මුදවනු නැත. අල්ලාහ්ගේ අවශ්‍යතාවය ඔවුන්ට ඇති කල්හි, ඔවුන් එළිපිට ම ඔහුට විරුද්ධ ව හැසිරෙයි. නමුත්, ඔහු (විනීතවන්තයෙක් හෙයින්) ඔවුන්ට, නින්Þ කිරීමෙහි ලැඡ්ජාවට පත් වී, ඔවුන් කළ වැරදි ගැන සිතා, පව් සමා අයැද සිටීම සඳහා, සමාව ඉල්ලීමේ ෙÞරටුව විවෘත කොට තබා සිටියි. එසේ වූ නමුත්, ඔවුන් පාප කි්‍රයාවන් පැතිරවීමෙහිත්, කීකරුවීමෙහිත් අහංකාර ව අත්තනෝමතික ව කටයුතු කරන්නේ නම්, නියත වශයෙන් ම, අල්ලාහ් ඔවුන්ට ද~ුවම් කිරීමට පසුබට නොවන්නකි.

    සිත්තීර් - අල්ලාහ් සිත්තීර් වූවෙකි : අකීකරු වූ කි්‍රයාවන් නැවැත්වීමේ පිළිවෙල අල්ලාහ් විසින් ප්‍රධානය කර ඇත. අල්ලාහ් අප්‍රමාණ උදව් උපකාර කරද්දීත් Þසයන් අකීකරු වී නොමනා කි්‍රයාවන් හි යෙදෙයි. අප කවුරුත් ඔහු වෙත හැරී, පශ්චාත්තාප වී, සමාව ඉල්ලා සිටීමේ අවස්ථාව ඔහු විසින් දී ඇත. පාප කාර්්‍යයන් පැතිර යාම අපි්‍රය කරන තැනැත්තා කෙරෙහි අල්ලාහ් ආදරය දක්වයි, එමෙන් ම තම පාප කි්‍රයාවන් එළිදරව් කරන්නන් හා අකීකරුව හැසිරෙන්නන් වන මුස්ලිම්වරුන්ට ආදරය නොදක්වයි. යම් මුස්ලිම්වරයෙක් තම සහෝදර මුස්ලිම්වරයෙකුගේ පාප කි්‍රයාවන් එළිදරව් නොකර, එම තැනැත්තාට අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටින ලෙසට උපදෙස් දෙන්නේ ද, එම මුස්ලිම් තැනැත්තා වෙත අල්ලාහ් ආදරය දක්වයි. හිජාබය අල්ලාහ්ගේ සතුටට ලක්වූවකි. කුමක් නිසා ද යත්, එය අන්‍යයන්ට තමාගේ රූ සපුව පෙන්වා පව් පැතිරවීම වළක්වාලන පළිහක් වන නිසා ය.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතුමා මෙලෙස ද පවසා ඇත:

    —කිසියම් කාන්තාවක් තම නිවසේ හැර (තවත් ස්ථානයක නොමනා කාර්්‍යයක් සඳහා පෙනීසිටින අදහස් ඇතිව) තම ඇඳුම් ගලවන්නේ නම් ඇය අල්ලාහ්ගේ ආරක්ෂාව නැතිකර ගනියි.˜ (මූලාශ්‍රයන්: තිර්මිදි, අබූදාවුද්).

    මෙය වනාහි, එම ස්ථානයේ ඇයගේ ක්‍රියාව අනුව (යහපත් ක්‍රියාවක් නම්) ත්‍යාගයන් ද (අයහපත් ක්‍රියාවන් නම්) ද~ුවම් ද ලැඛෙන විලසින් සැකසී ඇත.


    5- හිජාබ් යනු තක්වාහ් (දෙවියන් කෙරෙහි බිය හා ආදරය) වේ

    අල්ලාහ් පවසයි:

    —ආදාම්ගේ දරුවනීæ නියත වශයෙන්ම අප ඔබට ඔබගේ රහසඟ වසා ගැනීමෙන් අලංකාර වීමටත් සළුපිළි දුන්නෙමු නමුත් තක්වා (දෙවියන් කෙරෙහි බිය හා ආදරය) නම් වූ සළුපිළි (එයට වඩා) උතුම් ය.˜ (කුර්ආන් 07-26

    අද ලොව වැඩි දෙනෙකුගේ ඇඳුම් ශරීරයේ සුන්දරත්වය පිටත පෙන්වන විලාසිතාවලින් යුතුව ඇත. විශේෂයෙන් කාන්තාවන්ගේ ඇඳුම් ඉතාමත් වෙහෙස මහන්සි වී ඔවුන්ගේ ශරීරය වසා ගන්නා ලෙස සකස් වී ඇත. එනම් අඩ නිර්වසත්‍රව ඇඳුම් අඳින්නෝය.

    නමුත්, විශ්වාසවන්තියන් වූ කාන්තාවන්ගේ ඇඳුම් ඉහත සඳහන් ඇඳුම් වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඔවුන් තම අධිපති (අල්ලාහ්) ගේ අණ පිළිපැද තම ශරීරය ආරක්ෂා කර ගැනීමටත්, තම ශරීරයේ රහස් ප්‍රදේශ වසා ගැනීමටත් ඇඳුම් අඳිති. මේ වනාහි දෙවියන් කෙරෙහි බිය හා ආදරය දක්වන ක්‍රියාවකි.

    6- හිජාබ් යනු —ඊමාන්˜ (විශ්වාසය) වේæ

    අල්ලාහ් අල් මුඃමිනාත් නම් වූ විශ්වාසයෙන් පිරුණු කාන්තාවන්ට හැර අන් අයට හිජාබ් ගැන කිසිවක් කීවේ නැත.

    අල්ලාහ් නබි (සල්) තුමා හට මෙසේ පවසයි:

    —තවද (නබි තුමාණෙනිæ) දේව විශ්වාසය (ඊමානය) ඇති (මුඃමින් වන) කාන්තාවන්ට පවසන්න ..... (කුර්ආන් 24-31

    තවත් කුර්ආන් වාක්‍යයක මුඃමින් වන කාන්තාවන්

    —විශ්වාසවන්තයින්ගේ භාර්යාවන් }}}}}}}}}}}}}˜

    යනු අමතන ලෙස අල්ලාහ් තම වක්තෘවරයාට අණ කරයි.

    —එක් වරක් බනූ තමීම් ගෝත්‍රයට අයත් කාන්තාවන් ආයිෂා (රලි) තුමිය හමුවීමට ආවෝය. එවිට එම කාන්තාවෝ සැහැල්ලූ (විනිවිද පෙනෙන) ඇඳුම් ඇඳ සිටියෝය. මෙය දුටු ආයිෂා (රලි) තුමිය, —ඇත්ත වශයෙන්ම ඔබ සැම විශ්වාසනීය වූ (මුස්ලිම්) කාන්තාවන් නම් (ඔබ ඇඳ සිටින) මෙම ඇඳුම් විශ්වාසවන්තියන්ට සුදුසු ඇඳුම් නොවන (බව දැනගන්න.) ඔබ ඊමාන්ධරීන් (මුස්ලිම්) නොවන කාන්තාවන් වන්නේ නම් මෙම ඇඳුම් භුක්ති විඳින්න (ඇඳගන්න)˜ යනු කීවාය. (මආලිමුස් සුනන්, වෙළුම 4- 376

    7- හිජාබ් යනු —හයා˜ (ලජ්ජාව) වේæ

    නබි (සල්) තුමා පවසා ඇත:

    —එක් එක් ආගමකට ම අයත් සදාචාරාත්මික පිළිවෙලක් ඇත ඉස්ලාමයේ සදාචාරය —හයා˜ (ලැජ්ජා බිය ඇති එකක්) වේ.˜ (මූලාශ්‍රය: අල් මුවත්තා, මෙම පුවතෙහි වාර්තාකරුවන් පෙළේ දුර්වලතාවන් පවති)
    නැවත වරක් එතුමා මෙසේ පැවසූහ:

    —ලැජ්ජාව (බිය ඇති බව) විශ්වාසයේ අංගයකි විශ්වාසය වනාහි ස්වර්ගය (ලබාදෙයි).˜ (මූලාශ්‍රය: තිර්මිදි).

    නැවත එතුමා මෙලෙස කීහ:

    —ලැජ්ජාව සහ විශ්වාසය එකක් මත එකක් රැඳී පවතියි, මෙයින් එකක් (පිටත) ගතහොත් අනෙක බිඳ වැටෙයි.˜ (මූලාශ්‍රය: මුස්තද්රකුල් හාකිම්).

    විශ්වාසීන්ගේ මව වන ආයිෂා රලි තුමිය මෙසේ කියයි:

    —අල්ලාහ්ගේ වක්තෘවරයා සහ පසුව මගේ පියා භූමදාන කළ කාමරයට මම මගේ පිටත සළුව නැතිව යාම සිරිතක්ව තිබුණෙය. එවිට, මෙම දෙදෙනා මගේ ස්වාමි පුරුෂයා සහ පියා යන හැඟීමය මට තිබුණේ. නමුත්, උමර් (රලි) තුමාගේ දේහය එහි භුමදානය කළ පසු එතුමා වෙනුවෙන් මට ඇතිවූ ලජ්ජාව නිසා මම මගේ පිටත සළුව නැතිව එම කාමරයට ඇතුල් වූයේ නැත.˜

    මෙයින්, අන්‍ය පිරිමින් සමග තබාගන්නා සම්බන්ධතාවය ගැන ආයිෂා (රලි) තුමිය දැරූ ආකල්පය කුමක්ද යනු වටහා ගත හැක. මෙලෙස එක කාන්තාවක් තුළ ස්වභාවයෙන් ම පිහිටා ඇති ලජ්ජා බයට එකඟවම හිජාබයත් හැඩගැසී ඇත.

    මතු සම්බන්ධයි ....
     
    • Like
    Reactions: conservative