හිටන් කෙලී ෆ්‍රාසර් වෙනුවෙන් හිටගනී

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    jseDzO2.jpg


    ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණියගේ වීසා බලපත්‍රය(MED/002918 අංක දරණ) අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    මේ පිළිබඳව ඇයගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ හා තරුණ පෙරමුණජ් ඉදිරිපත් වී සිටී.

    ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සකච්චා කිරීමට හිටපු ජනාධිපති හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාක් එම බ්‍රිතාන්‍ය තරුණිය හා කාන්තා හා තරුණ සංවිධාන ප්‍රධානීන් අතර සිදුවිය.

    ඒ අනුව පාර්ලිමේන්තුව තුලත් දේශපාලන හා සමාජ ව්‍යාපාර තුලත් ඇයගෙ ඇයගේ අයිතීන් වෙනුවෙන් ඉදිරි ක්‍රීයාමාර්ග ගන්නා බවත් තීරණය කරන ලදි.