හිට් වෙන්න මියුසික් වීඩීයෝවක් හදා ගන්න

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    හිට් වෙන්න මියුසික් වීඩීයෝවක් හදා ගන්න

    ]
    ඉස්සෙල්ලම කියන්ට ඔනෑ මේක උපුටා ගැනීමක් මචන්ලා..මේක ලියපු කෙනා මේකෙ ඉනවනම් අනේ සාමාවෙන්ට ඔනේ...තව මෙකෙ වාග් විලාශය පොඩ්ඩ්ක් දරුනු තැනුත් තියේ එවා එහෙම අවෙ නැත්නම් ගතියක් නෑ කිසිම..රී පොස්ට් වෙන්නත් පුලුවන්


    හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු..

    අවශ්‍ය දෑ :
    ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්...
    නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...
    මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු ගීත රචකයෙක්...
    ගායක ලොල්ලා බෝයි ප්‍රෙන්ඩ්ගේ චරිතයට රඟ නොපායි නම්, ඒ සඳහා අනුකාරක සංස්කෘතික වාදී ඔටුවෙක්...
    කෙල්ලගෙ තාත්තගේ හෝ බඳින්න ඉන්න ධනවත් එකාගෙ පාට් එකට ගන්න දැක්කම මරාගෙන කන්න හිතෙන මුඩුම මූණක් තියෙන ගල් බමුණෙක්...

    සාදා ගන්නා ආකාරය:
    මුලින්ම ගීත රචකයා කියන එකා ලවා මූසල ප්‍රේම අඬෝ ඇඬියාවක් ලියා ගන්න.. මේ සඳහ අවශ්‍ය පොදු වචන වට්ටෝරුව පහත දැක්වේ...
    " ඔයා , මම, සිත, ඔබ, ළඟ, නෙතු, කඳුළු, පාරවා, ගියා, රෑ, වෙරළේ, තනි වූ මොහොතේ, දුරින්, බලන්න, ඇයි?, මොකද, ඉන්න, දෙනවද, බැරිද, පුලුවන්ද, හැරදා, ගියා " වගේ පොදු වචන වට්ටෝරුවකි... වැඩිය හිතන්නෙ නැතුව ඒකෙන් වචන ටිකක් ගත්තාම හරිය..
    ඉහත වට්ටෝරුවෙන් වචන යොදාගෙන, ඒවාට තවත් සරල වචන එකතු කර " ඔයා ගිය දා ඉඳන් මට රෙවෙන්නෙ නෑ.. දුරින් ඉන්න බෑ හත් ඉලව්වෙ... කහනවා..... මගෙ පපුව දනවා.. ඇසුත් අඬනවා... ඉස හැරුණුපුකත් ගිනි අරන්... හද වැළපෙන හඬ ඔයාට ඇහෙනවද මගේ උම්මියේ.... ඔයා වගේ වේසියෙක්ට මම වගේ පොන්නයෙක් හද පිදූ එදා මතකද?... ඇහෙන මානෙක ඉන්නව නම් ඉන්න තැනකින් ඇවිත් මාව බේරගනින් බං.... ඔයා ගියදා ඉඳන් මගේ හතර කේන්දරේ පාලුයි... හුජ්ජ යන්නෙ නෑ මට නම්.....කකුල් රිදෙනවා... බඩ පපුව දැවිල්ලයි ඔයා සිහිවෙලා.... ඇයි මට මෙහෙම කලේ මගේ අම්මෝ, ඉන්න බැරියෝ... යන්නෙ නෑ කිව්වට උඹ ගියා නේද පරට්ටියේ.. ?" වගේ කාළකණ්ණි තේරුම් තියෙන සින්දු පඩංගු ටිකක් ලියවා ගත්තාම ටොප්ය...

    මියුසික් වීඩියෝව හැදීමට පෙර මීට කළින් හිට් වෙච්ච වීඩියෝ කිහිපයක් බලා සිටීම මැනවි.... ගායක ලොල්ලා මූදු වෙරළක හෝ කඳු ගැටයක මුදුනේ ඉඳන් අත් දෙක පඹයෙක් වගේ දෙපැත්තට දික් කර කර අර ලියා දුන් පොන්න අඳෝනාව තොල් මැතිරිය යුතු අතර කැමරාව උගේ වටේ පියාඹන කෝඳුරුවෙකු සේ වරෙක ලං කරමින්, වරෙක ඈත් කරමින්, වරෙක ඌට උඩින් සහ වරෙක යටින් ඌව පෙන්නිය යුතුය... මූදු වෙරළක නම් වෙරළේ රළ ගෙඩි බිඳී, පෙණ වලින් ගායක ලොල්ලා නෑවී යන අයුරු හෝ ගායක ලොල්ලා අත් දෙපැත්තට විහිදාගෙන පිහාඹින්න හදන අයුරු පෙන්නිය යුතුය...

    දැන් ඔන්න ඉතින් කථාව... කෙල්ල හැමවිටම එක්කෝ ඉස්කෝලෙ කෙල්ලකි කෙල්ලකි නැත්තන් ටියුෂන් යනවාය... ටියුෂන් යනවා නම් ඉඳගත්තොත් ජංගිය එලියේ සයිස් කොට සාය කෑල්ලක් ඇන්දවිය යුතුය... ඉස්කෝලෙ යනවා නම් ඇඟට තෙල් ගාලා අන්දවන්න ඕන හිර යුනිපෝම් ගවුමක් ඇන්දවිය යුතුය... ඉන්නෙ බස් හෝල්ට් එකකය.. මුස්පේන්තු නලු බට්ටා ඔතනට යාලුවෝ සමග එන්නේය... ඌ කෙල්ලට ලයින් දානවා.. ඊට පස්සෙ දෙන්නා එකට ගල් බංකු උඩ, මූදු වෙරළවල, වැටකෙයියා පඳුරු යට ඉන්නවා පෙන්නන්න ඕනය.. අතරින් පතර කෙල්ලගේ කඳුළක් කම්මුල දිගේ රූටා ඇවිත් කොල්ලගේ අතට වැටෙන සීන් දෙකක් විතර තිබ්බොත් මරුය... එතනින් කෝච්චිය යනවාය... මූදේ රැළි ගහනවාය... රට කජු ඔතපු කොළ හුළඟට පාවෙනවාය...
    ගෙදර ගියාම " ටීප්.. ටීප්.. ටීප්" ගාලා එස්.එම්.එස් එනවාය... කොල්ලා මර හිඟන්නෙක් විය යුතුය.. ..ඒත් ඌට පුක කසා ගන්න නියපොත්ත නැතත්, තියෙන්නේ ඉස්තරම්ම සැම්සුන්ග් ෆෝන් එකකි... ඌ ගොම්මන් වෙලාවට මඩුවට ගාල් කල හරකෙක් වගේ ගෙයි ඉස්තෝප්පු කණ්ඩිය උඩ ඉඳගෙන ඉන ඕනෑය.... කෙල්ල ගල් ෂෝටක් ගහගෙන ඇඳේ හාන්සි වී හෝ බඩ යටකරගෙන දිගා වී කොල්ලාට මල් කඩනවාය... ඒකිගේ වටේ නෝට් පොත් දෙකක් විතර හරි, ලැප්ටොප් එකක් හරි, ටැබ්ලට්විතර හරි, ලැප්ටොප් එකක් හරි, ටැබ්ලට් එකක් හරි තියෙන්න ඕනෑය.. ඩිරෙක්ටර් බයියාට ඒවා නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන හෝ තියෙන්නම ඕනෑය...

    කෙල්ල පට්ට සල්ලි කාරියෙකි... කෙල්ල තනියෙන් හිනා වෙනවාය.. කොට්ටෙ තුරුල් කරගෙන ඔලුව දෙපැත්තට වන වන හිස්ටීරියාව හැදිලා වගේ හිනා වෙනවාය... නිකන් ඉන්න වෙලාවට ඒකි බෝනික්කෝ හෝ පුලුන් වලස්සු හුරතල් කර, කර උන්ගේ නහයෙන් අල්ලා හොලවනවාය... ඒකි නාන සීන් එකකුත් ගන්න පුලුවන් නම් වඩා යහපත්ය... ඒකි නාන බේසමක බැහැගෙන, සබන් පෙණ වලින් විලි වහගෙන, කකුල් දෙක විතරක් පෙන්නාගෙන, අල්ලට සබන් බෝළ පුම්බන සීන් එකක් තියෙනවා නම් මරුය... ඒකෙ ගැලපීමක් ඇතත් නැතත් වැඩේ නැගලා යනු ඇත...

    ඔහොම ඉන්න කොට මුන් දෙන්නාව එක්කෝ කෙල්ලව බඳින්න ඉන්න සල්ලි කාර කොල්ලාට අහුවිය යුතුය... නැත්නම් කෙල්ලගේ අයියාට හෝ තාත්තාට මාට්ටු විය යුතුය.. ඒ මොක වුනත් මාට්ටු වෙන්නේ මෙළෝ බලු කපුටෙක් නැති හද්දා පාලු පාරක මුන් දෙන්නා තොඳොල් වෙවී ඇවිදගෙන යන වෙලාවටය... කෙල්ලගේ සල්ලිකාර වෙන්ට හස්බන්ඩ්, අයියා හෝ තාත්තා ලක්සරි කාර් එකක ඔතනින් යන්නේය... මුන්ව දැකලා, කණ්නාඩියෙන් බලලා, "කරාස්" ගාලා හෑන් බ්‍රේක් ඇදලා, දොර ඇරගෙන ඇවිත් කෙල්ලගේ අතින් ඇදලා "චටාස්" ගාලා ඒකිට කම්මුල් පාරක් ගැසිය යුතුය.. කම්මුල් පාර හොඳට සද්දෙ හිටින්න ගහන්න ඕනෑය... "චටාස්" සද්දෙ දෝංකාර දෙන්න ඇසිය යුතුය... කොටින්ම කිව්වොත් මේ වගේ වීඩියෝ බලන කරුමක්කාරයන්ට ඉන්න තැන්වලම චූ යන සයිස් කම්මුල් පාරක් විය යුතුය...

    ඊට පස්සෙ කෙල්ල ගෙදර කාමරේට කොටු කර තබයි... කෙල්ල පැටවු මැරිච්ච නාකි වැළහින්නක් සේ අඬයි... කොල්ලා ගහෙන් වැටිච්ච රිලවෙක් වගේ විරවගෙන ඉඳියි... කොල්ලාගේ යාලුවෝ කොල්ලාව සනසන්න ඌට ක්‍රීම් සෝඩා අරන් දෙයි... ( ඕන නම් ක්‍රීම් සෝඩා එකට මොකක් හරි සමාගමක නමක් දා ගන්න පුලුහන්ය... ) ... අන්තිමට වීඩියෝ එක ඉවර විය යුත්තේ එක්කෝ කෙල්ල ඇක්සිඩන්ට් වෙලාය.. නැත්තන් කොල්ලා කෝච්චියට, ගඟට, මූදට හෝ වැවට පැනලාය... කොල්ලා දවසක්දා පාරේ ඔහේ ඇවිදගෙන එනකොට කෙල්ල හරියටම එතනදිම කොල්ලා දිහා බලාගෙන, උගේ නම කියාගෙන පාර පනින්න ගිහින් වාහනේකට අහුවෙයි... ඊට පස්සෙ ඉතිරි ටික කරන්න අතේ සල්ලි තියෙනවා නම් හොස්පිටල් එකකට කෙල්ලව ට්‍රොලියක දාගෙන ගෙනියන හැටිත්, ඊට පස්සෙ දොස්තරලා ඒකිව ඔපරේෂන් කරන හැටිත්, කොල්ලා දණින් වැටී ඔලුවේ අත් දෙක බදාගෙන අඬන හැටිත්, කෙල්ලගේ ECG එක බිංදුවට වැටෙන හැටිත්, අන්තිමට කොල්ලා මල් පොකුරක් අරගෙන ගිහින් කෙල්ලගෙ සොහොන උඩින් තියන හැටිත් පෙන්නිය යුතුය... එතකොට මාර රොමෑන්ටික්ය... අයියලා අක්කලාගේ ජංගි තෙත් වෙන්නේ ඒ වගේ රොමෑන්ස් එකක් පෙන්නන කොටය... මාර ලව්ය... බොක්කෙන්ය... ටොප්ය... ඒ වෙලාවට සින්දුවේ උච්චතම අවස්ථාවයි... කැමරාව පිස්සු හැදිච්ච බඹරෙක් වගේ ගායක ලොල්ලා වටේ කැරකෙයි... ගායක ලොල්ලාද උගේ ලොලු කටේ හඬේ උපරිම පොන්න ගතියෙන් අඳෝනාව උච්ඡ ස්වරයට ගෙනා යුතුය.... එහෙමත් නැත්නම් මෙහෙම සීන් එකක් ගත හැක... කෙල්ල කසාද බැඳලා හයි ෆයි කාර් එකකින් හනි මූන් යයි... අර බෝයි ප්‍රෙන්ඩ් බූරු ගහලා පැරදිච්ච නාකි බයියෙක් වගේ පාර අයිනෙ දණිස්ස උඩ හොම්බ තියාගෙන ඉඳියි... ඌව දකින කෙල්ල ජනේලෙන් ඌට අඬ ගහන්න අත උස්සා "එක්කො මොකටද අද රෑට මුගෙන් ෂොට් එක වදින එක, දැන් මේ කොහෙවත් ඉන්න එකෙක් මත්තෙ නැහෙන්නේ" කියන්නා සේ නිහඬව යයි... කාර් එක ඈතට යයි... අරූ අත ගගා උම්බෑ ගායි...

    දැන් වීඩියෝ එක සාදා ඉවරය... දැන් ඉඩමක් උගස් තියා හෝ මේ රටේ කරුමෙට බිහිවෙච්ච පඩත්තල රූපවාහිනි චැනල් එකකට පගාවක් දී, ඔක්කාරෙට එනකල් ඔය සින්දුව " හද රැඳි ගූ, වස මුසු ගූ, හිතක් පිරිමදින අතක්, තාරුණයයේ අහවල් එක" වගේ ගොබ්බ වැඩසටහන් වල මාසෙකට එකොළොස් දාස් වාරයක් විතර දාන්න කිව්වාම ගොඩේ ගොඩය...ඊට පස්සේ මේ රටේ සැබෑ සාමාජීය ප්‍රශ්ණ හමුවේ නැගී නොසිට, සැලෝලයිඩ් වල අතරමං වෙච්ච, මල් මල් ලව් හීන ලෝකයක් පතන, පෞර්ෂයක් නැති මූසල හැත්තක් බෝ කරන යහපත් ව්‍යායාමයට ඔබටත් දායක විය හැක... මතක ඇතුව සින්දුව රිංග් ටෝන් හැටියටත් විකුණ ගන්න.​
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    tumblr_myj78oovrl1r7tu05o1_500.gif


    අඩෝ .. රිදෙන්න ලියල තියෙනව මොනා උනත් .. !
     
    • Like
    Reactions: november man

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගායක ලොල්ලාද උගේ ලොලු කටේ හඬේ උපරිම පොන්න ගතියෙන් අඳෝනාව උච්ඡ ස්වරයට ගෙනා යුතුය.
     
    • Like
    Reactions: november man

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ]
    ඉස්සෙල්ලම කියන්ට ඔනෑ මේක උපුටා ගැනීමක් මචන්ලා..මේක ලියපු කෙනා මේකෙ ඉනවනම් අනේ සාමාවෙන්ට ඔනේ...තව මෙකෙ වාග් විලාශය පොඩ්ඩ්ක් දරුනු තැනුත් තියේ එවා එහෙම අවෙ නැත්නම් ගතියක් නෑ කිසිම..රී පොස්ට් වෙන්නත් පුලුවන්


    හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු..

    මේක දමිත් කේතක ලියපු එකක්. පොර ලියපු ඔය වගේ ආතල් සීන් වගේම විදග්ග සීනුත් ඕන තරං තියනවා නෙට් එකේ ෂෙයා වෙවී...
     
    • Like
    Reactions: november man

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මේක දමිත් කේතක ලියපු එකක්. පොර ලියපු ඔය වගේ ආතල් සීන් වගේම විදග්ග සීනුත් ඕන තරං තියනවා නෙට් එකේ ෂෙයා වෙවී...

    :):) pora thmai mamat passe danagtte
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe

    ලොල් ඕයි!! දැන් එක බීට් එකකින් ඔක්කොම සින්දු ගහන්න පුලුවන් බන් :P ගෑනුන්ට මෙච්චර පුක දීගෙන සින්දු ගහන එකම රට ලන්කාවද කොහෙද !!