හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති

    ප‍්‍රභාකරන්ව මරා ගත්තා
    ප‍‍්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති
    දැන් නිර්භීත නායකයෙක් නැහැ
    - විජයකලා කියයි

    යහපාලන රජය දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් දෙමළ ජනතාවට සිටි එකම නායකයා වූ ප‍්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට නිර්භීත නායකයෙකු නොමැති බවත් ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් ඊයේ (28* සවස කිළිනොච්චියේදී පවසා සිටියා.

    තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය පවසා ඇත්තේ වල්මත් වූ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවලටත් ඡුන්දය ලබාදෙන නමුත් එම ක‍්‍රියාදාමය තුළින් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න කිසිවක් නොවිසදෙන බවයි.

    දෙමළ ජනතාවගේ සැබෑ නායකයෙකු වූ ප‍්‍රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාව අසරණ වී ඇති බව ප‍්‍රකාශ කරන ඇය, ප‍්‍රභාකරන්ට එම ඉරණම උදා කිරීමට දායක වූයේද දෙමළ ජනතාවගෙන්ම කොටසක් බවද පවසා සිටියා.

    විවිධ වරප‍්‍රසාද හා තනතුරුවලට කෑදරකමින් දෙමළ ජනතාවගෙන් කොටසක් ප‍්‍රභාකරන් මෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්ද පාවාදී ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

    ලෝකයේ වත්මන් ජනාධිපතිවරුන් දෙස බලද්දී ප‍‍්‍රභාකරන් වැනි නායකයෙක් සොයා ගැනීමට නැති බව ඇය කියා සිටියේ.

    අද වන විට ප‍‍්‍රභාකරන් ජීවත්ව සිටියේ නම් මේ ආණ්ඩුවේ අගමැති හෝ සාමාජිකයෙකු වීමට ඉඩ තිබූ බවද ඇය එහිදී කියා සිටියාය.



    මෙන්න යහපාලුවන්ගේ මතය:baffled:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ලෝකයේ වත්මන් ජනාධිපතිවරුන් දෙස බලද්දී ප‍‍්‍රභාකරන් වැනි නායකයෙක් සොයා ගැනීමට නැති බව ඇය කියා සිටියේ.

    Ape pambaya ekka nam prabakaran supiri wadakaruwek. Uge aramuna honda nathi ekai awula. Ape sinhalayanta hitiyanam prabakaran wage ekek api me weddi sanwarditha ratak. :dull: