හිටියේත් නැති නොහිටියේත් නැති රොබින්හුඩ&

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    හිටියේත් නැති නොහිටියේත් නැති රොබින්හුඩ&

    මාජ සේවකයන්, දේශප්‍රේමීන්, බ්‍රහ්මධාරීන්, මානව හිතවාදීන් සමාජයට කොතරම් හිතකර වුවද මිනිසුන් කියෑවීමට හා ඇසීමට වඩා ප්‍රිය කරන්නේ හොරුන්, මංකොල්ලකාරයන්, වංචනිකයන් සහ ස්‌ත්‍රී දූෂකයන් ගැනය. ලංකාවේ ජීවත් වූ අංක 1 හොරකු සහ මිනීමරුවකු වූ "සරදියෙල්" ජන මනස තුළ "සූර සරදියල්" වන්නේත්, ඉන්දියානු නිදහස්‌ සටනේ ආරම්භක වීරයන් වන භගන් සිං සහ මංගල් පාණ්‌ඩේ ගැන කියනවාට වඩා පුලාන් දේවි සහ වීරප්පන් යන සොරුන් ගැන කියෑවීමට ජනයා ප්‍රියකරන්නේත් ඒ නිසාය. එංගලන්තයේ නොටිංහැම්ෂයර් කෝරළයේ පිහිටි ෂර්වුඩ් වනාන්තරයේ සිට මංකොල්ල කෑමේ යෙදමින් ජීවත් වූ බව කියන රොබින් හුඩ් ද ශතවර්ෂ ගණනාවක සිට පොදු රාජ්‍ය මණ්‌ඩලයේ ජන මනස තුළ ජීවත් වන සොරෙකි. පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු එංගලන්තයේ පැරැණි යටත් විජිත සමූහයේ වර්තමාන නමය. එංගලන්තයට වැදගත් වූ හැමදෙයක්‌ම යටත් විජිතවල විසූ ජනතාවටද වැදගත් කරවනු ලැබීය. මේ අනුව ඉංගී්‍රසි කතා කරන ඒ රටවල් හැම එකකම පාහේ රොබින් හුඩ් චරිතය අදටත් ජීවත් වන්නේය. ඒ අනුව රොබින් හුඩ් ජීවත්ව සිටියේ යෑයි උපකල්පනය කරමින් අප මෙය ලියනු ලබන්නේය.

    රොබින් හුඩ් ක්‍රි. ව. 1400- 1500 අතර කාලයේදී ජීවත් වූ බව බ්‍රිතාන්‍යයේ ජනකතාකරුවන්ගේ මතයයි. ඔහු ජීවත් වුණේ ක්‍රි. ව. 1300 -1400 කාලය අතරතුර බව ඔහු පිළිබඳව සොයන බ්‍රිතාන්‍ය සාහිත්‍යකරුවන්ගේ මතයයි. එහෙත් ඔහු ජීවත් වූ බවට සැක කෙරෙන නොටිංහැම්ෂයර් කෝරළයත් එහි පිහිටි වනාන්තරයත් හැර, ඔහු ජීවත් වූ බවට සැක කෙරෙන කිසිවක්‌ අදටත් සොයා ගෙන නැත. අවුරුදු හය හත්සියයක ඉතිහාසයවත් සොයා ගැනීමට බැරි තැන සමහර ඉතිහාසඥයන් කියන්නේ රොබින් හුඩ් යනුවෙන් කිසිවකු කිසි කලෙකත් ජීවත් නොවූ බවත්, එංගලන්ත රාජාණ්‌ඩුවට හා පල්ලියට විරුද්ධ, දුප්පතුන්ට උදව් කරන චරිතයක්‌ සමාජ ගත කිරීමට එංගලන්තයේ සාහිත්‍යකරුවන්ට උවමනා වූ විට රොබින් හුඩ් නිර්මාණය කෙරුණු බවත්ය. එහෙත් ඔහුගේ ජීවිතයට අදාළ ඇතැම් දින වකවානු සටහන් ජන ප්‍රවාදයෙහි ඇත. රොබින් හුඩ් නොව රොබට්‌ හුඩ් නමැති ළමයෙක්‌ 1290 දී එංගලන්තයේ යෝක්‌ කෝරළයේ (යෝක්‌ෂයර්) උපන් බවත්, ඔහුගේ පියා වන ඇඩම් හුඩ් අඩවි වන නිලධාරියකු බවත් කියනු ලැබේ. පැරැණි ලිපි ලේඛනවල ජෝන් හුඩ්ගේ වාසගම "හොඩ්" හෝ "හුඩ්" ලෙස සඳහන්ය. මෙයට වසර 1000 කට පමණ පෙර සිට එංගලන්තයේ වනාන්තරවල මුවන් සඳහා වෙන් කළ කොටසක්‌ විය. මේ කොටස රජතුමාගේ පාලනය යටතේ පැවැති අතර එහි සිටින මුවන් රාජකීය මුවන් ලෙස හැඳින්විණ. එම වනාන්තර කොටස්‌වල ගස්‌ කැපීම හා මුවන් මැරීම පමණක්‌ නොව දර අහුලා ගැනීමද වරදක්‌ විය. 1316 ජනවාරි 25 වැනිදා රොබින් හුඩ්ගේ අඩවිය හෙවත් මේ කොටසින් දර කැඩීමේ වරදට සිලිම් 2 ක දඩයක්‌ ගෙවා ඇත. මේ අවුරුද්දේම රජතුමාට සිලිම් 2 ක්‌ (පැන්ස 24 ක මුදලක්‌ - බ්‍රිතාන්‍ය මූල්‍ය මිනුම්වලට අනුව පැන්ස 12 ක්‌ යනු සිලිම් 1 කි. සිලිම් 20 ක්‌ යනු පවුම් එකකි. කඩදාසි පවුම් නෝට්‌ටු භාවිතයට එනතුරු පවුම රන් කාසියක්‌ විය. පැන්ස සහ සිලිං පිළිවෙළින් තඹ සහ රිදියෙන් නිම විය.) ගෙවා ඉඩමක්‌ ගත් රොබින් හුඩ් සහ ඔහුගේ බිරිඳ මැටිල්ඩා කාමර 5 ක්‌ ඇති නිවසක්‌ සාදන ලදැයි පැරැණි වාර්තාවල එයි.

    1322 දී රොබින් ජීවත් වූ පළාත් ප්‍රධානියා වන ලැන්කැස්‌ටර් අල්ර්වරයා එංගලන්තයේ II වන එඩ්වර්ඩ් රජුට එරෙහිව කැරැල්ලක්‌ ගැසුවේය. අර්ල්වරයාගේ අණ පරිදි රොබින් හුඩ් ද දුනුවායකු ලෙස එම කැරැල්ලට එකතු විය. කැරැල්ල පරාජයවූ අතර ලැන්කැස්‌ටර් අර්ල්වරයාගේ හිස ගසා දමා ඔහුගේ ඉඩම් හා දේපල රජය සතු කරන ලදී. ඔහුගේ අනුගාමිකයන් නීතිවිරෝධීන් සේ ප්‍රකාශයට පත් කර මරණ ලදී. මෙවිට රොබින් හුඩ් ළඟම පිහිටි බ්‍රැන්ඩේල් වනයට පැන යයි. එම වනය අවසන් වන තැනින් ෂර්වුඩ් වනය පටන් ගනී. මේ වනය හරහා පාරක්‌ වැටී ඇති අතර එය පල් සොරුන්ගේ සහ මං පහරන්නන්ගේ කෙම්බිමකි. සාහිත්‍යකරුවන්ට උවමනා රොබින් හුඩ් නමැති "වීර පල්හොරා" බිහි වන්නේ හෝ බිහි කරනු ලබන්නේ මෙතැන් සිටය.

    ෂර්වුඩ් වනය ඕක්‌ ගස්‌වලින් පිරුණු වනයකි. මෙහි ගස්‌වලින් වැඩි හරියක්‌ රොබින් හුඩ්ගේ ඉතිහාසය සමග බැඳී පවතී. රජුගේ වනයේ මුවන් මරා කමින් සිටි රොබින් හුඩ් ඇතුළු පිරිසට දඬුවම් කිරීමට ගිය පූජකයකුට අන්තිමේදී රොබින්ගේ අණ පරිදි එක්‌ ගසක්‌ වටේ නැටීමට සිදු විය. ඒ ඕක්‌ ගසේ මුල තවමත් ෂර්වුඩ් වනයේ ඇත. මෙහි ඇති විශේෂිතම ඕක්‌ ගස වසර 1000 ක්‌ පැරැණි අතර වට අඩි 29 කින් යුක්‌තය. 1800 ගණන්වලදී මේ ගස බැලීමට සුප්‍රකට ඉංගී්‍රසි කවියකු වූ ඇල්ෆ්‍රඩ් ටෙනිසන් ද ගියේය. රොබින් හුඩ්ගේ "සාපරාධී ගෝලයකු" වන ලිට්‌ල් ජෝන් වරක්‌ කියා සිටියේ මේ ගසේ කඳ තුළ බෙනයක්‌ හාරා ඒ තුළ එකිනෙකා නොගෑවී 12 දෙනකුට සිටිය හැකි බවය. ලිට්‌ල් ජෝන් ඉතා උස මිනිසෙකි. 1784 දී ඔහුගේ සොහොන හාරන ලදී. එහි තිබී ඉතා උස මිනිහකුගේ ඇටකටු හමු විය.

    charles-bowman-statue-of-robin-hood-nottingham-nottinghamshire-england-united-kingdom.jpg

    රොබින් හුඩ්ගේ ජීවිතයේ වැදගත්ම අවස්‌ථාව වන්නේ 1324 දී ෂර්වුඩ් වනය හරහා යමින් සිටි II වන එඩ්වඩ් රජු හමු වීමය. රොබින් ඇතුළු පිරිස රජුගේ මුවන් මරා කන බවට ආරංචියක්‌ පැතිර යැම නිසා පූජකයන් සේ වෙස්‌වලාගත් රජු ඇතුළු පිරිස 1324 මුලදී ෂර්වුඩ් වනයට ගියහ. රොබින් ඇතුළු පිරිස කඩා පැන මේ රාජකීය පිරිස වටලා මුදල් ඉල්ලූහ. තමන් ළඟ පවුම් 40 ක්‌ තිබෙන බව කියූ II වන එඩ්වඩ් රජු එය රොබින් හුඩ්ට දුන් අතර එයින් පවුම් 20 ක්‌ ගත් රොබින් ගමන් වියදම් සඳහා ඉතිරිය රජුට දුන්නේය. මෙවිට තමන් රාජ දූතයන් බව කියූ රජු තම මුදුව ඉදිරිපත් කර ලන්ඩනයට පැමිණ රජු හමුවන ලෙස ආරාධනා කළේය. රොබින් වහාම තම පිරිස කැඳවා රාජ මුද්‍රාව ඉදිරිපිට දන නවා රජුට ඇති පක්‍ෂපාතී භාවය හා ආදරය ප්‍රකාශ කළේය. ඉන් මහත් සතුටට පත් හෙන්රි රජු රජවාසල පැමිණ රාජ සේවයට එක්‌වන ලෙසට රොබින් ට සහ පිරිසට නියෝග කළේය. 1324 දී රොබින් නමැත්තකුට වැටුප් ගෙවන ලදැයි II වන එඩ්වඩ් රජුගේ ගිණුම් පොත්වල ඇත.

    major%20oak%20c.JPG

    රොබින් හුඩ් මිය ගියේ සටනකින් නොව රෝගයක්‌ නිසාය. මිය යැමට පෙර තම දුනු හී ගෙන්වාගත් ඔහු ඊතලයක්‌ විද හැර එය වැටුණු තැන තමා වළ දමන ලෙස ඉල්ලා සිටියේලු. 1569 දී රොබින් හුඩ්ගේ ජීවිත කතාව ලියූ රිචඩ් ග්‍රැµaවන් කියන පරිදි එකල රොබින්ගේ සොහොන මත ඔහුගේ නම කෙටූ ගලක්‌ විය.එහෙත් අද එම ගල නැත.



    tumblr_mhnczzThNC1rnqhhso1_540.jpg


    ඒ වගේම අපි බලපු ටීවී සීරිස් එක ගැනත් මේ වෙලාවේ මතක් කරගන්නම ඕනි කියලා හිතුනා.කොච්චර අලුත් ටීවී සීරිස් රොබින්හුඩ් සම්බන්දව ආවත් මේ වගේ පට්ට කතා තමා අපේ මතකෙ හැමදාම රැදිලා තියන්නේ :sorry::sorry: :sorry:

    ATT00007.jpeg


    ATT00006.jpeg


    ATT00003.jpeg


    ATT00002.jpeg


    ATT00001.jpeg


    ATT00004.jpeg

    ෆොටෝ ටික ගත්තේ මෙතනින් !! ලිපිය ගත්තේ මෙතනින්
     
    Last edited:
    • Like
    Reactions: Ashman and freak88

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවදාකවත් අමතක නොවන සුන්දර TV series එක තම Robin Hood.
    Rep 4+