හිතට දැනුණු සින්දුවක්....

ගමට වැඩ ඇති ගමේ ඉදිවුණ පුංචි ආවාසේ..
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ..
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ..
වැඩහිඳී අපෙ මහා හිමිවරු ලබා සුව සහනේ..
කල්ගෙවා එන පෝය පුර සඳ දියෙන් නැහැවෙන්න..
සදාකල් පිං පුරා පවු හැර නිවන් පුර යන්න..
ගමත් හඳලා බණත් කියලා ගමේ වැඩ ඉන්න..
දුගී දුප්පත් හිමිවරුන්වත් බලාවත් යන්න..
නැව් නැගී එන කාසි මහ කඳු වලින් වැඩගන්න..
මහා පන්සල් මහා කප් රුක් ටිකක් සොලවන්න..
කිසිත් නොලබා තැවුල් ඉවසා ගමේ තව ඉන්න..
දුගී දුප්පත් මිනිස්සුන්ටත් හිනාවක් දෙන්න..
චාමර වීරසිංහයන්ගේ ඒ ගැඹුරු හඬින් පලවෙනි වතාවට මේ ගීතය ඇහෙද්දි මට දැනුණේ කාලෙකට කලින් බෝ මලුවේ මල් සිංදුව අහද්දි දැනුණා වගේ පහන් සිතුවිල්ලක්. ගීතයේ තාලය එලෙස වෙද්දි වචන වල ගැබ් වෙලා තිබෙන්නාවූ සමාජයට විවෘත ආයාචනයක් බදු වූ පණිවිඩය ඇත්තටම කිසිවෙක් මින් පෙර නොදුටු පැත්තකි. දුශ්කර පිට පලාත් වල තිබෙන්නාවූ පන්සල සහ නගරාසන්නව තිබෙන්නාවූ පන්සලක් යන මේ එකම රාජකාරිය කෙරෙන්නා වූ ස්ථාන දෙකක තත්වය එකිනෙකට හාත්පස වෙනස් වෙන ආකාරයයි ගීතයෙන් පලමුව පෙන්වා දෙන්නේ. ගමේ පන්සලේ විඳිය හැකි පමණ ඉක්මවා ගැහැට විඳිමින් ගමේ ජනතාවගේ දුකට පිහිට වෙමින් ගැටලු විසඳාදෙමින් ඔවුනට මග පෙන්වමින් සසුන රැකගන්නාවු හිමිවරුන් එලෙස සිටිද්දි සසුනෙහි පැවැත්ම උදෙසා කැපවී සිටින මහ නා හිමිවරුනේ ඇයි ඔබ වහන්සේලාවත් එවැනි දුශ්කරතා මැද වැඩවාසය කරන හිමිවරුන් ගැන සොයා නොබලන්නේ කියලා ගීත පූජ්‍ය කවිකීර්ති හිමියන් සමාජයෙන් ඇසිය යුතු පැනය චාමර වීරසිංහයන් ගැඹුරු නමුත් සන්සුන්ව ගෙනහැර දක්වන ආකාරය කනට ඉතා මිහිරිය, හදවතට තට්ටු කරන්නේය.
සමාජයේ ප්‍රභූ ජනතාව වෙනුවෙන්ද ගීතයෙන් සුහද ආරාධනයක් කර සිටිනවා. කාසි ගොඩ ගසන් සිටියත් දිනෙක සියල්ල අතහැර අප සියල්ලෙක්ම යා යුතුය නමුත් යන තැනකට වැඩක් කර යා හැකි නම්?
"නගරේ තියෙන ලොකු පන්සල් වලට ඕනෑතරම් ආධාර, පරිත්‍යාග ලැබෙනවා. ඒ මිනිසුන්ගේ ආකල්ප තවමත් පවතිනවා යන්නට උදාහරණය, එය එසේ වෙද්දි කාගෙවත් ඇස නොගැටුණ අති දුශ්කර පෙදෙස් වල ඇති පොඩි පන්සලකටත් හැකි පමණ දෙයක් දෙන්න. සංසාරෙන් එතෙර වීමටත් දුප්පත් මිනිස්සුන්ගේ මුවඟට සිනහවක් ගේමටත් ඒ දේවල් මග පාදාවී.."
සංඟීතය සහ ගීතය ජරාජීර්ණ වන්නාවූ සමයක, මෙවැනි වටිනා පණිවිඩයක්, අදහසක් මිනිසුන් අතරට රැගෙන යාමට ගත්තාවූ මේ පියවර අනිවාරයෙන්ම අගය කල යුතු නිසාදවෙන්ද, පදවැල් මාලාව මෙලෙස පිංබරව රචනා කර පූජ්‍ය කවිකීර්ති හිමියන්ටත් ගෞරව පූර්වකව ස්තූති වන්ත විය යුතු බැවින්ද අපේ කාලයේ අපේ කලාකරුවා චාමර වීරසිංහයන්ගේ හැකියාව අගය කිරීමක් සහා මෙවැනි සමාජය නොදකින පැත්තක් සංඟීතය වෙනමම මාවතක ගමන් කරන්නාවූ සමයක ගායනා කර මිනිසුන්ට සංවේදී ලෙස තිලිණ කිරීම නිසාවෙන් මෙලෙස සටහනක් තබන ලදි. එක් අයෙක් හෝ අදහස තේරුම් අරගෙන ඉදිරියේදී බුද්ධ ශාසනය රැක ගැනීමට කිසියම් වූ අත්වැලක් සපයාවි යැයි අපිද ප්‍රාර්ථනා කරමු!

Source - Phone Hora Return