හිතට දැනෙන්න උපරිම විදියට ජීවත් වෙන්න

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඔයා මොනවද කරන්නෙ.. Job එකක් ? බිස්නස් ? Study කරනවද ? ඔයා මේ මොනවා කලත් ජීවිතය උපරිම විදින ජීවත් වෙන කෙනෙක්ද ? අමුතුම තරගයක තෙහෙට්ටුවෙන් දුවන ඔයා කැමතිද හරිම නිදහසේ ජීවිතය විදින්න.එහෙනම් මේ මැජික් Tricks ඔයාට...

    (1) හේතුවක් හොයාගන්න.

    ඔයාට හැමදාම වැඩට ,කැම්පස් එකට යන්න වෙනවා නම් ටිකක් කම්මැලියිනේ නේද ?
    ලස්සන හේතු ටිකක් හොයාගන්න..

    Example

    • ඔයා single / unmarried නම් යන එන මග crush එකක් තියාගන්න.

    • ඔයා කැමතිම විදියේ ඇදුම් අදින්න.ඔයාට ගැලපෙන වෙනස් fashion කරගෙන යන්න.

    • යන එන ගමන් ඔයා කැමති coffee shop එකකට යන්න.

    මේ වගේ සුපිරි list එකක් හදාගන්න.. මේ වගේ ආස දෙයක් හේතුවක් කරගෙන වැඩක් කරනවනම් අපෙ මොලයෙන් නිකුත් කරන රසායනයන් හේතුවෙන් අපිට පුදුම උත්තේජනයක් ලැබෙන්නෙ.

    (2) හැමදාම ඔයාට තනියම ජීවිතේ enjoy කරන්න දේවල් List එකක් හදාගන්න.

    • Film එකක් බලන්න
    • Coffee with Book
    • Special කෑමක්

    මේ වගෙ පොඩි පොඩි දේවල් ගොඩාක් හොයාගන්න පුලුවන්. Ideas ගන්න Google search කරන්න.
    මේ හැමදාම ගන්න පුලුවන් සුපිරි experience වලින් ඔයාගෙ ජීවිතේ පුදුම තරම් ලස්සන කරයි.

    (3) මිනිස්සු ආශ්‍රය කරන්න ඕන විදිය

    ඔයාව අවුල් කරන ඔයාගේ අඩුපාඩුම දකිමින් ඔයාව පහත් කරන අය ඔයාගේ ශක්තිය උරා බොන රාක්ෂයෝ වගේ. මෙයාලා නිසා ඔයාගෙ enjoy කරන්න තියන golden time එක නාස්ති කරගන්න එපා.

    • අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් එයාලාට කතා කරන්න. මගඅරින්න.

    • ඔයාව අවුල් කරන විදියේ මාතෘකා කතා කරන්න එපා

    • එයාලා කියන හිත රිදෙන දේවල් මේ අහලා මේ අමතක කරන්න (ටිකක් පුරුදු වෙන්න ඕන දෙයක්)

    ඊලගට ඔයාට වචනයකින් හරි Motivation එකක් දෙන ඔයා හරිම කැමති ලස්සන මිනිස්සු එක්ක පුලුවන් තරම් කාලය ගත කරන්න බලන්න.

    • Message එකක් දාන්න ,call එකක් ගන්න.
    • Gifts දෙන්න.

    ඔයා සාමාන්‍යෙන් වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ලක්ෂණ මොනවද ? ඒ දේවල් ඉස්සෙල්ලම ඔයා තුල හදාගන්න. එතකොට අනිවාර්‍යෙන්ම ඔයාට හොද මිනිස්සු නිතරම මුන ගැසෙයි.

    (4) නිතරම වෙනස් වෙන්න.

    • පුලුවන් විදියට පෙනුම වෙනස් කරගන්න

    • වෙනස් fashion කරන්න

    • කාමරය වෙනස් කරගන්න

    • නිතර යන එන ගමන් මාර්ග වෙනස් කරගන්න.

    • Phone wallpaper එකේ ඉදන් පොඩි පොඩි වෙනස්කම් කරගන්න.
    හදාගන්න list එකක්

    මේ වෙනස තුලින් ඔයාට පුදුම අලුත් හැගීමක් දැනෙයි.

    (5) ඔයාගෙ Goals

    දැනටම තියන ඔයාගෙ Goals list එක වෙනස් කරගන්න. අවුරුදු ගානක ඉදන් යන්න බැරි වුන Goals තියනවද ?

    නිදහස් වෙලාවක හිතන්න ඔයාගෙ හිතට එකගව ඔයාට අත්‍යවශ්‍ය Goals. List එකෙ ටිකක් ලොකු Goals 3ක් විතර තියාගන්න.

    දැන් ඒ දේවල් ඉෂ්ඨ කරගන්න කටයුතු කරන්න. මෙච්චර කල් ඒ වෙනුවෙන් Action එකක් ගත්තෙ නැත්තම් දැන් ඒ වෙනුවෙන් වෙනස් විදියක Action එකක් ගන්න.

    Example

    • ඔයාගෙ බර අඩු කරගන්න මෙච්චර කල් තනියම නම් වැඩ කලේ ඒත් සාර්තක නැති නම් ඒ වෙනුවෙන් coach කෙනෙක් ගන්න.

    • ඔයාට වාහනයක් ඕන නම් ඒ වෙනුවෙන්ම අලුත් Account එකක් open කරලා සල්ලි ඉතුරු කරන්න.

    (6) Special දෙයක් කරන්න පටන් ගන්න.

    ඔයා ගොඩාක් කැමති field එකකින් විශේෂ දෙයක් කරන්න පටන් ගන්න.

    Example

    • පොතක් ලියන්න

    • ඔයාගෙ Cover එකක් කරන්න

    • Shoot එකක් කරන්න

    මේ වගේ දෙයක් කැමති නම් කරන්න පුලුවන්. උපරිම මාස කිහිපයක් ගත වෙන දෙයක් වෙන්න පුලුවන්.
    මෙහෙම දෙයකින් ඔයාගේ ජීවිතයට අමුතුම වටිනාකමක් දැනෙන්න ගනීවී. අලුත් සමාජයක් ආශ්‍රය කරන්න ලැබෙයි.

    (7) හැමදාම රෑට නිදාගන්න කලින් පොතක ලියන්න.

    • දවස තුල ඔයා කරපු විශේෂ දෙයක් ගැන සතුටින් ලියන්න

    • ඔයාට වචනයකින් හරි උදව්වක් කරපු කෙනෙක් / දෙයකට ස්තූති කරන්න.

    • ඔයාගේ Goal එකක් වෙනුවෙන් වැඩ කරපු විදිය ගැන සතුටින් ලියන්න.

    • මේ සුපිරි දවසට ස්තූති කරන්න.

    (8) මේ මොහොතේ විදින්න . ජීවත් වෙන්න.

    (9) ඔයාගෙ passion එක අනුව වැඩ කරන්න.

    ඔයාගෙ passion එක හොයාගෙන ඒ අනුව ජීවිතය ගත කරන්න පුලුවන් නම් උඩින් කියලා තියන හැමදෙයක්ම ඉබේම ඔයා කැමතිම විදියට සිද්ධ වෙන්න ගන්නවා.මේ ගැන වෙනමම කතා කරනවා ඉදිරියේදී.

    " ජීවිතය තියෙන්නෙ මේ මොහොත තුලයි "
    -HeyPlans-
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Jeewithe widapan eka aththa
    Habai office eke kellonta nam bahinna epa
    Bassath eki wenama team ekaka kellek nam bahapan
    Ekema team eke kello ekka yalu wela karumeta hari breakup wunoth hithe sanasille rassawa karannath baha
     
    • Like
    Reactions: ChickMagnet

    Bassa1990

    Junior member
  • Jul 21, 2020
    63
    30
    18
    "ඔයාව අවුල් කරන ඔයාගේ අඩුපාඩුම දකිමින් ඔයාව පහත් කරන අය ඔයාගේ ශක්තිය උරා බොන රාක්ෂයෝ වගේ. මෙයාලා නිසා ඔයාගෙ enjoy කරන්න තියන golden time එක නාස්ති කරගන්න එපා." " ජීවිතය තියෙන්නෙ මේ මොහොත තුලයි "
    සිරාවටම මේ දේවල් නම් සහතික ඇත්ත.ඔය ඩේ ජීවිතේ එක පාරක් හරි අත් විදින්නම ඕනේ මේක තේරෙන්න.මන් නම් හොදට විදෙව්වා