මේක මගේ හිතට වද දෙන ලොකු ප්රශ්නයක්. අපේ ගෙවල් ළග මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු 23ක් විතර වෙනවා. ඒ මල්ලි උසස් පෙළ කරන කාලේ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා අපේ ගෙවල් ළග ඕපදූප අම්මන්ඩි කෙනෙක් ඒ මල්ලිගේ අම්මට කියලා. දන්නවනේ ඉතින් අම්මලා කලබල වෙන විදිය. ඒ ඕපදූප කියපූ ගෑනී ඒ මල්ලිගේ අම්මව හොදටම බයකරලා. ඒ හරියේ කට්ටඩියෙක් ළගටත් එක්කන් ගිහින් මොකක් හරි ගුරුකමකුත් කරලා. ඒ මල්ලිගේ අම්මයි අපේ අම්මයි එකම ස්කෝලේ ඉගෙන ගත්ත යාලුවෝ දෙන්නෙක්. දෙන්නා ෆිට් නිසා මේ කථාව අපේ අම්මටත් කියනවා මම අහගෙන හිටියා. ( මේ සිද්දිය වුනේ 2015දී වගේ)