දිවුල්ගනේ සමිතා ගයන සක්මන් කරන මළුව පාලුයි දේවී... සින්දුවේ කියවෙන්නේ හරි ලස්සන අසම්මතයක්...
ලංකාවේ පැරණි ජන සාහිතයේ කවි වල හරි ලස්සන කතන්දර තියනවා.. ඒවා අපේ ගීත වල ලස්සනට අරගන්න ගේය පද රචකයෝ සමත් වෙලා තියනවා...
දස්කොන් ප්‍රමිලා අසම්මත ප්‍රේමය රජුට අහු වෙලා දස්කොන් මරන්න යන විට කියපු කවිය මේක...
සක්මන් කරන මලුවේදී බැදි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමියනි අද යනවාද
දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද
එම කවියට දස්කොන් පිළිතුරු බැන්ඳේ මෙ ලෙසින් ය.
වෙසෙස් කමලාව රස පහස නො ලැ බමා
දසිස් දුනි පොරණ ඇස දුටු පමණ ටමා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත් මෙමා
ම හිස් එකක් ගියෙ නම් නුඹෙ නමට කිමා
මෙහි තේරුම සැකවින් මෙසේ ය. රාම-රාවන පුවතෙහි එන සීතාවගේ පහස නො ලැබම, ඇස දුටු පමණින් ම, පුරාණයේ රාවන තම හිස් දහයම දුනි නම්, ප්‍රමිලා දේවියගේ අමයුරු පහස රිසි සේ ලැබ තම එක හිස් දීම කවර වරදකි ද? මේ කියන්නේ දස්කොන් ය.
අපිටත් දස්කොන් වෙන්න බැරි නැහැ නේද??
සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී
ප්‍රමිලා:
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි
දස්කොන්:
සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
ප්‍රමිලා:
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ
දස්කොන්:
වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ප්‍රමිලා:
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ "
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව
සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ