කවුරු හරි ඇහුවොත් මගෙන් මම කියවපු විශිෂ්ඨතම පොත මොකක්ද කියල, ඒ කෙටි කතාවක්. දොන් පෙදෙසේ මුනිවරයා නමින් හැදින්වෙන මිහායීල් ෂෝලහොව් ගේ-තෝරාගත් කෙටි කතා-පරිවර්තනය දැදිගම වී රොද්රිගෝ, ප්රගති ප්රකාශන මන්දිරය මොස්කව්, රුසියාව
මේකේ තියනවා කෙටි කතා 4ක්, මීෂා, සීයා ගේ කතාව, අශ්ව පැටියා සහ මිනිහකුගේ ඉරණම. ඔය කතා වලින් මිනිහකු ගේ ඉරණම තරම් මා ප්රලය කල කතාවක් තවත් තිබෙනවා නම් ඒ ඉතිං ශරත්චන්ද්ර චට්ටෝපාධ්යාය ගේ “දේව්දාස්“ සහ විභූතිභූෂණ බන්ධෝපාධ්යාය ගේ “හේ ආරණ්යක්, කථා කහෝ“ (එම්බා අරණ, කතා කරව) කෘති දෙක පමණයි.
මම මේ කියන්නේ ඒ කතාව ගැන-මිනිහකු ගේ ඉරණම
මනුස්සයෙක් ඉන්නවා, රුසියානුවෙක්. අම්ම, අප්ප නංගි සාගතයෙන් මිය ගිය අනාථයෙක්. කොහොම හරි වරඩ කරල ජීවිතයක් හදා ගන්නවා. රියැදුරෙක් විදියට වැඩ කරනවා. තමන් වගේ ම අනාත නිවාසෙක හැදිච්ච කෙල්ලෙක් ව බැදලා අහස්යානා හදන කම්හලක් ගාව ගේ පොඩියක් හදන් ජීවත් වෙනවා. වැඩිමල් පුතෙක්, නම් ඇනටෝලි සහ නිවුන් දූවරු දෙන්නෙක් ජීවිතයට එක් වෙනවා.
යුද්ධය පටන් ගන්නවා. සියළුම පිරිමි හමුදා සේවයට. ඔහු යන වෙලාවේ බිරිද කියනවා “ආන්ද්රෙයි, අපි ආයෙ හමු වෙන්නේ නෑ“ කියලා...........
(මේක ටයිප් කරන්න බෑ...පොඩ්ඩක් ඉදලා ලියන්නම්)
ඔහු යුද සිරකරුවෙක් විදියට නාට්සින් විසින් අල්ල ගන්නවා. ජිවිතේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් පවතින මොහොතේ ඔහුට හයිය වෙන්නේ බිරිදි, දරුවන්. අවසන දී ඔහු තමන්ව රියදුරා විදියට ගත්ත ජර්මන් යුධ නිලධාරියවත් අරං තමන් ගේ යුද පෙරමුණට පැණල එනවා.
රෝහලෙන් ඔහු ලිපියක් යවනවා ගෙදරට. උත්තර එවන්නේ අසල් වැසියෙක්. ජර්මනුන් අහස් යානා කම්හලට බෝම්බ දාන වෙලාවෙ බෝම්බයක් ඔහු ගේ ගෙදරට වටිලා බිරිද සහ දූල දෙන්න මියයනවා. පුතා අනතෝලි එදාම පිටව යනවා, ආරංචියක් නෑ. ඔහු මේ කතාව මග හමුවුණු කෙනෙක්ට කියනව වගේ තමා ලියල තියෙන්නේ......මට මේක කොච්චර වැදිල තියනව ද කියනව නම් සමහර කොටස් කට පාඩම්.
“නිවාඩු ලැබිලා මම ගෙදර ගියා. දණක් උසට තණ කොල. එතන තිබ්බෙ පල් වතුර පිරිච්ච වලක් විතරයි. මම මියගිය අය සිහි කරල දෙවියන්ට යාඥා කරල ආව. සහෝදරයා...මම ඇඩුවෙ නෑ...මොකද අජන්න ඒ වෙන කොට මගේ ඇසි වල කදුලු ඉතිරි වෙලා තිබුණේ නෑ................“
ඔහු ආයෙ හමුදාවට එක් වනවා. යුද්ධය අවසන දී ඔහු ජර්මනිය දක්වා එනවා. එතනදි ඔහු ට තමන් ගේ නැති වුණ පුතා අනතෝලි ගැන ආරංචි වෙනවා. ඔහු කාලතුවක්කු හමුදාවෙ උසස් නිළයක් දරන මේජර් වරයෙක් විදියට ඉන්නවා. යුද්ධය බවර වෙලා පුතාත් සමග සාමකාමී ජීවිතයක් ගත කරන්න මේ මනුස්සයා සිහින මවනවා.......
නමුත් යුද්ධයේ අවසාන දවසේ ඔහු ගේ පුතා ජර්මන් ස්නයිපර් ප්රහාරයකිාන් මැරෙනවා.....ඔහුට පනිවිඩය දෙන නිළධාරියා ඔහුට මෙහෙම කියනවා.
“තාත්තේ, ධහිරිය වඩවා ගනින්. නුඹේ පුකා වන කපිකන් සකලොව් අද උදේ බැටරිය ගාවදි මරා දමලා...මා සමග එන්න“
“පෙළ ගැසී සිටි සෙබල පිරිසත්, රතු පාට රෙද්දෙන් වැසූ මිනී පෙට්ටියත් මට මතකයි. යාලුවා, දැන් මේ තමුසෙව දකිනා වගේ මම මගේ පුතාව දැක්කා“
“මගේ අවසාන ප්රීතියත් බලා පොරොත්තුවත් පිටරටක් වන ජර්මන් පොළවේ වැළලුවා.“
(මේක ටයිප් කරන්න අරං විනාඩි 45ක්....විස්වාස කරයි ද මන්දා.....)
හොයාගෙන කියවපල්ලා.........ඇඩුනෙ නැත්තං ඕක කියවලා, උඹල ගේ මනුස්ස ආත්මෙ මොනව හරි වැරැද්දක් තියනව කියල තේරුම් ගනිල්ලා.............
මම මියන මොහොතෙදිත් මතක් වෙන යම් කෘතියක් වේ ද, ඒ මේ කෘතියයි.............


ඕකෙ ඔරිජිනල් පරිවර්තකය දැදිගම වී රොද්රිගෝ මහත්මයා ගේ..................