හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්..
    සිහිනයක් නොවේය ජීවිතේ..

    Too much love will kill you, if you can't make up your mind..
    ------ Post added on Sep 22, 2023 at 10:22 PM

    මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැඳෙයි..
    කාලයේ රහස් වසා ජීවිතේ ගලයි..
    ------ Post added on Sep 22, 2023 at 10:23 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සිහින දෙව් දුවේ, ඔබට තුන් ලොවේ
    එකම නමයි මා දන්නේ
    ඒ නම ආදරේ
    ස්දෙහි ලප තියේ , මලෙහි කටු තියේ
    උපමා නෑ සෑසදෙන්නේ
    ඔබෙ නම ආදරේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,946
    2,975
    113
    බොහෝ පෙම් කවි ලියූ පසුවද, සියුම් කැපුමක් මෙන් රැඳී
    නොලී කවියක් තිබිය නොහැකිද, හදේ යම් රිදුමක් දිදී
    තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්, සෙමෙන් පාරන මුත් ඇණි
    සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක, එවන් හද පාරන බැමි
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,713
    113
    මොනර තැන්න
    මට නුඔ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ
    සිත හැඬුවා ඇති දැන් ඔබ නැ යලි එන්නේ

    මද හසරල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්ඳ
    ඒ වෙනුවෙ දයි සිතමින් මගේ සිත මග බලමින් උන්නා
    ලොවම කෙසේ කීවත් ඔබ යලි ඒයි සිත කීවා

    අඳුර එළිය නොපෙනෙයි කළ දේ කී දේ නොදනී
    මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි
    යළි උපදින්න සිතා

    විගසින් මිය යන්න සිතෙයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මේකත් අමුතු වයිබ් එකක්

    ඉරි තැලූනු වලා - උඩු වියන් යටින්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
    සෙනග රවටමින්

    වටපිටේ සීරුවට
    විදුලි ඇස් සිනාසේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතර වීලා
    කහ ඉරෙන් එතර වීලා
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    1.
    පියවර ඔසවා යනතුරු ඈතට
    පියවරු සිටියා නිරතුරු දෑතට
    මුනිගුණ මතුරා උවදුරු පාකොට
    මව්වරු සිටියා එනතුරු දෝතට

    2.
    මහමෙර වැනි බර
    සිතින් උහුලනා......
    කදුළැළි සමුදුර
    නෙතින් සගවනා......
    දරු දුක උහුලා......
    තනිව වැළපෙනා....
    මව් ඇති දාටත්
    සෙනෙහස පුදලා....
    මව් නැති දාටත්
    තුරුලේ රකිනා.....
    සසර ගෙවෙන තුරු
    දරුවන් රකිනා.....
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා....

    3.
    පුරුදු පාරෙම අදත්‌ යනවා
    ඒත්‌ වෙන ගමනක්‌ පුතේ..
    හුඟක්‌ අය මගෙ පස්සේ එනවා
    තනිව ආ ගිය මගේ..

    කවමදාවත්‌ මගේ බර උඹේ කරේ තිබිබේ නෑ පුතේ..
    හුඟක්‌ බර නම්‌ බිමින්‌ තියපන්‌
    රිදෙනවා ඇති අත්‌ නුඹේ..
    හුඟක්‌ බර නම්‌ බිමින්‌ තියපන්‌
    රිදෙනවා ඇති අත්‌ නුඹේ..

    කන්ද පාමුල සොහොන හුරු නෑ
    දන්නවා මං මයෙ පුතේ..
    මගේ නනියට තවත්‌ අය ඇති
    අළඳුරගන්නන්‌ හෙට උදේ..

    සොබාදහමට අවනතයි මං
    ඉතින්‌ යන්නම්‌ ගොම්මනේ...
    යන ගමන්‌ මේ බේත්‌ තුන්ඩුව
    අරන්‌ පලයන්‌ අම්මගේ..

    යන ගමන්‌ මේ.. බේත්‌ තුන්ඩුව
    අරන්‌ පලයන්‌.. අම්මගේ...