හිතවත් ජනාධිපතිතුමනි

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    130267877_2895110857400010_5219870911595180295_o.jpg

    හිතවත් ජනාධිපතිතුමනි
    1859 මාර්තු 11 .
    සියටල් නගරයේ සිට ලියමි.
    ඇමරිකානු ජනාධිපති ෆෑන්ක්ලින් පියර්ස් වෙත ,
    ” අහස හෝ පෘතුවිය හෝ උණුසුම සිසිල හෝ කිසිවකුට මිල දී ගැනීමට හෝ විකිණීමට හෝ නොහැකිය. මේ අන්දමට භූමිය මිලදී ගැනීමට දරණ උත්සාහය අපට නම් මහා පුදුමයෙනි.වායුගොලයේ නැවුම් බව හෝ ජලයේ ජීව ගුණය හෝ අපට අයිති ි නැති දෙයක්ය.අපට අයිති නැති දෙයක් අපෙන් ඔබ මිලදී ගන්නේ කෙසේ ද?”
    ”මේ පෘතුවියේ සෑම භූමි භාගයක්ම මගේ මිනිසුනට පූජනීය ස්ථානයකි. ශුද්ධ භූමියකි. සෑම ගසක්, පොත්තක් , වැලි කැටයක්ම ජල බි`දුවක්ම ජල වාෂ්පයක්ම මාගේ මිනිසුනගේ ශුද්ධවූ පුජා වස්තුවකි.”
    ගහකොළ තුල තුළ සංසරණය වන ජල ප‍්‍රවාහ වල මාගේ මිනිසුන්ගේ අත්දැකීම් සහ මතකය ඇත.ඒ තුල රතු ඉන්දියානුවන්ගේ ජීව ගුණය හා මතකය ඇත.සුදු මිනිස්සු මරණින් අනතුරුව දිව්‍ය ලොවට ගමන් කිරීමේදී තමන් උපන් බිම අමතක කරති.නමුත් අපේ මිනිස්සු මියගිය පසු තමන් උපන් බිම අමතක නොකරති. ඔවුනට පෘතුවියේ සුන්දරත්වය අමතක නොවෙති. පෘතුවිය යනු අපගේ උපන් බිමයි. අපගේ එකම මවයි’ .මේ සුවඳ දෙන ගහ ගහකොළමල් අපගේ සහෝදරියන්ය.නිල් අහසේ ,වනාන්තරයේ සැරිසරණ කුරුල්ලන් , අශ්වයින්, රාජාලයන් අපගේ සහෝදරයන්ය.
    ගස්ගල් සතා සිවුපාවාමෙන්ම සිසිලස උණුසුම සමග මිනිසාද එකම පවුලක සාමාජිකයින්ය. ඉතිං වොෂිංටන් නුවර සිටින සුදු පාලක නායකයා අපගේ දභූමි මිල දි ගැනිමට කැමති බව දන්වා එවීම අපට බොහෝ දේ සිතීමට ඉඩ හරියි. ඔවුන් අපගේ වාසභූමි අත්පත් කරගෙන අපට අලූත් නවාතැන් ලබාදීමට සූදානම්ය.ඒවායේ අපට සුවසේ ජීවත් වීය හැකි බව පවසයි.ඔහු එනම් ඇමරිකානු ජනාධිපතිවරයා අපට පියෙක් වන බවත් අප ඔහුගේ දරුවන් බවත් පවසයි. මේ නිසා අපට අපගේ වාසභූමි විකිණීමට අපහසු නැත. එහෙත් ගැටළුව මේ භූමි අපගේ ශුද්ධ වූ පූජා වාසභූමි වීමයි.
    මේ දිදුලන, සිසිලස දෙමින් ගලායන දියපහර වල පවතින්නේ හුදු ජලය පමණක් නොවෙයි.ඒවායේ අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරය අඩංගුය.
    අප මේ භූමිය සුදුපාලකයින්ට විකිණීම යනු අපගේ මුතුන් මිත්තන් ශුද්ධ වූ රුධිරය ද විකිණීමයි.ඔබ ඔබේ දරුවන්ට ද මේ භූමියේ ඉහළවටිනාකමක් පවතින බව පැවසිය යුතුය. ඒවා ශුද්ධ වූ භූමියයි. මේ ජලේය සෑදෙන සිතුවම් රූ පවසන්නේ අපගේ මිනිසුන්ගේ ආත්මයයි. ජල පහර වල පවතින නාදය යනු මගේ මුතුන් මිත්තන්ගේ පරපුරේ මිනිසුන්ගේ මුවින් පිටවූ නාදයන් බව ඔබ සිහියේ තබාගත යුතුය.
    ගංඟාවෝ අපගේ පිපාසය සංසිඳවති. ගංඟාවෝ අපට ආහාර සහ ජලය ලබා දෙතිි.අපව පෝෂණය කරති.අප අපගේ භූමි ඔබට විකුණුවහොත් ඔබ ඔබගේ දරුවන්ට ඒවා අපගේ සහෝදරියන් බව පහදා දෙනු මැන.මගේම සහොදරයෙකුට දන්වන කරුණාව ඔබ මේ ගලායන ජල පහරට, දැක්විය යුතුය.
    ඔබ සුදු මිනිසුන් මේ සියල්ල මේ අන්දමට තේරුම් නොගන්නා බවමට සහතිකය.මේ සියල්ල ඔවුනට වෙළඳ භාණ්ඩ පමණි. ඔවුන්ට පෘතුවිය ඔවුන්ගේ සහෝදරයකු නොවෙයි.
    තමා පාතබා සිටින්නේ තම පියාගේ සුසානය මත බව ඔහුට මතක නැත. ඔහු මේ කිසිවකට ගරු නොකරයි.තම දු දරුවන්ගේ ප‍්‍රයෝජනයට ඔහු භූමිය කෑදර කමින් සූරා කයි. ඔහුට පෘතුවිය ගැන හැඟීමක් නොමැත.
    පියවරුන්ගේ අතීතය මෙන්ම දරුවන්ගේ අනාගතය ඔහුට මතක නැත. ඔහුගේ මව පෘතුවිය ලෙස නොසලකයි අවශ්‍ය වූ විට ඔහු සියලල බැටළුවකු ලෙස විකුණා දමයි. ඔහුගේ කෑදර කම අවසානයේ මේ පෘතුවිය පා`ථ කාන්තාරයක් බවට පත්කර දමයි.
    අප සිතන අන්දමට හා ඔබ සුදු ජාතිකයින් සිතන අන්දමට අතර වෙනසක් පවතින බවමට අවබෝධ වෙයි. එමනිසාඔබගේ දියුණුයයි පවසන නගර සහ ගොඩනැගිලි දකින විට රතු ඉන්දියානුවන් වන අපට මහත් වේදනාවක් දැනට දැනෙයි.මේ කිසිවක් අපට නොතේරෙයි.ඒ අප උපන් භූමියට ගරු කරන නිසා වන්නට පු`ථවනි.
    සුදු මිනිසුන්ගේ නගර වල පවතින අති මහත් වූ ඝෝෂාව අපට නම් කිසිම මිහිරක් නොවෙයි.වසමන්තයේ මිහිරි නාද ,ගහකොළ වල සිසිලස,කෘමීන්ගේ පියපත්වල නාද මේ කිසිවක් ඔබට නොඇසෙයි’ මේ ජීවිතයේ අරමුණ සහ අර්ථය කුමක් ද?මා මෝඩ ප‍්‍රාථමික මිනිසෙකි .මට මේ කිසිවක් නොතේරෙන්නේ ඒ නිසාදැයි දන්නේ නැත .
    මා රතු ඉන්දියානු නූගත් මිනිසෙකි.මේ මිනිසාට මේ කිසිවක් නොතේරෙයි.පොකුණු පිස එන මඳනල නගන හඬට අප කැමතියි. සුළෙඟ් සුවඳට මා ආශා කරයි. සුළං පහර විසි බි`දු පෙරා පෙරා සිසිලෂ අප වෙත රැුගෙන එයි .
    රතු ඉන්දියානුවන්ට මේ වායු ගෝලය ඉතා වැදගත්ය. අප සියළු දෙනාම ආශ්වාස, ප‍්‍රාශ්වාස සිදුකරන්නේ මේ වාතයෙනිි. ගහකොළ, සතුන්, මිනිසුන් සියල්ලට හුස්ම ගන්නේ මෙම වාතයයි. සුදු මිනිසුන්ට තමන් හුස්ම ගන්නා මේ ගන්නා වාතය ගැන අවබෝධයක් නොමැත. ඔහු මේ කිසිවක් නොතේරෙන නපුංසක ජීවියකු බඳුය.ඔහුට සංවේදනාවක් නොමැත.
    අප අපගේ මේ විට ඔබට විකුණුවන ලද නමුත් මේ වාතය අපට ඉතා වටිනාකම් බව ඔබ සිහියේ තබා ගත යුතුය.
    මේ වායුගෝලයේ අපට මුතුන් මිත්තන්ගේ පළමු මෙන්ම අවසාන හුස්ම පොඳ අඩංගු වී තිබෙයි. අප මේ භූමිය විකුණා දැමුවද ඔබ එය සිහියේ තබා ගත යුතුය.සුදු මිනිසුන් ප‍්‍රණීත ලෙස සලකන මෙම වාතයරන්වන් වී ඇත්තේ ඈත නිම්නවල පවතින මල් වල සුවඳිනි.
    අප මේ භූමිය විකිනීමට කැමතිය. එසේම මේ සඳහා එක් කොන්දේසියක් පමුණමි.ඒ මේ සියළු පරිසරය සුදුමිනිසා විසින් තම සහෝදරයෙක් තරමට සැළකිය යුතුය.ආදරය කළ යුතුය.
    මා නූගත් ගැමියෙකි. මට බොහෝ දේ නොතේරෙයි නගර ඉඳිවෙන විට ඒවායේ සිටින ගවයන් හා අනෙක් ෂතුන් දහස් ගණනක් සුදු මිනිසා විසින් වෙඩි තබා මරා දමනු ඇත. අශ්ව කෝච්චි ,ගුවන් තොටුපළවල් නව මාර්ග ආදිය මේ ස්වභාවික සතුන්ට වඩා වටින්නේ කෙසේ දැයි මට නොතේරෙයි.
    සියැටල්.
    සටහන් -
    උපුටා ගැනීම-වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතාගේ මුහුණු පොතෙනි
     
    • Like
    Reactions: xVOLDYx and Fbfocus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම ස්තුතියි ශෙයා කරාට ෆේක් එක අටෝ ගත්තෙ ඕක දාන්ඩමද
     
    • Wow
    Reactions: caltonhp