හිතවතා මිය ගියා.......
දවස් 4 ක නිවාඩුවෙන් පස්සෙ ඕන් ආව එලකිරියට. උදේ පාන්දරම දෙන්නයි යන්නෙ තමන් ගැන සුපිරි විස්තරයක්. ප.ලි දැන්නම් එකත් පහුවෙලා.ලියන්න ගත්තට මොකද මැච් එක බැලුවනේ. ඔන්න දැන් තමයි ඉවර උනේ. කියවලම බලන්නකෝ..
විශාල කර්මාන්තශාලාවක දිනක් දිවා ආහාරයෙන් පසුව නැවතත් ආයතනයට පැමිනෙන විට දුටුවේ ආයතනයේ ඉදිරි දොරටුවේ තිබූ දැන්වීමකි. එහි සදහන් වුයේ පහත දැන්වීමයි.
"මෙම ආයතනය තුල ඔබේ දියුනුවට බාධා කල ඔබේ හිතවතා මිය ගියා. ඔහුගේ අවසන් කටයුතු සදහා ශ්රවනාගාරය වෙත පැමිනෙන්න"
මෙය දුටු පමණින් සියලු සේවකයන් තමන් සමග එකට සේවයේ නියුතු සහෝදර සේවකයෙකුගේ මරණය පිළිබදව ශෝක වූවත් මද වෙලාවකින් උවුන්තුල කුතුහලය ඇවිස්සුනේය... මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න ඔවුන් කිසිවෙකුත් නොදැන සිටි නිසා.
ශ්රවනාගාරය වෙත සේවකයින් ලගා වන විට ඔවුන් තදින් නොසන්සුන් වී සිටියා. "කවුද මටත් නොදැනි මගේ දියුනුවට බාධා කල පුද්ගලයා" සියලු දෙනාගේ සිත් තුල වූයේ එවැනි පැනයකි. මියගොස් සිටින්නේ කවුරුන් විය හැකි දැයි අනුමාන කිරීමට ඔවුන් උත්සහ දැරුවා...
ශ්රවනාගාරය තුල තැනූ කුඩා කුටියක් තුල මිනී පෙට්ටිය තැන්පත් කර තිබු අතර සේවකයන් එකා පසු පස එකා බැගින් තම සගයාට අවසන් ගෞරව දැක්වීම සදහා මිනී පෙට්ටිය අසලට පැමිනියා. මිනී පෙට්ටි අසලට පැමිනෙන සියලු දෙනා ඒ තුලට එබී බැලූ විට විශ්මයෙන් ගල් ගැසුනු අතර මුවින් එකදු වචනයක් වත් පිටවූයේ නෑ....
ඇත්ත වශයෙන්ම මිනී පෙට්ටිය තුල වූයේ කන්නාඩියක් පමනි. මිනී පෙට්ටිය තුලට එබී බැලූ සියලු පුද්ගලයන් ඒ තුලින් දුටුවේ තමගේම මුහුනයි. ඒ අසලින්ම වූ කුඩා සටහනක මෙසේ සදහන් වූවා.
"ඔබේ දියුනුවට සීමා පැනවිය හැකි මෙලොව සිටින එකම පුද්ගලයා ඔබම පමනයි"
ඔබේ ජීවිතය පරිවර්තනයකට භාජනයකල හැකි එකම පුදගලයා ඔබ පමනයි, ඔබේ ජීවිත තුල ලබාගන්නා සතුට පාලනය කල හැක්කේ ඔබට පමනයි, ඔබ ජීවිත තුල ලබාගන්නා සාර්ථකත්වය තීරණය කල හැකි වන්නේත් ඔබට පමනයි.
ඔබේ ආයතනය වෙනස්වන විට, ඔබේ ප්රධානියා වෙනස්වන විට, ඔබේ මිතුරන් වෙනස් වන විට, ඔබේ සහකරුවා / සහකාරිය වෙනස්වන විට, ඔබේ ජීවිත වෙනස් වන්නේ නැත. ඔබේ ජීවිත වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි. ඔබ ඔබට හැකි යැයි ඔබ විසින් පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි. ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි.