"හිතින් මා නොසැලී හිඳිද්දී"- විනාඩි පහයි..

saturn

Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    "හිතින් මා නොසැලී හිඳිද්දී"- විනාඩි පහයි..

    හිතවතෙකුගෙ අවමඟුල් උත්සවයකට බොරැල්ලෙ කනත්තට යන සංගීතඥයෙක් හා පද රචකයෙක් අවමගුල ඉවරවුනහම ගහක් යට කතාබහ කරනවා.

    'හරි මං දෙන්නම් ....මට දවසක් දෙකක් දීපන්කො'

    එහෙම කියන්නෙ ගී පද රචකයා..

    'මේක එහෙම දෙන්න පුළුවන් එකක් නෙවෙයි...සරළ ගී වගේ නෙවෙයි නේ..කැසට් සින්දුවක්..අනික උඹ ලියන්න ඕනෑ මගේ මෙලඩි එකට.'

    'හරි උඹට මතකද මම හම් කරපු මෙලඩි එක?'

    'මට ඒක නම් මතක නැහැ..ඒ වුනාට මං උඹට ඕක ලියල දෙන්නම්..'

    බැරිම තැන සංගීත‍ඥයා උඩ සාක්කුවෙන් කොළයක් අරගන්නවා. ගීත රචකයට කියවනවා.

    වචන වලට ගීත රචකයා මඳ සිනා පානවා..මොකද බොරු වචන නේ..

    'ඔන්න මං ඩමි එක දුන්න..දැන් නම් බැහැයි කියන්න බෑ.. වොයිසින් වලට කල් නෑ.'

    'හරි හරි....'

    ඒ කාලෙ..ඒ කියන්නෙ හැත්තෑනවයෙ අසූවෙ විතර ලංකාවෙ කැසට් පටියක් දෙකක් විතර නිකුත් වුන කාලෙ..අද වගේ නෙවෙයි කැසට් කවරෙ පවා ගහන්නෙ සිංගප්පූරුවෙ.

    ඉතින් අර කනත්තෙදි හමුවුන සංගීතඥයා - ගීත රචකයා දෙපලගෙ වැඩේ කෙරුනෙම නෑ.

    හැම ටොම්, ඩික් සහ හැරීටම බෑ ට්‍රැක් වලට එහෙම නැත්නම් කලින් හදාපු ටියුන් වලට, ඩමි වලට සින්දු ලියන්න.
    මේ කියන කැසට් එකේ සින්දු සේරෝම පටිගත කරල ඉවරයි. එකක් ඇර. මර්වින් බෙන්ස් මහත්තයටත් ටිකක් අසහනයක්. මොකද අනිත් ගීතෙ ලියා තිබුන නම් මුලු වැඩේම බැලන්ස් කරල ඉවරයක් කරන්න තිබුනා.

    අන්තිමය වැඩේ එතැනින් නතර කරල සංගීතඥයා යනව ගීත රචකයව හම්බවෙන්න..

    රෑ දහයයි තිහට විතර ඇති. ගීත රචකයා ඉන්නෙත් ස්ටුඩියෝවට ටිකක් කිට්ටු උඩ තට්ටුවක කාමරේක.
    හොඳ වෙලාවට කාමරේ ඇරල. ඇඳෙත් හැබැයි කවුරුවත් පේන්න නෑ.

    කෑම මේසෙ යට කවුද ඉන්නව. මිටි මේසෙ එක අතකින් අල්ලගෙන කවුද මේ ඉන්නෙ. අතින් ගිලිහුනු ඇඹරැල්ල ගෙඩියක් මේසෙ රෝල් වෙලා.

    දෙතුන් දෙනා වත්තම් කරල මිත්‍රයව වාඩි කරනවා පුටුවෙන්.

    ඔහු නිදි..

    අමාරුවෙන් සංගීතඥයයි යාලුවොයි ඔහුව ඇහැරනවා.

    ‘මම නිදි උඹලට පේන්නෙ නැද්ද?’

    කාටත් හිනහයි..

    ‘මට නිදාගන්න දෙන්නෙ නැද්ද උඹල?’

    මේ ගීතය නැති නිසා ඇතිවෙන ප්‍රශ්නේ සංගීතඥයා කණට කරල, ඇඟට දැනෙන්න, රචකයට කියනව... ටිකක් තදින්.

    ගීත රචකයා හිස් බැල්මෙන් නිදි බරව බලනවා..සංගීතඥය දිහායි.. එතන ඉන්න පිරිස දිහායි..

    ‘එදා දීපු ඩමිය තියෙනවද?’

    ‘වද නොදී එහෙනම් ටියුන් එක කියපන්..’

    ‘කෝ මම දීපු ඩමිය...’

    ‘ඩමියද?...ඩමිය මමියක් වුනා..’

    හොඳ වෙලාවට සංගීතඥයට ඕනෑම භාන්ඩයක් වාදනය කරන්න පුලුවන්..
    ඔහු සුදු කාරෙකෙන් එළියට ගන්නව බොක්ස් ගිටාර් එක..ඔහු තාලෙ කියනවා...

    ඇස් පියාගෙන, මෙන්න සට සට ගාල සුදු කොළේ අකුරු ලියවෙනවා..

    කවුරුත් බ්ලැක් විසාර්ඩ් කෙනෙක්ගෙ මැජික් සන්දර්ශණයක් බලනව වගේ..විශ්මයෙන්.. ඇස් ඇරගෙන..

    විනාඩි පහයි..

    සින්දුව ලියල ඉවරයි...

    නින්ද කැඩුවා...සංගීතඥයට දුකයි..ඒත් වැඩේ කෙරුනා..
    ‘තරහ වෙන්න එපා බං...නින්ද කැඩුවෙ වෙන කරන්න දෙයක් නැති හින්ද..’

    කොහොම වුනත් මේ ගීත එකතුවේ ජනප්‍රියතම ගීතය වුනේ අර මහ රෑ ඇහැරවල, අත අල්ලල, පෑන තියල ලියාගත්තු ගීතය..

    මේ ගීත රචකයත්, සංගීතඥයත්, ශබ්ද පරිපාලකයත් අපි අතරෙ නෑ.. අපි ඒ තරම් පින් කරල නෑ...

    පුංචිම පුංචි ගීත රචකයගෙ මුවට වෙඩිතියල මැරුවෙ රසිකයො නින්දට යන්නත් කලින්..

    සංගීතඥය මෑතදි කන්ද උඩරටදි සමාදානයේ සැතපුනා..අපිට ඉතිරිවෙලා ඉන්නෙ මේ ගීතයත්, ගීතය ගයපු ගායකයත්, රසිකයොත් විතරයි.

    පුදුම වැඩේ...අපි අතර නැති සංගීතඥයත් ගීත රචකයත් එදා මේ ගීතය වෙනුවෙන් මුලින්ම හමුවුනේ බොරැල්ලෙ කනත්තෙදි.

    ඉතින්..ගීත කියන්නෙ මහ පුදුම ජාතියක් නෙවෙයිද? හොඳ ගීත ඇහුවම ඇඬෙන්න ඕන කියන්නෙ නිකන්ද?
    ...................................................................................................‍

    හිතින් මා නොසැලී හිඳිද්දී
    කඳුළ නුඹ ‍ඇවිදින්...
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොවිඳිනූ මැනවී

    තනිව මා හඬනා වෙලාවේ
    සැලි සැලී සීතේ..
    වැටුනු මහ වරුසා මතක් වේ
    නුඹ රැඳී දෑසේ..

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කඳුළ මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබඳේ...

    --------------------------------
    ගායනය - ටී.එම්. ජයරත්න
    ගී පද -ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ස්ටැන්ලි පීරිස්


    (උපුටාගැනීම - බන්දුල නානායක්කාරවසම් මහතාගේ ‘රෑ ඉරපාන’ ගුවන්විදුලි වැඩසටහනෙන් & fb)
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ප්‍රේමකීර්ති නැති එක නම්.... කියල වැඩක් නැ ඔය හිස් තැන කවදා පුරවයිද
     

    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා. හඩ්ඩා ජාති ජාතිත් තොට ශාප වේවා.

    මේකත් බලන්න



    ‘‘ජනාධිපති තුමනි, මිනීමරුවා ඔබේ ඔඩොක්කුවේ’’

    පේ‍්‍රමකීර්ති අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා අල්විස් මහත්මිය ජනාධිපතිතුමාගේ මුහුණටම කියලා...

    විශිෂ්ට කලාකරුවෙක් වූ පේ‍්‍රමකීර්ති අල්විස් මහතා ඝාතනය කර ජූලි 31වන දිනට වසර 25ක් සම්පූර්ණ වේ. එම මහතාගේ ගුණ සමරු උත්සවයක් එදින ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ‍්‍රයේදී සංවිධානය කර තිබුණි. වික්ටර් රත්නායක ප‍්‍රමුඛ කලාරුවන් රැසක් ඒ සඳහා දායකත්වය සැපයීය. ජනාධිපතිවරයා මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා විය. උත්සවයට ආරාධනා ලැබ පැමිණි සිටි පේ‍්‍රමකීර්ති අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා අල්විස් මහත්මිය ‘‘ජනාධිපති තුමනි, පේ‍්‍රමකීර්තිගේ ඝාතකයා ඔබ සෙවනේය’’ යනුවෙන් ජනාධිපති වරයාගේ මූහුණටම පවසා තිබේ. ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ විසින් පේ‍්‍රමකීර්ති අල්විස් ඝාතනය කළ බවට නිර්මලා අල්විස් මහත්මිය චෝදනා කරයි.

    මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක් වූ අල්විස් මහත්මිය මෙසේද පවසා සිටී.

    ‘‘පේ‍්‍රමකීර්ති වෙනුවෙන් විවිධ උපහාර කරනවා. පිංකම් කරනවා. නමුත් පේ‍්‍රමකීර්තිගේ ඝාතනය ගැන කතා කරන්න හිටියේ බොහෝම ස්වල්පයයි. මම අවුරුදු විසි පහක් තිස්සේ මේ ගැන හොයලා අවසානයේ සිද්ධ වෙච්ච දේ ගැන නිගමනයකට ඇවිල්ලා හිටියේ. මම ජනාධිපති තුමාට යම් යම් පණිවිඩ මඟින්, ඒ වගේම වෙනත් අයටත් කිව්වා පේ‍්‍රමකීර්තිව මැතිවරණ හමුවේ විකුණාගෙන කන්න එපා. මේක කළේ ජේ.වී.පී.එකෙන් නෙමෙයි කියලා. මේක ගැන නඩුවක් ගියා. ඒත් අල්ලපු සැකකාරයෝ පිළිබඳව පෙරඩ් එකක්වත් නැතුව එය හරිම විහිළු ආකාරයට අවසන් වුනා.


    අද (31) හරිම හොඳ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ගුවන් විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් අතර මාවත පේ‍්‍රමකීර්ති අල්විස් මාවත කියලා නම් කරා. මේ උත්සවයට එන්න සූදානම් වෙද්දී මට උදේ පාන්දර ආරංචියක් ආවා ප‍්‍රවේශ මාර්ගය පටන් ගන්න තැනම තියෙනවා කියලා ප‍්‍රදර්ශනයක්. එය හඩ්සන් සමරසිංහ විසින් සූදානම් කරන්නේ කියලා. ඒකෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පේ‍්‍රමකීර්ති මැරුවා කියලා කියන්න හදනවා කියලා. මම උත්සවයට ගියා. ජනාධිපතිතුමා උත්සව සභාවේ ඉඳගන්නත් කලින් අර ප‍්‍රදර්ශනය බලන්න ගියා. මට කල්පනා වුනා මේක වෙන්නේ ඉතාමත් උපක‍්‍රමශීලීව කියලා. මම අවරුදු විසිපහක් ලෙඩ රෝග සහ දුක් කන්දරාවලට ගොදුරු වෙවී මේක කළේ පුද්ගලික පළිගැනීමකට, ජේ.වී.පී. එකෙන් නෙමෙයි කියලා කියපු ඒවා වතුරේ යනවා කියලා දැන ගත්තා. මම හොඳ වෙලාවට ඔය කාරණාව ගැන ලියපු ‘පේ‍්‍රමකීර්තිනී’ පොත අරගෙන තමයි ආවේ. මට වේදනාව දරා ගන්න බැරුව පොතේ වාක්‍ය දෙකක් ලිව්වා. ජනාධිපති තුමනි, පේ‍්‍රමකීර්තිගේ ඝාතකයා ඔබ සෙවනේය කියලා ලිව්වා. ජනාධිපතිතුමා මාව පසු කරලා යන්න යනකොටම මම ජනාධිපති තුමනි කියලා කතා කරාම එතුමා නැවතුණා. මම පොත දෙමින් ගමන කිව්වා ජනාධිපති තුමනි, මං මේ ලෝකේ කිසි දෙයක් ඔබතුමාගෙන් ඉල්ලන්නේ නැහැ, පේ‍්‍රමකීර්ති වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරලා දෙන්න. ඒකට හේතුව මිනීමරුවා ඔබතුමා හෙවනේ ඉන්නේ කියලා කිව්වා. ලෝකයා ඉදිරිපිට මේ ඉල්ලීම කළේ, මේ වෙනුවෙන් සාධාරණය ඉටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා කියලා අඩ අඩා පොත දුන්නා’’.


    2014 ජූලි 31 වෙනි බ්‍රහස්පතින්දා දින Lankatruth.com
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ප්‍රේමකීර්ති අල්විස් මහත්තයගෙ පද රචනා වලට සම කරන්න තවත් පද රචකයෙක් ලංකාවෙ නැති තරම්.එතුමා ගේ ලයාන්විත ගීත ගොඩක් තියනව.ඒ වගේම විනෝදයට බර ගීතත්.එතුමා ගෙනා අයුශ ටිකේදී උපරිම ගී ලිවුව කියල මට හිතෙනව .

    මේ එතුමා ලියූ ප්‍රසිද්ද ගී.තවත් ඇති මගෙහිතේ.

    Ratakin Eha – රටකින් එහා
    Rathu Guru Pare – රතු ගුරු පාරේ
    Reyak Upadda – රැයක් උපද්දා
    Sagaraya Parada – සාගරය පරදා
    Samanala Ranak – සමනල රෑනක්
    Samanalaya Mala – සමනළයා මල
    Sanda Kan Wasila – සඳකැන් වැසිලා
    Sanda Midulata Enawa – සඳ මිදුලට එනවා
    Sanda Yame – සැන්දෑ යාමේ
    Sandata Ahasa – සඳට අහස
    Santhosha Wenna – සන්තෝෂ වෙන්න
    Sarathasa Niwa – සරතැස නිවා
    Sikuru Tharuwa – සිකුරු තරුව රැයේ
    Sithn Ma Nosali – සිතින් මා නොසැලී
    Sithum Pathum Sanda – සිතුම් පැතුම් සඳ
    Thani Tharuwe – තනිතරුවේ
    Tharu Ath Akurin – තරු අත් අකුරින්
    Thatiya Madde – තැටිය මැද්දේ
    Adara Gangulehi – ආදර ගඟුලෙහි
    Adaraneeya Neranjana – ආදරණීය නේරංජනා
    Adaraye Ulpatha Wu – ආදරයේ උල්පත වූ
    Akuru Satharakin – අකුරු සතරකින්
    Andura Bidinnata – අඳුර බිඳින්නට
    Api Hangum Walata – අපි හැඟුම් වලට
    Awasara netha mata – අවසර නැත මට
    Bangali Walalu – බංගලි වළලු
    Charu Dehe Nura – චාරු දේහේ නුරා
    Dedena Perada – දෙදෙනා පෙරදා
    Dewedi Dennata – දෑවැදි දෙන්නට
    Dewram Wehere – දෙව්රම් වෙහෙරේ
    Dineka Ransalu – දිනෙක රන්සළු
    Diyaluma Diya Eli – දියළුම දිය ඇලි
    Eda Rae – එදා රෑ
    Eka Mohothak – එක මොහොතක්
    Eka Yaye Kaka – එක යායේ කකා
    Ekama Magaka – එකම මගක
    Etha Dilisena – ඈත දිලිසෙන
    Heta Dawase – හෙට දවසේ
    Himinsere Paa Nagana – හිමිනේ සැරේ පා නගනා
    Hise Gini Awilethe – හිසේ ගිනි ඇවිලෙතේ
    Kanda Kenda – කන්ද කෙන්ද
    Katharaka Thaniwee – කතරක තනි වී
    Kawda Oba Kawrundo – කවුද ඔබ කවුරුන්දෝ
    Kedinada Kudu – කෙදිනද කූඩු
    Lowa Nisasala Wee – ලොව නිසසල වී
    Ma Ekkala – මා එක්කලා
    Ma Nisa Oba – මා නිසා ඔබ
    Maga Thotadee – මග තොටදී
    Mal Wehi Seethala – මල් වැහි සීතල
    Me Nagaraya – මේ නගරය
    Mee Kekuna Kale – මී කැකුණ කැළේ
    Meedum Walawan – මීදුම් වලාවන්
    Mihirathi Wasantha Kale- මිහිරැති
    Miniseku Pita Nagi – මිනිසෙකු පිට නැගි
    Miyury Kalapana – මියුරු කල්පනා
    Nelli Kele – නෙල්ලි කැලේ
    Pabasara Ran – පබසර රන්
    Ralakin Thani Wee – රැලකින් තනි වී
    Ran Meewitha Purawa – රන් මීවිත පුරවා
    Ran Samanalayo – රන් සමනලයෝ
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    මේ ගීතයේ තේරුම මොකද්ද? මොකක් ගැනද කියන්නේ මේ?
    ගීයක අරුත සොයමු?
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113



    පුංචිම පුංචි ගීත රචකයගෙ මුවට වෙඩිතියල මැරුවෙ රසිකයො නින්දට යන්නත් කලින්..





    frRxp7r.png
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ‘රෑ ඉරපාන’ යනු ශී‍්‍ර ලාංකේය ගුවන් විදුලි වැඩසටහන් ඉතිහාසයේ සුවිසෙස් සංධිස්ථානයක් සනිටුහන් කළ අනන්‍ය, අපූරඣව වැඩසටහනකි. එහි වැඩසටහන් විලාශය, රචනය, කථනය සහ සියලූම නිර්මාණාත්මක කටයුතු ඉටුකරන ලද්දේ ප‍්‍රකට ගේය පද රචකයෙකු, මාධ්‍යවේදියෙකු වන බන්ධුල නානායක්කාරවසම් විසිනි.

    https://soundcloud.com/rairapaana