"හිතින් මා නොසැලී හිඳිද්දී"- විනාඩි පහයි..
හිතවතෙකුගෙ අවමඟුල් උත්සවයකට බොරැල්ලෙ කනත්තට යන සංගීතඥයෙක් හා පද රචකයෙක් අවමගුල ඉවරවුනහම ගහක් යට කතාබහ කරනවා.
'හරි මං දෙන්නම් ....මට දවසක් දෙකක් දීපන්කො'
එහෙම කියන්නෙ ගී පද රචකයා..
'මේක එහෙම දෙන්න පුළුවන් එකක් නෙවෙයි...සරළ ගී වගේ නෙවෙයි නේ..කැසට් සින්දුවක්..අනික උඹ ලියන්න ඕනෑ මගේ මෙලඩි එකට.'
'හරි උඹට මතකද මම හම් කරපු මෙලඩි එක?'
'මට ඒක නම් මතක නැහැ..ඒ වුනාට මං උඹට ඕක ලියල දෙන්නම්..'
බැරිම තැන සංගීතඥයා උඩ සාක්කුවෙන් කොළයක් අරගන්නවා. ගීත රචකයට කියවනවා.
වචන වලට ගීත රචකයා මඳ සිනා පානවා..මොකද බොරු වචන නේ..
'ඔන්න මං ඩමි එක දුන්න..දැන් නම් බැහැයි කියන්න බෑ.. වොයිසින් වලට කල් නෑ.'
'හරි හරි....'
ඒ කාලෙ..ඒ කියන්නෙ හැත්තෑනවයෙ අසූවෙ විතර ලංකාවෙ කැසට් පටියක් දෙකක් විතර නිකුත් වුන කාලෙ..අද වගේ නෙවෙයි කැසට් කවරෙ පවා ගහන්නෙ සිංගප්පූරුවෙ.
ඉතින් අර කනත්තෙදි හමුවුන සංගීතඥයා - ගීත රචකයා දෙපලගෙ වැඩේ කෙරුනෙම නෑ.
හැම ටොම්, ඩික් සහ හැරීටම බෑ ට්‍රැක් වලට එහෙම නැත්නම් කලින් හදාපු ටියුන් වලට, ඩමි වලට සින්දු ලියන්න.
මේ කියන කැසට් එකේ සින්දු සේරෝම පටිගත කරල ඉවරයි. එකක් ඇර. මර්වින් බෙන්ස් මහත්තයටත් ටිකක් අසහනයක්. මොකද අනිත් ගීතෙ ලියා තිබුන නම් මුලු වැඩේම බැලන්ස් කරල ඉවරයක් කරන්න තිබුනා.
අන්තිමය වැඩේ එතැනින් නතර කරල සංගීතඥයා යනව ගීත රචකයව හම්බවෙන්න..
රෑ දහයයි තිහට විතර ඇති. ගීත රචකයා ඉන්නෙත් ස්ටුඩියෝවට ටිකක් කිට්ටු උඩ තට්ටුවක කාමරේක.
හොඳ වෙලාවට කාමරේ ඇරල. ඇඳෙත් හැබැයි කවුරුවත් පේන්න නෑ.
කෑම මේසෙ යට කවුද ඉන්නව. මිටි මේසෙ එක අතකින් අල්ලගෙන කවුද මේ ඉන්නෙ. අතින් ගිලිහුනු ඇඹරැල්ල ගෙඩියක් මේසෙ රෝල් වෙලා.
දෙතුන් දෙනා වත්තම් කරල මිත්‍රයව වාඩි කරනවා පුටුවෙන්.
ඔහු නිදි..
අමාරුවෙන් සංගීතඥයයි යාලුවොයි ඔහුව ඇහැරනවා.
‘මම නිදි උඹලට පේන්නෙ නැද්ද?’
කාටත් හිනහයි..
‘මට නිදාගන්න දෙන්නෙ නැද්ද උඹල?’
මේ ගීතය නැති නිසා ඇතිවෙන ප්‍රශ්නේ සංගීතඥයා කණට කරල, ඇඟට දැනෙන්න, රචකයට කියනව... ටිකක් තදින්.
ගීත රචකයා හිස් බැල්මෙන් නිදි බරව බලනවා..සංගීතඥය දිහායි.. එතන ඉන්න පිරිස දිහායි..
‘එදා දීපු ඩමිය තියෙනවද?’
‘වද නොදී එහෙනම් ටියුන් එක කියපන්..’
‘කෝ මම දීපු ඩමිය...’
‘ඩමියද?...ඩමිය මමියක් වුනා..’
හොඳ වෙලාවට සංගීතඥයට ඕනෑම භාන්ඩයක් වාදනය කරන්න පුලුවන්..
ඔහු සුදු කාරෙකෙන් එළියට ගන්නව බොක්ස් ගිටාර් එක..ඔහු තාලෙ කියනවා...
ඇස් පියාගෙන, මෙන්න සට සට ගාල සුදු කොළේ අකුරු ලියවෙනවා..
කවුරුත් බ්ලැක් විසාර්ඩ් කෙනෙක්ගෙ මැජික් සන්දර්ශණයක් බලනව වගේ..විශ්මයෙන්.. ඇස් ඇරගෙන..
විනාඩි පහයි..
සින්දුව ලියල ඉවරයි...
නින්ද කැඩුවා...සංගීතඥයට දුකයි..ඒත් වැඩේ කෙරුනා..
‘තරහ වෙන්න එපා බං...නින්ද කැඩුවෙ වෙන කරන්න දෙයක් නැති හින්ද..’
කොහොම වුනත් මේ ගීත එකතුවේ ජනප්‍රියතම ගීතය වුනේ අර මහ රෑ ඇහැරවල, අත අල්ලල, පෑන තියල ලියාගත්තු ගීතය..
මේ ගීත රචකයත්, සංගීතඥයත්, ශබ්ද පරිපාලකයත් අපි අතරෙ නෑ.. අපි ඒ තරම් පින් කරල නෑ...
පුංචිම පුංචි ගීත රචකයගෙ මුවට වෙඩිතියල මැරුවෙ රසිකයො නින්දට යන්නත් කලින්..
සංගීතඥය මෑතදි කන්ද උඩරටදි සමාදානයේ සැතපුනා..අපිට ඉතිරිවෙලා ඉන්නෙ මේ ගීතයත්, ගීතය ගයපු ගායකයත්, රසිකයොත් විතරයි.
පුදුම වැඩේ...අපි අතර නැති සංගීතඥයත් ගීත රචකයත් එදා මේ ගීතය වෙනුවෙන් මුලින්ම හමුවුනේ බොරැල්ලෙ කනත්තෙදි.
ඉතින්..ගීත කියන්නෙ මහ පුදුම ජාතියක් නෙවෙයිද? හොඳ ගීත ඇහුවම ඇඬෙන්න ඕන කියන්නෙ නිකන්ද?
...................................................................................................
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්...
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොවිඳිනූ මැනවී
තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ..
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ..
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ...
--------------------------------
ගායනය - ටී.එම්. ජයරත්න
ගී පද -ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
(උපුටාගැනීම - බන්දුල නානායක්කාරවසම් මහතාගේ ‘රෑ ඉරපාන’ ගුවන්විදුලි වැඩසටහනෙන් & fb)