හිතුමතේ ජීවිතේ (1)

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    හිතුමතේ ජීවිතේ (1)

    මේ ලියමන රචනා කල තැනැත්තාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි. මේ ලිපියේ සියලු හිමිකම්, නාදුනන ඔහු සතුය.

    10006106_504455089656880_7939621914636817853_n.jpg


    වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය.

    1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සදහා ඔහු කීප වතාවක්ම බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙදර ජීවිතය ගත කලේය.

    අවස්ථා කීපයකදීම මරණීය දණ්ඩනයෙන් ගැලවුනු හිතුමතේ ජීවිතේ පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත් වීමට වාසනාව ලද එකම සිරකරුවා වන්නේය.

    ක්‍රියාදාම චිත්‍රපටියකට ඔබින මේ කථාව මෙලෙස ඔබ හමුවට එන්නේය.

    ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැනගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කල නමුත් ඇගේ දෙමාපියෝ හා අයියා එය පිළි නොගත්හ. පොලීසියේද පැමිණිලි කල අතර පොලීසියද නිද්‍රාශීලී බවක් අනුගමනය කලේය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමු වූ අතර ඇය එතෙක් සගවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමග යමින් සිටියේ මෙම යෙහෙළියයි.

    පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ දිසානායක අයි.පී මහත්තයා බවත් රියදුරු විල්සන් නම් අයෙක් බවත් ඇය කීවාය. ( මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඩව සිට ඇත)

    පොලීසියට ගොස් අයි.පී මහතා හමුවුවද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගි කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂනයක් සිදු නොවන බවත්, එවැනි පරීක්ෂණයකට අයි.පී මහතා ඉඩ නොදෙන බවද පැහැදිළිය.

    කළුතර නගරයේ කුලී රථ රියදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසර පෙදෙසක රබර් වත්තක් අසළය. සුමතිපාල දින කීපයක් නගරයේ කැරකී විල්සන් රියදුරුද ඔහුගේ නිවෙසද සොයා ගත්තේය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක්ද ගෙන එහි රැක සිටියේය.

    රාත්‍රියේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා භිය ගන්වා කිරිමඩුව කරා ඇදගෙන ගියේය. විල්සන් බීමතින් සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ භියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරීය.

    කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවේ කොච්චිකඩේ අයි.පී මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත්, මස් කඩ මුදලාලි කෙනෙක් සහ විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂනයට ලක් වූ බව ඔහු කීවේය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසුව වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත.

    සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අතහැර කළුතර නගරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය.

    අයි. පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පදුරකට මුවා වී සුමතිපාල සිටියේය. ඔහු අත තිබූ පන් මල්ලක අළුත්ම වක් පිහිය තිබුනි. රාත්‍රී 8ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජිප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා උන්නේය. වත්තේ තිබූ ළිද වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේය. නමුත් මුළු රාත්‍රියේම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිද අසල වාඩි වී පාන්දර වනතුරු කල්මැරුවේය. පාන්දර පහට පමණ නිවසේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේය. ටික වේලාවකින් ඉස්තෝප්පු දෙර අරින ශබ්දය ඇසුනෙන් ඔහු දිසානායක පිටතට එන විටම දොර අසල රැක සිට එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කල සුමතිපාල හිස පන් මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේය.

    ප්‍රධාන පාරවල් මගහැර අතුරු පාරවල් වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙතය. ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන් මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරීතුමාට භාර දුන්නේය.

    මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ. මගේ නංගි මැරූ මිනිහා මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි. මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සේගෙන් මම ඉල්ලන්නෙ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ. සුමතිපාල කීවේය.

    පොලිස් අධිකාරිවරයා ගේ දුරකථන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කීපයක්ම එහි පැමිණ සුමතිපාල අත්අඩංගුවට ගත්තේය. පිහිය පොලිස් භාරයට ගැනුනු අතර හිස රෝහල් මෝචරියට යැවිණි. පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදීය.

    සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසගවා හෙළි කලද පොලිස් පරීක්ෂකවරයා සිය නැගණියට කල විපත ඉදුරාම දත් බව පැවසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයිද ඔහු කට උත්තරයේ සදහන් කිරීමයි.

    වයස 18 සම්පූර්ණ කර නොතිබුනත් සුමතිපාලට චෝදනා එල්ල කලේ වැඩිහිටියෙකු ලෙස සලකාය. මහේස්ත්‍රාත් වරයා නඩුව විභාගයට ගත්තේ මාස 5 කට පමණ පසුවය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරුද නිවැරදිකරුදැයි නඩුකාර තැන ප්‍රශ්න කල අවස්ථාවේ, වැරදිකරු ස්වාමීනී යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතෙකු නම් කොට නැවත නඩුව කැදවන විට තවත් මාස තුනක් ගත වී තිබුනේය.

    1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කලහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව 8.05 ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුලදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නැමති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්නට නියම කොට මහාධිකරණ විනිසුරු තින්දුව ප්‍රකාශයට පත් කළේය.

    උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම නැතැත්තා වයස 17 ක තැනැත්තකු වුවද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත්, දඩුවමට යටත් කෙරෙන විට වයස 18 ක් සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිර කොට අත්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

    ඊට පස්සේ මොකද උනේ කියල 2වෙනි කොටසින් :D

    අනිත් අයට බලන්න Bump කරන්න
     
    • Like
    Reactions: other guy