හිතුමතේ ජීවිතේ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හිතුමතේ ජීවිතේ

    නංගි වෙනුවෙන් බෙලි අටක්‌ කපා වසර 129 කට හිරේ ගොස්‌
    අනුරාධපුරයේ නිදහසේ ඇවිදින හිතුමතේ ජීවිතේ

    hithumathe1.jpg

    අවුරුදු කුමරිය වූ සුමතිපාලගේ නැගණිය පී.ඩී. කුසුමාවති

    පාසල නිමවී නිවසට යමින් සිටි පහළොස්‌ හැවිරිදි පී. ඩී. කුසුමාවතී කිසියම් පිරිසක්‌ විසින් මහ මඟදී පැහැරගෙන ගියේ ඇයගේ යෙහෙළියගේ විලාප හඬත් සමඟය. ඒ 1972 මැයි මස 28 වැනි දිනදීය. කළුතර දිස්‌ත්‍රික්‌කයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයෙන් ප්‍රථම ස්‌ථානය හිමිකරගත් කුසුමාවතී අවුරුදු කුමරිය ලෙස කිරුළු පළ¹ ගතවූයේ දින කීපයක්‌ පමණි. ඇය පැහැර ගෙන යාම රට පුරා මහත් ආන්දෝලනයක්‌ ඇති කළේය.

    කළුතර ගෝනදූව මොරන්තුඩුව ප්‍රදේශයේ ජීවත් වූ කුසුමාවතී වරාය සේවකයකු වූ පී. ඩී. විල්සන් පෙරේරාගේ හා එවකට මීගමුව රෝහලේ සේවය කළ හෙදියකගේ දරුවා වූවාය. ඇයට සිටි එකම සහෝදරයා වූයේ පී. ඩී. සුමතිපාලය. අ.පො.ස. (උ.පෙළ) නිමා කළ සුමතිපාලගේ වයස මේ වන විට අවුරුදු දාහතක්‌ විය. නැගණියගේ අතුරුදන්වීමෙන් කම්පාවට පත් මව්පියන් හා සුමතිපාල එදාම කළුතර පොලිසියට ගියේ මේ බව පැමිණිලි කිරීමටය. එහිදී පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සුමතිපාලට කිව්වේ

    "අයිසේ තමුසෙගෙ නංගි කොල්ලෙක්‌ එක්‌ක පැනල ගිහිල්ල අවුරුද්දකින් විතර එයි දරුවකුත් අරගෙන"

    hithumathe.jpg
    මෙයින් දැඩි කම්පාවට පත් සුමතිපාල "මගේ නංගී වැදගත් විදිහට ජීවත් වුණේ කවදාවත් ඒක වෙන්න බැහැ" යනුවෙන් පවසා ආපසු නිවසට පැමිණ තම නැගණියට සිදුවූ දේ කෙසේ හෝ හොයාගන්නවා යනුවෙන් දැඩි තීරණයකට පැමිණියේය. ඉන් අනතුරුව නැගණිය සමග ගිය යෙහෙළිය වූ ලීලාවතී හමුවී සියලු තොරතුරු දැනගත්තේය. එහිදී නංගි පැහැරගත් වාහනය පදවා ගෙන ආ රියෑදුරා පිළිබඳව යම් හෝඩුවාවක්‌ ලබා ගැනීමට සුමතිපාල සමත් විය. අවසානයේ රියෑදුරා නිශ්චිතවම හඳුනා ගැනීමට ඔහුට හැකිවීමත් සමග මහ අපරාධයක සුල මුල හෙළිකර ගත්තේය. එහි අවසානය වූයේ පුද්ගලයන් අට දෙනකු ඝාතනය කර වසර හතළිස්‌ හතරක්‌ හිරබත් කෑමට සුමතිපාලට සිදුවීමය. තම නැගණිය වෙනුවෙන් සිරගෙට ගිය මේ සහෝදරයා පසුගියදා නිදහස්‌ විය. අද වන විට ඔහුට යන්නට ඉන්නට තැනක්‌ නැත. සුමතිපාල නම්වූ හැටඑක්‌ වියෑති මේ පුද්ගලයා අනුරාධපුර නගරයේ මැදින් ජයශ්‍රී මහ බෝධිය වෙත යමින් සිටියදී "දිවයින" පාඨකයන් වෙනුවෙන් ඔහු සමග කතා කරන්නට හැකිවූයේ හිතවත් වෙළෙඳ ව්‍යාපාරිකයකු මගිනි.

    වැට මායිමට ඇන කොටා ගන්නා සහෝදරයන් සිටින අද සමාජයේ තම එකම සහෝදරිය වෙනුවෙන් මුළු ජීවිතයම සිරබත් කෑ මේ අපූරු මිනිසාගේ අනුවේදනීය හා විශ්මය ජනක කතාව මෙතැන් සිට ඔහුගේ වචනයෙන්ම සටහන් කරමු.

    සිය පපුවේ "හිතුමතේ ජීවිතය" යනුවෙන් පච්චයක්‌ද ඔහු කොටගෙන ඇති අයුරු පැහැදිලිව දැකගත හැකිය. දැන් ඔහුගේ කතාවට සවන් දෙමු.

    නංගිගේ යෙහෙළිය වූ ලීලාවතීගෙන් දැනගත් තොරතුරු අනුව මම රියෑදුරා නිශ්චිතව සොයා ගත්තා. පස්‌සෙ දින ගණනක්‌ රැකල ඉඳලා රබර්වත්ත මැදින් ඔහු එද්දී පිහිය බෙල්ලට තියල "ඇත්ත කියපං මම උඹව මරන්නෙ නැහැ කිව්ව" මම ඔහුගේ ඇඟේ දෙපොලක්‌ විතර පිහියෙන් කැපුව. ඒ පාර ඌ මට ඇත්ත කිව්ව. මගෙ නංගි කළුතර බෝධිය ළඟදී පැහැරගෙන ගිහිල්ල දූෂණය කරල නාත්තණ්‌ඩිය කනත්තකදී පුච්ච දාල තියෙනවා. මේකට පොලිසියේ ඕ.අයි.සී, මන්ත්‍රී කෙනෙක්‌, උළු මුදලාලි කෙනෙක්‌, විදුහල්පතිවරයෙක්‌, මස්‌කඩ මුදලාලි කෙනෙක්‌ හා ඕ.අයි.සී. ගේ මස්‌සිනා කෙනෙක්‌ වන හෝටල් හිමියකුත් සම්බන්ධවෙලා තියෙනවා. පස්‌සේ මම රියෑදුරාගේ තොරතුරු අනුව නාත්තණ්‌ඩිය කනත්ත හොයාගෙන ගියා. මට තැන හොයාගන්න පුළුවන් වුණා.

    එතන තිබිල නංගි කරේ දාගෙන හිටපු ෙච්න් එකයි සුරයයි හමුවුණා. සුරය ඇතුලෙ තිබුණ තඹ කොළේ නංගිගෙ නම ලියල තිබුණා. මම ආපහු ආවා. මේ බව අම්මටත් තාත්තටවත් කිව්වේ නැහැ. පහුවදා ගියා පොලිසියට. ඕ.අයි.සී. වාඩිවෙලා හිටියා. මම කිව්ව මටයි උඹටයි බේරගන්න ගනුදෙනුවක්‌ තියෙනව කියල. එතකොට ඕ.අයි.සී. පිස්‌තෝලය අතට ගන්න හැදුව මම ඉස්‌සර වුණා. මම අරගෙන ගිය රා කපන පිහියෙන් ඕ.අයි.සී. ගෙ හිස කඳින් වෙන්වෙන්න කැපුව. පොලිසියේ අනිත් අය දිව්වා. මම හිසත් අරගෙන පයින්ම පොලිස්‌ අධිකාරි ළඟට ගිහින් හිස පෙන්නුව.

    "මම හිතුව ඕක වෙයි කියල. ඔහෝම ඉඳගන්න කිව්වා."

    පස්‌සේ මාව නඩුකාරයා ළඟට අරන් ගියා. නඩුකාරය මගෙන් විස්‌තර අහල මාත් එක්‌ක නාත්තණ්‌ඩිය කනත්තට ගිහින් එතන පරීක්‍ෂා කළා ඊට පස්‌සේ මාව මීගමුව බන්ධනාගාරයට දැම්මා. මම එහිදී දින කීපයකට පස්‌සේ හිරෙන් පැන්න. දින ගාණක්‌ රැකල ඉඳල මන්ත්‍රී හොයාගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට ගියා. භාර වුණා. ඊට පස්‌සේ මාව මහර හිරගෙදරට යෑව්වා. එහිදී හිරෙන් පැන්නා. දින ගාණක්‌ ගමේ හැංගිල ඉඳල විදුහල්පතිගෙ බෙල්ල කැපුව. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. ඊට පස්‌සේ මාව යෑව්වා අනුරාධපුර බන්ධනාගාරයට. එහේ මාස ගාණක්‌ හිටියා. මට එහිදී "මරුසිරා" හමුවුණා. පස්‌සේ මම මරුසිරා එක්‌ක හිරගෙදරින් පැනල ගියා. ඒ ගිහින් දින ගාණක්‌ හැංගිල ඉඳල මස්‌ කඩ මුදලාලි අල්ලගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. පස්‌සේ මාව යෑව්ව යාපනේ හිරගෙදරට. මාස කීපයකට පස්‌සේ හිරෙන් පැන්නා. ඇවිත් දින ගාණක්‌ රැකල ඉඳල උළු මුදලාලිගේ බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට භාර වුණා. ඊට පස්‌සේ මාව දැම්මා පොළොන්නරුව හිරගෙදරට. එහිදී මට "පොඩි විඡේ" හමුවුණා. මම පොඩි විජෙත් එක්‌ක හිරෙන් පැන්නා. රයිෆල් දෙකකුත් අරගෙන පැන්නේ. ඒ ඇවිත් ඕ.අයි.සී.ගෙ මස්‌සිනා වන හෝටල් හිමිය අල්ලා ගත්තා. උගෙත් බෙල්ල කපල අරන් පොලිසියට ගිsහින් භාර වුණා. ඊට පස්‌සෙ මම දැම්මා බෝගම්බර හිරගෙදරට. එහෙත් මාස ගාණක්‌ ඉඳල පැනල ඇවිත් දින ගාණක්‌ රැකල ඉඳල රියෑදුරා මැරුවා. බෙල්ල කපල හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. මම මහර බන්ධනාගාරයට දැම්මා.

    හිරේ ඉන්න කාලේ පොලිසිය හිරගෙදරට එව්වා ගංජා ලක්‍ෂ්මන් කියල කෙනෙක්‌ මාව මරන්න සැලසුම් කරල. මිනිහ මට පිහියෙන් ඇන්නා. මම පිහිය උදුරගෙන ඌ මරල දැම්මා. හැමදාම උසාවිවලට අරන් යනව නඩු අහන්න.

    1975 මැයි මාසෙ හත්වැනිදා මාව එල්ලා මරන්න නියම වුණා. මරන්න නියම වුණ දිනට පෙරදින අම්ම ආවා මාව බලන්න.

    අම්මා මාව දැකල පපුව පැලිල හිරගේ තුළම මැරුණා. මම ඒ වෙලාවේ බත්කන බෙලෙක්‌ පිඟාන හතරට කඩල කෑල්ලකින් මගේ බඩ පලා ගත්තා. බඩවැල් අරගෙන බෙල්ලවටේ දාගත්තා. මාව ඊට පස්‌සේ ඉස්‌පිරිතාලෙ අරන් ගිහින් බෙහෙත් කළා. පහුවදා මාව මරන්න තිබුණ නිසා බන්ධනාගාර නිලධාරීන් ඉස්‌පිරිතාලෙට ඇවිත් මාව ගෙනියන්න හැදුව. ඒත් දොස්‌තර මහත්තුරු මාව ගෙනියන්න දුන්නේ නැහැ. පස්‌සේ මාව බලෙන් අරන් ගියා.

    ඒ පාර දොස්‌තරලා වැඩ වර්ජනය කළා. එල්ලලා මරන්න විනාඩි පහක්‌ තියෙද්දී විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගෙන් නියෝගයක්‌ ආවා එල්ලා මරන්න එපා කියල. මාව ආපහු ඉස්‌පිරිතාලෙට අරන් ගියා. කරපු වැරදිවලට අවුරුදු එකසිය විසිනවයක්‌ හිරදඬුවම් ලැබුණා. අවුරුදු හතළිස්‌ දෙකක්‌ම හිරගෙදර හිටියා. ඊට පස්‌සේ මම මාරාන්තික උපවාසයක්‌ කළා. මාව නිදහස්‌ කරන්න නැත්නම් එල්ලා මරන්න කියල. දවස්‌ පහළොවක්‌ වහලෙ උඩ හිටියා. මට අමාරු වුණා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය හෙළිකොප්ටරයක්‌ එවල මාව කොළඹ ඉස්‌පිරිතාලෙට දැම්මා. මාස ගාණක්‌ හිටිය. හොඳ වුණේ නැහැ. ඊට පස්‌සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාව ඉන්දියාවේ රෝහලකට යෑව්වා. ඒ ගිහින් පසුගිය දෙසැම්බර් 28 වැනිදා ලංකාවට ගෙනත් පේරාදෙණියේ රෝහලේ ප්‍රතිකාර ගත්ත. ගිය සතියේ ටිකට්‌ කපල මට යන්න කිව්ව. ඒත් මට දැන් යන්න තැනක්‌ නැහැ. මාව කිසි කෙනෙක්‌ අඳුරන් නැහැ. ජනාධිපතිතුමා මට රුපියල් ලක්‍ෂ පහක්‌ දුන්නා. ඒක දාන්න බැංකු පොතක්‌ අරගෙන අංකය අරන් එන්න කිව්වා. මට මිට්‌සුබිසි සමාගමෙන් කාරෙකක්‌ දුන්නා. මේ තියෙන්නේ යතුර. ඒක තාම ගත්තේ නැහැ. ඒකේ ලියාපදිංචි වැඩ ඉවුර වුණාම ලැබෙනවා යෑයි දිගකතාවක්‌ කෙටියෙන් පවසා සිටියේ තම නැගණිය වෙනුවෙන් වයස අවුරුදු දාහතේදී කැපවූ ඔහු තම යුතුකම නිසිලෙස ඉටුකළා යන හැඟීමෙන් යුතුවය.

    සියල්ල එසේ වුවද කුඩා බෑගයක වටිනා ඡායාරූප, සහතික හා ඔහු පිළිබඳ පළවූ පුවත්පත් වාර්තා කීපයක්‌ද පමණක්‌ ඔහු අත ශේෂව තිබිණි. හෙට දවස ගැන කිසිත් අපේක්‍ෂාවක්‌ නැති ඔහු දැන් රෝගාතුරය. මහලුය. එහෙත් ඔහුගේ පපුවේ කොටා ඇති "හිතුමතේ ජීවිතේ" යන අකුරු ඔහු මියෙනතුරු නොමැකෙන ලෙස සටහන්ව ඇත. මතු දිනක ඔහුගෙන් කුරා කුහුඹියකුගේවත් ජීවිතයකට හානියක්‌ නොවන බව නම් ඉඳුරාම කිව හැකිය.

    හෙට දවස ගැන අමුතු හැඟීමක්‌ ඔහු සතුව නැත. වසර හතළිස්‌ දෙකක්‌ හිරබත් කෑ ඔහුගේ යෞවනයම සිය නැගණිය වෙනුවෙන් කැප කළාය. අද ඔහු ඒ සියල්ල අභිමානයෙන් යුතුව සිහිපත් කරන්නේ මහත් සැහැල්ලුවකිනි. අවසාන වශයෙන් ඔබ දැන් යන්නේ කොහෙදැයි මම විමසා සිටියෙමි.

    "මම අද ජයශ්‍රී මහ බෝධියට ගිහින් එතන ඉන්නවා" යෑයි පවසා මගෙන් සමුගෙන නගරය ඔස්‌සේ ශ්‍රී මහ බෝධිය දෙසට ගමන් කරන්නට විය.

    නොච්චියාගම -
    එම්. එම්. පී. ජී. පෙරේරා
     
    • Like
    Reactions: k_town

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙල්ල කපල දාන එක මහ මෝඩ වැඩක් බං :no: :no:
    බෙල්ල කැපුව ඒ මිනිහ මලා ඒක එතනිං ඉවරයි :sorry: :sorry:
    මොකක්ද ඒකෙන් ලැබෙන තෘප්තිය :sorry: :sorry:
    ක්ෂණික මරණයක් කියන්නෙ මිනිහෙක්ට දෙන්න පුළුවන් වටිනාම ත්‍යාගයක් :sorry: :sorry:
    ඒ මනුස්සය වයසට යනකං ජීවත් වෙන්න දුන්නනං අන්තිමට හාට් ඇටෑක් එකක්වත් හැදිල ඔයිට වඩා විඳවන්න තිබ්බ, අංශභාගෙ හැදිල විඳවන්න තිබ්බ :sorry: :sorry:
    ඒ නිසා ඔහොම වෙලාවකදි කරන්න ඕනෙ හතුරව අල්ලගෙන අත පය වල ඇට කුඩුවෙන්න ගහල ඇහි පිහාටු දෙක කපල ආයෙ හදන්න බැරිවෙන්න ඇහේ බෝල දෙක පුච්චන්න ඕනෙ සදාකාලික අන්ධයෙක් වෙලා ජිවත් වෙන්න :yes: :yes:
    තව දිව කපල දැම්මෑකි ගොලුවෙක් වෙන්න :yes: :yes:
    එතකොට ඒ මිනිහ තමන්ගෙ මුලු ජීවිත කාලෙම ඇවිදගන්න බැරුව, ලෝකය දකින්න බැරුව, කතා කරගන්න බැරුව විඳවනව :yes: :yes:
    ඒ තරම් සතුටක් වෙන කොහින්ද :yes: :yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    weerayek karanna epa. thawath moda minimaruwek witharayi. i have met him, chatted and discussed with him, read all his articles which he carries with him
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොනම හෙතුවකටවත් මිනී මැරීම වීරක්‍රියාවක් නෙමෙයි. අම්මා, අක්කා වෙනුවෙන් උනත් මම නම් කවදාවත් ඔක කරන්නේ නැ. ඒ මගේ නපුන්සක කම කියලා මෙතන දැන් මගේ රෙප් කපයි. ඒත් තමන්ගේ ආත්මය, තමන්ගේ හිත අර හැම බැදීමකටම වඩා ලොකුයි, සාදාරනයක් ඒ අයට ඉශ්ට කිරීම වෙන එකක්, නමුත් පලි ගැනීම තව එකක්. පලි ගැනීමෙන් කවදාවත් සාදාරනයක් ඉශ්ට වෙන්නේ නැ. මම හිතන්නේ මේ වගේ අවස්තාවකට එලකිරියේ කවුරුත් මම වගේ මුහුන දීලා නැ.
     
    ප්‍රංශෙ වගේ රටවල් වල ක්‍රමේ ලංකාවට හරියන්නෑ බං :no: :no:
    අපිට පුරුදු අපේ ක්‍රමේට අපි කරන්නෙ එහෙමයි :yes: :yes:
    ඒක ඉතිං එක එක රටවල හැටි :) :)
    ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා :) :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම මේකේ පළවෙනි කොටස මේ ළඟකදී පත්තරේක තිබිලා කියෙව්වා.
    මොන පත්තරේද මතක නෑ. Driver ඉන්න තැන හොයගන්නකම් පළවෙනි කොටස තිබුනේ.
    දෙවෙනි කොටස ලබන සතියට කියලා තිබුණා.
    TFS.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම මේකේ පළවෙනි කොටස මේ ළඟකදී පත්තරේක තිබිලා කියෙව්වා.
    මොන පත්තරේද මතක නෑ. Driver ඉන්න තැන හොයගන්නකම් පළවෙනි කොටස තිබුනේ.
    දෙවෙනි කොටස ලබන සතියට කියලා තිබුණා.
    TFS.

    Whole Story

    http://elakiri.com/forum/showthread.php?t=1608059
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    uba maara criminal mind ekak thiyena porak ban...
    බෙල්ල කපල දාන එක මහ මෝඩ වැඩක් බං :no: :no:
    බෙල්ල කැපුව ඒ මිනිහ මලා ඒක එතනිං ඉවරයි :sorry: :sorry:
    මොකක්ද ඒකෙන් ලැබෙන තෘප්තිය :sorry: :sorry:
    ක්ෂණික මරණයක් කියන්නෙ මිනිහෙක්ට දෙන්න පුළුවන් වටිනාම ත්‍යාගයක් :sorry: :sorry:
    ඒ මනුස්සය වයසට යනකං ජීවත් වෙන්න දුන්නනං අන්තිමට හාට් ඇටෑක් එකක්වත් හැදිල ඔයිට වඩා විඳවන්න තිබ්බ, අංශභාගෙ හැදිල විඳවන්න තිබ්බ :sorry: :sorry:
    ඒ නිසා ඔහොම වෙලාවකදි කරන්න ඕනෙ හතුරව අල්ලගෙන අත පය වල ඇට කුඩුවෙන්න ගහල ඇහි පිහාටු දෙක කපල ආයෙ හදන්න බැරිවෙන්න ඇහේ බෝල දෙක පුච්චන්න ඕනෙ සදාකාලික අන්ධයෙක් වෙලා ජිවත් වෙන්න :yes: :yes:
    තව දිව කපල දැම්මෑකි ගොලුවෙක් වෙන්න :yes: :yes:
    එතකොට ඒ මිනිහ තමන්ගෙ මුලු ජීවිත කාලෙම ඇවිදගන්න බැරුව, ලෝකය දකින්න බැරුව, කතා කරගන්න බැරුව විඳවනව :yes: :yes:
    ඒ තරම් සතුටක් වෙන කොහින්ද :yes: :yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    එතකොට ඒ මිනිහ තමන්ගෙ මුලු ජීවිත කාලෙම ඇවිදගන්න බැරුව, ලෝකය දකින්න බැරුව, කතා කරගන්න බැරුව විඳවනව
    :yes: :yes:
    ඒ තරම් සතුටක් වෙන කොහින්ද :yes: :yes:
    මචං horror movies එහෙම වැඩිය බලන්න එපා...හිත් දූෂණය වෙනව...:sorry:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බෙල්ල කපල දාන එක මහ මෝඩ වැඩක් බං :no: :no:
    බෙල්ල කැපුව ඒ මිනිහ මලා ඒක එතනිං ඉවරයි :sorry: :sorry:
    මොකක්ද ඒකෙන් ලැබෙන තෘප්තිය :sorry: :sorry:
    ක්ෂණික මරණයක් කියන්නෙ මිනිහෙක්ට දෙන්න පුළුවන් වටිනාම ත්‍යාගයක් :sorry: :sorry:
    ඒ මනුස්සය වයසට යනකං ජීවත් වෙන්න දුන්නනං අන්තිමට හාට් ඇටෑක් එකක්වත් හැදිල ඔයිට වඩා විඳවන්න තිබ්බ, අංශභාගෙ හැදිල විඳවන්න තිබ්බ :sorry: :sorry:
    ඒ නිසා ඔහොම වෙලාවකදි කරන්න ඕනෙ හතුරව අල්ලගෙන අත පය වල ඇට කුඩුවෙන්න ගහල ඇහි පිහාටු දෙක කපල ආයෙ හදන්න බැරිවෙන්න ඇහේ බෝල දෙක පුච්චන්න ඕනෙ සදාකාලික අන්ධයෙක් වෙලා ජිවත් වෙන්න :yes: :yes:
    තව දිව කපල දැම්මෑකි ගොලුවෙක් වෙන්න :yes: :yes:
    එතකොට ඒ මිනිහ තමන්ගෙ මුලු ජීවිත කාලෙම ඇවිදගන්න බැරුව, ලෝකය දකින්න බැරුව, කතා කරගන්න බැරුව විඳවනව :yes: :yes:
    ඒ තරම් සතුටක් වෙන කොහින්ද :yes: :yes:
    :eek::baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කව්රු මොනා කිවත් මම කියන්නේ මු කරපු දේ හරි කියලා :yes:
    ඔය දෙෂ්පලුවෝ කවද්ද බන් හිරෙයවන්න පුළුවන් වුනේ :angry:
    එක හින්ද ලේ වලට ලේ වලින්ම වන්දි ගෙවන්න දුන්නු එක තමා හරි :)
    බලන් ගියාම මු යකෝ අර Prison Break ෂෝ එකේ ඉන්න එකාට වඩා දක්ෂයෙක්නේ බන් :cool:
    5පාරක් විතර හිරෙන් පැනල තියනවා නේ :shocked:
    මිනිහගේ ජීවිත කතාව අල්ලලා ෆිල්ම් එකක් ගැහුවා නම් සුපිරියට තියේවි :rolleyes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මේක අර Alcatraz prison escape එකට දෙවෙනි වෙන්නෙ නෑ...
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    කව්රු මොනා කිවත් මම කියන්නේ මු කරපු දේ හරි කියලා :yes:
    ඔය දෙෂ්පලුවෝ කවද්ද බන් හිරෙයවන්න පුළුවන් වුනේ :angry:
    එක හින්ද ලේ වලට ලේ වලින්ම වන්දි ගෙවන්න දුන්නු එක තමා හරි :)
    බලන් ගියාම මු යකෝ අර Prison Break ෂෝ එකේ ඉන්න එකාට වඩා දක්ෂයෙක්නේ බන් :cool:
    5පාරක් විතර හිරෙන් පැනල තියනවා නේ :shocked:
    මිනිහගේ ජීවිත කතාව අල්ලලා ෆිල්ම් එකක් ගැහුවා නම් සුපිරියට තියේවි :rolleyes:

    Mu Hiren panapu widiyata muta last murder ekath karala hiren pannanam aurudu 40 ganak hire inna one naha bn :yes:
     
    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මේක ගොඩක් තැන් වල share වෙලා තියෙනවා මම දැක්ක..මේක මු ගොතපු කතාවක් වෙන්න බැරිද..මේක ඔප්පු කරන්න ඒවා තියෙනවද..