හිතුවක්කාරි ගැන මම දන්නෙත් නැ ඇත්තටම…මොක&#

rush_92

Member
Aug 31, 2010
74
1
0
හිතුවක්කාරි ගැන මම දන්නෙත් නැ ඇත්තටම…මොක&#

ක්ලාස් පටන් ගන්නේ 9 ට. අපි එක එකා ඉතින් වැටිච්ච වැටිච්ච තැන් වල වල බැහැල ඉන්නවා…සර් කාරයා එන්නෙත් පරක්කු වෙලානේ…ඔහ් පන්තියේ එක පාරටම සද්ද නැති උනා. හැම එකාම ඇස් උද තියාගෙන බලන් ඉන්නවා.. මාත් ඉතින් ඇත ඇරියේ නැ…පොඩ්ඩක් ඇහැ දැම්මා..මොකක්ද සීන් කොන් එක කියල බලන්න…බුදු අම්මියෝ කවුද මේ සුරංගනාවී…ඉතින් කට්ටිය මේ විදිහට බලන් ඉන්න එක පුදුම වෙන්න දෙයක් ද ?දෙන දෙවියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ නිකන්ද? මේකි කෙලින්ම ආව මම ලගට (මොකද ඉස්සරහ ඉඩ තිබ්බේ නැ ) නැත්නම් කට්ටිය බලයි මම බිස්නස් ක්ලාස් එකේද වාඩි වෙන්නේ කියල … ඇත්ත වශයෙන්ම ඉදිරියේදී උද්දමනය වැඩි වෙයි කියල හිතලා දැන් ඉදලම ඉකොනොම්යි ක්ලාස් එකේ වාඩි වෙන්නේ…..නැතුව බැරි කමකට එහෙම නෙවෙයි ..එක්ස් කියුස් මි මම මෙතනින් ඉද ගත්තට කමක් නැත්ද? කෙල්ල අහපි…..එනකන් බලන් හිටියේ කියල කියන්න බැනේ…මමත් මගේ පුරුෂ මෙව්වා එක ඉස්සරහට දාල පොර සේ ඩෝන්ට් කෙයාර් පාරක් දාල කිව්වා ඉට්ස් ඔකේ කියල…..කෙල්ල වාඩි උනේ නැතැයි…. දැන් අපේ කස්ටිය දෑස් දල්වාගෙන බල සිටිති…මොකක්ද සිද්දි වාචකේ කියලා….මමත් ඇත ඇරියේ නැ ගට අරගෙන ටෝල්ක් එක දැම්මා..මොකද ඉක්මන් උනේ නැත්නම් වෙන කොට්ටෝරුවෙක් මේ කෙසෙල් ගහට සොරි මගේ සුදු හදුන් ගහට කොටනවා කියල මම දන්නවා…..

ඔයා අද නේද අලුතින් ආවේ ?

ඔව් අද තමයි ෆස්ට් ඩේ එක…. සර් සැරද??

ටිකක් එත් බය වෙන්න එපා…මම ඉන්නවනේ ..

අහ් ඇත්තට ……

.හ්ම් ඇත්තටම….

හා හා ඉතින් කතා කර කර හිටියට මම ඔයාගේ නමවත් දන්නේ නැ….

මම අශිර…ආදරේට කියන්නේ අශි කියලා…..

ඔයාගේ නම මොකක්ද??

මම කියාරා…

එක ලස්සන නමක්…ඔයා වගේමයි….

මම ලස්සනද ඇත්තටම …

නො වර්ඩ්ස්

තැන්ක්ස් අශි….ඔයා හරි හොඳයි..

.ඔයත්…www.hithuwakkari.wordpress.com
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හිතුවක්කාරි ගැන මම දන්නෙත් නැ ඇත්තටම…මොකද මට තාම හම්බෙලත් නැ..එයාව…දැන් මහ රැ…නිදි මතත් නැ…..කොහෙන් ආපු කෙනෙක් ද මේ හිතුවක්කාරි….බලමුකො ඉස්සරහට වෙන්නෙ මොනාද කියලා…..බස් එකේ කොන්දා කැ ගහනවා ඉස්සරහට යන්නලු…පස්සට යන්නලු….පස්සෙන් සල්ලි ගන්නලු….බස් එකේ තව ඉඩ තියෙනවලු…මම ඒත් තනියම කල්පනා කරනවා…කරන්න පුලුවන් වැඩද මූ කියන්නේ කියල……ඇයි දෙය්යනේ අන්ඩක් කඩා ගන්නෙ නැතුව බස් එකකින් බහිනවා කියන්නෙ අද කාලෙ හැටියට ලොකු වීර ක්‍රියාවක් තමයි ඉතින්…ආ ඒක නෙමෙයි දැන් ඔයාල බලනව ඇති මේ යකා කොහෙන් කඩා පාත් වෙච්ච එකෙක්ද කියලා නේ….

    මම අශිර…අශි කියල කියන්නකෝ….නැත්නම් නිකන් වෙන එකෙක්ට කතා කරනවා වගේ..මොකද මට ඔක්කොම කතා කරන්නේ එහෙම…

    ඉතින් මම ගැන ඔයාල දන්නේ නැ නේ…කියන්න තරම් ලොකු දෙයකුත් නැ ඉතින්….පොර වගේ කිව්වට මොකද? A/L කරනවා.commerce…පට්ටම මීටරයක් නෙමෙයි ඉතින්…හැබැයි..ඉගෙන ගන්න..හොද තැනකට එන්න ලොකු උනන්දුවක් තියෙන අනිත් කොල්ලොන්ට සාපේක්ශව ගොඩක් දේවල් අතින් හොද එකෙක්…ඒක නම් දන්නෙ ඉතින් මාත් කොල්ලෙක් නිසා…..හැබැයි ඉතින් ඒක දැන ගත්ත කෙල්ලෙක් එහෙම නැ හොන්දෙ…උදේ ඉදන් චිරි චිරිය…..වහිනවා වහිනවා ඉවරයක් නැ අප්පා…..එලම් එක හු තියනවා එක පැත්තකින්….අම්මා හු තියනවා එක පැත්තකින්..ඇයි දෙයියනේ පොඩි කාලෙ අපිට පී.ටී කරපු සර් කියල දීලා තියෙන්නේ පැය 8ක් වත් නිදා ගන්න කියලනේ……..මම කොහොමද සර්ට මුහුන දෙන්නේ අඩුවෙන් නිදා ගෙන…මම ගැන මොනවා හිතයිද දන්නේ නැ….

    පෙරලුන පිට හොදයි කියලා ගියා ක්ලාස්….හප්පේ අද එකව්න්ට්ස්….මම කැමතිම සබ්ජෙක්ට් එක….මම දිනපතාම මේ සබ්ජෙක්ට් එකා හොයා ගත්ත එකාලගෙ දෙමව්පියන්ට පින් දෙනවා.

    අපේ සෙට් එක ඔයාල දන්නේ නැ නේ…පැනියාගෙන් පටන් ගමුකො..පැනියා හොද හැදියාවක් තියෙන කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති එකෙක්..(කට ඇරන් බලන්නේ) ඒකනේ ඉතින් පැනියා කියන්නේ…..බුවා…බුවා ඉතින් බුවාම තමයි….අඩි 6ක් විතර උස තියෙන….කිලෝ 100 විතර බර ඇති චුටි කොල්ලෙක්…සුමෝ නැත්නම් ෆන් එකක් නැ ඉතින්….සෙට් එකේ….සොනික්….ඌට උපන් ගෙයිම කරන්ට් එක වැදිලා මම හිතන්නේ…මොකද දන්න කාලෙක ඉදල කොන්ඩෙ කරන්ට් එක වැදිච්ච ලුක් එකක් තියෙන්නේ…ඒක තමයි ඌට සොනික් කියන්නේ…සෙට් එකේ එකෙක් හරි නැතනම් එදාට වැඩක් නැ…ඒ කියන්නේ හැම ෆ්රෙන්ඩෙක්ම වැදගත් මචන්…..ක්ලාස් පටන් ගන්නේ 9 ට. අපි එක එකා ඉතින් වැටිච්ච වැටිච්ච තැන් වල වල බැහැල ඉන්නවා…සර් කාරයා එන්නෙත් පරක්කු වෙලානේ…ඔහ් පන්තියේ එක පාරටම සද්ද නැති උනා. හැම එකාම ඇස් උද තියාගෙන බලන් ඉන්නවා.. මාත් ඉතින් ඇත ඇරියේ නැ…පොඩ්ඩක් ඇහැ දැම්මා..මොකක්ද සීන් කොන් එක කියල බලන්න…බුදු අම්මියෝ කවුද මේ සුරංගනාවී…ඉතින් කට්ටිය මේ විදිහට බලන් ඉන්න එක පුදුම වෙන්න දෙයක් ද ?දෙන දෙවියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ නිකන්ද? මේකි කෙලින්ම ආව මම ලගට (මොකද ඉස්සරහ ඉඩ තිබ්බේ නැ ) නැත්නම් කට්ටිය බලයි මම බිස්නස් ක්ලාස් එකේද වාඩි වෙන්නේ කියල … ඇත්ත වශයෙන්ම ඉදිරියේදී උද්දමනය වැඩි වෙයි කියල හිතලා දැන් ඉදලම ඉකොනොම්යි ක්ලාස් එකේ වාඩි වෙන්නේ…..නැතුව බැරි කමකට එහෙම නෙවෙයි ..එක්ස් කියුස් මි මම මෙතනින් ඉද ගත්තට කමක් නැත්ද? කෙල්ල අහපි…..එනකන් බලන් හිටියේ කියල කියන්න බැනේ…මමත් මගේ පුරුෂ මෙව්වා එක ඉස්සරහට දාල පොර සේ ඩෝන්ට් කෙයාර් පාරක් දාල කිව්වා ඉට්ස් ඔකේ කියල…..කෙල්ල වාඩි උනේ නැතැයි…. දැන් අපේ කස්ටිය දෑස් දල්වාගෙන බල සිටිති…මොකක්ද සිද්දි වාචකේ කියලා….මමත් ඇත ඇරියේ නැ ගට අරගෙන ටෝල්ක් එක දැම්මා..මොකද ඉක්මන් උනේ නැත්නම් වෙන කොට්ටෝරුවෙක් මේ කෙසෙල් ගහට සොරි මගේ සුදු හදුන් ගහට කොටනවා කියල මම දන්නවා…..

    ඔයා අද නේද අලුතින් ආවේ ?

    ඔව් අද තමයි ෆස්ට් ඩේ එක…. සර් සැරද??

    ටිකක් එත් බය වෙන්න එපා…මම ඉන්නවනේ ..

    අහ් ඇත්තට ……

    .හ්ම් ඇත්තටම….

    හා හා ඉතින් කතා කර කර හිටියට මම ඔයාගේ නමවත් දන්නේ නැ….

    මම අශිර…ආදරේට කියන්නේ අශි කියලා…..

    ඔයාගේ නම මොකක්ද??

    මම කියාරා…

    එක ලස්සන නමක්…ඔයා වගේමයි….

    මම ලස්සනද ඇත්තටම …

    නො වර්ඩ්ස්

    තැන්ක්ස් අශි….ඔයා හරි හොඳයි..

    .ඔයත්…..


    ugenma thamayi issuwe
     

    rush_92

    Member
    Aug 31, 2010
    74
    1
    0
    ඉතින් ඔයා ඇයි මේ ක්ලාස් එකට එන්න මෙච්චර පරක්කු උනේ….



    නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කොමස් වලට ආවා….



    ආ හා… ඒකයි මේ…ඉතින් ඔයා මේකේ මග ඇරුනු ලෙසන්ස් වලට මොනාද කරන්නේ….අනේ මන්දා ඒ ටික ඉක්මනට අල්ල ගන්න වෙයි….ඒව ඔනි වෙනවා



    මට මේ ක්ලාස් එකේ යාලුවොත් නැ අශි…ඉන්න ගර්ල්ස්ලව මම දන්නෙත් නැ….දන්නේ නැති දෙයක් අහගන්නවත්…



    අය්යො ඔයාට ඒකද දැන් තියෙන ප්‍රොබ්ලම් එක….ඒකනේ මම කිව්වෙ මම ඉන්නවනේ කියලා….ඔයාට මම නොට්ස් ටික ගෙනල්ලා දෙන්නම්. දන්නෙ නැති දෙයක් තියෙනවනම් මගෙන් අහන්න…අපි දැන් යාලුවොනේ…



    ඔව් ඔයා තමයි මට මෙච්චර ඉක්මනට ක්ලොස් උන එකම යාලුවා….ඇත්තටම…

    ඉතිරිය කියවන්න http://hithuwakkari.wordpress.com/