ඊලග එක දාපන් .....
G ggktharu87 Junior member Feb 12, 2009 114 6 18 Jan 22, 2015 #109 කෝ බන්.. දාපන්කො... මෙකත් නිකන් Game of thrones වගේ. දානකන් ඉන්න බෑ.බලපු ගමන් ඊලග සතිය වෙනකම් ඉන්නත් බෑ.LOL.. any way good work bro.keep it up.
කෝ බන්.. දාපන්කො... මෙකත් නිකන් Game of thrones වගේ. දානකන් ඉන්න බෑ.බලපු ගමන් ඊලග සතිය වෙනකම් ඉන්නත් බෑ.LOL.. any way good work bro.keep it up.
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 22, 2015 #110 හිතුවක්කාර ආදරය - 10 වෙනි කොටස විවේක ගැනීමට මා හට නිවාඩුවක් ලැබුනද පසුදින උදයේම මා කාර්යාලයට යාමට සිතුවේ මා හට එතරම්ම අමාරුවක් නොදැනුන නිසාය. එමෙන්ම ඉතිරි වූ වැඩරාජකාරි කීපයක් තිබීම හා ඉමාෂාව දැක ගැනීමට ඇති ආසාව නිසාත්ය. බ්‍රයන්ටද ඇමතුමක් ලබදෙමින් මම ඔහුවද රැගෙන වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ගියෙමි. මක්නිසාදයත් අද එම වැඩසටහනේ අවසන් දිනය වූ නිසාවෙනි. මෙම වැඩමුළුවෙන් අප සිතුවටත් වඩා සාර්තකත්වයක් ලබා ගැනීමට හැකිවීම ආයතනයක් ලෙස, අප ලැබූ ඉහලම ජයග්රහනයකි. "ඔයාල දෙන්නට අද මම විවේක ගන්න කිව්වා නේද" "ඒක අවුලක් නැහැ සර්. දිනුකටයි මටයි එච්චර ලොකු අමාරුවක් නැහැ. ඒකයි මේ පැත්තට ආවෙ. අනික අද මිස්ටර් වික්‍රමසින්හ එනවා කිව්වා" "ඒකත් එහෙමද. ඔයාල දෙන්නට අමාරුවක් තියනවනම් අද ඕනම වෙලාවක යන්න හරි. මගෙන් ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. බ්‍රයන් කකුල කොහොමද දැන්" "තාම හොඳටම හොඳ නැහැ සර්, ඒත් අවුලක් නැහැ. ඒක ඇරිල යාවි" "ඔයාල දෙන්න මේ කම්පැනියට ආව දා ඉඳන්ම හොඳටම තම රාජකාරිය කලා. ඒකනෙ මම තාමත් තමුසෙල දෙන්නට ආදරේ. මට අද යන්න ඕන කොළඹ වැඩ වගයකට. ඔයාල එහෙනම් මෙතන වැඩ ටික බලා ගන්න. තව දෙයක්, වික්‍රමසින්හ එක්ක ගනුදෙනුවට යනොකොට ටිකක් කල්පනාවෙන්. මිනිහ නීති කාරයා. අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ" "අපි ඒ ගැන බලාගන්නම් සර්. මොනාහරි අවුලක් උනොත් විතරක් සර්ට කෝල් එකක් දෙන්නම්" ලොක්කාට සමුදුන් අපි දෙදෙනා ඊයේ සිදුවූ දේට සමාව අයැදීමීට රන්ඩුව ඇති වූ ස්ථානයට ගියෙමු. එහෙදී ඊයේ දිනයේදී කෑමට නොහැකි වූ මැගි නූල්ඩස් දෙකද අවසන් කල අප දෙදෙනා නැවත කාර්යාලය වෙත ගියේ බ්‍රයන් මිමිනූ ආදර ගීතයත් සමගමය. වැඩමුළුව නිසා අප කාර්යාලයේ සියලුම දෙනාට ගෙවී ගිය දින කීපය ඉතා කාර්යබහුල දින කීපයක් විය. සම්පත් ඇතුළු අපගේ අළුත් පිරිසේ මහන්සිය හා උනන්දුව නිසා වැඩමුළුව සාර්තකව නිමකිරීමට හැකිවිය. එය ඔවුන් ලද ඉහලම ජයග්‍රහණයක් විය. කරුණුකාරනා මෙසේ සමබරව තිබියෙදීත් මාගේ සිත මදක් කලබලගතියෙන් යුතු වූයේ මා හට ලැබුනු තර්ජනාත්මක දුරකථන ඇමතුමක් නිසාය. ඉමාෂා මා දකින ලස්සන සිහිනයක් බවත් ඇයව පරිස්සම් කරගන්නා ලෙසත් එම දුරකථන ඇමතුමෙහි සඳහන් විය. අසීස් ළඟ නැති අඩුව මේ මොහොතේ මට තදින්ම දැනෙන්නට විය. "උඹ ඔය කෝල් එක ගැන ඉමාෂට කිව්වද" "ඔව් මම කිව්වා. එයා තාත්තටත් කියලා" "මේ ප්‍රස්නෙ දුරදිග යනව වැඩියි බන්." "ඒක තමා බ්‍රයන්, අපි මෙහෙම ඉඳල වැඩක් නැහැ. මොනව හරි කරන්න ඕන. අසීස් හිටියනම්" "ඒක තමා බන්. මම ඊයෙ ට්‍රයිකලා මිනිහව සම්බඳ කරගන්න. ඒත් බැරිඋනා" "අපි තව ටිකක් ඉවසල බලමුකො. හැබැයි ඉමාෂාට කරදරයක් කලොත් ..." "ඒක තමා දිනුක මටත් බය. කාට හරි අපි එක්ක අවුලක් තියනවනම් ඒක අපි එක්ක විසඳගන්න ඕන පිරිමියෙක් විදිහට ඇවිල්ලා." "කෙවිය තරහින් ඉන්නෙ බන්. දන්නවනෙ මිනිහගෙ හැටි. සල්ලිවලට ඕනම දෙයක් කරයි. මතකනෙ ඩොලර් වලට කෙවියගෙ ගෑනිව දුන්නා සුද්දෙකුට ඇඳ උනුසුම් කරන්න" "ඒක ඇත්ත. කෙවිය මහ එපා කරපු එකෙක්. උන් ඔය ඉමාෂාව අල්ලගෙන ඉන්නෙ උන් දන්නවා උබේ දුර්වල තැන එතන කියලා" "හම්ම්ම්.. බ්‍රයන් මම දැන් යනවා ඉමාෂව ඇරලවල එන්න. උඹ හයහ මාරට විතර ඔඩීලියා එකේ උඩ හිටපන් මම එන්නම් හරි" බ්‍රයන්ට එසේ සමුදුන් මම ඉමාෂා හා වෙරළ තීරයට ගියෙමි. ඇය මුහුදු රැල්ලට එයින් හමා ආ සුළඟට මටත් වඩා ඇළුම්කලෝය. සමහර වෙලාවට මම මුහුදු වෙරළට අකමැති වූයේ එම හේතුව නිසා විය යුතුය. "මගෙ හිතට මොකක්දෝ බයක් දැනෙනවා දිනුක" "ඒ මොකෝ" "අර ජරා මිනිස්සු ඔයාට මොනව හරි කරදරයක් කරයි කියලා. ඉගෙනගත්තෙ නැති මෝඩ මිනිස්සු" "ඔයා බයනොවී ඉන්නකො. සේරම හොඳින් සිද්ද වෙයි" "බැරිවෙලා හරි මාව ඔයාට නැති උනොත් ඔයා හොඳින් ඉන්න ඕන හරිද. මම වෙනුවෙන් මේ පුංචි කෙල්ලගෙ ආදරේ වෙනුවෙන්, මේ පුංචි කෙල්ල මැවූ හීන වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න ඕන හොඳින් හරි.. අනේ මොකද අනේ ඔය කරන්නෙ. මගෙ කොන්ඩෙ අවුල්කරන්නෙ මොකද?" "නෑ මම මේ බැලුවෙ ඔළුව කොහෙ හරි වැදිල ඉදිමිලාද කියලා. විකාර දොඩවන හින්දා" "නෑ දිනුක මම ඊයෙ හීනයක් දැක්කා.. මම මේ සේරගෙන්ම පැනල ගිහිල්ලා කැලේක භාවනා කරනවා" "මම කිව්වෙ.. " "නැහැ නැහැ .. සාමාන්‍යයෙන් මම දකින හීන ඇත්ත වෙනවා. ඒකයි කිව්වෙ ඔයාට" "දැන් ඕක වෙන්නෙ මෙහෙමනෙ.. අපි දෙන්න හනිමුන් එකට යන්නෙ කැලයක් මැද්දෙ තියන ලස්සන තැනකට වෙන්න ඇති. ඔයා සොබා ධහමට ආස නිසා ගලක් උඩට වෙලා ඉඳගෙන ඉන්නවා ඇති. ඕක තමා ඔයාට ඔය භාවනා කරනවා වගේ දකින්න ඇත්තෙ" "ඔය කිව්වෙ ඉතින්.. හනිමුන් යන්නෙ ගලක් උඩට වෙලා භාවනා කර කර ඉන්නද" "හරි හරි දැන් භාවනා කලා ඇති. යමු අයිස්ක්‍රීම් එකක් කන්න" මා ඇය හා සිටිනා විට මගේ හිත සැහැල්ලුවෙන් තිබෙනා හැටි පුදුමාකාරය. මනස කොතරම් අවුල් වියවුල් උවද ඇය ලඟට වී ඇය දෙස බලා සිටිනාවිට සිතට දැනෙනා දේ සිතට හැඟෙනා දේ නිවරැදිව විස්තර කිරීමට මම නොදැන සිටියෙමි. ඇය ළඟ සිටිනා හැම මොහොතක්ම එතර්ම්ම සුන්දරය, අලංකාරය. එමෙන්ම මා ජීවිතයේ කල හොඳම දේ ඇය හා සීටීමට යන්න මට සිතූ වාරගනන අනන්තය, අප්රමානය. "දිනුක ඒක නෙමේ, ඔයා මාව අතහැරල වෙන කෙල්ලෙක්ව යාළුකරගන්න" "ඒ මොකෝ ඒ" "ඊට පස්සෙ ඒ ගෑණු ළමයව අතහැරල ආයෙත් මගේ ළඟට එන්න. මොකද අර කතාවක් තියනවනෙ පිරිමි ළමයෙකුගෙ අන්තිම ආදරයයි ගැහැණු ළමයෙකුගෙ මුල් ආදරයයි එකතු උනොත් ඒ ආදරය සදා අමරණීයයි කියලා" "එතකොට අර මම අතාරින ගෑණු ළමයට මොකද වෙන්නෙ, ඒක එයාගෙ පළමු ආදරයනම්" "ම්ම්ම්ම් ... හොඳ තර්කයක්.. හිතන්න ඕන දෙයක් " "ඔයාටනම් අද මොකක් හරි වෙලා තියනවා ඉමාෂා. නැතිනම් ඔයාගෙ ඔළුව කොහෙම හරි වැදිල තියනවා. නැතිනම් මෙහෙම මනස්ගාත දොඩවන්නෙ නැහැනෙ" ඇයගේ විකාර වූ අදහස් සමග ගත කල විනාඩි කීපයකින් අනතුරුව මම ඇයව ඇගේ නිවසට ඇරලුවෙමි. ඇගේ විකාර වූ අදහස් නිසා මාගේ හවස්වරුවම බොඳවී තුබුනද ඇගේ සුවඳ තවමත් මාගේ ලඟ දැවටුන නිසා සිහිනලෝකයේ අතරමන් වෙමින් මම මගේ නිවසට පැමිනියෙමි. තනිවම සිනහවීම, නොයෙකුත් ජවනිකා තනිවම රඟදැක්වීම යන රෝග ලක්ෂන නිසා මම ආදරයෙන් වල්මත් වී ඇති බව මට සිතුනෙමි. මගේ දුරකථනය නාදවීම නිසා මා අතරමන් වූ ඇගේ ලෝකයෙන් නැවතත් පාර සොයා පියවි ලෝකයට පැමිනීමට මට හැකිවිය. "කොහෙද බන් ඉන්නෙ.. මම මෙතන දැන් තනියම විනාඩි හතළිහක් විතර. තාම උඹ ඉමාෂ එක්කද ඉන්නෙ" "මචන් බ්‍රයන්.. මාර වැඩේනෙ. මට අමතක උනා උඹ මම එනකම් ඉන්නවා කියලා. ඉතින් මම කෙලින්ම ගෙදර ආවා. සොරි බන්" "උඹ මාර පොරක්නෙ. කෙල්ල හින්දා දැන් මාවත් අමතකවෙන්න ගත්තද" "අනේ එහෙම කියන්න එපා. එයාට කලින් උඹව මට ලැබුනෙ. ඔහොම හිටපන් විනාඩි පහෙන් එන්නම් ඔතන්ට." "නෑ නෑ .. මේ දැන් අම්ම එන්න කිව්ව බන් දොස්තරගාවට යන්න. අපි හෙටම සෙට් වෙලා කතා කරමු." "අම්මට මොකෝ බන්. ඊයෙත් හොඳට හිටියනෙ" "එයා හොඳින් බන්. මොනවද රිපෝට් වගයක් ගන්න තියනවලු." "එහෙමද.. එහෙනම් හෙට සෙට් වෙමු. මොනව හරි තියනවනම් කියපන්. මාත් එන්නම්" "ඕකේ..ගුඩ් නයිට්" බ්‍රයන්ව අද හවස්වරුවේ අමතවීම පිළිබඳව මට ඇති වූයේ ලැජ්ජාවකි. නමුත් ඔහු කරුනු කාරනා තේරුම් ගැනීමට හැකි හොඳ මිතුරෙක් නිසා මගේ අතින් මිතුරෙකුට නොදැන වූ වරදට සමාව ලැබෙනවා නොඅනුමානය. පාන්දර පහට පමන මාගේ දුරකථනය නාදවන හඬ හීනෙන් මෙන් ඇසුනු නිසා මම නිදිමත ගතියේම දුරකථනය අතට ගත්තෙමි. එහි බ්‍රයන් යන නාමය දිස් වීම නිසා මට ඔහු ගැන ඇතිවූයේ පුදුම ආදර හැඟීමකි. නිදහසේ තවත් පැයක් පමන නිදාගැනීමට තිබූ අවස්තාවක් ඔහු නිසා මට මගහැරීයන අතර මෙතරම්ම පාන්දර ඔහු මාව අවදිකරවූයේ යම්කිසි කරදරයක්දැයි සිතා මම දුරකථනයට පිළිතුරු දුන්නෙමි. "ගුඩ් මෝර්නිං මචන්.. උඹ නිදිද" "අනේ නැහැ.. මම මේ මල් පැල්වලට වතුර දාන ගමන් ඉන්නෙ." "හරි හරි ඉතින් .." "ඇයි යකෝ මේ පාන්දර කෝල් කරල නිදිද කියල් අහන්නෙ. හරි හරි මොකෝ මේ කවදාවත් නැතිව පාන්දරම. තව පැයක් විතර අගේට නිදාගන්න තිබුනා බන්" "නිදාගන්න පුළුවන් බන් පස්සෙ. උඹ හය වෙනකොට වරෙන් අද හරි" "ඒ මොකද බන්.. අද සිකුරිටිය නිවාඩුද, ගේට්ටුව අරින්නද එච්චර උදෙන්ම යන්නෙ" "ඔෆිස් එකට නෙමේ බන්, සුපුරුදු ස්ථානයට වරෙන්. අසීස් ඇවිත්" "මේ හදිසියේ.. " "ඔව්. මිනිහට පාන්දරම අපි දෙන්නව මීට් වෙන්න ඕනලු" අසීස්ට කවදාවත් නැතිව අපිව පාන්දරම හමුවීමට ඇති ආසාව කුමක්දැයි මම කල්පනා කලෙමි. එමෙන්ම හදිසියේම ඔහු ලංකාවට පැමිනියේ ඇයිදැයි යන්නද තවත් ගැටලුවකි. කෙසේ වෙතත් මම බ්‍රයන්වද රැගෙන නියමිත ස්ථානයට ළඟා වුනෙමි. වෙනදා මෙන්ම සුහදව පිළිගනු ලැබූ අතරම ඔහුගේ මුහුණ සතුටින් පිරී තිබුනි. "ගුඩ්මෝර්නිං අසිස්.. මොකද මේ කවදාවත්ම නැතිව පාන්දරම" "ගුඩ්මෝර්නිං දෙන්නටම.. මම මේ එන්න කිව්වෙ වැදගත් දෙයක් ගැන කතා කරන්න" "ඒ මොකක්ද ඒ" "මගේ වයිෆ්ට දුවෙක් ලැබුනා. ඉතින් මම මේ බැළුවෙ ලංකාවෙන් යන්න කියලා අවුරුදු පහ හයකට. අනික මේ වැඩවලින් ඈත් වෙලා වෙනම ලයිෆ් එකක් හදාගන්න කියල් බැලුවෙ" "ඒකනම් හොඳ අදහස තමා. අපිත් ඔය ගැන කතා කරන්න හිටියෙ ඔයා එක්ක. මොකද පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් එක්ක අපිත් හිතුවා ඔය ගැන" "මට ඔයාල දෙන්නව විස්වාසයි. මේ සමාජය අපිට හොඳ ජීවිතයක් ගතකීරීමට ඉඩ දෙයිද කියන එකයි ප්‍රස්නෙ" "ඒ ගැන බය වෙන්න එපා අසීස්.. අපි අතරෙ තිබූ මේ බැඳීම නිසා තමා අසීස් අපිට මෙච්චර දුරක් එන්න පුළුවන් උනේ" "ඒක ඇත්ත දිනුක. ආයෙමත් දවසක් ඒවි අපිට හමුවෙන්න.. අපි එදාට අයෙමත් හමුවෙමු එහෙනම්." "මේක සමුගැම්මක්ම නෙමේ. අපි ආයෙමත් හමුවෙමු. මොකද අපිට කරන්න බැරිව ගිය එක මිෂන් එකක් තියනවා. ඒක අපි ඉවරයක් කරමු. මොකද දුප්පත් මිනිස්සුන්ට් ගොඩක් සහනයල් ලැබේවි" "ඔය කියන්නෙ රොබින් හුඩ් මෙහෙයුම ගැන නේද" "ඔව් ඔව්.. අපි ඒ ගැන කතා කරමු පස්සෙ. අනික ඔයාල දෙන්න පරිස්සමට ඉන්න. තව දෙයක් අපි එදා ට්‍රාන්ස්පෝට් කරපු බඩුවල සල්ලි හම්බවෙයි ලබන සතියෙ. මම ඔයාලට දන්වන්නම්. ඒ සල්ලි වලින් අපි ප්ලෑන් කරපු විදිහටම අර අසරණ ළමයින්ට ඉස්කෝලෙ යන්න හදල දෙන්න. " "හරි අසීස්, ඒ වැඩ ටික මමයි දිනුකයි බලා ගන්නම්. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්" "ඒ වගේම බ්‍රයන් ඔයා තව අවුරුදු දෙකකින් ප්‍රාදේශීය සභහවට ඉල්ලන්න ඕන. එතකොට අපේවැඩ තවත් ලෙහෙසි වෙනවා. ඒ නිසා දැන්මම ඒකට ඕන මූලික අඩිතාලම දාගන්න. මොහොමඩ්වත් එවන්නම් මම තව මාස දෙක තුනකින් ආපහු." අසීස්ගේ මේ නික්මයාම අපදෙදෙනාටම අදහා ගත නොහැකි දෙයක් වූ නිසා අප දෙදෙනා මදක් නිහඬව සිටියේය. අසීස් පැමිනි රථය නොපෙනී ගියායින් පසුව අප දෙදෙනාද කාර්යාලය වෙත ගියේ නිහඬවමය. "මට හිතෙන්නෙම මිනිහ අපිට නොකිව්ව දෙයක් තියනවා බ්‍රයන්. නැතුව මෙච්චර බලගතු චරිතයක් මෙහෙම එකපාරටම ඉවරවෙයිද බන්" "හම්ම්ම්.. අපි දෙන්නටත් ඕන වෙලා තිබුනෙ ඕකනෙ ඉතින්. මේ වැඩ වලින් ඈත් වෙලා ඉන්නනෙ" "දැන් උඹ හිතනවද අසීස් නැහැ කියල අපිට හොඳින් ඉන්න පුළුවන් වෙයි කියලා. අපි ගනුදෙනු කල මිනිස්සු එතකොට" "මෙච්චර දවස් අපි බිස්නස් කලානෙ බන්, අපිව නුරුස්සන එකෙකුට කියල ඉන්නවනම් ඉන්නෙ කෙවිය විතරනෙ, ඒකත් මේ උගෙ මල්ලිගෙ සිද්දියක් නිසානෙ" "උඹේ මතයත් හරි." "මේ අසීස්ව අමතක කරපන්කො ටිකකට, කොහොමද මේක" "අඩෝ.. මුද්දක් නේද.. මාර ගති බන්. " "මගෙ තේරීම තමා.. අද නිවන්තිගෙ උපන්දිනේනෙ. " "ආ ඒ කියන්නෙ අද උඹ ප්‍රොපොස් කරනවා.. බය වෙන්න එපා මචෝ සේරම හරි යනවා" "අද අපිට පොඩි වැඩ වගයකට එලියට යන්න තියනවා නේද, උඹ නිවන්තිව එක්කගෙන නමයයි හතර වෙනකොට ඔඩීලියා එක උඩට එන්න ඕන හරි" "නමයයි හතර.. උඹ නැකතකුත් බැලුවද" " මොන නැකැත්ද බන්.. නිවන්ති ඉපදුන ටයිම් එක ඒක" "උඹත් මාර පොරක්නෙ.. ඒවත් හෙව්වද" "දන්නවනෙ ඉතින් මම ගැන උඹ. උඹ වෙලාවට කෙල්ලව එක්කගෙන ආවම පොඩි වයලින් පාර්ට් එකක් එක්ක බර්ත්ඩේ විෂ් එක දෙනගමන්ම මම මගේ ආදරේ කියනවා" "උඹ මෙච්චර පිටපතක් ලියල කියල මම දන්නෙ නැහැනෙ බන්. මම මගේ වැඩේ හරියට කරන්නම්. බ්‍රයන් මම ගිහින් ඉමාෂව එක්කගෙන එන්නම්. අද බස් එකේ එනව කිව්වෙ" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
හිතුවක්කාර ආදරය - 10 වෙනි කොටස විවේක ගැනීමට මා හට නිවාඩුවක් ලැබුනද පසුදින උදයේම මා කාර්යාලයට යාමට සිතුවේ මා හට එතරම්ම අමාරුවක් නොදැනුන නිසාය. එමෙන්ම ඉතිරි වූ වැඩරාජකාරි කීපයක් තිබීම හා ඉමාෂාව දැක ගැනීමට ඇති ආසාව නිසාත්ය. බ්‍රයන්ටද ඇමතුමක් ලබදෙමින් මම ඔහුවද රැගෙන වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ගියෙමි. මක්නිසාදයත් අද එම වැඩසටහනේ අවසන් දිනය වූ නිසාවෙනි. මෙම වැඩමුළුවෙන් අප සිතුවටත් වඩා සාර්තකත්වයක් ලබා ගැනීමට හැකිවීම ආයතනයක් ලෙස, අප ලැබූ ඉහලම ජයග්රහනයකි. "ඔයාල දෙන්නට අද මම විවේක ගන්න කිව්වා නේද" "ඒක අවුලක් නැහැ සර්. දිනුකටයි මටයි එච්චර ලොකු අමාරුවක් නැහැ. ඒකයි මේ පැත්තට ආවෙ. අනික අද මිස්ටර් වික්‍රමසින්හ එනවා කිව්වා" "ඒකත් එහෙමද. ඔයාල දෙන්නට අමාරුවක් තියනවනම් අද ඕනම වෙලාවක යන්න හරි. මගෙන් ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. බ්‍රයන් කකුල කොහොමද දැන්" "තාම හොඳටම හොඳ නැහැ සර්, ඒත් අවුලක් නැහැ. ඒක ඇරිල යාවි" "ඔයාල දෙන්න මේ කම්පැනියට ආව දා ඉඳන්ම හොඳටම තම රාජකාරිය කලා. ඒකනෙ මම තාමත් තමුසෙල දෙන්නට ආදරේ. මට අද යන්න ඕන කොළඹ වැඩ වගයකට. ඔයාල එහෙනම් මෙතන වැඩ ටික බලා ගන්න. තව දෙයක්, වික්‍රමසින්හ එක්ක ගනුදෙනුවට යනොකොට ටිකක් කල්පනාවෙන්. මිනිහ නීති කාරයා. අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ" "අපි ඒ ගැන බලාගන්නම් සර්. මොනාහරි අවුලක් උනොත් විතරක් සර්ට කෝල් එකක් දෙන්නම්" ලොක්කාට සමුදුන් අපි දෙදෙනා ඊයේ සිදුවූ දේට සමාව අයැදීමීට රන්ඩුව ඇති වූ ස්ථානයට ගියෙමු. එහෙදී ඊයේ දිනයේදී කෑමට නොහැකි වූ මැගි නූල්ඩස් දෙකද අවසන් කල අප දෙදෙනා නැවත කාර්යාලය වෙත ගියේ බ්‍රයන් මිමිනූ ආදර ගීතයත් සමගමය. වැඩමුළුව නිසා අප කාර්යාලයේ සියලුම දෙනාට ගෙවී ගිය දින කීපය ඉතා කාර්යබහුල දින කීපයක් විය. සම්පත් ඇතුළු අපගේ අළුත් පිරිසේ මහන්සිය හා උනන්දුව නිසා වැඩමුළුව සාර්තකව නිමකිරීමට හැකිවිය. එය ඔවුන් ලද ඉහලම ජයග්‍රහණයක් විය. කරුණුකාරනා මෙසේ සමබරව තිබියෙදීත් මාගේ සිත මදක් කලබලගතියෙන් යුතු වූයේ මා හට ලැබුනු තර්ජනාත්මක දුරකථන ඇමතුමක් නිසාය. ඉමාෂා මා දකින ලස්සන සිහිනයක් බවත් ඇයව පරිස්සම් කරගන්නා ලෙසත් එම දුරකථන ඇමතුමෙහි සඳහන් විය. අසීස් ළඟ නැති අඩුව මේ මොහොතේ මට තදින්ම දැනෙන්නට විය. "උඹ ඔය කෝල් එක ගැන ඉමාෂට කිව්වද" "ඔව් මම කිව්වා. එයා තාත්තටත් කියලා" "මේ ප්‍රස්නෙ දුරදිග යනව වැඩියි බන්." "ඒක තමා බ්‍රයන්, අපි මෙහෙම ඉඳල වැඩක් නැහැ. මොනව හරි කරන්න ඕන. අසීස් හිටියනම්" "ඒක තමා බන්. මම ඊයෙ ට්‍රයිකලා මිනිහව සම්බඳ කරගන්න. ඒත් බැරිඋනා" "අපි තව ටිකක් ඉවසල බලමුකො. හැබැයි ඉමාෂාට කරදරයක් කලොත් ..." "ඒක තමා දිනුක මටත් බය. කාට හරි අපි එක්ක අවුලක් තියනවනම් ඒක අපි එක්ක විසඳගන්න ඕන පිරිමියෙක් විදිහට ඇවිල්ලා." "කෙවිය තරහින් ඉන්නෙ බන්. දන්නවනෙ මිනිහගෙ හැටි. සල්ලිවලට ඕනම දෙයක් කරයි. මතකනෙ ඩොලර් වලට කෙවියගෙ ගෑනිව දුන්නා සුද්දෙකුට ඇඳ උනුසුම් කරන්න" "ඒක ඇත්ත. කෙවිය මහ එපා කරපු එකෙක්. උන් ඔය ඉමාෂාව අල්ලගෙන ඉන්නෙ උන් දන්නවා උබේ දුර්වල තැන එතන කියලා" "හම්ම්ම්.. බ්‍රයන් මම දැන් යනවා ඉමාෂව ඇරලවල එන්න. උඹ හයහ මාරට විතර ඔඩීලියා එකේ උඩ හිටපන් මම එන්නම් හරි" බ්‍රයන්ට එසේ සමුදුන් මම ඉමාෂා හා වෙරළ තීරයට ගියෙමි. ඇය මුහුදු රැල්ලට එයින් හමා ආ සුළඟට මටත් වඩා ඇළුම්කලෝය. සමහර වෙලාවට මම මුහුදු වෙරළට අකමැති වූයේ එම හේතුව නිසා විය යුතුය. "මගෙ හිතට මොකක්දෝ බයක් දැනෙනවා දිනුක" "ඒ මොකෝ" "අර ජරා මිනිස්සු ඔයාට මොනව හරි කරදරයක් කරයි කියලා. ඉගෙනගත්තෙ නැති මෝඩ මිනිස්සු" "ඔයා බයනොවී ඉන්නකො. සේරම හොඳින් සිද්ද වෙයි" "බැරිවෙලා හරි මාව ඔයාට නැති උනොත් ඔයා හොඳින් ඉන්න ඕන හරිද. මම වෙනුවෙන් මේ පුංචි කෙල්ලගෙ ආදරේ වෙනුවෙන්, මේ පුංචි කෙල්ල මැවූ හීන වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න ඕන හොඳින් හරි.. අනේ මොකද අනේ ඔය කරන්නෙ. මගෙ කොන්ඩෙ අවුල්කරන්නෙ මොකද?" "නෑ මම මේ බැලුවෙ ඔළුව කොහෙ හරි වැදිල ඉදිමිලාද කියලා. විකාර දොඩවන හින්දා" "නෑ දිනුක මම ඊයෙ හීනයක් දැක්කා.. මම මේ සේරගෙන්ම පැනල ගිහිල්ලා කැලේක භාවනා කරනවා" "මම කිව්වෙ.. " "නැහැ නැහැ .. සාමාන්‍යයෙන් මම දකින හීන ඇත්ත වෙනවා. ඒකයි කිව්වෙ ඔයාට" "දැන් ඕක වෙන්නෙ මෙහෙමනෙ.. අපි දෙන්න හනිමුන් එකට යන්නෙ කැලයක් මැද්දෙ තියන ලස්සන තැනකට වෙන්න ඇති. ඔයා සොබා ධහමට ආස නිසා ගලක් උඩට වෙලා ඉඳගෙන ඉන්නවා ඇති. ඕක තමා ඔයාට ඔය භාවනා කරනවා වගේ දකින්න ඇත්තෙ" "ඔය කිව්වෙ ඉතින්.. හනිමුන් යන්නෙ ගලක් උඩට වෙලා භාවනා කර කර ඉන්නද" "හරි හරි දැන් භාවනා කලා ඇති. යමු අයිස්ක්‍රීම් එකක් කන්න" මා ඇය හා සිටිනා විට මගේ හිත සැහැල්ලුවෙන් තිබෙනා හැටි පුදුමාකාරය. මනස කොතරම් අවුල් වියවුල් උවද ඇය ලඟට වී ඇය දෙස බලා සිටිනාවිට සිතට දැනෙනා දේ සිතට හැඟෙනා දේ නිවරැදිව විස්තර කිරීමට මම නොදැන සිටියෙමි. ඇය ළඟ සිටිනා හැම මොහොතක්ම එතර්ම්ම සුන්දරය, අලංකාරය. එමෙන්ම මා ජීවිතයේ කල හොඳම දේ ඇය හා සීටීමට යන්න මට සිතූ වාරගනන අනන්තය, අප්රමානය. "දිනුක ඒක නෙමේ, ඔයා මාව අතහැරල වෙන කෙල්ලෙක්ව යාළුකරගන්න" "ඒ මොකෝ ඒ" "ඊට පස්සෙ ඒ ගෑණු ළමයව අතහැරල ආයෙත් මගේ ළඟට එන්න. මොකද අර කතාවක් තියනවනෙ පිරිමි ළමයෙකුගෙ අන්තිම ආදරයයි ගැහැණු ළමයෙකුගෙ මුල් ආදරයයි එකතු උනොත් ඒ ආදරය සදා අමරණීයයි කියලා" "එතකොට අර මම අතාරින ගෑණු ළමයට මොකද වෙන්නෙ, ඒක එයාගෙ පළමු ආදරයනම්" "ම්ම්ම්ම් ... හොඳ තර්කයක්.. හිතන්න ඕන දෙයක් " "ඔයාටනම් අද මොකක් හරි වෙලා තියනවා ඉමාෂා. නැතිනම් ඔයාගෙ ඔළුව කොහෙම හරි වැදිල තියනවා. නැතිනම් මෙහෙම මනස්ගාත දොඩවන්නෙ නැහැනෙ" ඇයගේ විකාර වූ අදහස් සමග ගත කල විනාඩි කීපයකින් අනතුරුව මම ඇයව ඇගේ නිවසට ඇරලුවෙමි. ඇගේ විකාර වූ අදහස් නිසා මාගේ හවස්වරුවම බොඳවී තුබුනද ඇගේ සුවඳ තවමත් මාගේ ලඟ දැවටුන නිසා සිහිනලෝකයේ අතරමන් වෙමින් මම මගේ නිවසට පැමිනියෙමි. තනිවම සිනහවීම, නොයෙකුත් ජවනිකා තනිවම රඟදැක්වීම යන රෝග ලක්ෂන නිසා මම ආදරයෙන් වල්මත් වී ඇති බව මට සිතුනෙමි. මගේ දුරකථනය නාදවීම නිසා මා අතරමන් වූ ඇගේ ලෝකයෙන් නැවතත් පාර සොයා පියවි ලෝකයට පැමිනීමට මට හැකිවිය. "කොහෙද බන් ඉන්නෙ.. මම මෙතන දැන් තනියම විනාඩි හතළිහක් විතර. තාම උඹ ඉමාෂ එක්කද ඉන්නෙ" "මචන් බ්‍රයන්.. මාර වැඩේනෙ. මට අමතක උනා උඹ මම එනකම් ඉන්නවා කියලා. ඉතින් මම කෙලින්ම ගෙදර ආවා. සොරි බන්" "උඹ මාර පොරක්නෙ. කෙල්ල හින්දා දැන් මාවත් අමතකවෙන්න ගත්තද" "අනේ එහෙම කියන්න එපා. එයාට කලින් උඹව මට ලැබුනෙ. ඔහොම හිටපන් විනාඩි පහෙන් එන්නම් ඔතන්ට." "නෑ නෑ .. මේ දැන් අම්ම එන්න කිව්ව බන් දොස්තරගාවට යන්න. අපි හෙටම සෙට් වෙලා කතා කරමු." "අම්මට මොකෝ බන්. ඊයෙත් හොඳට හිටියනෙ" "එයා හොඳින් බන්. මොනවද රිපෝට් වගයක් ගන්න තියනවලු." "එහෙමද.. එහෙනම් හෙට සෙට් වෙමු. මොනව හරි තියනවනම් කියපන්. මාත් එන්නම්" "ඕකේ..ගුඩ් නයිට්" බ්‍රයන්ව අද හවස්වරුවේ අමතවීම පිළිබඳව මට ඇති වූයේ ලැජ්ජාවකි. නමුත් ඔහු කරුනු කාරනා තේරුම් ගැනීමට හැකි හොඳ මිතුරෙක් නිසා මගේ අතින් මිතුරෙකුට නොදැන වූ වරදට සමාව ලැබෙනවා නොඅනුමානය. පාන්දර පහට පමන මාගේ දුරකථනය නාදවන හඬ හීනෙන් මෙන් ඇසුනු නිසා මම නිදිමත ගතියේම දුරකථනය අතට ගත්තෙමි. එහි බ්‍රයන් යන නාමය දිස් වීම නිසා මට ඔහු ගැන ඇතිවූයේ පුදුම ආදර හැඟීමකි. නිදහසේ තවත් පැයක් පමන නිදාගැනීමට තිබූ අවස්තාවක් ඔහු නිසා මට මගහැරීයන අතර මෙතරම්ම පාන්දර ඔහු මාව අවදිකරවූයේ යම්කිසි කරදරයක්දැයි සිතා මම දුරකථනයට පිළිතුරු දුන්නෙමි. "ගුඩ් මෝර්නිං මචන්.. උඹ නිදිද" "අනේ නැහැ.. මම මේ මල් පැල්වලට වතුර දාන ගමන් ඉන්නෙ." "හරි හරි ඉතින් .." "ඇයි යකෝ මේ පාන්දර කෝල් කරල නිදිද කියල් අහන්නෙ. හරි හරි මොකෝ මේ කවදාවත් නැතිව පාන්දරම. තව පැයක් විතර අගේට නිදාගන්න තිබුනා බන්" "නිදාගන්න පුළුවන් බන් පස්සෙ. උඹ හය වෙනකොට වරෙන් අද හරි" "ඒ මොකද බන්.. අද සිකුරිටිය නිවාඩුද, ගේට්ටුව අරින්නද එච්චර උදෙන්ම යන්නෙ" "ඔෆිස් එකට නෙමේ බන්, සුපුරුදු ස්ථානයට වරෙන්. අසීස් ඇවිත්" "මේ හදිසියේ.. " "ඔව්. මිනිහට පාන්දරම අපි දෙන්නව මීට් වෙන්න ඕනලු" අසීස්ට කවදාවත් නැතිව අපිව පාන්දරම හමුවීමට ඇති ආසාව කුමක්දැයි මම කල්පනා කලෙමි. එමෙන්ම හදිසියේම ඔහු ලංකාවට පැමිනියේ ඇයිදැයි යන්නද තවත් ගැටලුවකි. කෙසේ වෙතත් මම බ්‍රයන්වද රැගෙන නියමිත ස්ථානයට ළඟා වුනෙමි. වෙනදා මෙන්ම සුහදව පිළිගනු ලැබූ අතරම ඔහුගේ මුහුණ සතුටින් පිරී තිබුනි. "ගුඩ්මෝර්නිං අසිස්.. මොකද මේ කවදාවත්ම නැතිව පාන්දරම" "ගුඩ්මෝර්නිං දෙන්නටම.. මම මේ එන්න කිව්වෙ වැදගත් දෙයක් ගැන කතා කරන්න" "ඒ මොකක්ද ඒ" "මගේ වයිෆ්ට දුවෙක් ලැබුනා. ඉතින් මම මේ බැළුවෙ ලංකාවෙන් යන්න කියලා අවුරුදු පහ හයකට. අනික මේ වැඩවලින් ඈත් වෙලා වෙනම ලයිෆ් එකක් හදාගන්න කියල් බැලුවෙ" "ඒකනම් හොඳ අදහස තමා. අපිත් ඔය ගැන කතා කරන්න හිටියෙ ඔයා එක්ක. මොකද පහුගිය දවස් ටිකේ වෙච්ච දේවල් එක්ක අපිත් හිතුවා ඔය ගැන" "මට ඔයාල දෙන්නව විස්වාසයි. මේ සමාජය අපිට හොඳ ජීවිතයක් ගතකීරීමට ඉඩ දෙයිද කියන එකයි ප්‍රස්නෙ" "ඒ ගැන බය වෙන්න එපා අසීස්.. අපි අතරෙ තිබූ මේ බැඳීම නිසා තමා අසීස් අපිට මෙච්චර දුරක් එන්න පුළුවන් උනේ" "ඒක ඇත්ත දිනුක. ආයෙමත් දවසක් ඒවි අපිට හමුවෙන්න.. අපි එදාට අයෙමත් හමුවෙමු එහෙනම්." "මේක සමුගැම්මක්ම නෙමේ. අපි ආයෙමත් හමුවෙමු. මොකද අපිට කරන්න බැරිව ගිය එක මිෂන් එකක් තියනවා. ඒක අපි ඉවරයක් කරමු. මොකද දුප්පත් මිනිස්සුන්ට් ගොඩක් සහනයල් ලැබේවි" "ඔය කියන්නෙ රොබින් හුඩ් මෙහෙයුම ගැන නේද" "ඔව් ඔව්.. අපි ඒ ගැන කතා කරමු පස්සෙ. අනික ඔයාල දෙන්න පරිස්සමට ඉන්න. තව දෙයක් අපි එදා ට්‍රාන්ස්පෝට් කරපු බඩුවල සල්ලි හම්බවෙයි ලබන සතියෙ. මම ඔයාලට දන්වන්නම්. ඒ සල්ලි වලින් අපි ප්ලෑන් කරපු විදිහටම අර අසරණ ළමයින්ට ඉස්කෝලෙ යන්න හදල දෙන්න. " "හරි අසීස්, ඒ වැඩ ටික මමයි දිනුකයි බලා ගන්නම්. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක්" "ඒ වගේම බ්‍රයන් ඔයා තව අවුරුදු දෙකකින් ප්‍රාදේශීය සභහවට ඉල්ලන්න ඕන. එතකොට අපේවැඩ තවත් ලෙහෙසි වෙනවා. ඒ නිසා දැන්මම ඒකට ඕන මූලික අඩිතාලම දාගන්න. මොහොමඩ්වත් එවන්නම් මම තව මාස දෙක තුනකින් ආපහු." අසීස්ගේ මේ නික්මයාම අපදෙදෙනාටම අදහා ගත නොහැකි දෙයක් වූ නිසා අප දෙදෙනා මදක් නිහඬව සිටියේය. අසීස් පැමිනි රථය නොපෙනී ගියායින් පසුව අප දෙදෙනාද කාර්යාලය වෙත ගියේ නිහඬවමය. "මට හිතෙන්නෙම මිනිහ අපිට නොකිව්ව දෙයක් තියනවා බ්‍රයන්. නැතුව මෙච්චර බලගතු චරිතයක් මෙහෙම එකපාරටම ඉවරවෙයිද බන්" "හම්ම්ම්.. අපි දෙන්නටත් ඕන වෙලා තිබුනෙ ඕකනෙ ඉතින්. මේ වැඩ වලින් ඈත් වෙලා ඉන්නනෙ" "දැන් උඹ හිතනවද අසීස් නැහැ කියල අපිට හොඳින් ඉන්න පුළුවන් වෙයි කියලා. අපි ගනුදෙනු කල මිනිස්සු එතකොට" "මෙච්චර දවස් අපි බිස්නස් කලානෙ බන්, අපිව නුරුස්සන එකෙකුට කියල ඉන්නවනම් ඉන්නෙ කෙවිය විතරනෙ, ඒකත් මේ උගෙ මල්ලිගෙ සිද්දියක් නිසානෙ" "උඹේ මතයත් හරි." "මේ අසීස්ව අමතක කරපන්කො ටිකකට, කොහොමද මේක" "අඩෝ.. මුද්දක් නේද.. මාර ගති බන්. " "මගෙ තේරීම තමා.. අද නිවන්තිගෙ උපන්දිනේනෙ. " "ආ ඒ කියන්නෙ අද උඹ ප්‍රොපොස් කරනවා.. බය වෙන්න එපා මචෝ සේරම හරි යනවා" "අද අපිට පොඩි වැඩ වගයකට එලියට යන්න තියනවා නේද, උඹ නිවන්තිව එක්කගෙන නමයයි හතර වෙනකොට ඔඩීලියා එක උඩට එන්න ඕන හරි" "නමයයි හතර.. උඹ නැකතකුත් බැලුවද" " මොන නැකැත්ද බන්.. නිවන්ති ඉපදුන ටයිම් එක ඒක" "උඹත් මාර පොරක්නෙ.. ඒවත් හෙව්වද" "දන්නවනෙ ඉතින් මම ගැන උඹ. උඹ වෙලාවට කෙල්ලව එක්කගෙන ආවම පොඩි වයලින් පාර්ට් එකක් එක්ක බර්ත්ඩේ විෂ් එක දෙනගමන්ම මම මගේ ආදරේ කියනවා" "උඹ මෙච්චර පිටපතක් ලියල කියල මම දන්නෙ නැහැනෙ බන්. මම මගේ වැඩේ හරියට කරන්නම්. බ්‍රයන් මම ගිහින් ඉමාෂව එක්කගෙන එන්නම්. අද බස් එකේ එනව කිව්වෙ" හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Jan 22, 2015 #111 හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට,,,,
Scoobyrocks Junior member May 15, 2008 803 9 18 Jan 23, 2015 #113 Machan uba Negombo IDM eke NCC19 batch eke Minuka neda
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 23, 2015 #114 හිතුවක්කාර ආදරය - 11 වෙනි කොටස මා අදාල ස්ථානාට ඇය පැවසූ පරිදි පැමිනියද ඒ වනතුරුත් ඇය නොපැමිනි තිබුනි. කෙල්ලො කවද්ද වෙලාවට වැඩක් කලේ යැයි මම ඇය එනතුරු එතනට වෙලා සිටි මාගේ හද කම්පා වූයේ මා සිටි තැනට තරම්ක් දුරින් ගිමන් හැරීමට හිඳගෙන සිටිනා වයසක අත්තම්මා කෙනෙකු දැකීමෙන්ය. මේ ගෙවන ජීවිතය කොතරන්නම් පුදුමාකාරද, අවිනිෂ්ෂිතද යැයි සිතමින් මම අත්තාමාට උදව් කලෙමි. ඇය තරමක් දුර බැහැර සිට පැමින තිබුනේ මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. උදේ ආහාර වේලද නොගෙන තිබූ නිසා මම පළමුවෙන්ම ඇයට කෑමට යමක් අරන් දුන්නෙමි. පිරිමි දරුවෙකුගේ හා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ඇය අද මෙලෙස අසරණ වී සරනාගත ජීවිතයක් ගතකරනුයේ පෝසත් පුතාගේ ජීවන ක්‍රමයට හා පොෂ් දුවල තිදෙනාගේ ජීවන රටාවට මේ වයසක අත්තම්මාව නොගැලපෙන නිසා යැයි ඇය ඇඬූ කන්දුලින් මට පැවසුවේ මා ඇයට උදව් උපකාර කලාට ස්තූතිකරන අතරතුරේදීමය. මතු උපදින හැම ආත්මයකදීම මීටත් වඩා හොඳින් සිටීවායි පතමින් මම නැවතත් බස් නැවතුමට ආවේ ඉමාෂාව ගැනීමටය. මා එම ස්තානයට යන විටදී ඇය පැමින සිටි අතරම ඇගේ මුහුණෙහි නුරුස්සන ගතියක් තිබුනේ මම ප්‍රමාද නිසා විය යුතුය. "මොනාද දිනුක.. මාව ගන්නවත් වෙලාවට එන්න බැරිද ඔයාට. බලන්න මම මෙතන කොච්චර වෙලා හිටියද" මා ප්‍රමාද වී පැමිනීමට හෙතුව ඇය නොදැන සිටි නිසා මම ඇයට සිහින් සිනහවකින් සන්ග්‍රහ කලේ ඇයට මාගේ යතුරුපැදියට ගොඩවීමට ආරාධනා කරමින්ය.පසුව මම සියළු කරුනු කාරනා ඇයට පැහැදිලිකරදුන් අතරම ඇයගේ ඇස් කඳුලින් තෙත් වූයේ හරි කාරනය නොදැන මට දොස් නැගීම නිසාය. එසේ දොස් නැගිමට එරෙහිව ඇයවිසින් ඉදිරිපත් කල සමාව මා පිළිගත් නිසා නැවත ඇයව යතා තත්වයට ඉතා ඉක්මනඉනින්ම ගෙන ඒමට මට හැකිවිය. "දිනුක මොකද්ද බන් මේ අත්තම්මගෙ කතාව" "උඹ කොහොමද දන්නෙ" "මට නිවන්ති කිව්වා" "බලපන්කො ඉතින් නිවුස් යන ඉක්මන" "හරි හරි මම සම්පූර්න කතාව දන්නවා. ඒක නෙමේ අර වැඩේ හරි. උඹට තියෙන්නෙ වෙලාවට එයාව එක්කන් එන්න විතරයි හරිද" "හරි හරි බන්.. එක තප්පරයක්වත් මම එහාට මෙහාට කරන්නෙ නැහැ" "මොනවද අනේ හරි තප්පරේටම කරන්න හදන්නෙ.. අපිදන්නෙ නැද්ද ඉතින් ඔයාල දෙන්න ගැන." "මැඩම් මැනස් කියල දෙයක් තියනවා නේද, වැදගත් ඔෆිසර්ල දෙන්නෙක් කතාවක ඉන්නකොට ඔහොම එකපාරටම එනවද" "ආ ... බලන්නකො මෙයාලගෙ තියන ගෑස්.. එන්න නිවන්ති අක්කි ... ටක් .. ටක් .. ටක් .. එක්ස්කියුස් මී සර් .." "කමින් .." "ඔන්න දැන් හරිනෙ, ඔයාලගෙ විදිහට අපි ආවා" "මොකද දෙන්න මේ පැත්තෙ" "ඇයි අනේ අද අර කම්පැනීස් දෙකකට යනවා කිව්වා නේද අපේ පැකේජස් ප්‍රමොට් කරන්න" "මතකයි. ඔය ගැන තමා මමයි බ්‍රයනුයි කතාකරමින් හිටියෙ ඔයාල එනකොට, බ්‍රයන් ඔයා මේ දෙන්නව අරගෙන යන්න" "ඇයි උඹ එන්නෙ නැද්ද" "එනවා එනවා.. මම හරියටම අටයි පනහ වෙනකොට ඇති. බොසා මොකක්ද වැඩක් කියල ඉන්නලු බන්. පොඩි වැඩක් තියෙන්නෙ" "හරි හරි ඔයාගෙ ඔය වැඩේ කරල එන්නකො එහෙනම්. නිවන්ති අක්කි වීල් එකකට කතා කලා නේද?" "වීල් .. ඒ මොකද? ඇයි වාහන නැද්ද" "එකක පැච් එකක් ගිහ්න් තාම ඒක මගලු. අනික බොස්ට ඕනලු කොළඹ යන්න" "ඒකත් එහෙමද, එහෙනම් බ්‍රයන් උඹ යමන් මෙයාල දෙන්න එක්ක. මම එන්නම්" "වෙලාවට වරෙන් හරි" බ්‍රයන්ගේ ආදර ජවනිකාව මාගේ දෑසින් බලා ගැනීමට මම ආසාවකින් සිටියෙමි. බොසාගේ මේ ඉවර කිරීමට නොහැකි උවත් මම බ්‍රයන් දුන් වෙලාවට වේදිකාවට නගිනවායැයි සිතුවෙමි. බ්‍රයන් ඇතුළු පිරිස පිටව ගොස් තප්පර කිපයකින් ඉමාෂා නැවත මාගේ කාර්යාලයට දිව ආවේ මගේ දෙතොල් දඟකාර හාදුවකින් සැරසීමටය. කවදා මේ දඟකාරකම්, කෙලිලෝලකම් නවිතීවිදැයි මම සිතුවෙමි. ඔවුන් පිරිස පිටවී ගොස් විනාඩි දයකින් පමන අපගේ බොස් මාගේ කාර්යාලයට පැමිනියේ දුරකථන ඇමතුමක්ද සමග දැඩි කලබලයකිනි. ඉතා ඉක්මනින්ම දුරකථන ඇමතුම විසන්දි කල ඔහු මාගේ මේසය මත තිබූ වතුර විදුරුව හිස් කලේ තනි උගුරකටය. "මොකෝ සර් ඔය.. දහඩිය දාගෙන.. කලබලයකින් වගේ. මොකක්ද අවුල" "දිනුක.. අපේ ළමයි ගිය වීල් එක ඇක්සිඩන්ට් වෙලාළු" "මොනවා ..." එම විස්තරය ඇසූ විගසම මම හිඳි ඉබේටම නැගිටූයේ වීල් එකේ සිටියේ බ්‍රයන් ඇතුළු පිරිස බව මා දන්නා නිසාය. ඊ තලයක වේගයෙන් මම අනතුර වූ ස්තානයට දිව ගියෙමි. මාව අනුගමනය කරමින් අපගේ බොස්ද මා පසුපස පැමිනියේය. පාරට පැමිනෙනෙවාත් සමගම අප ආයතනයට මදක් එහයි තිබූ දුම් රිය මාරුවන ස්තානයේ මිනිසුන් පිරිසක් වටවී ඇති අයුරු මම දුටුවෙමි. එමෙන්ම ගිලන් රථයක්ද වේගයෙන් රෝහල දෙසට යානවා මම දුටුවෙමි. මිනිසුන් වටවී ඇති නිසා පොලිස් ආරක්ෂාවද එම ස්ථානයට යොදා තිබීම නිසා එතට යාමට තරමක් අපහසු උවත් අපගේ කාර්යාලය ඇඳුනුම්පත නිසා අප හට යාමට එතරම්ම අපහසුවක් නොවීය. එම ස්ථානයේ සිට පැමිනි පුද්ගායෙකුගෙන් මම විස්තර විමසුවේ මා අනතුර වූ ස්තානයට යාමට පෙරය. "මොකද අයියෙ මෙතන උනේ" "කොච්චිය එනව දැක දැක වීල් එක දැම්ම මල්ලී. අපි බලාගෙන හිටියෙ. එහෙන්ම ඇමිනිලා ගියා වීල් එක. දෙන්නෙක් එතනමයි. ගෑණු ළමයෙකුට බරපතලයි. එයාව තමා දැන් අරගෙන ගියේ" ඔහුගේ කතාව ඇසීමත් සමගම මගේ හදවත මොහොතකට නැවතුනා සේ මට දැනුනි. මුළු පරිසරයම නිහඬ වූ වී අහස අඳුරු වූ ගතියක් මට දැනුනි. රැස්ව සිටි පිරිස අතරින් මා ඉදිරියට පැමිනියේ හිස් වූ මනසකින් වූ අතරම තැලී පොඩී වීගිය ත්‍රීවීලය පළමුවෙන්ම මගේ නෙතු ගැටුනි. දෙවනුව දුටු දසුනත් සමගම මගේ දෑස් කඳුලින් පිරී බොඳවී යාමට ගතවූයේ තප්පරයකිනුත් අඩු කාලයකිනි. මෙතුවක් කාලයකට මිතුරුකම් පෑ මගේ එකම මිතුරා මගේ සහොදරයා නිහඩව නිසලව බිම වැතිර සිටියේය. දඟකාරකම් පෑ කෙලිලෝල කම් පෑ මා ආදරය කල එකම යුවතිය මගේ මිතුරාගේ සිරුරට මදක් එහයින් තිබුනේ නිහඬවය. නිසලවය. වෙනදාමෙන්ම ඒ ඇස් අලන්කාරව තිබුනද දිළිසන්නේ නැත. ඒ තොල්පෙති අද නිසලය. මා මේ දකිනා දේ ඇත්තමයැයි පිළිගැනීමට මට අපහසු වූ අතරම වටපිටාව සියල්ල අඳුරු වී යන ගතියක් මට දැනුනි. කෝඩුකාර ඔය හිතට මේ තරම් ආදරේ කරපු හැටී ඔබෙන් තොර ලෝකයක් තිබුනේම නැති තරම් මට ආදරෙයි කිව්ව ඔය හිතම මාව මෙතරම්ම තනි කරල යන්න තරම් දරුණු වූ හැටී අදහන්නවත් බැරි තරම් ඔය හිත ඇබිත්තක්වත් නොරිදවීමට මම මටම පොරොන්දු වූ හැටී මම ආදරේ කලා ඒ තරම්ම ඒත් අද ඒ ආදරේ හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ... Last edited: Jan 23, 2015
හිතුවක්කාර ආදරය - 11 වෙනි කොටස මා අදාල ස්ථානාට ඇය පැවසූ පරිදි පැමිනියද ඒ වනතුරුත් ඇය නොපැමිනි තිබුනි. කෙල්ලො කවද්ද වෙලාවට වැඩක් කලේ යැයි මම ඇය එනතුරු එතනට වෙලා සිටි මාගේ හද කම්පා වූයේ මා සිටි තැනට තරම්ක් දුරින් ගිමන් හැරීමට හිඳගෙන සිටිනා වයසක අත්තම්මා කෙනෙකු දැකීමෙන්ය. මේ ගෙවන ජීවිතය කොතරන්නම් පුදුමාකාරද, අවිනිෂ්ෂිතද යැයි සිතමින් මම අත්තාමාට උදව් කලෙමි. ඇය තරමක් දුර බැහැර සිට පැමින තිබුනේ මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. උදේ ආහාර වේලද නොගෙන තිබූ නිසා මම පළමුවෙන්ම ඇයට කෑමට යමක් අරන් දුන්නෙමි. පිරිමි දරුවෙකුගේ හා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ඇය අද මෙලෙස අසරණ වී සරනාගත ජීවිතයක් ගතකරනුයේ පෝසත් පුතාගේ ජීවන ක්‍රමයට හා පොෂ් දුවල තිදෙනාගේ ජීවන රටාවට මේ වයසක අත්තම්මාව නොගැලපෙන නිසා යැයි ඇය ඇඬූ කන්දුලින් මට පැවසුවේ මා ඇයට උදව් උපකාර කලාට ස්තූතිකරන අතරතුරේදීමය. මතු උපදින හැම ආත්මයකදීම මීටත් වඩා හොඳින් සිටීවායි පතමින් මම නැවතත් බස් නැවතුමට ආවේ ඉමාෂාව ගැනීමටය. මා එම ස්තානයට යන විටදී ඇය පැමින සිටි අතරම ඇගේ මුහුණෙහි නුරුස්සන ගතියක් තිබුනේ මම ප්‍රමාද නිසා විය යුතුය. "මොනාද දිනුක.. මාව ගන්නවත් වෙලාවට එන්න බැරිද ඔයාට. බලන්න මම මෙතන කොච්චර වෙලා හිටියද" මා ප්‍රමාද වී පැමිනීමට හෙතුව ඇය නොදැන සිටි නිසා මම ඇයට සිහින් සිනහවකින් සන්ග්‍රහ කලේ ඇයට මාගේ යතුරුපැදියට ගොඩවීමට ආරාධනා කරමින්ය.පසුව මම සියළු කරුනු කාරනා ඇයට පැහැදිලිකරදුන් අතරම ඇයගේ ඇස් කඳුලින් තෙත් වූයේ හරි කාරනය නොදැන මට දොස් නැගීම නිසාය. එසේ දොස් නැගිමට එරෙහිව ඇයවිසින් ඉදිරිපත් කල සමාව මා පිළිගත් නිසා නැවත ඇයව යතා තත්වයට ඉතා ඉක්මනඉනින්ම ගෙන ඒමට මට හැකිවිය. "දිනුක මොකද්ද බන් මේ අත්තම්මගෙ කතාව" "උඹ කොහොමද දන්නෙ" "මට නිවන්ති කිව්වා" "බලපන්කො ඉතින් නිවුස් යන ඉක්මන" "හරි හරි මම සම්පූර්න කතාව දන්නවා. ඒක නෙමේ අර වැඩේ හරි. උඹට තියෙන්නෙ වෙලාවට එයාව එක්කන් එන්න විතරයි හරිද" "හරි හරි බන්.. එක තප්පරයක්වත් මම එහාට මෙහාට කරන්නෙ නැහැ" "මොනවද අනේ හරි තප්පරේටම කරන්න හදන්නෙ.. අපිදන්නෙ නැද්ද ඉතින් ඔයාල දෙන්න ගැන." "මැඩම් මැනස් කියල දෙයක් තියනවා නේද, වැදගත් ඔෆිසර්ල දෙන්නෙක් කතාවක ඉන්නකොට ඔහොම එකපාරටම එනවද" "ආ ... බලන්නකො මෙයාලගෙ තියන ගෑස්.. එන්න නිවන්ති අක්කි ... ටක් .. ටක් .. ටක් .. එක්ස්කියුස් මී සර් .." "කමින් .." "ඔන්න දැන් හරිනෙ, ඔයාලගෙ විදිහට අපි ආවා" "මොකද දෙන්න මේ පැත්තෙ" "ඇයි අනේ අද අර කම්පැනීස් දෙකකට යනවා කිව්වා නේද අපේ පැකේජස් ප්‍රමොට් කරන්න" "මතකයි. ඔය ගැන තමා මමයි බ්‍රයනුයි කතාකරමින් හිටියෙ ඔයාල එනකොට, බ්‍රයන් ඔයා මේ දෙන්නව අරගෙන යන්න" "ඇයි උඹ එන්නෙ නැද්ද" "එනවා එනවා.. මම හරියටම අටයි පනහ වෙනකොට ඇති. බොසා මොකක්ද වැඩක් කියල ඉන්නලු බන්. පොඩි වැඩක් තියෙන්නෙ" "හරි හරි ඔයාගෙ ඔය වැඩේ කරල එන්නකො එහෙනම්. නිවන්ති අක්කි වීල් එකකට කතා කලා නේද?" "වීල් .. ඒ මොකද? ඇයි වාහන නැද්ද" "එකක පැච් එකක් ගිහ්න් තාම ඒක මගලු. අනික බොස්ට ඕනලු කොළඹ යන්න" "ඒකත් එහෙමද, එහෙනම් බ්‍රයන් උඹ යමන් මෙයාල දෙන්න එක්ක. මම එන්නම්" "වෙලාවට වරෙන් හරි" බ්‍රයන්ගේ ආදර ජවනිකාව මාගේ දෑසින් බලා ගැනීමට මම ආසාවකින් සිටියෙමි. බොසාගේ මේ ඉවර කිරීමට නොහැකි උවත් මම බ්‍රයන් දුන් වෙලාවට වේදිකාවට නගිනවායැයි සිතුවෙමි. බ්‍රයන් ඇතුළු පිරිස පිටව ගොස් තප්පර කිපයකින් ඉමාෂා නැවත මාගේ කාර්යාලයට දිව ආවේ මගේ දෙතොල් දඟකාර හාදුවකින් සැරසීමටය. කවදා මේ දඟකාරකම්, කෙලිලෝලකම් නවිතීවිදැයි මම සිතුවෙමි. ඔවුන් පිරිස පිටවී ගොස් විනාඩි දයකින් පමන අපගේ බොස් මාගේ කාර්යාලයට පැමිනියේ දුරකථන ඇමතුමක්ද සමග දැඩි කලබලයකිනි. ඉතා ඉක්මනින්ම දුරකථන ඇමතුම විසන්දි කල ඔහු මාගේ මේසය මත තිබූ වතුර විදුරුව හිස් කලේ තනි උගුරකටය. "මොකෝ සර් ඔය.. දහඩිය දාගෙන.. කලබලයකින් වගේ. මොකක්ද අවුල" "දිනුක.. අපේ ළමයි ගිය වීල් එක ඇක්සිඩන්ට් වෙලාළු" "මොනවා ..." එම විස්තරය ඇසූ විගසම මම හිඳි ඉබේටම නැගිටූයේ වීල් එකේ සිටියේ බ්‍රයන් ඇතුළු පිරිස බව මා දන්නා නිසාය. ඊ තලයක වේගයෙන් මම අනතුර වූ ස්තානයට දිව ගියෙමි. මාව අනුගමනය කරමින් අපගේ බොස්ද මා පසුපස පැමිනියේය. පාරට පැමිනෙනෙවාත් සමගම අප ආයතනයට මදක් එහයි තිබූ දුම් රිය මාරුවන ස්තානයේ මිනිසුන් පිරිසක් වටවී ඇති අයුරු මම දුටුවෙමි. එමෙන්ම ගිලන් රථයක්ද වේගයෙන් රෝහල දෙසට යානවා මම දුටුවෙමි. මිනිසුන් වටවී ඇති නිසා පොලිස් ආරක්ෂාවද එම ස්ථානයට යොදා තිබීම නිසා එතට යාමට තරමක් අපහසු උවත් අපගේ කාර්යාලය ඇඳුනුම්පත නිසා අප හට යාමට එතරම්ම අපහසුවක් නොවීය. එම ස්ථානයේ සිට පැමිනි පුද්ගායෙකුගෙන් මම විස්තර විමසුවේ මා අනතුර වූ ස්තානයට යාමට පෙරය. "මොකද අයියෙ මෙතන උනේ" "කොච්චිය එනව දැක දැක වීල් එක දැම්ම මල්ලී. අපි බලාගෙන හිටියෙ. එහෙන්ම ඇමිනිලා ගියා වීල් එක. දෙන්නෙක් එතනමයි. ගෑණු ළමයෙකුට බරපතලයි. එයාව තමා දැන් අරගෙන ගියේ" ඔහුගේ කතාව ඇසීමත් සමගම මගේ හදවත මොහොතකට නැවතුනා සේ මට දැනුනි. මුළු පරිසරයම නිහඬ වූ වී අහස අඳුරු වූ ගතියක් මට දැනුනි. රැස්ව සිටි පිරිස අතරින් මා ඉදිරියට පැමිනියේ හිස් වූ මනසකින් වූ අතරම තැලී පොඩී වීගිය ත්‍රීවීලය පළමුවෙන්ම මගේ නෙතු ගැටුනි. දෙවනුව දුටු දසුනත් සමගම මගේ දෑස් කඳුලින් පිරී බොඳවී යාමට ගතවූයේ තප්පරයකිනුත් අඩු කාලයකිනි. මෙතුවක් කාලයකට මිතුරුකම් පෑ මගේ එකම මිතුරා මගේ සහොදරයා නිහඩව නිසලව බිම වැතිර සිටියේය. දඟකාරකම් පෑ කෙලිලෝල කම් පෑ මා ආදරය කල එකම යුවතිය මගේ මිතුරාගේ සිරුරට මදක් එහයින් තිබුනේ නිහඬවය. නිසලවය. වෙනදාමෙන්ම ඒ ඇස් අලන්කාරව තිබුනද දිළිසන්නේ නැත. ඒ තොල්පෙති අද නිසලය. මා මේ දකිනා දේ ඇත්තමයැයි පිළිගැනීමට මට අපහසු වූ අතරම වටපිටාව සියල්ල අඳුරු වී යන ගතියක් මට දැනුනි. කෝඩුකාර ඔය හිතට මේ තරම් ආදරේ කරපු හැටී ඔබෙන් තොර ලෝකයක් තිබුනේම නැති තරම් මට ආදරෙයි කිව්ව ඔය හිතම මාව මෙතරම්ම තනි කරල යන්න තරම් දරුණු වූ හැටී අදහන්නවත් බැරි තරම් ඔය හිත ඇබිත්තක්වත් නොරිදවීමට මම මටම පොරොන්දු වූ හැටී මම ආදරේ කලා ඒ තරම්ම ඒත් අද ඒ ආදරේ හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Jan 23, 2015 #115 මේ මොකක්ද බන් මේ කලේ උබ... එක පාරටම යකෝ හාර්ට් ඇටෑක් එකක් ආව බන්
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Jan 23, 2015 #116 chamal89 said: මේ මොකක්ද බන් මේ කලේ උබ... එක පාරටම යකෝ හාර්ට් ඇටෑක් එකක් ආව බන් Click to expand... තවම කතාව ඉවර කරන් නැහැ මචෝ ... තෑන්ක්ස් මේ වෙනකම්ම මා එක්ක උන්නට. මම මුලදිම කිව්වනෙ මේක ටිකක් බේසික් වලින් එහාට ගිය කතාවක් කියලා.. අහ් තව එකක්.. උඹලගෙ කොමෙන්ටුවලට reply නොකරනවට සමාවෙන්න. SLT ලිමිට් පැනලා. පට්ට slow . කතාව දාන්නෙත් පැය් ගානක් page එක ලෝඩ් කරලා.
chamal89 said: මේ මොකක්ද බන් මේ කලේ උබ... එක පාරටම යකෝ හාර්ට් ඇටෑක් එකක් ආව බන් Click to expand... තවම කතාව ඉවර කරන් නැහැ මචෝ ... තෑන්ක්ස් මේ වෙනකම්ම මා එක්ක උන්නට. මම මුලදිම කිව්වනෙ මේක ටිකක් බේසික් වලින් එහාට ගිය කතාවක් කියලා.. අහ් තව එකක්.. උඹලගෙ කොමෙන්ටුවලට reply නොකරනවට සමාවෙන්න. SLT ලිමිට් පැනලා. පට්ට slow . කතාව දාන්නෙත් පැය් ගානක් page එක ලෝඩ් කරලා.
mdrc111 Well-known member Oct 13, 2009 5,537 1,503 113 දක්ශින දේශය Jan 23, 2015 #117 thank macho kathawata
janiranga Junior member Aug 1, 2012 445 17 18 Jan 23, 2015 #118 adoooooooo... ai ban kellawa meruwe patta aul.... kamak ne issarahata yanko
p990i Well-known member Jul 10, 2010 1,627 60 48 Colombo Jan 23, 2015 #120 අම්මා ගහයි. අඩො. ... එකො කමක් නැ බන්