හිතුවක්කාර ආදරය ..

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මොකක්ද දෙයියනේ ඒ කරපු අපරාදේ.. :no: :sorry:
    හිතක් පපුවක් නැද්ද යකෝ උබට.. :නො: :no: :sorry: :sorry:
    ..
    ..
    දිගටම ලියපන්.. :yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    mokakda yako e karapu asikkitha wade, ado 11 kotasa delete karala aye liyapan, hena gahawwa wage.......................
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 12 වෙනි කොටස

    මම නැතව පියවි සිහියට එන විට තරමක් සුව පහසු ඇඳක් මත වැතිර හිටියෙමි. දෙනෙත් විවර කර මා සිටි තැනින් නැගිටීමට උත්සහ කලද හිසෙට දැනුනු දැඩි වේදනාව නිසා මම එලෙසම සිටියෙමි. බොඳුවූ දෑසින් මම තාත්තාගේ රුව දැක ඔහුට කතාකෙරුවෙමි. එවිට ඔහුගේ විදානය මත හෙදියන් කීප දෙනෙක් හා අම්මාද නන්ගීද මා අසලට පැමිනියේය.

    "තාත්තෙ ... මොකද උනේ ... බ්‍රයන් ..."

    මා එසේ පවසනවාත් සමගම තාත්තාගේ දෙනෙතින් ගිලිහුනු කඳුළු බිඳු මා අත මතට එකිනෙක වැටුනේ මාගේ දෙනෙත් ද කඳුලින් පුරවමින්ය. ඇසීමට නොයෙකුත් දේ තිබුනත් සිදුවූ දේ පිළිබඳව දැන ගැනීමට ආසාවක් තිබුනද මම මද වෙලාවක් නිහඬව සිටියේ මගේ සිත සනසා ගැනීමටය.

    "පුතාට කොහොමද දැනෙන්නෙ දැන් .. අමාරුවක් නැහැ නේද? "
    "මට මොකද උනේ ඩොක්ටර්"
    "ම්ම්ම්.. ඔයාට තේරෙන විදිහට කියනවනම්, ඔයාව කම්පනය වගේ ඇවිත් තියනවා. ඊට පස්සෙ ඔයාව සිහි නැතිව වැටිල. ඒ වැටුනු පාර ඔයාගෙ ඔළුව වැදිල තියනවා රේල් පීලක. බය වෙන්න දෙයක් නැහැ. අපි හිතුවට වඩා ඔයා ශක්තිමත් වගේ. මොකද අපි හිතුවෙ නැහැ ඔයා දවස් එකහ මාරකින් වගේ නැගිටීවි කියල"
    "මොනව දවස් එකහ මාරක්.. එතකොට.."
    "බය වෙන්න එපා. ඔයාගෙ රිපෝට් සේරම නොර්මල්. තව එකක් තියනවා කරන්න. ඒක තව දවස් දෙකකින් වගේ කලාම ඇති"


    විනාඩි විස්සක් පමන මා පරීක්ෂා කර බැලූ ඔහු මා සිටිනා කාමරයෙන් පිටවී ගියේ ඔහු සමග සිටි හෙදියන්ට මොන මොනවදෝ පවසමින්ය. එමෙන්ම අම්මා හා නන්ගීද මා අසලට පැමිනියත් වෙනදා මෙන් ඔවුන්ගේ මුහුනු ආලෝකමත් නැත. කටකාරියක් වූ නංගීද නිහඬව මා අසලට වී සිටියේය.

    "කවද්ද තාත්තෙ අවසාන කටයුතු. එතන වැඩ හරියට කෙරෙනවා නේද. අනේ මාව ගෙනියන්න කොහොම හරි"

    මා එසේ ඇසුවද තාත්තා කඳුළු පිරි දෑසින් නිහඬව මා දෙස බලා සිටියේය. දෙතුම් වරක් ඔහු මා සමග කතා කිරීමට උත්සහ දැරුවද ඔහුගේ දෙනෙතින් ගලා ගිය කඳුළු එයට ඉඩක් නොදුන්නේය. මා මේ තත්වයේ සිටීම තාත්තාට දරාගන්නට අපහසු බව මම දැන සිටියෙමි. එම නිසා මම නැවතත් ඔහුගෙන් පිළිතුරු සෙවීමට උත්සහ නොදැරුවෙමි.

    "හෙට පුතේ. ඔයාලගෙ ඔෆිස් එකට ගේනවලු දෙන්නවම. ඊට පස්සෙ විෂේෂ ආගමික කටයුතු වලින් පස්සෙ කනත්තට අරගෙන යනවලු. මොකද පුතේ උනේ"
    "මම දන්නෙ නැහැ අම්මෙ. මම එතනට යනකොට සේරම වෙලා ඉවරයි. මම ආදරය කරපු ඒ චරිත් දෙක මගේ ඉදිරියේ වැටිල හිටිය. නිහඬව, නිසලව"
    "ඒ කියන්නෙ ඔයාව සිහි නැතිව වැටෙනව ඔයා දන්නෙ නැද්ද"
    "නැහැ අම්මෙ.. "
    "හරි හරි.. අම්මෙ ඕව පස්සෙ කතා කරමු.අයියට ටිකක් නිදහසේ ඉන්න දෙන්න. ඔයාට බඩගිනිත් ඇතිනෙ. අපි සුප් එකක් හදාගෙන ආවා. එන්න අපි පොවන්නම් ඔයාට"

    මා කුමක් කරම්දැයි මම හරි ආකාරව නොදැන සිටියෙමි. මේ මොහොතේ සිට මා ආදරය කල ඒ දන්ගකාරිය නොමැතිව කාලය ගෙවිය යුතුය. මාගේ මිතුරා නොමැතිව මා කාලය ගෙවිය යුතුය. නොයෙකුත් දේවල් වලින් මගේ හිත පෑරෙද්දී මගේ ඇස් වලින් කඳුලු වැටුනේ මටත් හොරාවටමය. අම්මා හා නංගී එම වැටෙන කඳුළු එකිනෙක මාරුවෙන් මාරුවට පිසදැමූවද, මා සැනසූවද මගේ මිතුරා නැවත එන්නේ නැත. මට ආදරේ කරන්න මට හාදු දෙන්න ඇය නැවත එන්නේ නැත.

    "තාත්තෙ.. ඔය අනතුර වෙනකොට තව කෙනෙක් හිටියා. එයා ගැන ආරන්චියක් නැද්ද"
    "නිවන්ති දුව් නේද.. එයා මේ වෙනකොට නවලෝකෙ නවත්වල තියෙන්නෙ. එයාටහ් සිහිය නැහැ තාම. දොස්තරල එයාලට කරන්න පුලුවන් හැම දේම කරනවලු පුතේ"
    "නිවන්ති වාසනාවන්ත කෙල්ලෙක් තාත්තෙ. බය වෙන්න එපා සේරම හොඳින් සිද්ද වේවි"

    පසුදින උදෑසන දහය පමන වන විට මට රෝහලෙන් පිටවීමට අවසර ලැබුනි. එම අවාරයට මගේ කන්නලව් කිරීමද බොහෝදුරට බලපෑමට ඇත. මාගේ රිපෝට් සියල්ලම හොන්දින් තිබුනේ එහි සියළුවම දොස්තරවරුන් පුදුම කරවමින් අතර ඔවුන් මා හැන්දින් වූයේ පිටසක්වලයා යනුවෙනි. කෙසේ වෙතත් මා හට නියම කර තිබූ ඉදිරි පරීක්ෂන වෙලාවට කරගන්නා ලෙසත් තව සතියක් දෙකක් යනකම් වෙනදාට වඩා ටිකක් පරිස්සම් වන ලෙසද ඔවුන් මට උපදෙස් දුන්නේය.

    අහසේ පාටට සමාන වූ ලා නිල් පැහැති ඩෙනිමකින්, අත් නැවූ සුදු කමිසයකින් හා කළු පැහැති බාටා දෙකකින් මා සැරසුනේ මාගේ මිතුරාට හා ඇයට ගෞරව දැක්වීට යාම සඳහා හා මා එසේ ඇන්ද විට ඉමාෂා ආසා කල නිසාය. තාත්තා පැවසූ පරිදි අප කාර්යාලයයේ විෂේෂ වූ ආගමික කටයුත්තක් සූදානම් කර තිබුනේ එම සිරුරු දෙකට අවසන් ගෞරව දැක්වීමටය. එය ඔවුන්ට උරුම වූ දෙයක් යැයි මම සිතුවෙමි. කාර්යාලය වෙත යාමට මම මගේ ස්කූටිය පනගැන්වුවද මා නැවත එය අක්‍රිය කලේ මට දැනුනු තනිකම නිසාය. මම එනකම් පාර අසලට වී සිටින ඉමාෂා අද එහි නොමැත. විනාඩි පහෙන් පහට උඹ කොහෙදැයි නාද වෙන මාගේ දුරකථනය අද නිහඬය. කොතරම්ම හිතට වේදනාව දැනුනද මම නැවත මාගේ ස්කූටිය පනගැන්වූයේ මට මගේ ජීවිතයේ හමුවූ ඒ අපූරු චරිත දෙක අවසාන ගමන යන මේ මොහොතේ අවසාන ගෞරව දැක්වීමට මා එතන සිටිය යුතු නිසාය. ඔවුන්ගේ මතකයන්ගෙන් පිරී තිබුනු මාර්ගවලින් නොගොස් මම අපගේ කාර්යාලය වෙත ලඟාඋනෙමි. කාර්යාලය අසල මා නැවතී නිහඬව නිසල අහස දෙස බලා සිටියේ තවමත් මට මගේ සිත කීකරු නොවූ නිසාය.

    "දිනුක කොහෙද ඔයා ඉන්නෙ"
    "මම ඇවිල්ල ඉන්නෙ සර්.. මට දුකයි ඇතුලට එන්න"
    "මට තේරෙනව පුතා. ඉන්න මම එන්නම් එළියට ඔයාව ගන්න. ඔයා එනකම් තමා සේරම බලාගෙන ඉන්නෙ. මේ ආගමික කටයුතු ඉවර කරන්න"


    සරත් සර් පැවසූ පරිදිම ඉතා ඉක්මනින් මා සිටිනා තැනට පැමිනියේය. මගේ හිත සනසා ඔහු නොයෙකුත් දේ කීවේය. දෙනතට බර වී තිබූ කඳුළු මොහොතකට සඟවාගෙන මගේ මේ හිතට දැනුන වේදනාව මොහොතකට දරාගෙන මම සෙමේන් සරත් සර් පිටුපසින් පිය නැගුවෙමි. පාර දෙපසහි දමා තිබූ සුදු කොඩි වැල්ද ඒ මේ අත දැඟලුවේ මේ වෙන්වයාම සොබාදහමට පිළිහත නොහැකිබව හඟවමිනි.

    මා කාර්යාලයට ඇතුලුවෙනවාත් සමගම බ්‍රයන්ගේ පවුලේ පිරිස හා ඉමාෂා ගේ තාත්තා කෑ ගසමින් හඬාවැලපීමට පටන් ගත්තේ මා වැලඳගෙනය. ඔවුන්ගේ කඳුළුවලින් මගේ මුළු ශරීරයම තෙත් වීමට ගත වූයේ තප්පර කීපයක් වූ අතර මගේ නැගනියගේ හා සරත් සර්ගේ උදව් උපකාර ඇතුව ඔවුන්ව පාලනය කරගැනීමට හැකිවිය. මේ සියළුම දුක් සෝ සුසුම් මැද මම සෙමින් සෙමින් පිය නැගුවේ ඒ නිසල සිරුරු අසලටය. මගේ තනියට සිටි මගේ ආඩම්බරකාර මිතුරා නිහඬය. මා අසල දඟකාරකම් පෑ ඒ යුවතිය අද නිහඬය. ඔවුන් දෙදෙනාම මා දෙස නිහඬව නිසලව බලා සිටියේ මා තනිකර මගෙන් වෙන් වෙලා ගියාට සමාව අයදින්නාක්මෙනි. ඔවුන් හා ගතකල ඒ සුන්දර මතකයන් මතකයට එනවාත් සමමගම මා මෙතෙක් වෙලා සඟවා සිටි කඳුළු කැට එකිනෙක පිළිවෙලකට මාගේ තොල්පෙති මතට වැටුනේ මම නොදැනුවත්වමය. ඒ මොහොතේම මා ආසලට පැමිනි මාගේ තාත්තා මාව තදින් අල්ලා ගත්තේ ම නැවත අසනීප වෙයි යන බයට විය යුතු අතර හිත හයියට තියයාගෙන ඔයාගෙ යාලුවො දෙන්නට ආදරෙන් සමුදෙන්නයැයි මා හට මුමුනන ගමන්මය.

    'බ්‍රයන්, මගේ ලඟට වෙලා නියම මිතුරෙක් විදියට උඹ ඒ මිතුදමේ යුතුකම ඉටුකලා. උඹව මට හැමදාම මතකයේ තියේවි. සමාවෙයන් මම ඒ වෙලාවෙ උඹ එක්ක හිටියෙ නැති එකට. ආයෙමත් දවසක ඉපදියන් මගේම යාළුවා වෙලා. එදාට අයෙමත් යමු බියර් එකක් බොන්න සිගරට් දුම් බෝල යවන්න, සුපුරුදු තැනටම. මගේ ළඟ දන්ගකාරකම් කරල ලොකු ලොකු කතා කියල ඔයා අද නිහඬව ඉන්නවා නේද ඉමාෂ. මෙච්චර ඉක්මනට මගෙන් යන්නද මෙතරම්ම මට ලෙන්ගතු උනේ. ටිකක් ඇස් ඇරල බලන්න මම ඔයා ගාවමයි ඉන්නෙ. ඔයත් මට ගොඩාක් සමාවෙන්න ඒ අවසාන වෙලාවෙ ඔයා එක්ක හිටියෙ නැති උනාට. ඉන්නා තැනක හොඳින් ඉන්න. බ්‍රයන් ඔයාව හොඳින් බලා ගනීවි. ආයෙමත් දවසක කවදා හරි අපි හමුවෙමු. වැස්සෙ අයිස් ක්‍රීම් කමු. පන්සල් යමු. ආයෙමත් සිල් සමාදන් වෙමු. මුහුදු වෙරළෙ අත් අල්ලන් ඇවිදිමු'


    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...​
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    atthatama machan mata meka tikak therum ganna amarui .. kolla kella gana duk wenawa hari adui ne .. marry karanna adare karapu kella meruna kiwwama .. methanadi poddak awul wage ...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ae ban ehema ....amathaka karanna dagalana godak dewal monamahari deyakin aae oluwata enawa ban...
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ado ai ban adawanne... meka kiyavannath mokkakda vage.. patta dukai eth asai,,
    ekko kellawa vitarak hari, ehema nettanam hodama yaluwa vitarak hari maranna tibba ai yako dennavama ekapara meruwe... ane manda e kolla man unanam mage hart eka pupurai ban... :(