You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
patta.digatama yamu machan
Patta Story eka ban. Real Story eka wage ube 
niyamai mchn... digatama liyapan
හිතුවක්කාර ආදරය - 18 වෙනි දිගහැරුම
දිනෙන් දින එදිනෙදා ජීවිත කටයුතු තරමක් කාර්යයබහුල වූයේ අපගේ දෙවන වසර අවසාන පරීක්ෂන ලන් වූ නිසාත් නොයෙකුත් බාහිර වැඩකටයුතු නිසාය. අමිලගේ අදහසක් මත ආරම්භ කෙරුනු අසරණ ළමයින්ට පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහන නිසා අප තරමක් කාර්යබහුල වූයේ එම අසරනයන්ගේ සතුට සිනහව මැදය.
"යාළුවා, අපේ මේ සමාජ සේවය අපි ටික දවසකට නවත්වමු. ටිකක් ආයෙ පොතපතට යොමු උනොත් නරකද, විභාගෙත් ළඟ නිසා"
"ඒකනම් ඇත්ත අමිලයා. අපේ මේ වැඩේ හිතුවට වඩා සාර්තකයි. බලහන්කො අපිට දැන් පිළිගැනීමකුත් තියනවනෙ."
"පිළිගැනීම්නම් මොකටද ඩිලා. බලහන්කො ඒ ළමයින්ගෙ සතුට. මටනම් මාර සතුටක් හිතට දැනෙන්නෙ බන්. ඒක නෙමේ අමිලය කිව්ව වගේ කොහොමත් මේ සමාජ සත්කාර නවත්වමු ටික දවසකට. මොකද අපේ අරමුදලත් ඒ හැටි නැහැ මන් හිතන්නෙ"
"මාත් ඔය ගැන අමිලයයි උඹයි එක්ක කතා කරන්න හිටියෙ. අපි අයෙමත් මොනව හරි කරමු සල්ලි ටිකක් හොයන්න.. අයිඩියා එකක්නම් තියනවා, අපි අපේ අරමුදල පරිතය්යාගෂීලින්ට ඕපන් කරමුද. එතකොට බන් සල්ලි තියන උන් කීය කීය හරි දායිනෙ"
"ඒක නම් හොඳ අදහසක්තමා... ඒත් දිනුකගෙ කැමැත්තක් නැහැ වගේ"
"එහෙම දෙයක් නැහැ අමිල. දැන් කාල සමහරු පින්දහම් කරන්නෙ ස්ටයිල් එකට, තව අයට පේන්නනෙ බන්. එහෙම එකේ අපේ එකවුන්ට් එක ඕපන්කොලොත් ප්‍රස්න එයි බන්"
"ඒකත් ඇත්ත තමා. අරය කොච්චරක් දැම්මද, මම දුන්නු සල්ලි වලට මොනවද කලේ, උඹල අසරනයන්ට පිහිට වෙනව කියල සැප ගන්නව නේද, ඔය වගේ වදන් අහන්න ඕන නැහැනෙ බන්. අපිම මොනව හරි කරමු. කරල කීයක් හරි හොයමු"
"මොකද තුන්දෙනා බර කල්පනාවක"
"රොෂෙන්.. අපි මේ අපේ භාන්ඩාගාරය ගැන කල්පනා කලේ"
"ඔන්න තවත් වැඩක් සෙට් වෙලා,"
"ඒ මොකක්ද"
"සොෆ්ට්වෙයා කම්පිටිෂන් එකක් තියනවලු. අපිතත් මොනව හරි කරන්නලු බන්."
"ඉතින් අපි ප්‍රොග්‍රැමින් කරන් නැහැනෙ බන්."
"හරි හරි මම ඒක දන්නවා.. ඒ උනාට උඹලගෙ අයිඩියා එකක් ගන්න ආවෙ බන්. දිනුක, නැද්ද අලුත් අදහසක්"
සියළු දෙනාම තමන්ගේ අදහස් ඉදිරිපත් කලත් අවසානයේ අපි එම අදහස් වලින් දෙකක් තෝරා ගත්තෙමු. එයින් එක් අදහස වූයේ ගයාන් විසින් ඉදිරිපත්කල මානව සම්පත් කලමණාකරනය සඳහා වූ මෘදුකාන්ගයයි. අනෙක වූයේ මා විසින් ඉදිරිපත්කල පාත් ෆයින්ඩර් නැත්හොත් මග සොයන්නා නම් මෘදුකාන්ගයයි. මෙයින් එක් අදහසක් තොරාපත් කරගතව තිබූ අතර, දීර්ග සාකච්චාවකින් පසුව අප පන්තියේ සිටි අනාගත මෘදුකාන්ග ඉන්ජිනේරුවා විසින් මගේ යෝජනාව සම්මත කලේ එය අලුත් දෙයක් වූ නිසාත් අපට ලැබී තිබූ සීමිත කාල සීමාවට එය උචිත අදහසක් වූ නිසාත්ය. අමිල හා මම මෘදුකාන්ග හැදෑරුව නොමැති උවද අපි දෙදෙනා අපගේ මිතුරන්ට ජයග්‍රහනය කරා ළඟාවීම සඳහා නොඅඩුව සහයක් ලබා දුන්නෙමු.
"රොෂෙන් මොකද වැඩේ. අවුලක් නැහැ නේද"
"වැඩේ යනවා බන්. කට්ටිය මහන්සි වෙලා වැඩ. ඒක නෙමේ හෙට රෑට උඹයි අමිලයයි ඉන්නව නේද. මට පොඩි උදව්වක් ඕන"
"කියන්න රොෂෙන්.. අපි වැඩ තුබුනත් ඔයාගෙ උදව්ව කරල දෙන්නම්"
"ඔන්න ඔය ගතිය නිසා තමා බන් මම උඹට ආදරේ. උඹ යාළුකමට ගරුකරනවා. සලකනවා"
"හරි හරි බන්.. දැන් කියපන්කො මොනවද වෙන්න ඕන කියල"
"මේකයි, අපේ වැඩේ සීයට හැටක්ම ඉවරයි. දැන් තියෙන්නෙ ටෙස්ටින් පාර්ට් එක. මම අපේ මැනේජර් කාරයගෙන් හෙට රෑට ලැබ් එකේ නවතින්න අවසර ගත්තා. මොකද මම හෙට අපේ මැෂින් දෙක තුනකට ඉන්ස්ටෝල් කරල චෙක් කරනවා."
"ඒක හොඳයි. අපෙන් මොනවද වෙන්න ඕන ඉතින්"
"මම මේකට අළුත් අයිටම් ටිකකුත් දාල තියෙන්නෙ. ඒ නිසා ටිකක් නෙට්වර්කින් සිකියුරිටි පැත්ත හොඳටම හදන්න ඕන. ඒකට මට උඹලගෙ උදව් ඕන"
"අහ් ඒකද මේ උදව්ව. කරමු ඉතින්"
"ඊට වඩා ලොකු දෙයක් මට උඹෙන් ඕන. අපිලයට කියමු නෙට්වර්කින් පැත්ත බලන්න කියලා. මට මේ සිටි එකේ මැප් එක ඩිසයින් කරගන්න ඕන මගේ ස්කෙල් වලට. උඹට විතරයි ඒක කරන්න පුළුවන්. මොකද ඒක ටිකක් බැරෑරුම් වැඩක්. ඒ මැප් එක මත තමා අපේ මේ සොෆ්ට්වෙයා එක දුවන්නෙ.ඒ නිසා ඇකියුරසි එක උපරිම තියෙන්නෙ ඕනි"
අමමාටද කරුනු කාරනා පැහැදිලිකරදී මම අමිල සමග රොෂෙන් පැවසූ වෙලාවටම අප ආයතනයට ගියෙමි. ඒ වනවිටද අප මිතුරන් පිරිස තම තමන්ගේ වැඩ කටයුතු ආරම්ඹකර තිබුනි. ගුරුබවතුන් හා අනෙකුත් සිසුන් අද මෙහේ නොමැති වීම නිසා අපට මහත් සැනසිල්ලක් දැනුනි. එමෙන්ම කළමනාකාර තුමාගේ කාමරය ඇරුනුකොට අනෙක් සියළුම තැන් සඳහා ඇතුළුවීමට අපට හැකියාව තුබුනද අප ආයතනය අප කෙරෙහි තැබූ විස්වාසය අපි කඩනොකලෙමු. කෙසේවෙතත් ගුරුබවතුගේ බෝජනාගාරයට ගිය අප දෙදෙනා අප මිතුරන්ටද තේ රැගෙනවිත් අපගේ වැඩ ආරම්භකලෝය. රොෂෙන් පැවසූ ආකාරයටම එය තරමක් අසීරුවූ කටයුක්තක් වූයේය. මාද සිතූ තරම් එය පහසු නොවූයේ සියයට සියයක්ම අවශය්‍ය වූ නිවරැදි බව හා සමහර ස්ථාන කෙරෙහි ළඟාවීමට තිබූ කෙටිම මාර්ගය ලකුනු කිරීමය. සමහර අවස්තාවල්දී තරම්ක් අසීරු වූ ගණිත කර්මද මා හට යොදාගැනීමට හැකිවිය. සියලු දෙනාම ඉතා උනන්දුවෙන් තමන්ගේ රාජකාරිය කල නිසා ඔරලෝසුවේ රාත්‍රී දහය පසු වෙනවා කවුරුත් නොදැන සිටියේය.
"මචන්ලා, දහයයි කාලයි බන් වෙලාව.. අපි කන්නෙ නැද්ද"
"ගයාන්ට බඩගිනි වෙලා වගේ"
"ඔව් නේද. මම දැක්කෙත් නැහැ දිනුක. හරි දැන් කට්ටිය සේරම වැඩ නවත්වන්නකො. අපි කාල ඉමු. වැඩේ හිතුවට වඩා සාර්තකයි. අමිලගෙ වැඩේ හරි. අපි කාල ආයෙත් ටෙස්ටින් පාරක් දාමු. කොහොමත් තව පැය තුනක්වත් යයි දිනුකට වැඩේ ඉවරකරන්න. එතකම් අපිට රියල් මැප් එක එක්ක ටෙස්ටින් වලට යන්න බැහැ"
"හරි හරි රොෂෙන්. දැන් කාල ඉමු"
"ඩිලාටත් බඩගිනී වගේ. යාළුවා අපි දෙන්න ගිහින් කෑම ටික අරන් එමු."
"උඹල කොහෙන්ද කෑම ගේන්න යන්නෙ. මම වෙලාසනම කට්ටියගෙන් මුදලක් එකතුකලා"
"හරි හරි රොෂෙන් ඒක තියාගන්නකො. අමිලලගෙ දිහයින් නූඩ්ල්ස්, අපේ දිහයින් ඉඳි ආප්ප රෙඩි කරල තියෙන්නෙ උඹලට"
"ඇයි බන් උඹලගෙ ..."
"හරි හරි රොෂෙන්.. උන් දෙන්න කැමැත්තෙන්නෙ කරන්නෙ. ඔන්න ඔතනින් කීයක් හරි දීපන්."
"ඒ මොකටද"
"බෝතලයක්නම් වැඩිවේවි. මොකද වැඩ තියනවනෙ අපිට. ගෙනෙන් බ්‍රැන්ඩි බාගයක්"
"හැබැයි උඹල මෙතන වන කරන්න බැහැ හරි. අපි මේ මේන් ලැබ් එකේ ඉන්නෙ"
"හරි හරි රොෂෙන්. බාගෙනෙ බන්. එක ෂොට් එකයි. බලහන් හතරක් ඉන්නවනෙ"
අමිලලගේ නිවසින් ආහාර රැගෙන අපි දෙදෙනාම අපගේ නිවස ගියෙමු. අම්මා පිළියෙල කරතිබූ ඉඳිආප්ප කීපය හා කොපි බෝතලයද රැගෙන අප ගියේ ඩිලාගේ ආසාව ඉටුකිරීමටය. නමුත් රාත්‍රී දහය පහුවී තිබූ නිසා අපට එය ලබා ගැනීමට කිසිම ස්ථානයක් නොමැති වූ නිසා බ්‍රයන්ගේ හා මගේ පරණ මිතුරෙකු වූද අප ටවුමේ නමගිය අරක්කු මුදලාලි කෙනෙකි වූ ප්‍රසන්නලගේ නිවසට පැමිනියේය.
"අහ් පොඩි මහත්තය.. කාලෙකින් මේ පැත්තෙ. හොඳින් ඉන්නවා නේද. හම්ම් බ්‍රයන් මහත්තය නැති අඩුව...."
"ප්‍රසන්න ..."
"අනේ සමාවෙන්න පොඩි මහත්තයො... මොනාද වෙන්න ඕන. මොනාද ඉතින් බෝතලයක්නේද"
"ම්ම්ම්ම්.. අපි අද ලොකු වැඩක ඉන්නෙ ප්‍රසන්න. ඒ නිසා මට බාගයක් ගන්න ආවෙ"
"ඒකත් එහෙමද. ඉන්නකො දෙන්නම් නියම පහරක්. "
"අනේ මේක වැඩියි අපිට. අනික ඕක ගන්න තරම් සල්ලිත් නැහැ අතේ මේ වෙලාවෙ"
"කව්ද මහත්තයො සල්ලි ඉල්ලුවෙ. මහත්තයලට කරන්නැති දෙයක් ..."
"හරි හරි ප්‍රසන්න. මම වෙලාවක එන්නම් මේ පැත්තෙ. බොහොම ස්තූතියි මේකට. ගිහින් එන්නම්"
මා නොසිතූ ලෙස සිදුවූ ප්‍රසන්නගේ පිළිගැනීම නිසා අමිල ඉදිරියේ මා අපහසුතාවයකට පත්වූයේ අමිල මගේ අතීතය නොදන්නා කෙනෙකු වූ නිසාය. අමිලටද එම සන්වාදය තරමක් පුදුමසහගත එකක් වූ අතර නැවත අප පැමිනෙනතුරුම අප දෙදෙනා අතර පැවතියේ දැඩි නිහඬතාවයකි. අමිලව ප්‍රසන්න ඉදිරියට රැගෙන ගිය එක පිළිබඳව මම පසුතැවුනෙමි. මෙගේ ඒ නොසැලකිලිමත්කම නිසා අමිලගේ සිතේ ප්‍රස්න රැසක් පැනනැගෙන්න ඇතැයි මම අනුමාන කලෙමි.
අප සියළුදෙනාම රාත්‍රී ආහරය ගැනීම සඳහා, අප ආයතනේ ගුරුබවතුන් ආහාර ගන්නා ස්ථානයට රැස් උවද රොෂෙන්ගෙන් බැනුම් වරුසාවකට අසුවූයේ මාගේ අත් වැරදීමකින් මා අතට ගත් පළමු වීදුරුවම එම මේසය මත හැලීම නිසාය. එහි සුවඳ පිටතට නොදැන ලෙස සුද්ද පවිත්‍ර කිරීමට විනාඩි විස්සක පමන කාලයක් යෙදවීමට අපට සිදුවිය. කෙසේ වෙතත් හැකිතරම් ඉක්මනටම අප රාත්‍රී අහාරය හා ප්‍රසන්නගේ ඒ ප්‍රසන්න වූ දියරය ඉවර කෙරුවේ තවත් වැඩකටයුතු රැසක් අපට ඉතිරිව තිබූ නිසාය. පාන්දර හතර පමන වන විට රොෂෙන් කියූ පරිදිම මම නගරයේ සිතියම සකස්කර අවසන් කෙරුවෙමි. ඒ වන විටද අමිල එම මෘදුකාන්ගය පරීක්ෂා කිරීමට අවෂය්ය සියළුම කටයුතු සූදානම් කර දී තිබූ නිසා අප පැය භාගයක පමන නින්දකට සැරසුනේ රොෂෙන්ගේද අනුමැතිය ඇතිවය. අප ගෙනා ආහාර වලින් හරි අඩක් අවසන් කල ඩිල්ෂාන් ඒ වනවිටද සුව නින්දක සිටියේය.
"අමිල, දිනුක නැගිටින්න.. නැගිටින්න හයයි වෙලාව"
"මොනව හයයි"
"ඔව් ඔව්.. ඔය දෙන්නට කතා කලේ නැහැ අපි."
"රියල් මැප් එක එක්ක ටෙස්ටින් එක කලාද"
"ඔව් වැඩේ ගොඩක් සාර්ථකයි. තව ඉන්ටර්ෆේස් එකේ වැඩ ටිකක් විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ මේක අපේ ලොක්කට පෙන්නෙමු. ආ.. තව ප්‍රසන්ටේෂන් එකක් හදන්නත් ඕන"
"හරි ඒ වැඩේ මමයි අමිලයි කරන්නම්. ඔයා ඒකට දාන්න ඕන ඩේට ටික අමිලට දෙන්නකො"
"කෝ රොෂෙන් කට්ටිය"
"ගයාන්නම් ඔය ඉන්නෙ. අනික් අය මූණ හෝදන්න කියල ගියා. ඔයාල දෙන්නත් මූණ හෝදගන්නකො"
"ගුඩ් මොර්නිං දෙන්නටම.. අන්න අපිට තේ ගේන්න කියල ඩිලයි සන්ජයයි ගියා උදෙන්ම."
"ගුඩ්මොර්නිං ලක්ෂිත.. උඹ මූණ හේදුවද"
"නැහැ. උඹල දෙන්නත් නැගිටිනකම් හිටියෙ. වරෙන් යමු. හත වෙද්දි ඩිප්ලොමා ළමයි එයි ලැබ් එකට. ඒ නිසා අපි ඉක්මන් කරමු"
"ඔව් ඔව්.. ලක්ෂිතයගෙ කතාව හරි. උඹල මූණ හෝදන් වරෙල්ලා. මමයි ගයානුයි මේක ටිකක් පිළිවෙලකට අස් කරල අතු ගාල දාන්නම්"
"ඕකේ.. එහෙනම් අපි හාඩ්වෙයා රූම් එකේ ඉන්නවා"
අප තිදෙනාගෙන් අවසන් වරට මූණ සෝදා ගත් මම කතාකරගත් පරිදි ආහාර ගැනීම සඳහා වෙන්කර තිබූ ප්‍රදේෂයට ගිය අතර ඒ වන විතත් සියලුම දෙනා ඊයේ රාත්‍රියේ වූ සොඳුරු මතකයන් අවදි කරමින් ඩිලාගේ තේ රසවිඳිමින් සිටියෝය.
"දිනුක වරෙන්කො මෙහෙට"
"මොකෝ ලක්ෂිතය හදිසියෙන් වගේ.."
"සද්ද නැතිව වරෙන්කො හාඩ්වෙයා රූම් එකට"
"යාළුවා ආවද. මෙක බලහන්කො. මම කැමරා අපේ කැමරාටික ඇක්සස් කලා. බලහන්කො මේ සුදාරය උගන්වන ගමන් කෙල්ලන්ට පෙරන පෙරිල්ල. බලහන් මේ කෙල්ලන්ගෙ අතිනුත් අල්ලනවා."
"දිනුකය මොකෝ කියන්නෙ, ගහමුද මූට දකින දකින කෙල්ලන්ට කකුල් අල්ලල වඳින මට්ටමට එන්න"
"පිස්සුද බොල.. එහෙම මිනිහෙකුට ගහන්න පුළුවන්ද අපේ තියන විසේට. නැද්ද අමිල. අනික බලහන්කො කෙල්ලත් ආතල් එකේ අත දීගෙන ඉන්න හැටි. බලහන්කො අඟර දඟර දාන හැටි. "
"ඒක ඇත්ත යාළුවා. තනි අතකින් අත්පුඩි ගහන්න බැහැනෙ බන් සුදාරයට"
"අමිල හරි. ගලන ගඟකින් මිනිහෙක් බැහැල නා ගත්තට අවුලක් නැහැ බන්, ගඟට හානියන් නොකර තමනුත් බේරිලා"
"අන්න ටෝක්ස්.. දවසේ කතාව මචන්. මේ ඔය සුදාරයගෙ හුරතල් බලන් නැතිව ලැබ් එකේ කැම් එක ඔන් කරපන් බලන්න, ලස්සන කෙල්ලෙක්වත් ඉන්නවද බලන්න. ප්‍රැක්ටිකල් කරන්න ඇවිල්ල"
"මේ කරන දෙයක් කරපල්ල කවුරුත් එන්න කලින් හරි. දන්නවනෙ අපි මෙතන චා උනොත් එහෙම රොෂෙනට තමා කේස් වෙන්නෙ හරි"
අමිල ලැබ් එකෙහි කැමරාව විවෘත කරනවාත් සමගම මා දුටු දසුනින් මගේ සිත කලබලවිය. මදකට මගේ හුස්ම නැවතුනා මෙන් මට දැනුනි. එමෙන්ම මගේ දෙපයද පණ නැතීවී යන බවක් දැනුනු නිසා මා ඒ අසල තිබූ බිත්තිය මතට බර වූයේ මාගේ මිතුරන් දෙදෙනාම පුදුමකරවමින්ය. ඔවුන් මගෙන් නොයෙකුත් ප්‍රස්න විමසුවත් මා හට හරි ආකාරව ඔවුන්ගේ හඬ නොඇසුනු අතර මම නිසලව නිහඬව පරිඝනක තිරය මත බලා සිටියේ බොඳවූ දෑසකින් යුතුවය.
"දිනුක.. මොකෝ මචන්. උඹට අසනීපයක්වද්ද.. අමිලය අඩේ ටිකක් බලහන්කො. රොෂෙනට කතාකරපන්"
"යාළුවා මොකෝ මේ. ඇයි මේ බය වෙලාවගේ.. ඇස්වල කඳුළු"
"ඉමාෂා ... ඔ.... යා ..."
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
ammatasiri wenawa kiwwalu....digatama yamu...
haffa me moko wune!!!!!!!!!!!!!!!
අඩෝ මාර සීන් එකනෙ...
pissu pikudu ... ela ela digatama digatama
හිතුවක්කාර ආදරය - 19 වෙනි දිගහැරුම
කිසිවක් කියාගත නොහැකිව මම නිසොල්ව සිටියෙමි. පරිඝනක තිරයෙන් මගේ ඇස් ඉවතට නොගිය තරම්ය. මම මේ දකිනා දේ විස්වාස නොකෙරු අතරම මගේ මිතුරෙකු වූ ලක්ෂිතගෙන් කන හරහා ලැබුනු ඒ ආදරබර පහරත් සමගම මම නැවත සිහියට පැමිනියෙමි.
"යාළුවා, ඉමාෂා ආයෙ එන්නෙ නැහැ කියල අපි දෙන්නම දන්නවා. ඔයාව පාලනය කරගන්න. අපි බලමු මේ කව්ද කියලා"
"කව්ද බන් මේ ඉමාෂා කියන්නෙ. සොරි මචන් මම උඹට හැහුවට. මොකක්ද බන් මේ ඉමාෂගෙ කතාව."
"ඒක දිග කතාවක් ලක්ෂිත."
"යාළුවා ඔන්න ෆුල් ස්ක්‍රීන් දැම්මා. හොඳටම බලන්නකො මේ එයාමද කියලා"
අමිල එසේ පවසනවාත් සමගම මම මා ගැනම පසුතැවුනේ ඒ ඉමාෂා නොවන බව මා තේරුම්ගත් නිසාවෙනි. ලැබ් එකෙහි ඇති කැමරාවෙන් ඇයව හරි ආකාරව නොපෙනුනත් ඉමාෂාට සමාන රුවක් ඇය සතුවිය. මදක් වෙලා මා නිහඬව පරිඝනක තිරය මත බලා සිටියේ ඒ වැලලී තිබු අතීතයට නැවත පණක් ලැබීම නිසාය. මා දුටු ඒ රුව නිසා මට ඉමාෂාව සිහිවන්නට විය. අපගේ සොඳුරු මතකයන් එකිනෙක පිළිවෙලකට ට් නැගුනේ නෙතු අග කඳුලින් බරකර උවත් මා එම කඳුළු සැඟවූයේ නැවතත් ලක්ෂිතගෙන් පාරක් කෑමට අකමැති වූ නිසාය. නමුත් ඉමාෂාව ජීවමානව දැකගත හැකි එකම රුව ඇය බව මම සිතුවෙමි. මක්නිසාදයත් ඇයව දුටු තප්පරයේදීම මගේ මතකයට ඉමාෂා පැමිනි නිසාවෙනි. එම නිසා ඇය හා කතාකිරීමට ආසාවක් මා හිත තුල ඉපදුනේ මටහ් හොරාවටය.
"මට පේන්නෙ මෙතන ලොකු ස්ටොරියක් තියනව වගේ. ඒක තමා දිනුක උඹ තාම තනිකඩව ඉන්නෙ. හරි අපි මෙහෙම වැඩක් කරමු. මම උඹේ ඉතිහාස කතාව අහන්නෙ නැහැ. ඒත් මේ දැක්ක කෙල්ල හින්ද උඹේ හිත ගැස්සුනා."
"හරියට හරි ලක්ෂිත. යාළුවා මොකද කියන්නෙ එයා එක්ක කතාකරමුද"
අමිල එසේ පැවසුවේ මා සිතූ දේ ඔහුට තේරුනාක් මෙන්ය. මගේත් හිතේ රැඳුනු ආසාව නිසා මම හිමින් හිමින් ඇය සිටිනා ස්ථානය වෙත ගියේ මගේ ඇරඹුමට පෙර අවසාන වූ ඒ ආදර කතාවේ සොඳුරු මතකයන් සිහි කරමින්ය. මාගේ නිගමනය නිවැරදි විය ඇයටද ඉමාෂා මෙන් කටකාරකම නොඅඩුව තිබුනි. ඔවුන් අසලට මා ලන් වෙනවාත් සමගම ඇය හා ඇගේ මිතුරියන් නිහඬ වූයේ මා ඔවුනට ආගන්තුකයෙකු වූ නිසාවෙනි. ඇගේ දකුණුපස තිබූ පරිඝනකය හිස්ව තිබූ නිසා මා එතනින් වාඩි වූයේ ඇයවද පුදුම කරවමිනි. එය අපගේ නෙතු හමුවූ පළමු අවස්තාව විය. ඉමාෂා මේ ආගන්තුක යුවතියට වඩා වෙනස් වූයේ නම් ඒ උසින් පමනි. අනෙක් හැම දේකින්ම ඇය ඉමාෂාමය.
"එක්ස්කියුස් මී... ඔයාගෙ නම මොකක්ද"
"පියුමි .... පියුමි ඩි සිල්වා.. එක්ස්කියුස්මී ඔයා මේකෙ නම් ලකුනු කරන කෙනාද"
ඇය එසේ අසනවාත් සමගම ඇගේ යාළුවන් සිනාසෙන්නට විය. ඇයද සිනාසුනේ සමච්චලයට මෙන්ය. නමුත් මා ඇයට සිහින් සිනහවකින් සන්ග්‍රහ කලේ මගේ මතකයන් ඈත අතීතෙට දිවගිය නිසාය. ඉමාෂා හමුවූ පළමු දවස මට සිහි විය. ඇයද මෙසේ කටකාර දඟකාරියක් මෙන් හැසිරුනා මට මතකය. මේ සිදුවන දේ සිදුවීමට යන දේ මා හට සිතාගත නොහැකි තරම්ය. අතීත මතකයන් යටපත් කර මා සිත නිසල කරගත්තා පමනි. ඉමාෂා හා මට හමුවූ මේ ආගන්තුක යුවතිය එකිනෙකට වෙනස් දෙදෙනෙකු බව මා කෙතරම් සිතුවද එය මගේ සිත නොපිලිගත්තේ ඇයිදැයි යන්න මම නොදැන සිටියෙමි. ඇගේ සිනහව, ඇගේ කටකාරකම, තාලයකට නැලවෙන ඇස් මට මගේ අතීතය නැවත සිකරන්නට විය. මා නැවතත් ඉතා අසීරු තත්වයකට පත්ව ඇති නිසා මම එම ස්ථානයෙන් නැගිට යාමට උත්සහ දැරූවද, මෙම ආගන්තුක රුව නැවත හමුවන්නෙ කවදාද, නැවත දකින්නේ කවදාද යන ප්‍රස්න රැසක් මගේ යටි සිතින් මතුකල නිසා මගේ උත්සයය අසාර්තක විය. එනමුත් මට මෙමෙ ස්තානයේ තවත් රැඳී සිටීමට අපහසු වූයේ මගේ සිත මටම කීකරු නොවූ නිසාය. එහෙයින් මා ළඟ තිබූ මගේ විසිටින් කාඩ්පත ඇය ඉදිරියේ තබා මා නිහඬව නැගිට ගියේ මා ආදර මතකයන් හමුවේ ගොළුවෙකු වූ නිසාය.
"කොහොමද මචන් කෙල්ල. ලස්සනයි නේද. උඹට ගැලපෙනවා. ට්‍රයි එකක් දෙමු."
"යාළුවා අපි මෙතනින් යමු. දැන් වෙලාව හරි අදාල අය මෙත්න්ට එන්න. මම උඹ ලැබ් එකේ ඉන්න ඒ වීඩියෝ එක ඩිලීට් කලා."
අප තිදෙනා අපෙ අනෙකුත් යාළුවන් සිටිනා තැනට ගියද මා තුල පැවතියේ දැඩි නිහඬතාවයකි. ලක්ෂිත දිගින් දිගටම කියා සිටියේ ඇය මටම ගැලපෙන කෙල්ල කියාය. එමෙන්ම ඔහු සිදුවූ සියළුම දේ කෙටියෙන් අනෙක් පිරිසටද කීවේ රසකාරකද ඇතිවය. මා ගැහැණු ළමයෙකු හා එසේ කතා කලායැයි දැනගත් විට මටත් වඩා මගේ පන්තියේ පිරිස සතුටු වූයේ මෙතුවක් කාලයකට ම ඔවුන් සමග ගැහැණු ළමයෙකු පිළිබඳව කතා නොකෙරූ නිසාය.
"මම ඒකතමා බැලුවෙ කෝ මේ තුන්දෙනා කියලා. බලහල්ලකො ඒකෙත් හැටි. මම මෙතන මීටින් එකක් තියන්න සෙට් එක හොයනවා. මුන් ටික කෙල්ලො බලලා"
"අඩේ ඇයි බන් මට කතා කලේ නැත්තෙ"
"උඹේ සයිස් එකට උඹ ආවනම් ඒ රූම් එකේ ඉඩ නැති වෙනවා ඩිලා"
"හරි හරි දැන් අපි ආවනෙ, රොෂෙන් මොනාද අද ප්ලෑන්."
"අපි දහය වගේ වෙනකම් ටික්ක් ඉමු. ඉඳල මේක අපේ සර්ට පෙන්නල අපි යමු ගෙදර. අද ලෙක්චර්ස් ඉන්න ඕන නැහැ. පස්සෙ කෙල්ලෙක්ගෙ පොතක් ඉල්ලන් නෝට් එක ලියාගමු. සේරටම කලින් යමු දිනුකට හිත ගිය ඒ කෙල්ලව බලන්න. මේ සොෆ්ට්වෙයානම් කවද හදන්න බැරිද. නැද්ද ගයාන්"
"ඒක ඇත්ත. යමු මුගෙ හිත හෙල්ලුව ඒ කුමාරිකාව බලන්න."
රොෂෙන්ගේ ඒ කතාවට සියළුදෙනාම එකඟ වූයේ මාද පුදුම කරවමින්ය. අපගේ සියළු වැඩ නවතා අප අපගේ ලැබ් එක ඉදිරියට වී සිටියේ ඇය ඇගේ වැඩ අවසාන කර පැමිනෙන තුරුය. අපට පැය භාගයක් පමන එසේ සිටීමට සිදුවිය. ඒ පැය භාගය තුල සියලුම දෙනා මා හට උපදෙස් දුන්නේ ගැහැණු ළමයෙක්ගේ හිත් දිනාගන්නා අයුරුය. ඩිල්ෂාන්ගේ අදහස් සියලුදෙනාටම සිනහවක් ගෙන දෙන්නා ඒවා වූ අතරම රොෂෙන්ගේ හා ගයාන්ගේ සියලුම අදහස් ජාවා ආශ්රිත ඇල්ගොරිදම්ස් වූ නිසා මට තේරුම්ගැනීමට තරමක් අපහසුවිය. අප කවුරුත් නොසිතූ වෙලාවක ඇය ඇගේ මිතුරන් හා පැමින මා ඉදිරියට පැමිනියේ අප සියළු දෙනාම නිහඬකවරමින්ය. ලා නිල් පැහැති ඩෙනිමකින් හා ලා රෝස පැහැති ටී ෂර්ට් එකකින් ඇය සැරසී තිබූ අතර අප නෙතු එකිනෙක හමු වූ දෙවනි අවස්තාවද එය විය.
"මෙන්න ඔයාගෙ කාර්ඩ් එක. මට ඕනි නැහැ. කොල්ලො හැමෝම එකයි. කෙල්ලෙක් දැක්ක ගමන් නම්බර් එක දෙනවා."
මා තුල වූ නිහඬබව නිසාදෝ ඇය කීමට ගිය ගොඩක් දේ ගිලගත්තායැයි මට සිතුනි. ක්සේ නමුත් මා දුන් මගේ විසිටින් කාඩ්පත මා අත්ල මත තබා ඇය ඇගේ මිතුරියන් හා නොපෙනී ගියේ ගැහැණු ළමයෙකුට උපතින්ම එන ආඩම්බරකම පාමින්ය.
"යකෝ කෙල්ලගෙ ගනන්. හයි ක්ලාස් වගේ"
"එහෙම තමා ඩිලා ලස්සන කෙල්ලො. දිනුක තේරිමනම් හොඳයි. ඒත් කෙල්ලගෙ ටිකක් වයස පාට පේනවා නේද."
"ඔන්න ඔන්න ඉතින් රොෂෙන කැපුවනෙ වල. අනෙ අම්මප මූ .."
"රොෂෙන් හරි කියල මටත් හිතෙනවා ඩිලා. නමුත් කෙල්ල ලස්සනයි.හැබැයි ටිකක් ආඩම්බරයි වගේ"
"කව්ද අනේ ආඩම්බර"
"ආ ඔය ආවෙ අපේ කුමරිය. මේ දිනුකට කෙල්ලෙක් සෙට් උනා අනේ"
"බලන්නකො හසිනි. අපි මේ උදෙන්ම ක්ලාස් ආව මුන් ටික මැරීගෙන වැඩ නේද කියල. සේරම කෙල්ලො බලනවා"
"ඒක තමා සසා. අපරාදෙ උදෙන්ම අවෙ. අපි යමු අනේ පන්තියට"
ඇයව දැකීමෙන් පසුව මගේ සිත කලබල ගතියකින් තිබූ නිසා රොෂෙන්ගේ අවසරයද ඇතිව අමිල හා මම නිවස බලා යාමට පැමිනියේ මා තුල තිබූ නිදිමත ගතිය නිසාත් ඇඳ මතට වී කල්පනා ලෝකයේ මදක් තනිවීමට උවමනා වූ නිසාත්ය.
"යාළුවා මොකද නිහඬ"
"එහෙම දෙයක් නැහැ අමිල"
"මට තේරෙනවා. උඹ ඒ කෙල්ලව මුලින්ම දැක්කහම හැසිරුන විදිහෙන් මට හිතාගන්න පුලුවන් උඹ ඉමාෂාට කොච්චර ආදරේ කලාද කියලා. ඒ අතීත මතකයන් ආයෙමත් මොන විදිහකින් හරි අපිව රිදවද්දි අපි නිහඬ වෙනවා තමා යාළුවා. යමුගෙදර් ගිහින් හොඳ නින්දක් දැම්මට පස්සෙ ඔය සේරම ඇරිල යයි"
අමිලගේ ඔවදන් මා අසාසිටියේ ඔහුට කෙටි පිළිතුරු සපයමින් වන අතර අප දෙදෙනා අප ආයතන්යෙන් එලියට පැමිනෙනවාත් සමගම දුටු දර්ෂනයත් සමගම මා නැවතත් ගල් පිළෛමයක් බඳු විය. ඒ වෙන කවුරුත් නොව කෙවින් හා ඔහුගේ පිරිසය. ගැහැණු ළමයෙකු මෙගේ ජීවිතයට පැමිනෙන්නේ නොගැලපෙන වෙලාවකද නැතිනම් අනෙකුත් ප්‍රස්න මගේ ජීවිතයට පැමිනෙන්නේ නොගැලපෙන වෙලාවදයැයි මම පිළිතුරු සෙවීමට උත්සහ කලද එම පිළිතුරු ගැලපීමටත් මත්තෙන් අදහාගත නොහැකි වූ අනෙක් කරුන වූයේ අමිල ඔවුන්ගේ මිතුරෙකු වීමය.
" හලෝ කෙවින්. කොහොමද, කවද්ද ලන්කාවට ආවෙ"
"අමිල.. දැක්ක කල්.. අද උදේ ආවෙ. ටවුන් එකට ආව සෙට් එක මීට් වෙන්න. අඳුරන යාළුවෙකුත් ඉන්නෙ"
"අහ්.. දිනුකව ඔයාල දන්නවද. ඒ ..."
"මට තමුසෙව අමතක වෙන්නෙ නැහැ දිනුක. උඹේ අහිමිවීම අපිට ආරන්චි උනා. අපි කනගාටුවෙනවා ඒ ගැන."
"ගිය දේවල් ගියා කෙවින්"
"ඒත් උඹේ මූණ මගේ මතකයෙන් යන්නෙ නැහැ. ඒ වගේම අර කම්බුල්පාර මගේ මතක්යෙන් යන්නෙත් නැහැ."
"කෙවින් මම උඹ එක්ක පැටලුනේ නැහැනෙ. උඹ ඒක හොඳටම දන්නවා.අනික උඹල කරපු වැරැද්ද හින්ද තමා .."
"නවත්ත ගනිල්ලා දෙන්නම. කෙවින් උඹ යමන්. මම පස්සෙ එන්නම් උඹලගෙ දිහා. දිනුක වරෙන් යන්න"
කෙවින් මා හා තරහින් කතා කලද කෙවින්ගේ සහෝදරයාගේ තරහක් නොතිබූ බව මට ඔහුගේ ඉරියව් වලින් වැටහිනි. මොනදේ සිදු වුවත් කෙවින් නැවත මා හා රන්ඩුවකට පැටලෙන්නේ නොමැති බව මම හොඳාකාරවම දැනසිටියෙමි.මැදගිල්ල පෙන්වා මා අසලින් කෙවින් ඇතුලු පිරිස පිටව ගියේ මට සිතීමට නොයෙකුත් දේ ඉතිරි කරමින්ය. එමෙන්ම අමිල නිවසට නොයා මා රැගෙන මුහුදුවෙරළට පැමිනියේ ඇයිද යන්න මම ඔහුගෙන් නොඇසුවේ ටවුමේ සිට මෙම ස්ථානයට පැමිනෙන තෙක්ම අප දෙදෙනා තුල තිබූ දැඩි නිහඬතාවය නිසාය. අමිල තවමත් නිහඬය. ඔහු අත තුබූ අඹ අච්චාරුව රස විඳිමින් නිසල මුහුද දෙස බලා සිටියේ අප අතර තිබූ ඒ නිහඬබව තවදුරටත් ආරක්ෂා කරමින්ය.
"යාළුවා, උඹ කව්ද"
"අමිල, මම කව්ද කියල අහන්නෙ.. මොකෝ උඹට නිදිමතේද. විකාර දොඩවන්නෙ"
"ඇත්තටම ඇහුවෙ යාළුවා, මට දැනගන්න හිතුන නිසා"
"ඇයි අමිල ඒ වගේ ප්‍රස්නයක් මගෙන් ඇහුවෙ"
"යාළුවා, මම ටිකක් අනෙක් අය ගැන විමසිල්ලෙන් ඉන්න කෙනෙක්. ඒක උඹ දන්නවා ඇතිනෙ. මම ඒ ප්‍රස්නෙ උඹෙන් ඇහුවෙ කාරනා දෙකක් නිසා"
"ඒ මොකක්ද අමිල"
"පළවෙනි එක තමා ඊයෙ සිද්දිය. රෑ අපි බෝතලේ ගේන්න ගිය වෙලාව. දිනුක මම ප්‍රසන්න ගැන හොඳට දන්නවා. ප්‍රසන්න කියන්නෙ අරක්කු ගන්ජ මාර්කට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්. ඒ වගේම දේශපාලන බලය, පොලීසිය හැමදේම වගේ මිනිහ ළඟ තියනවා. මේ සමාජයේ අපි හිතනවාටත් වඩා ටිකක් එහයින් ඉන්න කෙනෙක්.ඉතින් ඒ වගේ මිනිහෙක් ඊයෙ උඹට කතා කලේ පොඩි මහත්තයා කියලා. ඒ කියන්නෙ උඹ ඒ මිනිහ ඉන්න තැනටත් එහයින් ඉන්න කෙනෙක්. අනික ඊයෙ ප්‍රසන්න කියන්න ගිය ගොඩක් දේවල් උඹ වැහුවා. අනික ඒ වගේ වටින බෝතලයක් නිකන් දෙන්න තරම් උඹගැන ලොකු ගෘරවයක් ඒ මිනිහගේ හිතේ තියෙන්නෙ ඕන.ඒකයි මම ඇහුවෙ උඹ කව්ද කියලා"
"හම්ම්.. හොඳ විස්තරයක්.. එතකොට දෙවනි එක"
"දෙවනි එක කෙවින්.. මම දන්න්නෙ නැහැ කෙවින් එක්ක උඹේ තියන හතුරුකම මොකක්ද කියල"
"කෙවින් මල්ලිව අරන් ලන්කවෙන් ගියෙ අපි එක්ක පොඩි රණ්ඩුවකට පැටලුන නිසා"
"ඉතින් ඒකනෙ.. දැන් බලපන් අද උඹ තනියම හිටියෙ. කෙවින්ගෙ ඇස් වල තිබ්බ තරහ උඹට පේන්න ඇතිනෙ. ඒත් උඹට ටිකක් දුර ඉඳන් මිනිහ කතා කලේ. මිනිහගෙ ගැන්සියේ කවුරුවක්වත් මොකුත් කීවෙත් නැහැ, උඹේ ළඟට ආවෙත් නැහැ. ඉතින් මම හිතනවා යාළුවා, මම උඹෙන් ඒ ප්‍රස්නෙ අහපු එක සාදාරණයි කියලා"
"ම්ම්ම්ම්.. මම ආදරේ කරපු ඒ කෙල්ලගෙ තාත්ත ලන්කාවෙ උන්න බලවත්ම මිනිහෙක්. අපරාද දෙපාර්තුමේන්තුවෙ"
"එතකොට උඹේ ඉමාෂා, වර්ණකුලසූරියගෙ දුවද"
"ඔව්.. ඉතින් මම හිතනවා උඹේ ප්‍රස්න වලට පිලිතුරු ලැබෙන්න ඇති කියලා"
"ම්ම්ම් ඒත් සම්පූර්ණයෙන්ම නැහැ. උඹ මහ ගුප්ත චරිතයක් යාළුවා. ඒත් හිත හොඳ එකෙක්"
"උඹත් මට හම්බුන හොඳ යාළුවෙක් අමිල. උඹට මම ගැන සමහර විට දැනගන්න ලැබේවි. එහෙමත් නැතිනම් මම වෙලාව ආවම උඹේ අසම්පූර්න පිළිතුර සම්පූර්ණ කරන්නම්. ඒත් මතක තියාගනින් උඹ මගේ යාළුවා. මගේ ජිවිතේ ළඟින්ම ඉන්න එකම යාළුවා."
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට .....
ආයෙත් නැගලා යන්නයි යන්නෙ ලවු ස්ටෝරි එකක් එල එල