හිතුවක්කාර ආදරය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 27 වෙනි දිගහැරුම

    "කව්ද ඉමාෂා කියන්නෙ"

    එක මොහොතකට මා සිටි තැනම ගල් පිළිමයක් බඳුවූයේ ඇය ඇසූ ප්‍රස්නයත් සමගය. මම තප්පර කීපයක් නිහඬව ඇගේ කඳුලින් පිරි දෙනෙත් දෙස බලා සිටියෙමි. එම දෙනෙත් මගෙන් සඟවනා දෙය කුමක්දැයි මට නොහැඟුනත් මගේ හිත කැලඹූ කරුන වූයේ මා කීමටත් පෙර මොවුන් ඉමාෂා ගැන දැනගත්තේ කෙසේද යන්නය. මම පියුමිට වැරැද්දක් නොකලද මා තවත් විනාඩි කීපයක් නිහඬව සිටියේ මොවුන් දෙදෙනාට කෙසේ පිළිතුරු දෙම්දයැයි සිතමින්ය.

    "ඇයි දිනුක අයියා ඔයා නිහඬ. මන් අහපුදේට උත්තර දෙන් නැත්තෙ ඇයි"
    "පියුමි, මේ .."
    "නිකන් බලු වැඩ කරන්න එපා මිනිහො. තමුසෙ මේ කෙල්ලට මෙච්චර දුකක් දෙන්න මේ කෙල්ල කරපු අපරාදෙ මොකක්ද. අපි කිව්වා නේද පියුමි උඹට. මේ කොල්ලව උඹට ගැලපෙන්නෙ නැහැ කියලා. උඹ විඳවපන් දැන් ඉතින්"
    "ඔයාලට කවුරු හරි වැරදි දෙයක් කියල තියෙන්නෙ. මම ඉමාෂ ගැන කියන්නම්. කලබල නොවී ඉන්නකො"
    "හොඳ වෙලාවට මේක දැන්ම අපි හොයා ගත්තෙ. පියුමි උඹ මර උගුලකින් බේරුනේ. මතක තියා ගනින් පියුමිව අඬවපු තමුසෙට යහතින් ඉන්න වෙන්නෙ නැහැ. කියනව බලන්න තමුසෙ මේ තවත් කෙල්ලෙක්ගෙ සැප හොයාගෙන ගියෙ මේකි මොනව කලාටද"
    "හිරුණි, ඔයා ටිකක් නිහඬ වෙන්නකො. ඇයි දිනුක අයියා මට මෙහෙම දුකක් දුන්නෙ. කියන්න මට. මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද. කවුද මේ ඉමාෂා. කොහෙද ඔය කෙල්ල ඉන්නෙ. මට එයාව මීට් වෙන්න ඕනි"


    මාගේ හා පියුමිගේ සම්බඳයට අකමැති කවුරු හෝ හරි අපූරු කතාවක් නිර්මාණය කර පියුමිට හා ඇගේ මිතුරියට පවසා ඇති බව මම ඔවුන්ගේ කතා විලාශයෙන් තේරුම් ගත්තෙමි. එවැනි දෙයක් කීරීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු පිළිබඳව මේ මොහොතේ මාගේ මතකයට නාවද මොවුන් දෙදෙනාටම ඇත්තම කතාව පහදා දීමට මම තීරණය කලෙමි. ඔවුන් මා ඇමතූ සමහර වචනයන්ගෙන් නැතිනම් මා සල්ලාලයෙකුයැයි සිතා මාගේ චරිතය නිර්වචනය කල සමහර වචන මාගේ සිත තුලටම කා වැදුනද ඒ සියල්ලම ඉවසා මා සිටියේ මා වැරැද්දක් නොකල නිසාවෙනි. එමෙන්ම මොවුන්ගේ සියලුම ප්‍රස්න වලට පිළිතුරු ඉමාෂාගේ සොහොන් කොතෙන් ලැබීවියැයි ස්තූ නිසා මා මොවුන්ව එම ස්තානයට රැගෙන යාමට සිතූවද එය ඉතා අසීරු කරුනක් වූයේ පියුමිගේ මිතුරිය වූ හිරුණි නිසාවෙනි. නමුත් අවසානයේ මා සමග ඒමට ඔවුන් කැමැත්ත ඵල කලේ මාගේ උත්සහය සාර්ථක වී මිස නොව පියුමිට මා පැවසීමට හදානා දෙය දැනගැනීමට තිබූ කුතුහලය නිසාය. තවමත් ඇගේ ඇස් කඳුලින් තෙත් වී තිබූ අතර ඔවුන් දෙදෙනා මා පිටුපසින් පැමිනියේ මා කොහේ යනවාදැයි හරි අදහසක්ද නොමැතිවය.

    "දිනුක අයියා, ඇයි මේ ඔයා අපිව සොහොන් පිට්ටනියක් ළඟට එක්කන් ආවෙ"
    "මෙයාගෙ වල කපන තැන කලින්ම තීරනය කරන්න වගේ.. කියනව බලන්න තමු.."
    "හිරුණි. ටිකක් කලබල නොවී ඉන්න. මට තේරෙනව ඔයාගෙ තරහව සාදාරණයි. ඔයාල ගොඩක් දේවල් මට කීව. දැන් මට අවස්තාවක් දෙන්න කතා කරන්න. ඒ හින්දා ටිකක් නිහඬව එන්න මන් එක්ක"


    මා ටිකක් සැර වූ නිසාදෝ ගැහැණු ළමුන් දෙදෙනාම නිහඬ වූයේ එකිනෙකා දෙස බලමින්ය. ඔවුනට මා කිරීමට යන දේ පිළිබඳව තේරුමක් නොතිබුනත් ඔවුන් බියක් සැකක් නොමැතිව මා සමහ මේ පාළු සොහොන් පිටියට පැමිනීම පිළිබඳව මම සිතින් ඔවුනට ගෞරව කෙරුවෙමි. ඉමාෂාගේ සොහොන ඉදිරියට පැමින මා නිහඬව මද වෙලාවක් එම සොහොන දෙස බලා සිටියේ මෙතුවක් කල් පියුමිට මේ ගැන නොපැවසුවාට සමාව යදිමින්ය. එමෙන්ම මා සමග පැමිනි පියුමි හා ඇගේ මිතුරියද මා අනුගමනය කරමින් නිහඬව සිටියේ පුදුම වූ දෙනෙතකින් යුක්තවය.

    "ඉමාෂා පෙරේරා... කවුද මේ දිනුක අයියා. ඇයි ඔයා මේක අපිට පෙන්නන්නෙ"
    "මේ තමා ඔයාල කිව්ව ඒ ඉමාෂා. හිරුණි මේ තමා ඒ ඔයා කිව්ව සැප ගන්න මම හොයාගත්තු කෙනා. එතකොට පියුමේ මේ ඉන්නෙ ඔයාට මීට් වෙන්න ඕන කිව්ව ඒ කෙල්ල. ඉමාෂා. ඔන්න මම එක්කන් ආවා. ඔයා කැමති දෙයක් එයාගෙන් අහන්න. එයා කියාවි. මම වැරද්දක් කලානම් ඔයාට එයා කියාවි."
    "අ ... නේ ... "


    මා එසේ පවසනාවාත් සමගම ඔවුන් දෙදෙනාම මා දෙස බලා සිටියේ අසරණ වූවන් ලෙසය. පියුමි හා ඇගේ මිතුරුය මාරුවෙන් මාරුවට ඇසූ ප්‍රස්න සියල්ලටම මම පිලිතුරු ලබා දුන්නෙමි. ඔවුන් ඇසූ සමහරක් ප්‍රස්න වලට මා හට පිළිතුරු ලබා දීමට තරමක් අපහසු උවද මා මට හැකි අයුරින් ඔවුනට පැහැදිලිකර දුන් අතර මාගේ ලඟින් සිටි මිතුරා වූ බ්‍රයන්ගේ කතාවද මම ඔවුනට පැවසුවේ ඒ අසලම ඇති ඔහුගේද සොහොන ඔවුනට පෙන්වමින්ය. ඔවුන් දෙදෙනා අතින් වැරැද්දක් වූ බව ඔවුනගෙන් වෙන්වී ගිය එම කඳුලු කැට වලින් කියවූ අතරම මගෙන් සමාව අයදිමින් මා දෙපතුල ලඟ වැඳ පියුමි වැඳ වැටුනේ මා නොසිතූ වෙලාවක ඇගේ මිතුරියවද පුදුමයට පත් කරවමින්ය. මා එය වලකාලීමට තැත් නොකලේ ඔවුන් ඉමාෂාට පහත් කොට කතා කල නිසාද නැතහොත් වෙනත් කාරනාවක් නිසාද යන්න මම නොදැන සිටියෙමි. එමෙන්ම මා බදා ඇගෙන් සිදුවූ වරදට සමාව අයැදමින් පියුමි අඬන්නට වූයේ පොඩි ළමයෙකු ලෙසිනි. පියුමිගේ මිතුරිය වූ හිරුණිද නොසිත ඇගෙන් සිදුවූ වරදට හා ඇය පැවසූ සමහර දේ වලට ඈ මගෙන් සමාව අයැද සිටි අතර ඇගේ සමාව නොපිලිගන්න තරම් මා කුරිරු නොවීය.

    "අපිට සමාවෙන්න අයියා. කරුණු කාරනා හරියට නොදැන අපි හැසිරුන විදිහ ගැන අපි ලැජ්ජ වෙනවා"
    "කොහොමද දිනුක අයියා මේ වගේ දෙයක් ඔයා දරාගෙන හිටියෙ. මට නම් හිතාගන්නවත් බැහැ. ඔයාගෙ කතාව ඇහුවහම ඒ වගේ දෙයක් මට උනානම් එහෙම මම එතනම මැරෙනවා. අනික ඇයි ඔයා මට මේ ගැන නොකිව්වෙ"
    "ඉමාෂා මගේ මතකයක් විතරයි පියුමි. ඔයා මගේ ජීවිතේ. අපි මේ ගැන පස්සෙ දවසක කතා කරමු. දැන් ඔයාල යන්න. කළුවර වැටෙයි තව ටිකකින්. ඒ නිසා යන්න. මම තව ටිකක් වෙලා ඉඳල එන්නම්"


    මගේ යෝජනාවට එකඟ වූ ඔවුන් දෙදෙනා මට සමු දී එම ස්ථානයෙන් නොපෙනී ගිය නමුත් මේ ගැන ඔවුනට පැවසුවේ කවුරුන්ද යන්න මා සිත තුල රැඳි නොවිසඳුනු ප්‍රස්නයක් විය. මම ද ඒ පිළිබඳව ඔවුනගෙන් ඒ වෙලාවේ නොඇසුවේ එය එම ප්‍රස්නය ඇසීමට නුසුදුසු වේලාවක් වූ නිසාය. විනාඩි කීපයක් සොහොන් පිටියේ ගතකිරීමෙන් පසුව මා අමිලව හමු වීමට ඔහුගේ නිවසට ගියේ හවස් යාමයේ සිදුවූ දේ ඔහුට පැවසීමටය.

    "යාළුවා, කොහොමද ඉතින් පියුමි ඉමාෂා ගැන දන්නෙ"
    "ඒක මම දන්නෙත් නැහැ අමිල. මට හිතාගන්න බැහැ. මම ඒ වෙලාවෙ කොහොමද දැනගත්තෙ කියල අහන්න ගියෙත් නැහැ"
    "ම්ම්ම්.. ඒ වෙලාවෙ ඇහුවෙ නැති එකනම් හොඳයි. ඒත් උඹ පියුමිගෙන් අහල දැන ගනින් ඔය නිවුස් එක දැන ගත්තෙ කොහොමද කියලා. ඊට පස්සෙ අපි තීරණය කරමු අපි කරන්නෙ මොකක්ද කියලා"
    "ඔව් ඔව් අමිල. මම ඒක පියුම්ගෙන් දැනගන්නම්. මන් ගැන මේ විදිහට ප්‍රචාරයක් යවපු එකා ගැන මටත් හොයාගන්න ඕන ඉක්මනටම"


    ගැහැණු ළමයෙකුගෙන් ප්‍රථම වතාවට මා සල්ලාලයෙකු ලෙස නම් පට බැඳීම නිසාදෝ මගේ සිත පිරී තුබුනේ විස්තරාත්මකව ඉදිරිපත්කල නොහැකි හැඟුම් වලින්ය. මා තරමක් සංවේදීව සිටි නිසාදෝ මම පියුමි ගැන සියලුම විස්තර අම්මා ඉදිරියේ වැමැරුවේ ඇයගේ ඇකයේ හිසතබා සිටිනා අතර තුරය. මාගේ සම්පූර්ණ කතාව අවසානය තෙක්ම ඇය නිහඬව අසා සිටි අතර කල්පනාවෙන් මාගේ ඉදිරි ගමන සැලසුම් කරන ලෙස කියා සිටියේ මා එක වරක් යොවුන් ආදරය නිසා දුක් විඳි නිසා විය යුතුය. මා විතරක් නොව මාගේ එම කාලයේ මටත් වඩා මා ගැන අම්මා දුක් වූ නිසා විය යුතුය.

    "ගැහැණු ළමයි ඔහොම තමා පුතේ. ඔයාට එහෙම කතා කලාට එයාල පසු තැවෙනවා ඇති. ඔයා ඒ ගැන හිතන්න එපා. ඔයා ඒ ළමයි නොදැන කල වරදට සමාව දුන්නනෙ. අනික පුතේ හෑ වෙලේම ඔය හිත දැඩිව තියාගන්න. කඳුළු එක්ක යාලු වෙන්න හදන්න එපා. එහෙම උනොත් ඒවටත් අගයක් නැති වෙනවා"

    දවසක් දෙකක් පියුමිව හමු උවද ඇය මා දකිනා සෑම විටම ඇය අතින් සිදු වෙච්ච වරදට සමාව අයදිනවා මිස ඇය ඉමාෂා ගැන දැන ගත්තේ කෙලෙසදැයි මට නොපැවසීය. මා ඇයගෙන් එය වරක් දෙවරක් ඇසූවද ඇය කුමක් හෝ පවසමින් ඇය එය මග හැරියේය.ඇගේ මිතුරිය වන හිරුණිගෙනුත් මා එය නොවිසුවේ ඇය මා හා එතරම්ම සම්බන්දයක් නොතිබූ නිසාත් ඇයට මා එතරම්ම නොරුස්සන චරිතයක් නොවූ නිසාත්ය. පියුමිගේ මිතුරියන්ද පියුමි මා හා පවත්නා සම්බන්දයට එතරම්ම කැමැත්තක් නැති බව මම එදා ඇයගේ මිතුරිය වූ හිරුණිගේ මුවින් පිට්වූ සමහර වචන වලින් තේරුම් ගත්තෙමි. මගේ මිතුරන්ද එවැනි අදහසක් මා හිස තුල බොහොම මෑතකදී තැම්පත් කල අයුරුද මට මතකය. නමුත් ඒ ඇයිද යන්න මම නොදැන සිටියෙමි.

    "ඔයා මට මෙච්චර ආදරේ කරලත් මම ඔයාව සැක කලා. මම එහෙම කලේ කොහොමද කියල මතක් වෙනකොට මට මාවම වාවන්නෙ නැහැ දිනුක අයියා"
    "අයියෝ කෙල්ලෙ දැන් ඕක ඉවරයිනෙ. ඒක අමතක කරල දාන්න."
    "හම්.. මට කියන්නකො ඒ අක්කි ගැන ටිකක්. එයා මොන වගේද. කොහොමද ඔයාල දෙන්න ආදරවන්තොයො උනේ"
    "ඒක ලස්සන අතීතයක් පියුමි. ඒ අතීතෙට පණ දෙන්න මම ආයෙමත් කැමති නැහැ. ඒ මම ඔයාට ආදරේ කරන හින්දා. ඒ හා සමාන ආදරයකින්ම මට පිළිතුරු ලබෙන හින්දා"


    මා එසේ පවසනවාත් සමගම ඇය ඇගේ ඇස් කඳුලින් පිරීගියේ ඇයිද යන්න මට නොතේරුනි. නිහන්ඩව මා දෙස ආදර බැල්මක් හෙලූ ඇය මට ආදරේයැයි පවසමින් මා දෙතොල් සිප ගත්තේ මා නොසිතූ මොහොතකය.

    "මාව දාල යන්න එපා. මොනදේ උනත් මගේ ලඟින්ම ඉන්න. මේ කෙල්ල ඔයාගෙම තමා. ඔයාව පළවෙනියෙන්ම දකිනකොට මම කවදාවත්ම තිතුවෙ නැහැ ඔයාට මෙච්චර ආදරෙයි කියලා. ඇත්තමයි මේ ජීවිතේ එකම උරුමක්කාරයා ඔයාම තමා."
    "හම්ම්ම්..."
    "මොනාද අනේ හම්ම් ගාන්නෙ."
    "නැහැ මම ඔය ලස්සන දෙතොල් දිහා බලාගෙන හිටියෙ"
    "ආ... ඇයි ආයෙමත් ඕනිද .. ඉවසල ඉන්න හිතුවක්කාරයා, මේ සේරම ඔයගෙම තමා. ඒක නෙමේ ඔයා ඉමාෂ අක්කිටත් මේ වගේම ආදෙරේ කරන්න ඇති නේද. මේ විදිහටම එයාව තුරුල් කරන් ඉන්න ඇති නේද. මේ වාගේම ඔයා එයාව සිප ගන්න ඇති නේද. වෙලාවකට ඉතින් මට ඊරිසියත් හිතෙනවා. මොකද ඉතින් මට කලින් මේ තුරුලෙ වෙන කෙල්ලෙක් හිටියනෙ."
    "මම කිව්ව වගේ.. ඒක ලස්සන අතීතයක් පියුමි. මම ඒ .."
    "හරි හරි මම දන්නවා.. මට ඉමාෂ ගැන කිව්වෙ හිරුණි අක්කි. එයාට කව්ද කෙවින් කියල කොල්ලෙක් තමා කියල තියෙන්නෙ එයාලගෙ ගෙදර ඩිනර් එකකට ආව වෙලාවකදි."
    "හිරුණි අක්කි... එයා ඔයාගෙ වයසෙ නෙමේද"
    "අයියෝ නැහැ අනේ. එයා පොඩි වගේ පෙනුනට මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්."

    පියුමිට අනුව හිරුණි හා කෙවින් ගේ පවුල් අතර තිබුනේ සමීපතම බැඳීමකි. හිරුණිගෙන් මා මේ දේ නොඇසීමට ඇය මා පොරොන්දු කරගත් නිසා පියුමි වුන් ගැන දන්නා සියලුම දේ මට පැවසුවේය. ඇය විස්තරකල ආකාරයට කෙවින් නරක චරිතයක් වූ අතර ඇයගේ මිතුරිය වූ පියුමි මීගමුවෙහි පදින්චියට පැමින තිබුනේ බොහොම මෑතකදීය.මා සිතූ ආකාරයට නොව ඔවුන් දෙදෙනා හමුවී තිබුනේ පර්ඝනක ඉගෙන ගැනීමට අප ආයතනයට පැමින විටය. හිරුණිගේ පවුලේ තොරතුරු පිළිබඳව විස්තරයක් කිරීමට තරම් පියුමි නොදැන සිටි අතර ඔවුන්ගේ බාප්පා කෙනෙකු රටේ බලවත් පුද්ගලයෙකු බව පැවසුවේ හිරුණි සමහර අවස්තාවලදී ඔහු ගැන තම මිතුරන්ට පුරසාරම් දෙඩවීම නිසාය.

    කරුනු කාරනා කෙසේ වෙතත් මේ සිද්දියටත් කෙවින්ගේ සම්බන්දයක් ඇති නිසා ඔහුව මාගේ ඉදිරි ගමනට බාධාවක් වනවා නොඅනුමානය. එදා ඒ සිදුවූ දෙයට ඔහු මෙතරම්ම මගෙන් ප්ලි ගන්නේ ඇයිදැයි මට සිතාගතනොහැකි විය. නමුත් ඔහු මාගේ ජීවිතයට නොව පියුමිගේ ජීවිතයට අනතුරක් යැයි මගේ සිත පිළිගත් නිසා කෙවින්ව මගේ කතාවෙන් ඉවත් කර දැමීමට මම සිතුවෙමි. නමුත් එය මා තනිව කරන්නෙ කෙසේ ද යැයි එකවරම අදහසක් මට නොතිබුනු නිසා මම මගේ පරන මිතුරා වූ මොහොමඩ්ව ඇමතුවෙමි. මගෙන් ලද දුරකථන ඇමතුම ඔහු බලාපොරොත්තුවෙන් සිටි එකක් බම මට ඔහුගේ කතාවෙන් තේරුම් ගියේය. මා නැවතත් ඔහුට කතා කල එක පිළිබඳව ඔහු සතුටු වූයේ රටක ජනාධිපතිකම බාර දුන්නා සේය. සුපුරුදු පරිදි අප දෙදෙනා හමු වීමට වෙලාවක් වෙන් කර ගත්තේ අප සුපුරුදු ස්ථානයේදීමය.

    "හිරුණි දුව කොහොමද අපේ වැඩේ.. දියුණුවක් තියනවද"
    "මම හිතන්නෙ නැහැ බාප්පෙ"
    "ඒ මොකෝ ඒ.. මොක්ද අවුල"
    "මම හිතන්නෙ නැහැ ඒ කොල්ල බාප්ප කියන තරම් දරුණු චරිතයක් කියලා. දුක්බර අතිතයක් තියන ජීවිතේ එක්ක ලොකු සටනක් කරන පොඩි කොල්ලෙක්. මම හිතන් නැහැ බාප්ප මේ පාර ඇල්ලුවෙ හරි මිනිහ කියලා. අනික තාම පොඩි වයසක් තියන කොල්ලෙක්. මම හිතන් නැහැ ඒ කොල්ලා මේ රටේ කුඩු ජාවාරමේ ලොකු මොළ කාරයෙක් කියලා"
    "දුව දන්නෙ නැහැ දිනුක ගැන. මට හොඳටම විස්වාසයි මිනිහ මේ ළඟදි උන සිද්දි සේරගෙම පිටිපස්සෙ ඉන්නවා කියලා. ඒත් ඒක ඔප්පු කරන්න තරම් සක්ෂියක් තාම අපිට නැහැ. අනික දිනුක කියන්නෙ මට මේ රටේ හම්බුන මිනිසුන්ගෙන් සුපිරිම මොළයකට හිමිකම් කියන කොල්ලෙක්"
    "අනික බාප්පෙ, පියුමිත් ඒ කොල්ලට ඇත්තටම ආදරේ කරන්න පටන් අරගෙන. අනික බාප්පෙ ඒ කොල්ල ආදරේ කලේ ඔයාගෙ දුවට. නැතිනම් මගේ නංගිට. ඉමාෂට ඒ තරම් ඔයයි මායිවත් ආදරේ කරල නැතිව ඇති."
    "මම ඒක දන්නවා දුව. ඒත් දිනුක කියන්නෙ ගුප්ත චරිතයක්. මොළකාරයෙක්. මට මිනිහ ගැන ඉව වැටුනෙ ගොඩක් කාලෙකට කලින්. මම හිතුවෙ නැහැ මගේම දුවට මිනිහ ආදරේ කරාවි කියලා. ඒ වගේම පිස්සුවෙන් වගේ මගේ දුවත් ඒ කොල්ලට ආදරේ කරාවි කියලා"
    "හම්ම්ම්.. ඒත් ඒ අහින්සක කෙල්ල වරදක් නොකරම අපි අතරින් යන්න ගියා බාප්පෙ."
    "අපි තව ටිකක් මේ විදිහට යන්න අරිමු. මේ වර්ණකුලසූරියට ඉවක් වැටුනොත් ඒ ගැන සැකයක් නැහැ කියල දුව දන්නවනෙ. මගේ මේ කෙස් සුදු උනේ අකාලෙට නෙමේ කියලත් දුව දන්නවනෙ."
    "හම්ම්ම්.. මට පියුමි ගැන ඊරිසියත් හිතුනා බාප්පෙ. ඒ කෙල්ල එදා ඒ කොල්ලගෙ කකුල් ළඟ වැටුන විදිහට මට හිතුනා ඒ ආදරේ තියන ගැඹුර. ඒ වගේ ආදරයක් මට කවදා හිමිවේදෝ කියල මට හිතුන බාප්පෙ"


    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කඳුළු එක්ක යාලු වෙන්න හදන්න එපා. එහෙම උනොත් ඒවටත් අගයක් නැති වෙනවා :yes: ela mchn digatama liyapan :D
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Hondatama interesting kathaawak machan. Bt anthima chapter eke kalin meruna kellage baapage duwa ee kella gena saha dinuka gena nodena hitapu eka gelapenne ne wage needa? Digatama liyapan machan. jaya weewa!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුතුහලය සුපිරියටම දැනෙනව මචෝ මේක කියවනකොට... එළ .. දිගටම ලියන්න :)
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හිතුවක්කාර ආදරය - 28 වෙනි දිගහැරුම

    ඇගෙන් ලද ආදරය කොතරම් සුන්දර උවද කෙවින් අප ආදරයට එක් කලේ අඳුරු මතකයන්ය. එක අවස්ථාඅකදී මම ඔහුට කාරනා තේරුම් කර දුන්නද ඔහු මගේ කීම කවදාවත්ම නොපිළිගත්තේය. මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුනද මොනදේ සිදුවුනත් ඔහු නිහඬව සිටීම මගේ සිතට එක් කලේ ආගන්තුක හැඟීමකි.

    "පොඩි මහත්තයා කොහොමද ඉතින්. ආයෙමත් මේ මේසෙ එකට ඉඳගන්න ලැබුන එහෙනම්."
    "කොහොමද මොහොමඩ්ගෙ වැඩ කටයුතු. තාමත්.."
    "මමත් දැන් ඉස්සර වගේ නැහැ පොඩි මහත්තයා. ඒත් ඉතින් ටික ටික ... දන්නැද්ද ඉතින්. ඒක නෙමේ මොකද මේ හදිසියේම"
    "කෙවින් නිසා.. මිහිහව මගේ පාරෙන් අයින් කරන්න ඕන ඉක්මනටම."
    "මම පොඩි මහත්තයට ඕක කලින්ම කිව්වා නේද. අපි මිනිහට අපේ සීමා ළඟට එන්න දුන්න වැඩියි."


    මොහොමඩ් සමග මේ ප්‍රස්නය පිළිබඳව කතාකලද සාදාරණව මෙය විසඳීමට යෝජනාවක් දෙදෙනාගෙන්ම ඉදිරිපත් නොවිනි. මොහොමඩ්ගේ අදහස වූයේ ඉක්මන් තීරනයකට නොගොස් ත්ව ටිකක් කෙවින් පිළිබඳව විස්තර ලබාගමු යන්නය. මක්නිසාද්යත් තවමත් ඔහුගෙන් අපට කරදරක් නොවුනු නිසා හා ඔහුගේ ඇති නිහඬබව නිසාය. විනාඩි හතළිහකින් පමන මොහොමඩ් මා හට සමු දී ගියේ ඔහුට පැවරී තිබූ වැඩ කටයුක්තක් නිසාය. නමුත් මා සිටි තැනටම වී ඉඟුරු තේ කෝප්පයක රස බලමින් කල්පනා කලේ මෙතන කුමක් හෝ වැරදීමක් වී ඇතිබවය. එසේත් නැතිනම් කුමක් හෝ පටලවිල්ලක් ඇතිබවය. හදිසියේම අමිලගෙන් ලැබුනු දුරකතන ඇමතුම නිසා මා කල්පනා ලොවෙන් මිදුනු අතර එම දුරකථන ඇමතුම මා තව තවත් අවුල් ජාලයකට ඇද දාන්න විය.

    "මොකෝ අමිල.. මොකක්ද මේ හදිසියෙම"
    "යාළුවා, මම මේ ප්‍රස්නය කලිනුත් ඔයාගෙන් අහල තියනවා. මම ඒක ආයෙමත් අහන්න යන්නෙ. මම හිතනවා මට ඒ ප්‍රස්නෙට අවන්ක පිළිතුරක් මට අදවත් ලැබේවි කියලා. මොකද මම හිතනවා මට ඒකට උරුමයක් තියනවා කියලා."
    "හරි හරි.. අටුවා ටිකා ඕනනැහැ. අහපන්කො ඔය අහන්න තියන දේ"
    "යාළුවා, ඔයා කව්ද? පතාලය එක්ක තියන උඹට තියන ගනුදෙනුව මොකක්ද?"


    අමිල එසේ ආසනවාත් සමග මාගේ හුස්ම මොහොතකට නැවතුනි. නමුත් මම මගේ කිසිදු වෙනසක් නොපෙන්වා ඔහු දෙස තප්පර කීපයක් නිහඬව බලා සිටියේ අමිල බාවිතා කල ඒ පාතාලය යන වචනය නිසාය. ඔහුගේ ප්‍රස්නයට පැහැදිලිව පිළිතුරක් ලබා දීමට මම නොදැන සිටියෙමි.

    "මොකද යාළුවා නිහඬ.."
    "ඇයි අමිල ඒ වගේ දෙයක් මගෙන් ඇහුවෙ. අනික පාතාලය වගේ වචනයක් බාවිතා කලේ"
    "හරි මම අවන්ක වෙන්නම්. උඹත් එක්ක ගනුදෙනු කරන සමහර චරිත නිසා තමා මම එහෙම ඇහුවෙ. දැන් බලපන් එදා රෑ අපි බෝතලේ ගෙනාව සිද්දිය. ඒ මිනිහා බොහොම බැගෑපත්ව උඹ එක්ක කතා කලේ. මම ඒ මිනිහගෙ පොෆයිල් එක ටිකක් හොයල බලද්දි මිනිහ දහ පාරකට වැඩිය හිරේ ඉඳල තියනවා. අනික කෙවින්, දේෂපාලනය බලය සල්ලි බලය තියාගෙන එලිපිට සෙල්ලම් දාන එකෙක්. ඒත් මිනිහ උඹ ඉස්සරහ ටිකක් ඇඹරෙනව"
    "හරි හරි අමිල.."
    "හිටපන් තව තියනවා.. එතකොට මොහොමඩ්.. මිනිහ ගැනැ කිසිම තොරතුරක් නැහැ. කිසිම ඩේට බේස් එකකවත් නැහැ."
    "උඹ ඒ කියන්නෙ මම ගැන ඔත්තු බැලුවා මෙච්චර දවස්"
    "එහෙමම කියන්නත් බැහැ. නෑ කියන්නත් බැහැ. මම එහෙම කලේ උඹට තියන ආදරේ හින්දයි. උඹ මගේ යාළුවා නිසයි. අනික උඹ දන්නවද ලොකුම දේ. මම මේක කිව්වට පස්සෙ උඹ කලබල වෙන්න බැහැ හරි. මම උඹේ යාළුකම වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්. හැබැයිමට ඇත්තදැනගන්න ඕන"
    "හරි.. මොකද්ද ඒ දේ.. ඒකත් කියමුකො බලන්න"
    "කවුරු හරි කට්ටියක් උඹව මොනිටර් කරනවා. උඹගෙ ගෙදර අය පවා. අනික ගෙදර ෆොන් ලයින් එක, උඹේ ෆොන් ලයින් එක ටැප් කරල තියෙන්නෙ"
    "මොනවා ... උඹ කොහොමද එහෙම කියන්න"
    "උඹ දන්නවනෙ මම හැකින් කරනවා කියලා. ඉතින් මට හිතුනා උඹ ගැන ටිකක් හොයන්න. ඉතින් මම උඹව මොනිටර් කලා. මට තාක්ෂනේ තිබුනට මට මොකුත් ස්පෙෂල් දෙයක් හොයා ගත්තෙ නැහැ."

    අමිලගේ සමහර තාක්ෂනික වදන් මට නොතේරුනද කොට්ටෝරුව කෙසෙල් ගසට කොටන දවස වැඩි ඈතක නොවන බව මම තේරුම් ගත්තෙමි. අමිලගෙන් ප්‍රස්න රැසක් මට අසා විසඳා ගැනීමට තිබුනද ඊට මත්තෙන් මම අමිලගේ ඉල්ලීම ඉටුකෙරුවෙමි. අමිල මා හට විස්වාසය තැබිය හැකි පුද්ගලයෙක් නිසා මම මගේ සැඟවුනු ජීවිත කතාව ඔහුට කෙටියෙන් කීවේ ඔහුද පුදුමයකට පත්කරමින්ය. මා කියූදේ පිළිබඳව අමිල සාවදානව අසා සිටියා මිසක ඔහු කිසිදු ප්‍රශ්නයක් මතු නොකලේය. එමෙන්ම පියුමිගේ මිතුරිය වන හිරුණි ඉමාෂාගේ අම්මාගේ නන්ගිගෙ දුව බව අමිල කල ප්‍රකාෂය නිසා මම මොහොතකට මියදුනෙමි.

    පසුගිය දවස් කීපය තුලදී සිදුවූ සිදුවීම් සියල්ල මා එකිනෙක පිළිවෙලකට නැවතත් මෙනෙහි කලේ අමිල ඉදිරිපත් කල තර්ක ද සමගය. ඔහුට අනුව පියුමි යනු මිරිඟුවකි. මා එහි පසුපස දුවන මුවෙක් බඳු විය. මා එය පිළිගැනීමට සූදානම්ව නොසිටියේ පියුමිගේ ආදරය නිසාය. ඒ ආදරේ අවන්ක නිසාය. නමුත් පියුමිගේ යාළුවා වන හිරුණිගේ රඟපෑම මගේ හිත සසල කරන්නට වූ අතර ඇය එදා මා සල්ලාලයෙකු යැයි මට නම් පට බැන්දේ ඈ ඇත්තම විස්තරය දැගගෙන බව මගේ මේ සිතට දැනෙද්දී මගේ පළිගැනීමේ සිතුවිලි දළු ලන්නට විය. නමුත් ඒ සියලුම සිතිවිලි මා යටපත් කර සිටියේ අමිල මා හට කරුනු කාරනා එකිනෙක පැහැදිලිකර දුන් නිසාය.

    "යාළුවා, පියුමිට යන්න දීපන් උඹේ ජීවිතෙන්."
    "මට ඒක කරන්න බැහැ අමිල. ඒ කෙල්ල ලඟ නැතිඋනොත් මට මොනවා වෙයිද දන්නෙ නැහැ. අනික මගේ හිත කියනවා මේ කිසිම දෙයකට පියුමිගේ සම්බන්දයක් නැහැ කියල අමිල"
    "හිතුවක්කාර වෙන්න හදන්න එපා යාළුවා. ජීවිතේ ඔට්ටු අල්ලන්න එපා බන් කෙල්ලෙක් හින්දා"


    අමිල කොතරම් කීවද මම ඔහුගේ කීමට එකඟ නොවුනේ මම පියුමිට ආදරය කල නිසාවෙනි. අමිලගේ තාක්ෂනයත්, මගේ මොළයත් සමග මොහොමඩ්ගේ කැපවීමත් එකතු කර මේ සටන ගෙනියමුයැයි අප අවසානයේ තීරනය කලද අප තුල කිසිදු සැලැස්මක් නොතිබුනේ මා කෙසෙල් ගසට නොකෙටුවාට එහි වසා සිටින කොට්ටෙරුවෙකු බඳු වූ නිසාය.

    අමිල හා ගත කරපු පැය කීපය අවසානයේ මා නිවසට පැමිනියේ ප්‍රශ්න රැසකට පිළිතුරු සොයමින්ය. පියුමි වෙනුවෙන් කොතරන්නම් දේවල් මා කරන්න ඇත්ද. මගේ සමහර ජීවන පුරුදු පවා ඇය වෙනුවෙන් වෙනස්කලේ මා ඇයට ආදරය කල නිසාවෙනි. එනමුත් අමිලට අනුව ඇය මා ප්‍රයෝජනයට ගත්තාදෝ යන්න මගේ සිතට නැගෙද්දී මගේ මේ ආදරය කල හිතට සැනසීමක් නොතිබුනු තරම්ය. සැනසීමක් නොතිබුනු තරම්ය.

    "දිනුක අයියා.. මම මේ දවස් දෙකක ඉඳන් නෝට් කලේ. ඔයා හොඳින් නේද. මොකක් හරි ප්‍රෂ්නෙකද ඉන්නෙ ඔයා"
    "අනේ එහෙම එකක් නැහැ පියුමි. ඇයි"
    "නෑ. මට තේරුනා. ඒකයි ඇහුවෙ. ඔයාට ප්‍රස්නයක් තියනවනම් කියන්න අයියා. මම පිට කෙනෙක් නෙමේනෙ. ඔයාගෙ ජිවිතේ බෙදාගන්න ඉන්නෙ මමනෙ. ඉතින් ප්‍රස්නයක් තියනවනම් මටත් කියන්න හරි. අපි එකතු වෙලා විසඳමු"
    "හරි හරි කෙල්ලෙ. මම හොඳින් ඉන්න්. මේ ටිකේ ටිකක් නින්ද මදි උනා. පාඩම් කලානෙ එක්සෑම් එකට. ඒක නිසා එහෙම තේරෙනව ඇති ඔයාට"
    "ඒක තමා. මම දන්නවා ඔයා ගැන. එදා හිරුණි මට ඔයාගැන එහෙම කියනකොට මම විස්වාස කලේම නැහැ දිනුක අයියා. මම දන්නවා ඔච්චර ආදරේ කරන ඔය හිතින් මට දුකක් දෙන්න බැහැ කියල මම දැනන් හිටියා. මම හරි නේද"
    "හම්ම්ම්.."
    "ඒක නෙමේ අපේ ස්කූල් එකේ බ්ලඩ් ඩොනේෂන් එකක් තියනවා. අනේ එන්න හරි ඔයා. ඔය ඇඟෙන් ලේ ටිකක් දුන්නට මැරෙන් නැහැනෙ."
    "අහ්.. ඒ කවද්ද.. තාඅ ස්කූල් පටන් අරන් සතියක්වත් නැහැ නේද."
    "ඔව් අනේ. මේ අපේ සීනියර්ස් කොමර්ස් කට්ටිය තමා ඔර්ගනයිස් කරන්නෙ. අපි තමා ඉතින් මැරෙන්නෙ. ඔයා එන්නකො. මෙතකොට මට මගේ යාළුවන්ටත් ඔයාව පෙන්නන්න පුළුවන්. ඊලඟ සතියෙ බදාදා. එනව නේද"
    "ඔයා එන්න කිව්වහම නෑවිත් ඉන්න බැහැබෙ මට"

    ඇය සමග කාලා ගතකරනා විට මට කාලය පිළිබඳව හැඟීමක් නොතිබුනද ගෙවුනු දවස් කීපයේ ඈ හා කාලය ගත කිරීම මට තරමක් අපහසු වූයේ මා ඇය ඉදිරියේ දෙබිඩි චරිතයක් රඟදැක්වූ නිසාවෙනි. මක්නිසාද යත් හිරුණි පිළිබඳව තොරතුරු ලබාගැනීමට පහසුම මාර්ගය ඈ වූ නිසා හා කවුරුන් හෝ මා හා කරන මේ හැන්ගිමුත්තමට පියුමිගේ සම්බඳයක් තියනවාද නැද්ද යන්න හරි ආකාරව දැන ගැනීමටය. නමුත් මා ඇය ගැන එසේ සිතනා සෑම අවස්ථාවකදීම මගේ හිතින් මට ලැබුන පිළිතුර වූයේ ඇය නිවරැදි බවය. සෑම විටම එය එසේ වන්නේ මගේ ආදර හැඟීම් නිසාදෝ යන්නද මට නොතේරූ කරුනක් විය.

    ලේ දන්දීමේ වැඩසටහනට සහබාහි වීමට මා අමිලටද ආරාධනා කලේ මෙය මාගේ පළමු ලේදන්දීම නිසාත් අපේ අම්මාගේ කතා නිසා මගේ සිත තරමක් නොසන්සූ වී තිබූ නිසාවෙනි. අමිල පැමිනි විගසම අප දෙදෙනා නියමිත ස්තානයට යාඅට පිටත් වූ අතර අමිලගේ ඔත්තු බැලීමේ වැඩකටයුතු පිළිබඳව අපි දෙදෙනා සාකච්චා කලේ මෝටර් සයිකලයේ යන ගමන්මය. අමිලගේ අදහස වූයේ පියුමිගෙන් ඈත් වෙන ලෙසය. ඔහු එසේ පැවසුවේ මා නිසා පියුමිගේ ජී විතයට හනියක් වීමට ඉඩ ඇති නිසාය. නමුත් මා එයට අකමැති වූ නිසා අප දෙදෙනාම අප කතාව නැවතූ අතර ලේ දන්දීමේ ස්ථානයට ඇතුලුවෙත්ම දුටු දසුනින් මා මදක් තිගැස්සුනි.

    "මොකද යාළුවා බය වෙලා වගේ. මම කිව්වෙ මේක හරියන වැඩක් නෙමේ කියලා. ලේ දන් දීඅ පැත්තකට දාල යමු බන්"
    "අමිල.. අර ඉන්නෙ ඉමාෂගෙ තාත්ත හිරුණිත් එක්ක"
    "එහෙමද, තාම අපිව දැක්කෙ නැහැ. මොකද කියන්නෙ. මොකුත් නොදන්නා ගානට ඉන්නවද. නැතිනම්..."
    "අපි පටන්ගමු එහෙනම් සෙල්ලම් කරන්න. යමු එහෙනම්. "


    මා පැමින ඇති බව දැනගත් විගසම පියුමි මා දෙසට දිව්විත් ආදරයෙන් පිළි ගත්තේ ඈ සිටින්නේ පාසලේ යන්නද අමතක කරමිනි. ඇය හා කතා කලද මගේ ඇස් රැඳී තුබුනේ හිරුනි හා වර්ණකුලසූරිය මහතා දෙසටය. ඔවුන් දෙදෙනා මා නොදුටු නිසා මා ඔවුන් වෙත ගියේ පියුමිට හා අමිලට මදකට සමු දෙමින්ය. මා ඔවුන් අසලට ලන්වෙත්ම ඔවුන් දෙදෙනා මුහුනට මුහුන බලාගත් අතර ඔවුන් මා බලාපොරොත්තුවෙන් සිටියාද නැද්ද යන්න පිළිබඳව මා තුල අදහසක් නොතිබුනි.

    "දිනුක පුතා.. හුඟ කාලෙකින් නේද. කොහොමද ඉතින්"
    "මම හොඳින් ඉන්නවා අන්කල්. ඔයාලට කොහොමද"
    "හොඳින් ඉන්නවා. අහ් මේ ඉන්නෙ මගේ කසින් දුවක්. හිරුණි "
    "දන්නවා අන්කල්.. මම අන්කල්ගෙන් දෙයක් අහන්නද. ඇත්තම කියන්වනම් මේක ඉල්ලීමක්"
    "මොකක්ද පුතා.. "
    "මටයි පියුමිටයි නිදහසේ ඉන්න දෙන්න අන්කල්... ඉමාෂා මගේ ගාවින් යන්නම ගියා. පියුටත් ඒ දේම කරන්න හදන්න එපා. අනික මේ හිරුනියි අන්කලුයි එකතුවෙලා කරන්න හදන දේ මොකක් උනත් ඒ දේ කරන්න අන්කල්ට ටිකක් මහන්සි වෙන්න වෙයි. මම මගේ ජීවිතේ ගොඩක් ඔයාට ගරු කලා අන්කල්. අන්කල් මම ගැන දන්නවා ඇතිනෙ. මම මේ පාර සටන් කරන්නෙ පියුමි වෙනුවෙන්. ඒ නිසා මම ලෑස්තියි මගේ ජීවිතේ ඔට්ටු අල්ලන්න. හොඳින් ඉන්න අන්කල්. තව තවත් තරු ඔය යුනිෆොම් එකට එන්න කියලා පතනවා, හදවතින්ම මම"


    හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...