You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Ado man hithanne piyumi kiyanne boruwak ban
හිතුවක්කාර ආදරය - 36 වෙනි දිගහැරුම
විනාඩි කීපයකට පමන මා හොළුවෙකු විය. බිහිරෙකු විය. ඊළගට කල යුත්තේ කුමක්දැයි මා හට නිවරැදි කල්පනාවක් නොතිබුනි. කාර්යාලයේ මා සමග වැඩ කරනා පිරිස නොයෙකුත් දේ මගෙන් විමසුවද ඔවුනට කෙටි පිළිතුරු ලබා දෙමින් මා කාර්යාලයෙන් පිටව ගියේ තවත් එහි රැඳී සිට සේවයේ නිරත වීමට තරම් මා තුල ජවයක් හා මානසික තත්වයක් නොතිබූ නිසාය. හදිසි අසනීප තත්වයක් යැයි පවසා ලොක්කාගෙන් අමාරුවෙන් නිවාඩුවක් රැගෙන මා පැමිණියද මම කල යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඝන අන්දකාරයේ තනිවී මංමුලා වූ එකෙකු සේ මට දැනුනි.
කාලය වෙනදාට වඩා වේගයෙන් ගෙවෙන්නට වූයේ මාගේ ජීවිතය තව තවත් අඳුරු අගාදයකට ඇද දමමින්ය. ගෙවුනු විනාඩියක් විනාඩියක් පාසා ඇගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට මා උත්සහ කලද එම උත්සහයන් සියල්ල අසාර්තක විය. මගේ මිතුරා වූ අමිල ඇයව මුනගැසිමට ගොස්තුබූ අතර ඔහුටද ඇය පවසා තිබුනේ ඇයව අමතක කරනා ලෙසය. අමිල එයට හේතූන් පවසා සිටියද ඇය ඔහුට කිසිවක් නොපසවා තිබූ අතර අමිලටද බැන තුබුනේ ඇගේ ජීවිතේ තීරන ඇයට අයිති බව පවසාය.
"දිනුක, මොකද මේ පිස්සෙක් වගේ. කල්පනාවෙන් වැඩ කරන්න. ඔයා හොඳින් හිටියෙ නැතිනම් කොහොමද මොකද උනේ කියල අපි හොයා ගන්නෙ"
"අනේ මට තේරෙන්නෙ නැහැ අසීස්. මට තේරෙන්නෙ නැහැ. මම ඒ කෙල්ලට ගොඩක් ආදරේ කලා"
"හරි හරි ළමයො, මට නොතේරෙනව නෙමේ.. "
"එයාට මොකද උනේ එක පාරටම. එයාට මට වඩා ආදෙරේ කරන්න කව්ද හම්බුනේ. කොහොමද එයා මගේ ළඟ තුරුලුවෙලා හිටිය විදිහටම තව කෙනෙක් ළඟ ඉන්නෙ"
"ඔය කියපු සේරම කෙල්ලෙකුට හරි ලේසියෙන්ම කරන්න පුළුවන් දිනුක. පිස්සෙක් වගේ හැසිරෙන්න එපා. තමන්ව පාලනය කරගන්න බලන්න. මෙඩිකල් ලීව් දෙකක් දාල ඉන්න මේ දවස් දෙකත් ගෙදර"
"මම කොහොමද අසීස් එමොනවත් නොවුන ගානට ඉන්නෙ. මම කරපු වැරැද්ද මොකද්ද. අනික මාව මෙහෙම තනි කරල යන්නනම් ඇයි මගේ ළඟට ආවෙ ආයෙමත්. මට ජීවයක් දුන්නෙ ඇයි"
"ඔය ප්‍රස්න සේරටම උත්තර තියෙන්නෙ ඒ ළමය ළඟ විතරයි දිනුක. හම්ම්ම් මට තේරෙන්නෙ නැහැ ඔයාව දිනුක"
අසීස්ට නොව මටද මාව තේරුම් ගැනීමට නොහැකි වී තිබුනි. මගේ මිතුරා අසීස් පැවසූ පරිදි මගේ හිතේ තිබෙනා වූ ප්‍රස්න සියල්ලටම පිළිතුරු ඇත්තේ ඇය ළඟය. මා නැවත ඇය වෙතට යා යුතුය. මාව මෙතරම්ම තනිකර හැරයන්න මෙතරම්ම මා වෙතට ළන්වුනේ ඇයිදැයි මට ඇගෙන්ම ඇසිය යුතුය. ඇගේ මතකයන් සිහිවනා විට මා සිතින් දැවී දැවී මැරුනද එම වේදනාව වෛරයකට නොපෙරලුනේ ආදරය කරපු හිතින්ම ඇයට වෛර කිරීමට මම අපොහොසත් වූ නිසාය.
සිතට දැනෙන්නා වූ වේදනාවට මා ටිකෙන් ටික හුරු උවද වෙනදා මෙන් නොව මාගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් එකක් විය. මාගේ කාර්යාලීය වැඩ පවා මට අතපසු වී මගහැරී ගිය අවස්ථා අනන්ත අප්‍රමාන වූ නමුත් මා සමග සේවය කල මගේ මිතුරන් පිරිස ඒ සෑම අවස්තාවකදීම මාව කරදරවලින් බේරාගනු ලැබුවේ ඔවුන් සියලු දෙනාම මා සිටිනා තත්වය තේරුම්ගත් නිසාවෙනි. නමුත් මගේ තත්වය දිනෙන් දින අවාසනාවන්ත වූ නිසා, දින දෙකක පමණ දීර්ග කල්පනාවකින් අනතුරුව කාර්යාලයට මුසාවක් පවසමින් මගේ විදේෂ ගමන් බලප්‍රත්‍රය අතට ගත් මා ගුවන් ටිකට් පතක්ද රැගෙන කාර්යාලයනෙ කෙලින්ම ගුවන් තොටුපලට ගියේ කිසිවෙකුට නොදන්වා ඇයව හමුවීමට යාමටය.
"අසීස්, මම ෆලයිට් එකේ ඉන්නෙ. සොරි නොකිව්වට."
"මොනව. ඔයා මොනවද මේ කියන්නෙ දිනුක. ඇඳුම් සේරම මෙහෙනෙ"
"ඇඳුම් වලින් මට වැඩක් නැහැ අසීස්. මට තවත් ඉන්න බැහැ මේ විදිහට. ඒකයි මම මේ තීරනේ ගත්තෙ. කවුරුත් දන්නෙ නැහැ. අඩුම තරමෙ ඔෆිස් එකට කිව්වෙත් නැහැ"
"මට තේරෙන්නෙ නැහැ දිනුක. හම්ම්ම්.. ඒ කියන්නෙ ආයෙමත් මේ ජොබ් එකට ඔයාට එන්න බැරි වෙයි"
"මට ජොබ් ඕනි නැහැ අසීස්. ගොඩක් ස්තූතියි මම වෙනුවෙන් කරපු හැම දේටම."
"කරන දෙයක් පරිස්සමට කරන්න දිනුක. මොහොමඩ් ඉන්නවනෙ උදව්වට. කෙල්ලෙක් හින්දා ජීවිතේ අමාරුවෙ වැටෙන්න එපා. අනික ඔයා කව්ද කියන එක අමතක කරන්නත් එපා. පරිස්සමෙන් යන්න"
අසීස් කොතරම් දේ පැවසුවද ඒ කිසිම දෙයක් මසිත තුල නොරැඳුනේ මගේ සිත වේදනාවෙන් පිරී තිබූ නිසාවෙනි. මා මේ ගත් හිතුවක්කාර තීරනය නිසා ජිවිතයේ ගොඩක් දේ මා හට අහිමි වනවා මෙන්ම තවත් බොහෝ දේවල් මා හට අහිමිවනවා නොඅනුමානය. ඇයව හමුවු පසු මා කුමක් කරම්දැයි මගේ සිත තුල ස්තීර සැලැස්මක් නොතිබුනද මෙම අවස්තාවේ මට උවමනා වූයේ ඇයව මගේ මේ දෙනෙතින් දැක ගැනීමටය. ඇය වෙනුවෙන් මා තවමත් සිටිනවා බව ඇඟවීමටත් මා ඇයට දුන් ආදරය බාල්දු හිස් ආදරයක් නොවන බවත් ඇයට තේරුම් කරදීමටත්ය.
පැය හතරක ගුවන් ගමනක් උවත් මට එය දවස් ගනනාවක් ලෙස දැනුනේ මගේ සිත කලබලයෙන් තිබූ නිසා විය යුතුය. එමෙන්ම මා පැවසූ ලෙසම අමිල මා රැගෙන යාමට ගුවන් තොටුපලට පැමින තිබුනද මට අදහාගත් නොහැකි දසුන වූයේ අමිල අපේ අම්මා හා නංගී සමග පැමින තිබීමය. අම්මා දුටු විගසම අම්මාට තුරුලු වී පොඩි ළමයෙකු මෙන් කඳුලු සැලුවේ මා අසල සිටි සියලුම දෙනා පුදුමයකට පත් කරමින්ය. මගේ දෑසින් පිටවීගිය කඳුලු නිසාත් අවශය්‍යම මොහොතක අම්මාගේ උණුසුම ලැබූ නිසාත් මෙතුවක් දවසකට වේදානාවෙන් හා පිරී තිබූ මගේ සිතට සිසිලසක් ගෙනදෙන්නට වූ අතරම, අප සිලළු දෙනාම ඉතා ඉක්මනින්ම නිවස බලා පිටත්ව ගියේ අම්මාව මෙමෙ ස්ථානයට ගෙන ආවාට මා මගේ මිතුරා වූ අමිලට ස්තූතිය පුද කරන අතර වාරයේය.
මුලු රාතිය පුරාවටම නින්දක් නොතිබුනද මම අම්මාගේ තුරුලේ සිටි නිසා පැය කීපයකට පමන ඇස පියවා ගැනීමට මට හැකි වූ අතර එම පැය කීපය දින කීපයකින් මා ලද එකම සුවපහසු පැය කීපයක් විය. එමෙන්ම අම්මාගේ ඉල්ලීම මත අද තාත්තාද නිවාඩුවක් දමා නිවසේ නතර වී සිටි අතර නංගීද අමතර පන්තියට නොගොස් හිටියේ ඔවුන් සියලු දෙනාම සිදුවූ දෙය දැනගෙන සිටි නිසාවෙනි. අමිලද උදෙන්ම අප නිවසට පැමිනි අතර සියලු දෙනාම නිහඬව වාඩි වී එකිනෙකා දෙස බලමින් සිටියේ අම්මාගේ තේ කෝප්පයක රස විඳින අතරතුරදීය.
"දැන් ඔයා ආව කියල ඔයාලගෙ ඔෆිස් එකෙන් දන්නවද"
"නැහැ තාත්තෙ. මම වැඩකට කියල පාස්පොර්ට් එක ඉල්ලගෙන එහෙම්ම ටිකට් එකක් දාගෙන ආව."
"පොඩ්ඩක් ඉවසන්න තිබුනෙ නැද්ද ඔයාට. එක පාරකුත් කෙල්ලෙක් හින්දා මැරෙන්න ගිහින් හරි අමාරුවෙන් ගොඩ ආවෙ. දැන් ආයෙමත්.."
"ඒ ළමයට කෑගහන්න එපා අනේ.. වෙච්චදේ උනා. පුතා අපි ගාව ඉන්න එක හොඳයි."
"ඒකනම් ඇත්ත තමා ඇන්ටි. දිනුක අපි එක්ක ඉන්න එක හොඳයි. තනියම ඉන්නවට වඩා. නැතිනම් මොනවයින් මොනව වෙයිද දන්නෙ නැහැ"
අප සියලුදෙනාම නිවස තුල සිටි නමුත් සියලුම දෙනාගේ සන්වාදා ඉතා කෙටි සන්වාද වූයේ මා කනස්සල්ලෙන් සිටි නිසා විය යුතුය. මාගේ නැවත පැමිනීම පිළිබඳව අම්මා තරමක් සතුටු උවද තාත්තා තරමක් මා සමග තරහින් සිටියේ මා හිතුවක්කාර තීරණයක් ගත් නිසාය. පියුමිව හමුවීමට තිබූ දැඩි ඕනෑකම නිසා සියලු දෙනාටම සමු දුන් මා අමිල සමග ටවුමට ගියේ බලාපොරොත්තු රැසක් සහිතවය. අද සෙනසුරාදා දිනයක් වූ නිසා මීගමුවේ ටවුමේදී ඇයව හමුවීමට පුලුවන් බව අප දෙදෙනාම දැන සිටියේ ඇයට අද දවස පුරාවටම අමතර පන්ති තිබූ නිසාය. උදේ වරුව තුල කොතරම් උත්සහ කලද ඇයව හමුවීමට නොහැකි වූ අතර ඇය අද පන්ති නොපැමින ඇතැයි අප දෙදෙනාම අනුමාන කලේ ඇගේ මිතුරියන් අතර ඇය නොසිටි නිසාය. ඇගේ නිවවසට යාමට වරක් දෙවවරක්ම අමිල යෝජනා කලද මා එයට අකමැති වූයේ ඇගේ ගෞරවය ආරක්ෂා කල යුතු නිසාය.
අමිල හා මම දවස් කීපයක්ම ඇයව හමුවීමට උත්සහ කලද ඒ සියලුම උත්සහයන් අසාර්තක වූයේ අප දෙදෙනාම නොසිතූ ආකාරයටය. මගේ මිතුරා වූ අමිල පවසන ආකාරයට මා නැවත පැමින ඇති බව ඇයගේ යාලුවන් ඇය දැනගෙන මාව මග හැරීමට ඇය උත්සහ දරනවා ඇත. නමුත් මා තුල ඇති වූ එකම ගැටලුවනම් ඇය මෙලෙස මා මග හරින්නේ ඇයිදැයි යන්නය. මා තුරුලුකර මගේ දෙතොල් සිපගෙන මට ආදරේ යැයි පැවසූ ඇයම මෙලස මා මග හරින්නේ කුමන හේතුවකටද යන්න මට ප්‍රස්නයක් විය.
"පොඩි මහත්තයා, මට බැහැ මෙහෙම පොඩි මහත්තයා විඳින දුක බලාගෙන ඉන්න. මොඩි මහත්තය විතරක් නෙමේ මටත් වැරදුනා. "
"ඒ මොකද මොහොමඩ්"
"මතකද මම කිව්වා පොඩි මහත්තයට ගැලපෙනම ගෑනු ළමය මෙයා කියලා. ඒ වගේම මේ ගෑණු ළමය වෙනුවෙන් අපහු එන්නත් කියල කිව්ව මම පොඩි මහත්තයට. බලගෙන යනකොට මේ .."
"හම්ම්ම්.. මටත් වඩා ආදරේ කලා ඒ ළමයට මොහොමඩ්. මට එයාගෙන් තොර ලෝකයක් තිබුනේම නැතිතරම්.."
"අමතක කරල දාන්න පොඩි මහත්තයා. ඒ ළමය හින්දා මොඩි මහත්තයා විඳ කරදර ඇති. පොඩි මහත්තය අවසර දෙනවනම් .."
"එපා.. මොහොමඩ්. මොනවත් කරන්න එපා. මම ආදරෙයි ඒ කෙල්ලට තවමත්. මාට ඕන ඇයි මට මෙහෙම කලේ කියල දැනගන්න විතරයි. එයාට එයාගෙ පාඩුවේ ඉන්න දෙන්න මොහොමඩ්. එයා හොඳින් ඉන්නවනම් ඉන්න තැනක මට ඒ ඇති"
"පොඩි මහත්තයා හොඳ වැඩියි"
අප දෙදෙනා බොහෝ වෙලාවක් අතීත මතකයන් ගැන සිහිකරමින් සිටියේ මගේ මිතුරා වූ අමිල පැමිනෙනෙතුරුය. එම මතකයන් මසිත පාරන සුලු උවද ඒ දැනෙන වේදනාමට මම හුරු වී සිටි නිසා මට මසිත පාලනය කරගන්න හැකි විය. ආදරය කරපු හිතක් මෙච්චර තනි කරන්නේ කොහොමද, ඒ ආදරේ කරපු හිතකට මෙතරම්ම දුකක් දෙන්නේ කෙලෙසින්ද යන්නම මා තුල රැඳි පැහැදිලි පිලිතුරක් නොරැඳි තවත් එක ගැටලුවක් විය.
කරුණු කාරනා මෙසේ සිදුවන විට මා හා මොහොමඩ්ව පුදුම කරවූ කරුන වූයේ අප සිටිනා තැනට හදිසියේම අමිල විසින් ගෙන ආ පුවත විය. එනම් ඔහුට පියුමිව මීගමුව ආපිකෝ එකතුලදී ඇගේ මව හා හමු වී ඇති අතර තවත් නන්නාදුනන පිරිමි චරිතයක් ඔවුන් සමග සිට ඇති අතර අමිලට ඇය සමග වචන කීපයක් කතා කීරීමටද අවස්තාල උදා වී ඇත. මේ දවස් කීපයේ කම්බුල් ගාය නැමති රෝගය වැලඳී තිබීම නිසා ඇය නිවසින් එලියට නොපැමිනි බවත් ඇයව අමතක කරන ලෙස හා ඇයට සමාවදෙන ලෙස ඇය ඉල්ලීමක් කර තිබූ අතර අනිද්දා ඇය පන්ති පැමිනන බව අමිල අතේ දන්වා ඒවා තිබුනි. ඇයට එසේ දන්වා තිබුනේ ඇයට මා හමුවීමට උවමනාවෙන් බව අප සියලු දෙනාම වටහාගත් අතරමුත් ඇයව අමතක කිරීමටයැයි පැවසුවේ ඇයිද යන්න අප සියලුදෙනාටම ප්‍රෙහෙලිකාවක් විය.
"පියුමි, දිනුක ලංකාවට ඇවිත් කියල ඇයි මට උඹ කිව්වෙ නැත්තෙ."
"මම දැන ගත්තෙත් ඊයෙ හිරුණි. මට තිනුරි කෝල් කරල කිව්වා"
"ඉතින් උඹට මට කියන්න තිබුනනෙ. උඹට තවමත් මාව විස්වාස නැහැ නේද. දිනුක කියන්නෙ ජාවවාරම් ලෝකෙ උඩින්ම ඉන්න මොළ කාරයෙක් කියල උඹ තවමත් පිලි ගන්නෙ නැහැ නේද"
"අනේ ඕක නවත්වන්න හිරුණි. මම ඔයාගෙ කීම අහල තමා ඒ අසරන කොල්ලට දුකක් දුන්නෙ. මට කවදාවත් හොඳක් වෙන්නෙ නැහැ"
"නවත්වගනින් බන් උඹේ ඔය බොලඳ ආදරේ. මමත් දිනුක ගැන මුලින්ම හිතුවෙ එහෙම තමා. මෙන්න මේකත් මතක තියා ගනින්. බාප්පගෙ මරණයටත් දිනුක කොහොම හරි සම්බන්දයි"
"අනේ මන්දා හිරුණි. ඒ ආදරේ බොලඳ උනාට ඒ ආදරේ අවන්කයි. මම හැමදාමත් ආදරේ කල ඒ බොලඳ කමට"
"මට උඹේ ඔය බයිල තේරෙන්නෙ නැහැ පියුමි. මට උඹෙන් පොඩි දෙයක් වෙන්න ඕන"
"ඒ මොකද්ද, අනේ මම උඹේ කකුල් දෙක අල්ලල වඳින්නම් එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න. මම දුන්න දුකම ඇති ඒ කොල්ලට මැරි මැරි ඉපදෙන්න"
"හරි හරි.. මම ඒ ගැන බලාගන්නම්. උඹ හෙට ආපිකෝ එක අයිනෙ පාරෙ දිනුකට එන්න කියන්න ඕන තනියම"
"ඒ මොකටද. "
"ඒ මොකටද කියල උඹට බලාගන්න පුළුවන් වෙයි. උඹත් එතනට ආවොත්. ඒත් ඔයා එන තරමටම තමා හොඳ."
"හම්ම්ම්.. මම ඔයා කියන විදිහට කරන්නම් පියුමි. මට සමාවෙන්න මුල්ම දවසෙ ඔයාල මට එයාව ගැලපෙන් නැහැ කිව්ව එක ඇහුවෙ නැති උනාට."
"ඒ වලින් වැඩක් නැහැ. උඹට දැන් රත්තරන් වගේ කොල්ලෙක් ඉන්නවනෙ. මම ආයෙ උඹෙන් උදව්වක් ඉල්ලනෙ නැහැ. මේක විතරක් කරල දියන් මට. අනික මතක තියා ගනින් මේ රටේ තියන හොඳම මොළවලින් එකක් තමා මිනිහට තියෙන්නෙ. ඒ නිසා කිසිම සැක සහිත වැඩක් කරන්න එපා හරි."
පියුමිව දැක ගැනීමේ ආසාවෙන් මම ඇය පන්ති පැමිනෙනා දිනය වෙනුවෙන් නොඉවසිල්ලෙන් සිටියෙමි. වෙනදා මෙන් නොව අද දිනයේ වෙලාවද ඉතා හිමින් ගමන් කරන්නාක් මෙන් මට දැනුනි. අම්මාට කියා දෙතුම් පාරක්ම තේ සාදා ගත් මා රූපවාහිනියේ චැනලයන් එහා මෙහා මාරු කලේ කිසිම අරමුණක් නොමැතිවය. පුරුද්දට මෙන් පියුමිගේ දුරකතනයට ඇමතුමක් ලබා ගැනීමට උත්සහ කලද ඇගේ දුරකථනය ප්‍රතිචාර නොදැක්වු අතර නොසිතූ මොහොතක ඇගේ දුරකථනය නාද වූයේ මගේ හද ගැස්ම මොහොතකට නතර කරමින්ය. නමුත් එම ඇමතුමටද ඇය ප්‍රතිචාර නොදැක්වූ අතර නැවතත් ඇගේ දුරකථනය ක්‍රියා විරහිත කෙරුනි.
"හෙලෝ ගනේෂ්"
"ඔව් මැඩම් කියන්න."
"මොකද මිනොහෝ මෙච්චර වෙලා ගත්තෙ ෆොන් එක ආන්සර් කරන්න"
"අනේ හිරුණි මැඩම් මම බාත් රූම් එකේ හිටියෙ. සමාවෙන්න. මැඩම් හදිසියේම"
"හරි හරි ඒකට කමක් නැහැ. ගනේෂ් අපේ වැඩේ අද හවස කරමු. කල් දාන්න ඕන නැහැ. ප්ලෑන් කරපු විදිහට නියම තැනට මිනිහ වෙලාවට එයි. බැරි වෙලා හරි අපේ පාරෙන් මිනිහා ආවෙ නැතිනම් වැඩේ අත ඇරල දාන්න හරි."
" ඒ කියන්නෙ අපි රැකල ඉන්න පාරෙ එන එකක් නැද්ද"
" මට සීයට සීයක් විස්වාසයි මිනිහ එනවා. මොකද ඒක තමා මිනිහගෙ පුරුදු පාර. අනික හවස් වෙලා ස්ටේෂන් එක පැත්තෙන් එන්න බැහැ ටැෆික් වැඩි නිසා. ඒ නිසා මිනිහා අනිවාර්යයෙන්ම ඔය පාරෙ තමා එන්නෙ"
"මැඩම් මිනිහව ඉවරයක්ම කරල දාන්නද"
"ම්ම්ම්.. එපා. අවුරුද්දක් දෙකක් එකම තැන ඉන්න විදිහට වැඩේ කරන්න. හැබැයි ගනේෂ් මතක තියාගන්න. මිනිහ අමාරු කාරයා. කව්ද මේක කලේ මට මොකද උනේ කියල මිනිහට හිතාගන්න බැරි වෙන්න වැඩේ කරන්න හරි"
"මැඩම් බය වෙන්න එපා. අපි ගානට වැඩේ දෙන්නම්."
"බොහොම හොඳයි. මම ගනේෂ්ටම මේ වැඩේ බාරදුන්නෙ ඒ නිසානෙ. අහ් තව එකක්, මිනිහට සිහිය එන්න කලින් කොහෙ හරි ඈතකට ගිහින් දාල එන්න."
"හිරුණි මැඩම් ඒ ගැන කරදර වෙන්න එපා. අපි ඒව දැනටමත් හිතල් ඉවරයි. වැඩේ ඉවර වෙලා මැඩම්ට අපි කෝල් එකක් දෙන්නම්"
නොසිතූමොහොතක ඇගේ දුරකථනය නාද වීම නිසා මාගේ හිත මදක් කැලඹී තිබුනි. මා දුකින් කල්පනාකාරීව සිටි නිසාදෝ අම්මා මා අසලින් වාඩි වී මගේ හිස පිරි මදිමින් සිටියේය. මේ මොහොතේ එය මා හට විෂාල සහනයක් ගෙනදුන් නිසා මා අතැති තිබූ දුරකථනය මදකට පසෙකින් තබා අම්මාගේ ඔඩොක්කුවේ හිස තබාගෙන සිටියේ ඇය මාගේ හිස පිරිමදිනා අතරතුරදීය. හදිසියේම මාගේ දුරකථනයට ලැබූ කෙටි පනිවිඩයක් නිසා මා අම්මාගේ උණුසුමින් මොහොතකට මිදුනු අතර එය පියුමිගෙන් පැමින ඇති නිසා මා නැවතත් කලබල විය. එම කෙටි පණිවිඩයෙහි මට සාමාවෙන්න යනුවෙන් පමනක් සටහන් කර තිබූ අතර මාම් එයට පිළිතුරු නොයවා ඇයගේ දුරකතනයට ඇමතුක් ගත්තෙමි.
"පියුමි"
"දිනුක අයියා.."
"අනේ ඇයි ඔයා මාව මේ විදියට අයින් කලේ. මම ඔයාට කරපු වැරැද්ද මොකද්ද.. මට ඔයාව මීට් වෙන්න ඕන. එකම එක පාරක්."
"අනේ මට සමාවෙන්න දිනුක අයියා.මේ දේවල් මේ විදියට සිද්ද උනාට. මම හිතුවෙ ඔයා හොඳ කෙනෙක් කියලා. ඔයා මොකටද ඔයයි මමයි බීච් එකේ ගත්තු ෆොටොස් මගෙ බෝයිට සෙන්ඩ් කලේ"
"මොනව.. ඔයා මොනවද මේ කියවන්නෙ. ෆොටෝ.. ඔයාගෙ බෝයි.. මට තේරෙන්නෙ නැහැ මොනවද මේ කියන්නෙ කියලා"
"ඔව් මම වෙන කෙනෙකුට ආදරේ කරනවා දිනුක අයියා. අනික මම හිතුවෙ නැහැ ඔයා ඔච්චර පහත් වැඩක් කරයි කියලා."
"සමාවෙන්න පියුමි. මම දන්නෙ නැහැ ඔයා මොනවද මේ කියවන්නෙ කියලා . මම ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කලා තමයි. ඒත් මගේ ආදරේ ඔය විදිහට සත පනහකට දාල කතා කරයි කියල මම කවදාවත්ම හිතුවෙ නැහැ."
"හරි සමහර විට මට වැරදීමක් වෙන්න පුලුවන් දිනුක අයියා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මම දැන් වෙන කෙනෙකුට ආදරේ කරනවා"
"හම්ම්.. මට පළමු වතාවට ලැජ්ජා හිතුනා පියුමි මම මේ ඔයාටද මෙච්චර ආදරේ කලේ කියලා. මෙන්න මේකත් ඔයා මතකෙ තියා ගන්න. මම කවමදාවත් ඔයාගෙ ලෝකෙට එන්නෙ නැහැ. ඔය ඔයා ආදරේ කරනව කියන කොල්ල මට පාරක බල්ලෙකුට වගේ ගැහුවත් මම අතක්වත් උස්සන් නැහැ. පුලුවන් උපරිමයෙන් විඳදරාගෙන ඉන්නවා. ඒ ඔයා නිසා. මොකද මම කැමති නැහැ ඔයාට වරදක් වෙනවට. ඔයා දුක් වෙනවට. ඒ තරම්ම මම ඔයාට ආදරේ කලා. උමතුවක් තිබ්බෙ.හැබැයි ඔයා ඔය ආදරේ කරනව කියන කොල්ල කවදා හරි ඔයාව අත ඇරියොත් මිනිහට එදාට බෝනසුත් එක්කම ලැබේවි"
"හම්ම්ම්ම්"
"මට ඇත්තටම පුදුමයි පියුමි, ඔයාගෙ මේ වෙනස් වීම.. මම ආදරේ කලේ ඔයාටද කියල හිතෙනවා"
"මට සමාවෙන්න. හිත හදාගෙන හොඳින් ඉන්න බලන්න අයියා"
"මට එකම එක පාරක් ඔයාව මීට් වෙන්න ඕන"
"හැබැයි ටික වෙලාවකට. මොකද අපි අපේ ලෝකයෙනෙ ගොඩාක් ඈත් වෙලා ඉන්නෙ. මම කැමති නැහැ අනවෂය්‍ය ප්‍රස්න දාගන්න. මම අද නෝ ලිමිට් එකට එනවා. ඔයාට පුලුවන් මාව එතනදි මීට් වෙන්න."
"කීයටද"
"තව පැයකින් විතර.. ඒ කියන්නෙ හයයි හතලිස්පහට විතර"
"ඕකේ මම එන්නම්"
ඇගේ දුරකථනය විසන්දි වෙනවාත් සමගම මට දුකට වඩා ඇතිවූයේ කණගාටුවකි. මක්නිසාද යත් මා මටත් වඩා ආදෙරේ කරපු ඒ දඟකාරියගේ මුවින් පිටවූ සමහර වචන නිසාය. මාගේ දැඩි නිහඬබාවය අම්මාට ප්‍රස්නයක් උවද ඇය මගෙන් කිසිවෙක් නොඇසුවේ මා කියූ දේ වලින් ඇය අප දෙදෙනා අතර සන්වාදය තේරුම්ගත් නිසා විය යුතුය. මා හටද අම්මාට පැවසීමය දෙයක් නොතිබූ නිසා නැවතත් අම්මාගේ ඔඩොක්කුව මත හිසතැබුවේ ඔරලෝසුවේ වේලාව තවමත් පහයි පනහ ලෙස සටහන් වී තිබූ නිසාය. කීපවරක්ම හිස ඔසවා ඔරලෝසුව දෙස බැලුවේ ඇය පැමිනෙන විලාව ලන්වී ඇත්දයැයි බැලීමට මුත් ඇයව බැලීමට තිබූ ආසාව මදකට අඩු වී තිබුනි. නමුත් ඇයව දැකීමට යටි සිතෙහි සැඟවී තිබූ ආසාව නිසා හා ඇය සමග බොහෝ දේවල් කතා කිරීමට තිබූ නිසා ඇය කියූ වේලාවට විනාඩි පහක් පමන ප්‍රමාද වී මම යාමට සූදානම් උනෙමි.
"පුතේ ඒ ළමය එක්ක එකට එක කියන්න යන්න එපා. වෙච්චදේවල් වෙලා ඉවරනෙ. අනික මම අහගෙන හිටියනෙ ඔය දෙන්නගෙ කතාව"
"හරි අම්මෙ. මටත් ලොකු ආසාවක් නැහැ දැන්. ඒත් මම තාමත් ඒ කෙල්ලට ආදරෙයි. මම එයාව විනාඩි පහකට මීට් වෙලා ඉක්මනටම එන්නම්"
"කරන දෙයක් පරිස්සමට. කතා කරද්දි උනත් හොඳට හිතල බලල කතා කරන්න"
අම්මාගේ කීමට කීකරු වූ මා මගේ ස්කීටිය වෙත ගොඩවූයේ මා ආදරය කල ඒ යුවතියව, පියුමිව මුනගැසීමට උවද ඇය හමු වී කුමක් කියම්දැයි මසිත තුල පැහැදිලි අදහසක් නොවූයේ ඇය හා දුරකථනයේ යෙදුනු සන්වාදයෙන් අනතුරුව මා තරමක කලකිරීමකට පත් වී තිබූ නිසාවෙනි. වෙනදේකට මුහුන දෙමියැයි සිතා මා ඇය මුණගැසීමට ඇය පැවසූ ස්තානයට ගියේ මාගේ සුපුරුදු ගමන් මගෙහි උවත් හදිසියේම ඉදිරියේ නවතා තිබූ සුදු පැහැති වෑන් රියක් නිසා මාගේ ස්කූටියේ තිරින්ග තද වූයේ මටද හොරාවටමය. මිනිසුන් කීප දෙනෙක්ද එම ස්තානයේ සිටි නමුත් ඔවුන් සිනා වෙමින් දුම්වැටියක් උරමින් සිටි නිසා මා නැවතත් මගේ ස්කූටිය පන ගැන්වූයේ මා පැමිනි ගමන යාමටය. නමුත් හදිසියේම දුම් වැටිය උරමින් සිටි පුද්ගලයා මාගේ පාර අවහිර කිරීමට පාර මැදට පැමිනියේ විෂාල පොල්ලක්ද අතැතිවය. අනතුරක ඉවක් දැනුන නිසා මා ඉතා ඉක්මනඉන්ම මාගේ ස්කූටිය නැවත හැරෙව්වත් මාගේ හිසට වැදුනු තද පහරක් නිසා මා බිම ඇදවැටුනි. හිස් ආවරණය පැලැඳ සිටි නිසා එම පහරින් හිසට අනතුරක් නොවූවද මා හට නැගිටීමට නොහැකි වූයේ නොසීතූ වෙලාවක එකපිට එක වැදූ පොලු පහරවල් නිසාය.
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ..
Ela machaaaa... Digatama liyapan... Jaya wewa!!!
උබ එහෙනම් දිනුකට ගැහුවා නෙහ්.. හරි බලාගමු..
Katha Wada honde...


මොකක්ද බන් මේ කරපු වැඩේ .
henagahuwa wage dinukayawath maranna nm epa kollo. . . . . .
pissuda yako u maruna kiyanne kathawa iwarane
ohhh arakiwa maranna one ... shit
ade.... uba mokadda bn karanna hadanne? dinukayage konda kadanawada? epa ban.. uua onna ohe inna dipan
හිතුවක්කාර ආදරය - 37 වෙනි දිගහැරුම
"හෙලෝ අමිල පුතාද"
"ඔව් ඇන්ටි අමිල තමා."
"අනේ පුතේ අපෙ පුතා දිනුක ඉන්නවද ඔයාලගෙ දිහා"
"නැහැ ඇන්ටි. මම මේ දැනුයි ගෙදර ආවෙ. එයාගෙම වැඩකට ගිහින්. මොකද අවුල"
"අනේ පුතේ හයා මාරට විතර ගියා පියුමි දුව හම්බෙන්න යනවා කියලා. තාම ආවෙ නැහැ. පුතත් ටිකක් කලබලන්නෙ හිටියෙ. අනික එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ"
"හරි හරි.. ඇන්ටි බය නොවී ඉන්නකො. මම ටිකක් බලන්නම්."
අපේ අම්මාගෙන් ලැබූ දුරකථන ඇමතුමත් සමගම අමිල පියුමිට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, ඇයව මුන ගැසීමට පැමිනෙන බව පැවසූවද මා පැමිනියේ නැති බව ඇය අමිලට දන්වා තිබුනි. ඇගේ වචන කීපය ඇසීමෙන් පසුව මගේ මිතුරා මා සෙවීමට අප සුපුරුදු ස්ථාන වලට ගියද මා එම ස්ථානයන්ගෙන්ද සොයාගත නොහැකි වූ නිසා අමිල මොහොමඩ්ගේ නිවසට ගියේ මා ඔහු සමග ඇතැයි යන බලාපොරොත්තුවෙන්ය. නමුත් මා එහි නොසිටීම නිසා, කලබලයට පත් වූ ඔවුන්දෙදෙනා මා සෙවීමට පිටත්ව ගියේ ප්රස්න රැසක් ඔවුන්ගේ මනස තුල සිරකරගෙනය.
"හෙලෝ.. හිරුණි මැඩම්"
"ඔව් කියන්න ගනේෂ්.. මොකද වැඩේ"
"වැඩේනම් ප්ලෑන් කරපු විදිහටම කෙරුනා. ඒත්.."
"ඒත්.. මොකද ඒත්"
"මැඩම්, වැදුනු පාරවල් නිසා මිනිහ මැරුණද දන්නෙ නැහැ. කිසිම ප්රතිචාරයක් තිබුනෙ නැහැ"
"හම්.. එතකොට කෝ දැන් බොඩි එක"
"අපේ දෙන්නෙක් අරගෙන යනවා. එයාල කෝකිලායි හරියෙ තියෙන කුරුළු අභය භූමිය පැත්තට යන්නෙ. යන ගමන් පදවිය වැව හරියෙ තියන කැලේකට අතාරින්නම් කිව්වා"
"හම්ම්.. මැරිලනම් ඉතින් කරන්න දෙයක් නැහැ ගනේෂ්. ඒත් මැරිල නැතිනම් ඔයාගෙ මිනිස්සුන්ට කියන්න මරන්න එපා කියලා. බොඩි එක දාන තැනකින් දාල යන්න කියලා. ගනේෂෙ ඔයා දන්නවනෙ, පොඩි හරි ලීක් එකක් තිබ්බොත් අපි සේරම ඉවරයි හරි"
"ඒ ගැන බය වෙන්න එපා හිරුණි මැඩම්. මේ අපි පුරුදුවෙන්න කරපු වැඩක් නෙමේනෙ. මම වැඩේ කම්ප්ලීට් උන ගමන් ආයෙත් මැඩම්ට කෝල් එකක් දෙන්නම්"
"ආයෙ කතා කරන්න ඕන නැහැ. මම ගනේෂ් ගැන දන්නවනෙ හොඳට. හෙට අපි කතාකරගත්තු තැනට එන්න. මම ඉතුරු සල්ලි ටික දෙන්නම්"
"ඔකේ මැඩම්"
හැකි සෑම තැනකම විපරම් කෙරුවද, දන්න අදුනනා සෑම දෙනාගෙන් විමසුවද මා ගැන තොරතුරක් නොලැබීම නිසා මගේ මිතුරන් වූ අමිල හා මොහොමඩ් හැසිරුනේ මදක් කලබල ගතියකින් හා බියකින් යුක්තවය. ඔවුන් දන්නා තරමට මා හට අනතුරක් කිරීමට කිසිවෙකු නොසිටිය නිසා ඔවුනටද සිදුවී ඇත්තේ කුමක්දැයි නිගමනය කිරීමට නොහැකි වූ අතර අවසානයේ ඔවුන් දෙදෙනාම තීරනය කලේ පොලීසිය වෙත ගොස් ඔවුන්ගේ සහය පැතීමට උවත් තී රෝද රියදුරෙක් ගෙන් හදිසියේම ඇසීමට ලැබූ කට කතාවක් නිසා ඔවුන් දෙදෙනාම මා පැහැරගත් ස්ථානයට ලඟා වූයේ එහි කිසිවක් නොදැනමය. ඔවුන් එම ස්ථානයට ලඟා වෙන්තම මිනිසුන් රැසක් හා පොලීසියෙන් එම ස්ථානයේ රැඳී සිටි අතර මගේ මිතුරන් දෙදෙනාගේ හද කම්පා වූ දසුන වූයේ පොලීස් ලේබලයක් සහිතව පසෙක නවතා තිබූ මාගේ ස්කූටිය දැකීමෙන්ය. මගේ මිතුරන් වූ අමිල හා මොහොමඩ් ඉතා ඉක්මනින්ම සිදුවී ඇති දෙය තේරුම් ගත් අතර ඔවුන් දෙදෙනාම කඳුලු පිරි දෑසින් නිහඬව එකිනෙකා දෙස බැලුවේ ඔවුන් දෙදෙනාටම කතා කිරීමට පවා මොහොතකට අමතක වී ගිය නිසාය.
"මොහොමඩ්, දිනුකගෙ බයික් එක නේද මේ. මොකද මෙත උනේ දෙවියනේ."
"මොනව උනත් හිත හයියට තියා ගන්න අමිල. අපි හිතන තරම් දෙයක් මෙතන වෙලා නැතුව ඇති. පොඩි මහත්තය කියන්නෙ පණ හතක් තියන මිනිහෙක්. හිත හයියට තියා ගන්න අමිල, මොකද අපි දෙන්නට කරන්න ගොඩක් වැඩ තියනවා. අනික අපි දෙන්නත් වැටුනොත් පොඩි මහත්තය හැමදාටම තනි වේවි"
"සමාවෙන්න මහත්වරුනි. ඔයාලා මේ බයික් එක අඳුන ගත්ත වගේ"
"ඔව් සර්.. මේ අපේ යාළුවගෙ, එයාගෙ නම දිනුක. හවස එයා එයාගෙ ගර්ල්ව මීට් වෙන්න ඇවිලා ආපහු ගෙදර ආවෙ නැති නිසා අපි මේ හොයන්න ආවෙ"
"මොකද වෙලා තියෙන්නෙ සර්.."
"අපිත් හරියටම දන්නෙ නැහැ. හැබැයි සිද්දිය පොඩි ළමයෙක් දැකල තියනවා. එයා කියන් විදිහට මෙතන කට්ටියක් රැකල ඉඳල තියනවා. ඔයාලගෙ යාළුව ආව ගමන් හිටපු අය එයාට ගහල වෑන් එකක දාගෙන ගිහින් තියනවා"
"මොනවා.. අනේ සර් අපේ යාළුවට එහෙම හතුරෙක් හිටියෙ නැහැ. හරි හොඳ මනුස්සයා. මේ ළඟදි තමා නිවාඩුවකට ලංකාවට ආවෙත්"
"හම්ම්ම්.. මේක පැහැර ගැනීමක් වගේ පේන්නෙ. සැලසුම් කරල කරපු එකක්. අතන ඉන්නවා කොස්ත මහත්තයා. එයාට ගිහින් ඔයාල දන්න දේ කියන්න. වැදගත් වේවි ඔයාලගෙ යාළුවව ඉක්මනටම හොයා ගන්න. තව එකක් එයාලගෙ ගෙදරට දැනුම් දෙන්න. කලබල වෙන්න එපා කියන්න. අපි මෙතන වැඩ ඉවර කරල එන්නම් කට උත්තර ගන්න හැමෝගෙන්ම"
"හොඳමයි සර්"
"අහ් තව එකක්.. ඔයාලගෙ යාළුවා අර මීට් වෙන්න ආව කියන ගැහැණු ළමයගෙ විස්තර ටිකත් අපිට දෙන්න"
පොලීසියේ මහත්වරුන් පැවසූ පරිදි අප දන්නා සියලුම දේ ඔවුනට පැවසූවද අප මේ සිටින්නේ සිහිනයකැයි හැඟුනේ අප මිතුරාට වී ඇති දේ අපදෙදෙනාට තවමත් විස්වාෂ කල නොහැකි වූ නිසාය. පොලීසියට කට උත්තර දීමෙන් අනතුරුව මාමිතුරා වූ අමිල අප නිවසට් ගියේ සිදුවී ඇති දෙය අප අම්මාට පැවසීමට වූ අතර මොහොම්ඩ් අමිලට සමු දෙන්නේ හෙට දිනයේ උදෙය වරුවේ අප සුපුරුදු ස්ථානයේදී හමුවන ලෙස අමිලට දන්වමින්ය. අමිලටද සිදුවූ දේ අදහාගත නොහැකි උවත් අමිලට ඇතිවූ අනෙක් ගැටලුව වූයේ මේ පිළිබඳව අප අම්මාට පවසන්නේ කෙසේද යන්නය.
අමිල අප නිවස්ට ගොඩ වෙනවාත් සමග අප් නිවසේ සියලු දෙනාම ඔහුව වට කරගෙන ඇත්තේ කිසිඅම් හෝ තොරතුරක් දැන ගැනීමටය. අප පවුලේ සියලු දෙනාගේම ඇස් වල තිබූ බය හා කුතුහලය නිසාදෝ අමිලට සිදූවූ ඇති දේ පැහැදිලි කර දීමට තරමක් අපහසු උවද, යමෙකුට දෙයක් පැහැදිලි කර දීමට ඔහු තුල වූ මනා හැකියව නිසා එම අවස්ථාව අමිල විසින් සාර්ථකව ජයගෙන තිබුනි. නමුත් ඔහුගේ කතාව ඇසීමෙන් පසු කලබල වූ අම්මාව නැවත යතාතත්වයට පත් කිරීමට ඔවුන් සියලු දෙනාටම නොසිතූ වෙහෙසක් දැරීමට සිදු වී ඇත. සියලු දෙනාගේම දුක් සෝ සුසුම් මැද කාලය ගෙවෙද්දී අසල් වැසි සියළුම දෙනාම පුදුමයකට පත් කරමින් හා අප අහල පහල සිටිනා රොයිටර් නැන්දලාවද පුදුමයකට පත් කරමින් පොලීසියෙන්ද අප නිවසට පැමිනෙන්නේ ඔවුන් පැවසූ ආකාරයට අප නිවසේ සියලු දෙනාගෙන් කට උත්තර ලබා ගැනීම සඳහාය.
"මොකද්ද අමිල පුතේ මේ උනේ. අනේ මයෙ කොල්ල කාටවත් නරකක් කරපු එකෙක් නෙමේ. අමිල පුතා කියන්න මට ඔයාල මොකක් හරි ප්‍රස්නයක්වත් ඇතිකර ගත්තද කා එක්ක හරි"
"අනේ එහෙම දෙයක් නැහැ නැන්දෙ. මටත් හිතා ගන්න බැහැ මේ එක පාරටම මොකද උනේ කියලා. නැන්ද කලබල නොවී ඉන්නකො. පොලීසියෙ අයත් මේ ගැන හොයල බලනවනෙ"
"මොකද අමිල අයියෙ මේ උනේ අපේ අයියට. අනේ මට බයයි"
"බය වෙන්න එපා දුවේ. අමිල, අපේ කොල්ල පියුමිව හම්බවෙන්න යනව කියල නේද ගිහින් තියෙන්නෙ. ඔයා ඒ ළමයට කතා කරල බැලුවෙ නැද්ද"
"මට මේ කලබල අස්සෙ ඒකත් අමත උනානෙ අන්කල්. ඉන්නකො මන් ගන්නම් කෝල් එකක් එයාට දැන්"
"හෙලෝ.."
"පියුමි, මම මේ අමිල අයියා කතා කරන්නෙ"
"කියන්න අමිල අයියෙ. දිනුක අයිය කතා කලාද ඔයාට."
"පියුමි මම මේ ඔයාගෙන් වැදගත් දෙයක් කියන්න හදන්නෙ. කලබල නොවී අහගෙන ඉන්න. දිනුක ගැන"
"අනේ අමිල අයියෙ. මට එයා ගැන අහන්න ඕන නැහැ. මොකද අපි දෙන්න ඉන්නෙ දැන් පාරවල් දෙකක. අනික.."
"දිනුකව කිඩ්නැප් කරලා"
"මොනවා.. මොක..ද්.. ද අමිල අයියෙ ඔයා කිව්වෙ"
"දිනුකව කිඩ්නැප් කරලා"
"අනේ.. මගෙ දිනුක අයියාට මොකද උනේ. අනේ එයා හොඳින් නේද. එයාට කරදරයක් නැහැ නේද.. ඇයි අමිල අයියෙ කතා කරන්නෙ නැත්තෙ. මොනව හරි කියන්න මට"
"දිනුකට කරදරයක් නොවෙන්න කියල තමා අපි හැමෝගෙම පැතුම පියුමි. අද හවස වෙලා තියෙන්නෙ. ඔයාව මීට් වෙන්න නේද දිනුක ආවෙ"
"ඔව් අයියා. දිනුක අයියට මම කිව්වා නෝ ලිමිට් එකට එන්න කියලා. එයා මාව මීට් වෙන්න ඔනිම කිව්ව නිසා මම එහෙම කිව්වෙ. මොකද මම ඇඳුම් වගයක් ගන්න ගියා"
"ඉතින් ඔයාට දිනුකව හම්බුනාද.. ඔයා තනියමද ගියෙ"
"ඔව් අයියෙ මම තනියම ගියෙ. ඒත් දිනුක අයියා ආවෙ නැහැ. මම ඉතින් මගේ ඇඳුම් ටික අරගෙන ආවා"
"හම්ම්ම්. ඔයාව මීට් වෙන්න එන අතරතුරදි තමා මේක වෙලා තියෙන්නෙ. තෑන්ක්ස් පියුමි. අහ් තව එකක්, සමහර විට පොලිසියෙන් ඒවි ඔයාගෙන් කට උත්තරයකට"
"පොලීසියෙන්.. අපේ ගෙදරට"
"බය වෙන්න එපා පියුමි. ඔයාට කරදරයක් වෙන්නෙ නැහැ. ඔයා සිදු උන දේ එයාලට කියන්න. හොඳින් ඉන්න,."
"දිනුක අයියට කරදරයක් වෙන්නෙ නැති වෙයි නේද අමිල අයියා"
"එහෙම හිතමු පියුමි. මම ඔයාට දෙයක් කියන්නද, මම මෙච්චර දවස් මේක හිතේ හිර කරන් හිටියෙ"
"මොකද්ද අමිල අයියා"
"ඔයාට ගොඩක් දිනුක ආදරේ කලා පියුමි. එයාගෙ ජීවිතෙටත් වඩා. ඒත් ඔයා ඒ ආදරේට උත්තර බැඳපු හැටි අපිටත් පුදුමයි. ඔයා නිසා ඒ කොල්ල විඳ දුක හොඳට ඇති. දිනුකගෙන් ඈත් වෙලා ඉන්න. දිනුක ගැන ආරන්චියක් ආවොත් මම ඔයාට පණිවිඩයක් දෙන්නම්"
"අනේ ඇයි ඔයා එහෙම කියන්නෙ අයියා. දිනුක අයියා මගෙ .."
"බායි පියුමි"
පියුමිගෙන්ද හිත සැනසෙන පිළිතුරක් නොලැබීම නිසා සියලු දෙනාම මදක් නිහඬව කල්පනා කලේ සිදුවූ දේ පිළිබඳවය. කිසිවෙකුටත් හිතා ගත් නොහැකි දෙයක් වූ අතරම, අප අහල පහල පිරිසද අප නිවසට පැමින තිබුනේ සිදු වී ඇති දේ පිළිබඳව ඔවුනට ඉතා ඉක්මනට දැන ගැනීමට හැකි වූ නිසාය. සියලු දෙනාගේම දෙනෙත් කඳුලින් පිරී තිබූ අතර මගේ මිතුරා වූ අමිල සියලු දෙනාටම සමු දී ඔහුගේ නිවස බලා ගියේ දිනුකව කොහොම හරි හොයා ගන්නවැයැයි අප අම්මාට දුන් පොරොන්දුවක් සහිතවය.
"උඹ හොඳට වැඩේ කලා පියුමි"
"අනේ මන්දා හිරුණි. මම ආත්ම ගානකට විඳවන පවක් කලාදෝ කියල හිතෙනව"
"එහෙම වෙන්නෙ නැහැ. මට ගොඩක් දෙනා අහිමි උනා බන් මේ අපේ බාප්පගෙ සැකයක් නිසා. වැඩේ සාර්තකව මට ඉවර කරන්න බැරි උනත් උඹ මට දුන්න සප් එකට ගොඩක් තැන්ක්ස්"
"මම එයාව අමතක කලේ උඹ මට ජාවාරම් ගැන කිව්ව දවස් වලමයි. අනික මට ඔයිට වඩා හොඳ කොල්ලෙක් හොයාගන්න බැරිද බන්, හොඳට සල්ලි තියන කොල්ලෙක්"
"ඔය ඉන්නෙ මගෙ කෙල්ල. තව එකක් මතක තියා ගනින්. ගෑනු අපි රහස් රකින්න හරි දුර්වල්යි. ඒ නිසා මේ ගැන කාටවත් නොකිය ඉන්න හරි. දන්නවනෙ එහෙම උනොත් අපි දෙන්නටම වෙන දේ. අමිල කිව්ව වගේ පොලීසියෙන් ඒවි උඹෙන් කට උත්තරයක් ගන්න. බය නොවී දෙබස් ටික කියල දාපන්. මම ඉතුරු ටික හැඬ්ල් කරන්නම්"
"ඔකේ හිරුණි"
"අනික මට කෝල් කරල කවදාවත් මේ ගැන අහන්න එපා. අපි මේ ගැන කතා කරන්වනම් මීට් වෙලාම විතරයි හරි. බය නොවී ඉඳපන් මම තාමත් රටේ හිටපු හොඳම නායකයෙක්ගෙ දුවක්."
"ඒක දන්න නිසා තමා හිරුණි මම මේ වැඩේට ඔයාට උදව් කලේ"
දිනෙන් දින කාලය ගත වී ගියේ අප නිවස මෙන්ම මුලු මීගමු නගරයම දුක් සෝ සුසුම් මැද්දේය. මක්නිසාද යත් හැම පුවත් පතක වාගේම මේ පැහැර ගැනීම පිළිබඳව විස්තර පල වී තිබූ අතර හැම කණුවක්, ගහක් ගලක් පාසාම සොයා දෙන්නයැයි කියමින් මාගේ පෝස්ටර් අලවා තිබූ නිසාවෙනි. එමෙන්ම පොලීසියටද මෙමෙ සිද්දිය තරමක අවුල් වියවුල් සහගත වූයේ මෙය පැහැර ගැනීමක් නම් පැහැරගන්නන් විසින් කිසිදු කප්පමක් නොඉල්ලූ නිසා හෝ කිසිදු පනිවිඩයක් නොතිබූ නිසාවෙනි. එම නිසා මෙය පෞද්ගලික තරහකට සිදු කර ඇති බව සැක කල පොලීසිය ඔහුන්ගේ සැකය ඔස්සේ ගමන් කිරීමට උත්සහ දැරුවේ මෙම සිද්දියේ සුල මුල සොයාගැනීමටය.
වන සිවුපාවන්ගෙන් බහුල වූ ඝන කැලයක මාගේ සිරුර ගහක එල්ලා තිබුනේ වන සිවුපවකෙගුගේ ගොදුරකට විය. ඔවුන් මා හට එල්ල කල ප්‍රහාර වලින් මා මියගොස් ඇතැයි ඔවුන් සිතුවද එය එසේ නොවී තිබූ අතර ඔවුන් මාව ගසක එල්ලා ගියද දවස් දෙකක් පුරාවට ඇද හැලුන දාරාණිපාත වර්ෂාව නිසා මසිරුර එලා තිබූ ගසද එම වර්ෂාවෙන් කඩා වැටුනේ මගේ ෂරීර කූඩුවටද බරපතල හානි සිදුකරවමින්ය.
කරුනු කාරනා මෙසේ සිදුවනකොට මාගේ මිතුරා වූ අමිලා හා මාගේ සගයා වූ මොහොමඩ්ද කනස්සල්ලෙන් සිටියේ මේ සිදුවීම් පෙල විසඳීමට ඔවුන් ගත් උත්සහයද අසාර්ථක වූ නිසාවෙනි. එමෙන්ම මේ වන විට මේ පැහැර ගැනිම්ම පිළිබඳව මුලු රටම දැනුවත් වී තිබූ අතර මා ගැන නිවරැදි තොරතුරක් ලබා දෙන්නෙකුට වටිනා තෑගි බෝග ලබා දෙන බවද ගම් නියම් ගම් පුරා දන්වා තිබුනි. එමෙන්ම සෑම දෙදිනකට වරක්ම මා වෙනුවෙන් බෝධි පූජාවන් පැවැත්වීමටද කටයුතු කර තිබුනේ මාගේ මිතුරන් වු අමිල හා මොහොමඩ්ගේ මූලිකත්වයෙනි. මේ සිදුවූ සිදුවීම් නිසා අම්මාද ලෙඩ වූයේ මා ගැන සිතමින් කල්පනාකරමින් වූ අතර තාත්තාටද ඒ දුක දරාගත නොහැකි වූ නිසා ඔහුද තම රැකියාවෙන් අස් වී තිබුනේ අම්මාව රැකබලා ගැනීමටය. මාගේ මුළු පවුලම අනාත වී සිටි මොහොතක මගේ මිතුරා වූ අමිල හා ඔහුගේ පවුලේ උදවියගෙන් ලැබුනු උදව් අනන්තය අප්‍රමාණය. සෑම දිනකම තුන් වේලම අමිලගේ නිවසින අප නිවසට කෑම බීම ලැබූ අතර මාගේ සහෝදරියගේ ඉගනීමේ වැඩකටයුතු සඳහා වියදම් දරා ඇත්තේ මොහොමඩ් විසිනි.
"පොඩි හාමුදුරුවනේ.. පොඩි හාමුදුරුවනේ.. පොඩි හාමුදුරුවනේ.."
"මොකද රූපෙ මේ මහ දවල් බෙරිහන් දෙන්නෙ. මොකද මේ දාඩිය දාගෙන. හති නේද, මෙන්න මේ වතුර ටික බීල ඉන්න"
"පොඩි හාමුදුරුවනේ.. මම පොඩි හාමුදුරුවො හොයන් එන්න කිව්ව බෙහෙත් හොයන්න මම එහා ගම් මායිමේ තියන ඝන කැලයට ගියා"
"ඉතින් මොකද උනේ රූපෙ. ඒ කැලෑව බයානකයි. සත්තු සිව්පාවො ඉන්නවා."
"අහන්නකො පොඩි හාමුදුරුවනේ.. මම කැලේට ගියෙ පොඩි හාමුදුරුවො ලියල දුන්න අර මොකද්ද මල් ජාතිය හොයන්න. මම දැක්කනෙ මල සිරුරක් පොඩි කොල්ලෙක්ගෙ. පඩු ගිය දවස් දෙකේ මහ වැස්සට ගහක් කඩා වැටිල ඇඟ උඩට."
"මොනවද රූපෙ කියන්නෙ. මල සිරුරක්. ඉතින් රූපෙ බැලුවෙ නැද්ද ලන් වෙලා"
"අනේ පොඩි හාමුදුරුවො දන්නවනෙ මම බයයි කියලා. මම ඒක දැක්ක ගමන් බය වෙලා දුවගෙන ආව පොඩි හාමුදුරුවො ළඟට. එකතු කරගත්තු බේත් ටිකත් එතන"
"හම්ම්ම්.. රූපෙට තියෙන්නෙ මාර බයක්නෙ. සෝමිර පොඩි හාමුදුරුවන්ටත් ගිහින් එන්න කියන්න, නායක හාමුදුරුවො දානෙකට වැඩලා. ඒ නිසා අපි තුන්දෙනා ගිහින් බලමු"
දවස් තුනකට පසුව මා පිලිබඳව දැනගත් එකම පුද්ගලයා වූයේ රූපෙ නැමැති තැනැත්තාය. ඔහු මෙ අසල තිබූ කුඩා පන්සලක ජීවත් වූයෙකි. මා හට ජීවත් වීමට කිසියම් හෝ අයිතියක් තිබුනානම් ඒ ඔවුන් සතුවිය. මාගේ සිරුර දුටු ස්ථානයට රූපෙ නැමැති තැනත්තා පොඩි හාමුදුරුවන් දෙනම සමග පැමිනියේ දැඩි නිහඬතාවයකින් හා දැඩි කුතුහලයකිනි. ඔවුන් මා අසලට පැමිනි විගසම මා යට කරගෙන වැටී තිබූ විසාල අතු කීපය ඉවත් කල අතර පොඩි හාමුදුරු දෙනමට මා අඳුන ගැනීමට එතරම් වෙලාවක් ගත් නොවුනේ මාගේ රූපය මේ දිනවල ප්‍රසිද්ද රූපයක් වී තිබූ නිසාය.
"මේ අර අතුරුදහ් වෙලා කියල හොයන ළමය නේද සාමිර"
"ඒක තමා රාහුල සාදු. මෙයා මැරිල නැහැ. මෙයාට කට්ටියක් පහර දීල තියනවා. පව්. අපි මෙයාව පන්සලට අරගෙන යමු. ගිහින් අපිට කරන්න පුලුවන් දෙයක් කරමු"
"ඒ ක හොඳයි. රූපෙ බය නොවී එන්න මෙහෙට. මෙයාට තවම පණ තියනවා. අපි මෙයාව පන්සලට අරගෙන යමු. මතක තියාගන්න රූපෙ, මේ ගැන කිසිම කෙනෙකුට දැනගන්න තියනව නෙමේ ඔන්න. නායක හාමුදුරුවො වැඩියම අපි කියන්නම් මේ ගැන."
"එහෙමයි පොඩි හාමුදුරුවනේ"
ස්වාමින්වහන්සේලා වැඩ සිටි මෙමෙ ආරාමයේ විසේසය වූයේ නවීන උපකරණවලින් සමන්විත වෛදය්‍ය විදය්‍යාගාරයක් තිබීම්ය. එහි එක්ස් කිරණ පිටපත් ගැනීමට හැකි යන්තයක්ද පිහිටා තිබීම පුදුමයකට කරුනක් උවද එය මා ලද වාසානවක් විය. මක් නිසාද යත් මා හට ජීවත් වීමට තවත් බලාපොරොත්තිවක් තබාගත හැකි නිසාවෙනි. රැජිනගේ දේෂය වූ එන්ගලන්ත්යේ යුවලකට වෛදය්‍යවරු සුවකිරීමට නොහැකියැයි රෝගයකින් ඔවුන්ව බේරාගත් නිසා මෙම විද්‍යාගාරය එම විදේෂ යුවල විසින් මෙම ආරාමය සාදා දී ඇති අතර එදා සිය අද වන තුරුම ඔවුන් ගමේ අසරණ පුද්ගයන්ව නොයෙකුත් රෝගවලින් සුව කර තිබුනි. එමෙන්ම මෙම ආරමයේ වැඩ විසූ සෝමිත හිමියන් බටහිර වෛදය්‍ය විදය්‍යාවේ හිණි පෙත්තටම ළඟා වී සිටි අතරම, මෙම ආරාමයේම වැඩ විසූ අනෙක් භික්ෂුව වූ රාහුල හිමියන්ද දේෂීය වෙද කලාවේ ඉහලින්ම සිටි අයෙකු වූවෝය. ප්‍රසිද්දියට මොවුන් අකැමැති වූයේ මුදල් පසු පස යන සමාජයක මිනිසාට තමන් කවුරුද යන්න අමතක වී තිබීම නිසාය. එනමුත් ඔවුනට සෑම අවස්ථාවකදීම ලංකාවේ ගම් නියම්ගම් පීරා ගොස් අසරණ මිනිසුන්ට පිහිට වූයේ දෙවියන් ලෙසය.
රූපේ හා පොඩි හාමුදුරු දෙනම එකතු වී ලේ තැවරුනු සිරුර ක්‍රමාණුකූලව පිරිසිදු කලේ වුන්ගේම ආකාරයකටය. මා හට අවෂයව තිබූ මූලික වෙද දෙහකම් ඉතා ඉක්මනින්ම ඉටු කලේ පීඩාවෙන් වල්මත් වී තිබූ මගේ සිරුරට මෙන්ම මගේ ආත්මයටද සහනයක් එක් කරමින්ය. දානයකට වැඩම කර සිටි නායක හාමුදුරුවන් පැමිනි විගසම පොඩි හාමුදුරුවෝ දෙනම මා පිළිබඳව විස්තර උන්වහන්සේට පැහැදිලිකර දුන්නේය. උන්වහන්සේගේද අදහව වූයේ මා හට සනීපවනතෙක් මා පිළිබඳව කිසිවෙකුට නොපැවසීමට වූ අතර වෙදහෙදකම් කිරීමට ඔවුන් මා රඳවා තිබුනේද ආරාමයට තරමක් ඈතින් පිහිටා තිබූ විශේෂ වූ වෙද කුටියකය.
"ගොඩක් බරපතලයි නේද පොඩි හාමුදුරුවනේ. යතා තත්වයකට ගේන්න පුලුවන් වෙයිද"
"ඒකනම් එහෙම තමා නායක හාමුදුරුවනේ. සෝමිර තාක්ෂනික දේ උපයෝගී කරගෙන මෙයාව ටිකක් පරීක්ෂා කලා. ඒත් තත්වය ටිකක් බරපතලයි කියල තමා උන්වහන්සේ කියන්නෙත්"
"හොඳ කරන්න බැරිවෙයිද ඒ කියන්නෙ"
"එහෙම දෙයක් නෙමේ නායක හාමුදුරුවනේ.. අපි මේ ඔබ වහන්සේට කියන්න හැදුවෙ.."
"මම දන්නවා කියන්න හදන දේ. මගේ අවසර ලැබෙනවා ඒකට. මොනව හරි කරල මේ ඇත්තව සුව කරන්න බලන්නකො. පෙනුමෙන්නම් වැදගත් පවුලක කෙනෙක් වගේ"
"අපිට මෙයාගෙ හැඳුනුම්පත හම්බුනා. මේ තියෙන්නෙ."
"හම්ම්ම්.. සිනෙත් දිනූක.."
මා සිටිනා තත්වය ඉතා බරපතල නිසා මා පිළිබඳව තොරතුරු හෙලි කිරීම මදකට සැඟවූ අතර මා හට ප්‍රතිකාර කිරීමට යොදා ගනු ලැබූයේ තවමෙත් අත්හදා බැලීම් කරන්නා වූ සුව කිරීමේ ක්‍රමයයකි. එනම් දැනට මාස කීපයක සියම රාහුල හා සෝමිර යන පොඩි හාමුදුරුවන් දෙනම උත්සහ දරනුයේ සිංහල වෙදකම හා බටහිර වෙදකම එකට මිශ්‍රකර ඔවුනට ආවීනික වූ ක්‍රමයක් හඳුන්වා දීමටය. ඒ සහඳා අවෂය්‍ය සියලුම දැනුම තාක්ෂනය ඔවුන් සතුව තිබූ නමුත් මාගේ ජීවත් වීම පිළිබඳවද ඔවුනට ප්‍රස්නයක් වී තිබුනේ යම්හෙයකින් ඔවුන්ගේ වෙදකම වැරදුනොතින් මාහට සහදටම මෙලොවින් සමුගැනීමට සිදුවන නිසාවෙනි.
"රාහුල සාදු, අපි හිතුවට වඩා මේ කොල්ල ශක්තිමත්. මෙයාව සුව කරන්න පුළුවන්. දැන් දවස් පහක්ම අප කරපු වෙදකම් දාරාගෙන හිටිය කියන්නෙ අපි ගොඩක් දුරට සාර්ථකයි කියන එක"
කාලය ගෙවීයත්ම ටිකෙන් ටික සමහරක් දෙනාගේ මතකයෙන් දිනුක යන නාමය ඈත්ව ගියද අම්මා ඇතුලු මාගේ පවුලේ උදවිය මෙන්ම මගේ මිතුරන් පිරිසද තවමත් මා කොහේ හෝ ජීවත්ව සිටිනවායැයි බලාපොරොත්තුවකින් සිටියේය. දිනපතාම පොලීය වෙත ගියද ඔවුන්ගෙන්ද හැම දිනකම එකම උත්තරය ලැබුනු අතර මා මිතුරා හා උරණ වූ එක පොලිස් නිළදාරියෙක් පැවසූ වදනක් වූ 'මෙතන අපට වද දෙන් නැතිව ඔය කොල්ල මැරුන කියල හිතල දානයක් දීල පිං දෙනව ඕයි' නිසා මා මිතුරන් ප්‍රදේශ වාසීන් හා පොලීසිය අතර ඇතිවූ ගැටුමද නිරාකරනය කිරීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
අසීස්, මොහොමඩ්, අමිල මෙන්ම කෙවින් ද මා හෙවීමේ වැඩකටයුතු වලින් හෙම්බත් වී තුබුනේ ඔවුන් ගත් සියලුම උත්සහන් අසාර්තක වූ නිසය. මා හට සිදුවූ දේ අසීස්ටද දරාගත නොහැකි වූ නිසා ඔහුද සියලු වැඩ අතහැර දමා ලංකාවට පැමින සිටියේ මා වෙනුවෙන්මය. එමෙන්ම මාගේ අම්මාගේ අසනීප මදකට සුව වී තිබ්බූ නමුත් ඇය සුදුමැලි වී තිබුනේ මගේ මතකය හා සමග ජීවිතය ගතකල නිසාවෙනි. මගේ අම්මේ සිහිනෙන් හෝ පැමින මා තවමත් ජීවත් වනවායැයි පැවසීමට හැකිනම් මා එසේ කරනවා නොඅනුමානය.
ජීවිතය පවා ඔට්ටු ඇල්ලූ මා ආදරය කල ඒ යුවතිය වූ පියුමි, ඇයගේ අලුත් ආදරවන්තයා සමගම එකිනෙකා අත්වැල් පටලා මා හා හිය මගම ඇවිද ගියේ කෙසේද යන්න විමසීමට අද මා ඇය අසල සිටියේ නැත. නළඟනන් මා ඉදිරියේ ඔවුන්ගේ ඇඳුම් අකිනෙක ගලවා දමද්දී මා ඒ අසලඉන් නැගිට ආවේ මා පියුමිට ආදරය කල නිසාවෙනි. මාගේ ජීවිතය ඇය පමනක් යැයි සිතූ නිසාවෙනි. මා කවමදාවත් මා ඇයට කල ඒ ආදරය හෑල්ලු කලේ නැත. පාගා දැමුවේ නැත. ඒ තවමත් මා ඇයට ආදරේ කල නිසාවෙනි. නමුත් ඇය මා හා හිඳ එකට සිටි තැනම වෙනකෙකු හා සමගම මට දෙඩූ පෙම්බස්ම ඔහු හා දොඩමින්, ඔහුගේ පපුවට තුරුල් වෙද්දී මට නොතේරුනේ ආදරයේ අරුතද නැතිනම් මගේ ආදරයද යන්න මා හට පැහැදිලි අදහසක් නොතිබුනු තරම්ය. සිහිනෙන් හෝ ඇවිදින් ඇයටද හොඳින් ඉන්නයැයි කීමට හැකිනම් මා එසේ කරනවා නොඅනුමානය. මක් නිසාද යත් ඇගේ සිනහව ඇගේ සතුට මට එක හුස්මක් වූ නිසාවෙනි. ඇය සතුටින්නම් ඇය සිනාවෙනවානම් මා ජීවත්වන නිසාවෙනි.
"පොඩි හාමුදුරුවනේ.. පොඩි හාමුදුරුවනේ.. "
"මොකද මොකද රූපෙ මේ බෙරිහන් දෙන්නෙ. නායක හාමුදුරුවො භාවනා කරනවා"
"අනේ සමා වෙන්න පොඩි හාමුදුරුවනේ. දිනුකට සිහිය ඇවිත්.. අතපය හෙල්ලුවා.. වතුර වතුර කියල කතා කලා. මම වතුර ටිකක් දුන්නා"
"මොනවා.. යමු යමු ඉක්මනටම"
මාහට සිහිය එන විටද සිදුවූ කිසිදු දෙයක් පිළිබඳව මා හට මතක නොතිබූ අතර මා කවුරුද යන්නය මා හට එතරම්ම මතකයක් තිබුනේම නැතිතරම්ය. මා සිටිනා ස්ථානය පිළිබඳව පිලිබඳව දැන්ගැනීමට උත්සහයක් දැරූ මා අසල තිබූ ජනේලයෙන් එළිය බැලීමට සූදානම් වනවාත් සමගම කවුරුන් හෝ මා දෙසට පැමිනෙනවා ඇසූ නිසා මා මදක් කලබල වූ අතර අසල තිබූ මේසයක් අසල මා හැන්ගුනේ අනේ මට ගහන්න එපා.. අනේ මට ගන්න එපා.. අනේ මට ගහන්න එපා යැයි කියමින්ය.
"අපි ඔයාට කරදරයක් කරන් නැහැ දිනුක. බය වෙන්න එපා. එන්න ඔතනින් එළියට"
මා හට දැනුනු කාරුණික වදන් නිසා මම මෙතෙක් වෙලා වසා සිටි දෙනෙත් ඇර බැලුවෙමි. හදවත සිසිලක් ගෙන දෙන්නා වූ කහ පැහැති ඇඳුමකින් සැරසී සිටි හා මනරම් සිනහවකින් යුක්තව මා ඉදිරියේ සිටි නන්නාදුන පුද්ගලයා නිසා ඉතා ඉකමනින්ම සිතට දැනුනු සහනය නිසා මම සැඟව සිටි ස්ථානයෙන් එලියට ආවෙමි.
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
දිගටම ලියන්න මචෝ..... හිතට දැනෙන්න ලියල තියනව උඹ