එල මචෝ..........
suneth hettiarachchi Active member Jul 14, 2011 617 98 43 ape gedara Apr 12, 2015 #465 Yako kathawa dapan
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Apr 12, 2015 #467 හිතුවක්කාර ආදරය - 34 වෙනි දිගහැරුම මා හදිසියේම නැවත ලංකාව බලා පිටත් වීමේ ගමනට අවෂය සියලුම දේ අසිස් හා ඔහුගේ සොහොයුරා එකතුවී මා හට සූදානම් කර දුන්නේ අවසාන මොහොත දක්වාම මා මගේ කාර්යාලයේ රාජකාරීන් සමග හිරවූ නිසාවෙනි. අළුත් බලාපොරොත්තුවක් ඇතිව අලුත්ම හීනයකට පෙම් බඳිමින් මා මේ ගමන ගියද මගේ හිත තරමක සැකයෙන් යුක්ත වූයේ පියුමි ගැන සිතනා විටය. ඇයගේ පිළිගැනීම කුමක් වේද, නැතිනම් ඇය මට බනීවිද, මගේ යෝජනාවට ඇය කැමති වේදෝ යන පිළිතුරක් නිගමනය කල නොහැකි ප්‍රස්න රැසක් මා සිත තුල විය. "පුතේ.. ඔ..යා.. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ නැත්තෙ එනව කියලා" "අයියෙ.. ඔයානම හරි නපුරුයි. නොකියම ආව නේද" "අනේ මගෙ පුතා ඇදිල ගිහිල්ලා. කෑමක් බීමක් නැද්ද හරියට." "එහෙම දෙයක් නැහැ අම්මෙ. ටිකක් වැඩ වැඩියි එහෙ. විස්තර කතාකරමුකො. මම ටිකක් ඇඟපත සෝදගෙන එන්නම්කො." ගෙවී ගිය මාස කීපය තුල මා නිවසෙහි කිසිදු වෙනසක් නොතිබූ තරම්ය. අම්මා හා නන්ගීට මගෙන් ඇසීමට නොයෙකුත් ප්‍රස්න තිබූ අතර ඒ සියළුම ප්‍රස්න වලට මා පිළිතුරු සපයන විට ඔවුන් දෙදෙනාම නිහඬව අසා සිටියේ දැඩි ආසාවකිනි. දවසක ඔවුන්වත් රැගෙන ගොස් මා සිටිනා රටේ සුන්දරත්වය විඳීමට ඉඩසලස්වාදීමට මම මේ මොහොතේ සිතුවෙමි. එමෙන්ම මාගේ පැමිනීම මාගේ සහෝදරිය විසින් තාත්තාට පවසා තිබූ නිසා ඔහුද අද කලින් නිවසට පැමිනියේය. මා දුන් දුරකථන ඇමතුමත් සමගම අමිලද අප නිවසට පැමිනි අතර ඔවුන් සියලුම දෙනා සමග නැවතත් විස්තර කතා කලේ කාලකට පසුව ලැබූ අම්මාගේ තේ කෝප්පයක රස බලන ගමන්ය. සියළු දෙනාගේම නොයෙකුත් ප්‍රස්න වලට පිළිතුරු දුන් මා පැයක පමන නින්දකට මගේ සුපුරුදු, මෙතුවක් කාලයකට මට මග හැරී තිබූ මගේ ඇඳ හා කොට්ට්ය වෙත ගියේ මාගේ ඇඟට දැනුනු වෙහෙස නිසාය. හුඟ දවසකින් මාගේ ඇඳ මත සිටි නිසාදෝ මා ඇහැරෙන විට හවස හය පසු වී තිබුනි. අම්මාට කියා නැවතත් තේ කෝප්පයක් සාදා ගත් මා එය උගුරට දෙකට ඉවර කර මාගේ සුපුරුදු ස්කූටිය වෙත ගොඩ වූයේ මොහොමඩ්ව හමුවීම යාම සඳහාය. "ඉතින් කොහොමද මොහොමඩ්, අපි ආයෙමත් හමුවුනා එහෙනම්" "මන් හොඳින් ඉන්නවා පොඩි මහත්තයා. පොඩි මහත්තය හොඳින් නේද" "මමත් ඉන්නව ඉතින්. ගොඩක් ස්තූතියි මොහොමඩ් මගේ උදව්වක් නැතිවම වර්ණකුලසූරියගෙ වැඩේ ගොඩ දැම්මට" "ස්තූති ඕන නැහැ පොඩි මහත්තයා. පොඩි මහත්තය දන්නවනෙ මම පොඩිමහත්තය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා. අනික මට අමිල ගොඩක් උදව් කලා මේ වැඩේ සාර්තක කරගන්න. ඒක නෙමේ පොඩි මහත්තය මේ නොකියම හදිසියේම ආවේ.." "පියුමිව අමතක කරන්න අමාරුයි මොහොමඩ්" "මම දැනගෙන හිටියා. ඔය ගෑණු ළමයව බලන්න ඉක්මනින්ම පොඩි මහත්තයා ආයෙමත් එනවා කියලා. පොඩි මහත්තය නිසාම මම ඒ ගෑණු ළමය ගැන විමසිල්ලෙන් හිටියෙ." "හම්ම්ම්.. ඉතින් අපිමොකද අපි කරන්නෙ ඉස්සරහට. මම කිව්ව වගේම.." "ඔව් පොඩි මහත්තයා. අපි වෙන්වෙලා යන එක හොඳයි ටික කාලෙකට. මමත් ෆාතිමාවත් අරගෙන යනවා ස්වීඩන්. ගිහින් එහෙ ටික කාලයක් ඉන්නවා." "ඒ අදහස හොඳයි මොහොමඩ්. නැතිනම් ඔයයි මමයි මේ නරකාදියෙන් කවමදාවත් ගොඩ එන්නෙ නැහැ" කාලෙකට පසුව හමුහුනු මගේ සගයා වන මොහොමඩ් සමග මම පැය එකහමාරකටත් වඩා කාලයක් ගතකෙරුවෙමි. අප දෙදෙනාට කතා කිරීමට නොයෙකුත් දේ තිබුනද අපගේ ප්‍රධානම සිරස්තලය වූයේ වර්ණකුලසූරිය මහතාගේ මරණය ගැනය. අප සැලසුම් කල ආකාරයටම එය සිදු නොවුනද මොහොමඩ් එය අවසාන කර ඇති අයුරුනම් වෙනදාමෙන්ම පුදුමාකාරය. එමෙන්ම මගේ හිතට දැනුනු අනෙක් කරුන වූයේ මොහොමඩ් කෙවින් පිළිබඳව පැවසූ කරුනු අතරම ඔහු මා ආරක්ෂාකලේ ඇයිද යන්න අප දෙදෙනාටම ඇති වූ ගැටලුවක් විය. වර්ණකුලසූරිය මහතා කෙවින් ලවා බොරු සාක්ෂි ගොනු කිරීමට තැත්කල නිසා පොලීවිය විසින් කෙවින්ව නිදහහ් කර තිබුනේ ඔහු නිවරැදිකරුවෙකුයැයි සිතූ නිසාවෙනි. එමෙන්ම මා හමුවීමට කෙවින් දැඩි ඕනාකමින් සිටිනා බව මා පුදුමයකට පත් කල තවත් එක කරුනක් විය. "පියුමි" "දිනුක අයියා.. ඔයා. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ නැත්තෙ. ඔයා කොහෙද ඉන්නෙ. අනේ ඔයා හොන්දින් නේද" "පියුමි හුස්මක් ගන්න ඉස්සෙල්ලම. අද හවසට අපි බීච් එකේදි හම්බවෙමු." "හරි දිනුක අයියා. මම එන්නම්." පියුමිට මා හවසට පැමිනෙන්නයැයි ආරාධනා කලද ඇයව හමුවීමට යාමට තරමක පසුබෑමක් මසිත තුල හට නැගුනේ මා එක දවසක ඇයව තනිකර දමා ගිය නිසාය. නමුත් මා එදා එලෙස ගත් තීරනය මෙතරම්ම මාව රිදවාවියැයි මා හට තප්පරයක්වත් සිතුනානම් මා එසේ ඇය තනිනොකරනවා නොඅනුමානය. අසිස් මා හට කල යෝජනාව මම අම්මාට පැවසුවෙමි. එය ඇසීමෙන් පසුව ඇය පුදුමට පත්වූ අතර මදක් නිහඬව සිටියේ මාගේ හද ගැස්ම තරමක් වැඩි කරමින්ය. "තාම ඒ ළමය පුංචි වැඩියි නේද පුතේ, ඔයා එක්ක එන්න තරම්" "හම්ම්" "දුක් වෙන්න එපා ඔයා මම මෙහෙම කියනවට. ඔයා ඔය ගැන ඒ ළමයට කියන්න යන්න එපා" "ඒ මොකද අම්මෙ" "ඒ ළමයට ඉගනීම ඉවරකරන්න දෙන්න. ඒ ගෑණු ලමය නරකමත් නැහැ. ඒත් ඉතින් ඔය වගේ යෝජනාවක් කරන්න තරම් ඒ ළමය පුංචි වැඩියි. මම හිතන්නෙ නැහැ ඒයාලගෙ අම්මල උනත් කැමති වෙයි කියල. මොකද එයාල නූගත් මිනිස්සු නෙමේනෙ." "ඒකත් ඇත්ත තමා අම්මෙ. මම එහෙනම් නොකිය ඉන්නම්කො" "ඒක හොඳයි. අනික ඔච්චර බලාපොරොත්තු තියාගන්න එපා ඒ කෙල්ල ගැන. සීමාවකට ඉන්න" "අම්ම ඇයි එහෙම කියන්නෙ" "මම මේ අකමැත්තකට කිව්ව නෙමේ. ඔයා හිත අවුල් කරගන්න එපා. තාම ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක්නෙ පුතේ. දන්නවනෙ ඉතින් ඔය වයසෙ කෙල්ලො ගැන" අම්මා කියූ දේ ඇත්ත උවද පියුමි එසේ නොවනා බම මම හොඳාකාරවම දැන සිටියෙමි. නමුත් ඇයව හමු වී සියලුම දේ මා පවසනවා යයි සිතා මම වේලාසනින්ම මාගේ ස්කූටියට ගොඩ වූයේ වර්ණකුලසුරිය මහතාගේ නිවසට යාමටය. මක් නිසාද යත් ඔහුගේ මරණ සිදුවී ඇති මෙවැනි වෙලාවක මා එක ස්ථානයේ නොසිටියහොත් එය අඩුවක් වූ නිසා හා මා ඒ පවුල සමග සමීප සබඳතා පැවැත්වූ නිසාය. එමෙන්ම මා ඔහුගේ මරණය ආරන්චි වී ඔහු වෙනුවෙන්ම මා ලංකාවට පැමිනි බව ඔවුනට ඇඟවීමට මට අවශය වූ අතර වර්තමාන තොරතුරු මා හට දැන ගැනීමට අවශය වූ නිසාය. පාර දෙපස දමා තිබූ සුදු කොඩි වැල් තවමත් එලසමය. වර්ණකුලසූරිය මහතාගේ රුව ඇඳි බැනර් තවමත් එලෙසම තිබූ අතර වෙනදා මෙන්ම මගේ සිත කැලබූ කරුන වූයේ ඔහුගේ මිදුලෙහි නවතා තිබූ රතු පැහැති ස්කූටියය. මීට අවුරුදු කීපයකට පෙර මා එය අදුනාගත්සේම අද දිනයේදීද මට එය ටානියාගේ බව අඳුනා ගැනීමට එතරම්ම කාලයක් ගත නොවීය. මා නොසිතූ ලෙස තරමක් සැලකිය යුතු පිරිසක් එම නිවස තුල සිටිය අතර මා දුටු විගසම ඔවුන් නැවතත් පරන මතකයන් අවදිකරමින් ඇඬීමට පටන් ගත්තේ මා තරමක අපහසුතාවයකට පත්කරමින්ය. නිවස තුල සිටි පිරිස ඔහුගේ නෑදෑ පිරිස බව මා අඳුනාගත්තේ ඔවුන්ව ඉමාෂාගේ අවසන් කටයුතු වලදී මා දැක තිබූ නිසා අතරම ටානියා හා හිරුනි ඔවුන් අතර සිටි මා දැනසිටි චරිත කීපයකි. ඔවුන් සමග මද වේලාවක සුහද පිළිසඳරක යෙදුනු මා ඉමාෂාගේ කාමරය වෙත ඇදුනේ මටත් හොරාවටමය. එය තවමත් එදා තිබූ ආකාරටමය. එම කාමරට ඇතුල් වෙද්දිම දැනුනු ඇගේ සුවඳ මගේ මතකයන් නැවත අවදිකලද මම ඒ සියල්ලම පාලනය කර ගත්තෙමි. පිළිවෙලකට තබා තිබූ ඇගේ ඇදුම් රාක්කය දෙස මදක් නිහඬව බලා සිටි මා ඇය කැම්තිම සාරිය වූ කහපැහැති සාරිය ලඟ මාගේ දෙනෙත් මොහොතකට නතර විය. සිතේ ඇති වූ ආසාව නිසාම එය මම අතට ගත් අතර එම ස්පර්ෂය මගේ නෙතට කඳුළු ගෙනාවේ මටත් නොදැනිමය. "තාමත් එයාව අමතක නැහැ නේද දිනුක" "ටානියා.. නෑ.. මේ.. මම.. ම..ම" "මට තේරෙනව කොල්ලො. හම්ම්ම්.. මගේ ලඟ දඟකාරකම් කරද්දි මම දැනගෙන හිටියෙ නැහැ ඔයා ඉමාෂගෙ බෝයි කියලා" "එතකොට මට ඉමාෂව හම්බෙලා තිබුනෙ නැහැ ටානියා" "ඒකත් එහෙමද.. මතකයන් වලට හිත පාරන්න දෙන්න එපා දිනුක. එහෙම උනොත් ඔයාට නොදැනිම ඔයාව විනාස වේවි. ඉස්සර වගේ ඉන්න දිනුක. මම ආසයි ඒ දඟකාර කොල්ලට" "මමත් ආසයි ටානියා ඉස්සර වගේ ඉන්න. ඒත් මට මගෙ ජීවිතේ ගොඩක් දේවල් අහිමි උනා. මම ආදරය කරපු ගොඩක් දේවල් මට නැති උනා. ඉතින් මම කොහොමද ඉස්සර වගේ ඉන්නෙ" "හරි හරි. ඒ ගැන පස්සෙ අපි කතාකරමු. මම ඔයාව මීට් වෙන්න එන්නම්. මම ඔයාට පනිවිඩයක් කියන්න හදිසියේම ආවෙ මෙතන්ට. ඔයාගෙ ඇස්වල කඳුලු තියනවා දැක්කහම මගෙ හිතත් වාවන් නැතිව ගියා දිනුක" "මොකද්ද කාරනේ" "ඔයා ඉක්මනටම මෙතනින් යන්න. වර්ණකුලසූරියගෙ නැන්ද කෙනෙක් ආරූඩ වෙලා ඔයා ආව කියල දැනගෙන" "ඒ මොකෝ ඒ" "ඔයා මේ ෆැමිලි එකට ආව දා ඉඳන්ලු මේ කරදර. අන්න එහෙම කියකිය මරලතෝනි දෙනවා. බොහොම අමරුවෙන් ෂේප් කරල කාමරයකට දැම්මෙ. ඒ නිසා ඔය ඉක්මනටම මෙතනින් යන්න. දන්නවනෙ ඔය ගෑණුන්ගෙ හැටි. මම පස්සෙ එන්නම් ඔයාව මීට් වෙන්න" ටානියා එසේ පවසනවාත් සමගම මා එම ස්තානයෙන් නොපෙනි ගියේ තරමක හිත් රිදවීමක් ඇතිව උවද ඔවුන් පැවසූ කාරනය සාදාරණ වූයේ මේ සියලුම දේ පසුපස මා සිටි නිසාය. සිදුවූ සියල්ලම මා මොහොතකට අමතක කර මම පියුමිව හමුවීම සඳහා නියමිත ස්තානයට ගියෙමි. මා තරමක් වේලාසනින් පැමිනි නිසා අප සුපුරුදු ස්ථානයට් වී නිසල මුද දෙස බලා සිටියේ හිස් වූ සිතකිනි. මා කුමක් කරම්ද කුමක් කියම්ද යැයි මසිත තුල අදහසක් නොතිබූ තරම් වූ අතරම මා එකවරම තිගැස්සුනේ පිටුපසින් පැමින කවුරුන්හෝ මා බදාගත් නිසාය. ඒ වෙන කවුරුත් නොව පියුමිය. "මාව දාල ගියෙ ඇයි දිනුක අයියා.. මන් කොච්චර ඇඬුවද" "මම ආයෙමත් ආවනෙ ඉතින්" "ආවට මන් ගොඩක් ඇඬුවනෙ. සොරි කිව්වෙත් නැහැ. මව දාල ගියාට මාව මෙච්චර ඇඬෙව්වට සොරි කියන්න" "සොරි.. දැන් හරිනෙ" "මම හිත හදාගත්තා විතරමයි දිනුක අයියා ඔයා නැතිව ඉන්න. හම්ම්ම්.. එතකොටම ඔයා ආයෙමත් ආවා." "ඒ කියන්නෙ ඔයාට මාව එපාද, පියුමි" "එහෙම එකක් නැහැ දිනුක අයියා. ඔයාව දකිනකොට මට ඉන්න බැහැ. තුරුල්කරගන්නමයි හිතෙන්නෙ. ඒත් .." "ඒත් ... ඇයි නිහඬ" "ඔයා හින්ද මම ගොඩක් දුක් වින්දා දිනුක අයියා. මේ පුංචි කෙල්ල ඔයා හින්දා ගොඩක් විඳෙව්වා. මම ඔයා නිසා අඬපු තරම් ඔයා දන්නෙවත් නැතිව ඇති" "මම දන්නවා පියුමි. මම වැරැද්දක් කලා. එත් එහෙම කලේ ඒ දේ ඒ විදිහට වෙන්න ඕනි නිසා. හම්ම්ම්.. මට නොතේරෙනව නෙමේ ඔයා ඉන්න තත්වය. ඒක මටත් දැනුන නිසා තමා ඔයා වෙනුවෙන් ආයෙමත් ආවෙ" "ඔයා එනව කියල මම දන්නවා දිනුක අයියා. එහෙම නොවුනනම් මම මේ ඔයාට දුන්නු ආදරෙන් ඵලක් නැහැ. ඒත් ඔයා ආපහු එන්න මෙච්චර කාලයක් ගනීවි කියල මම හිතුවෙ නැහැ. ඉතින් මම පුරුදු උනා ඔයා නැතිව ඉන්න." "හම්ම්.. " "තරහ වෙන්නෙ නැතිනම් මම දෙයක් කියන්නද" "කියන්න පියුමි" "මම මෙහෙම කියන්නෙ ඔයාට ආදරේ නැතුවාම නෙමේ දිනුක අයියා. අපි ටික කාලයකට යාළුවෝ වගේ ඉමු." "පියුමි ... ඔ.. යාට..." "මම දන්නවා අයියා, ආදරේ කරපු හිත් දෙකකට බැහැ යාළුවො වෙන්න. ඒත් ඔයා මගේ ලඟින් ගියාම මම ගොඩක් දුක් වින්දා දිනූක අයියා. මෙච්චර ආදරේ කරලත් ඒ ආදරේ මදි උනාද කියල මට හිතුනා. ඉතින් මට බයයි ආයෙමත් ඒ වගේ ආදරේ කරන්න. මොකද මම බයයි මම ආයෙමත් පිස්සියක් වගේ අඬන්න උනොත් කියලා" "හම්ම්.. ඒක එහෙම වෙන්නෙ නැහැ පියුමි. මේ දිනුක අයියා හැමදාමත් ඔයා වෙනුවෙන්ම ඉඳීවි මේ ලෝකෙ කොහේ හරි. අපි යාළුවො වගේ ඉමු. මම කැමතියි ඔයාගෙ ඒ යෝජනාවට" "ඔයා කිව්ව වගේ අපි දකින හැම හීනයක්ම අපිට ඕනි විදිහට පාට කරන්න බැහැ අයියා. ඒත් එකක එකක් මතකෙ තියාගන්න මේ කෙල්ල ඔයාට ගොඩක් ආදරෙයි. මට ටිකක් කාලයක් දෙන්න මේ හැම දේටම." "ඒ කියන්නෙ අපි මේ වෙරළ තීරයෙ හමුවෙන අන්තිම දවසද පියුමි" "අනේ එහෙම කියන්න එපා දිනුක අයියා. මම ඉල්ලන්නෙ ඔයාගෙන් ටික කාලයක් විතරයි. මට මගේ ස්ටඩීස් ඉවරකරගන්න දෙන්න. ඔයා මට කතාකරන්න ඕන වෙලාවක මම එන්නම්. වෙනදා වගේම අත් අල්ලන් එකට ඇවිදිමු. අයිස්ක්‍රීම් කමු. හැබැයි ඒ තාවකාලික යාලුවන් විදිහට." "හම්ම්ම්.. මේ හිතුවක්කාර ආදරේ හරිම වේදනාකාරීයි පියුමි" "ඒක ඔයාමයි උරුමකර ගත්තෙ දිනුක අයියා." "මට තේරෙනවා පියුමි. ඒත් .." මා කතාකිරීමට උත්ස කලද ඇය මා වැලක්වූයේ ඇගේ දෙනෙතේ කඳුලු සඟවාගෙන වූ අතර මා නොසිතූ වෙලාවක සියුම්ම මාගේ දෙතොල් මත හාදුවක් තැබූ ඇය මගේ දෑසින් නොපෙනී ගියේ හරිම ඉක්මනටය. හිතුවෙවත් නැති විදිහකට ඇගෙන් පිටවූ එම වචන කීපය දරාගත නොහැකි තරමට වේදනාවක් මා තුල ඉතිරිකල අතර මගේ දෙනෙතින් කඳුලැලි කඩා වැටුනේ මටද අකීකරුවමය. මා එදා ඔයාගෙන් වෙන්වෙලා ගියේ ඔයාගේම හොන්දටමැයි කෑගසා කීමට සිතුවද මා නිහඬව සිටියේ මා ලද දඬුවම මා බාරගත් නිවාසෙනි. මගේ ලඟ නොරැඳුනාට ලඟ සිටි දා දුන්න සෙනෙහෙට ස්තූතිකරමින් මා කඳුලු පිරි දෑසින්ම මගේ ස්කූටිය මතට ගොඩ වූයේ මාද මට අයිති නැති මොහොතකදීය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට.. Last edited: Apr 12, 2015
හිතුවක්කාර ආදරය - 34 වෙනි දිගහැරුම මා හදිසියේම නැවත ලංකාව බලා පිටත් වීමේ ගමනට අවෂය සියලුම දේ අසිස් හා ඔහුගේ සොහොයුරා එකතුවී මා හට සූදානම් කර දුන්නේ අවසාන මොහොත දක්වාම මා මගේ කාර්යාලයේ රාජකාරීන් සමග හිරවූ නිසාවෙනි. අළුත් බලාපොරොත්තුවක් ඇතිව අලුත්ම හීනයකට පෙම් බඳිමින් මා මේ ගමන ගියද මගේ හිත තරමක සැකයෙන් යුක්ත වූයේ පියුමි ගැන සිතනා විටය. ඇයගේ පිළිගැනීම කුමක් වේද, නැතිනම් ඇය මට බනීවිද, මගේ යෝජනාවට ඇය කැමති වේදෝ යන පිළිතුරක් නිගමනය කල නොහැකි ප්‍රස්න රැසක් මා සිත තුල විය. "පුතේ.. ඔ..යා.. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ නැත්තෙ එනව කියලා" "අයියෙ.. ඔයානම හරි නපුරුයි. නොකියම ආව නේද" "අනේ මගෙ පුතා ඇදිල ගිහිල්ලා. කෑමක් බීමක් නැද්ද හරියට." "එහෙම දෙයක් නැහැ අම්මෙ. ටිකක් වැඩ වැඩියි එහෙ. විස්තර කතාකරමුකො. මම ටිකක් ඇඟපත සෝදගෙන එන්නම්කො." ගෙවී ගිය මාස කීපය තුල මා නිවසෙහි කිසිදු වෙනසක් නොතිබූ තරම්ය. අම්මා හා නන්ගීට මගෙන් ඇසීමට නොයෙකුත් ප්‍රස්න තිබූ අතර ඒ සියළුම ප්‍රස්න වලට මා පිළිතුරු සපයන විට ඔවුන් දෙදෙනාම නිහඬව අසා සිටියේ දැඩි ආසාවකිනි. දවසක ඔවුන්වත් රැගෙන ගොස් මා සිටිනා රටේ සුන්දරත්වය විඳීමට ඉඩසලස්වාදීමට මම මේ මොහොතේ සිතුවෙමි. එමෙන්ම මාගේ පැමිනීම මාගේ සහෝදරිය විසින් තාත්තාට පවසා තිබූ නිසා ඔහුද අද කලින් නිවසට පැමිනියේය. මා දුන් දුරකථන ඇමතුමත් සමගම අමිලද අප නිවසට පැමිනි අතර ඔවුන් සියලුම දෙනා සමග නැවතත් විස්තර කතා කලේ කාලකට පසුව ලැබූ අම්මාගේ තේ කෝප්පයක රස බලන ගමන්ය. සියළු දෙනාගේම නොයෙකුත් ප්‍රස්න වලට පිළිතුරු දුන් මා පැයක පමන නින්දකට මගේ සුපුරුදු, මෙතුවක් කාලයකට මට මග හැරී තිබූ මගේ ඇඳ හා කොට්ට්ය වෙත ගියේ මාගේ ඇඟට දැනුනු වෙහෙස නිසාය. හුඟ දවසකින් මාගේ ඇඳ මත සිටි නිසාදෝ මා ඇහැරෙන විට හවස හය පසු වී තිබුනි. අම්මාට කියා නැවතත් තේ කෝප්පයක් සාදා ගත් මා එය උගුරට දෙකට ඉවර කර මාගේ සුපුරුදු ස්කූටිය වෙත ගොඩ වූයේ මොහොමඩ්ව හමුවීම යාම සඳහාය. "ඉතින් කොහොමද මොහොමඩ්, අපි ආයෙමත් හමුවුනා එහෙනම්" "මන් හොඳින් ඉන්නවා පොඩි මහත්තයා. පොඩි මහත්තය හොඳින් නේද" "මමත් ඉන්නව ඉතින්. ගොඩක් ස්තූතියි මොහොමඩ් මගේ උදව්වක් නැතිවම වර්ණකුලසූරියගෙ වැඩේ ගොඩ දැම්මට" "ස්තූති ඕන නැහැ පොඩි මහත්තයා. පොඩි මහත්තය දන්නවනෙ මම පොඩිමහත්තය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියලා. අනික මට අමිල ගොඩක් උදව් කලා මේ වැඩේ සාර්තක කරගන්න. ඒක නෙමේ පොඩි මහත්තය මේ නොකියම හදිසියේම ආවේ.." "පියුමිව අමතක කරන්න අමාරුයි මොහොමඩ්" "මම දැනගෙන හිටියා. ඔය ගෑණු ළමයව බලන්න ඉක්මනින්ම පොඩි මහත්තයා ආයෙමත් එනවා කියලා. පොඩි මහත්තය නිසාම මම ඒ ගෑණු ළමය ගැන විමසිල්ලෙන් හිටියෙ." "හම්ම්ම්.. ඉතින් අපිමොකද අපි කරන්නෙ ඉස්සරහට. මම කිව්ව වගේම.." "ඔව් පොඩි මහත්තයා. අපි වෙන්වෙලා යන එක හොඳයි ටික කාලෙකට. මමත් ෆාතිමාවත් අරගෙන යනවා ස්වීඩන්. ගිහින් එහෙ ටික කාලයක් ඉන්නවා." "ඒ අදහස හොඳයි මොහොමඩ්. නැතිනම් ඔයයි මමයි මේ නරකාදියෙන් කවමදාවත් ගොඩ එන්නෙ නැහැ" කාලෙකට පසුව හමුහුනු මගේ සගයා වන මොහොමඩ් සමග මම පැය එකහමාරකටත් වඩා කාලයක් ගතකෙරුවෙමි. අප දෙදෙනාට කතා කිරීමට නොයෙකුත් දේ තිබුනද අපගේ ප්‍රධානම සිරස්තලය වූයේ වර්ණකුලසූරිය මහතාගේ මරණය ගැනය. අප සැලසුම් කල ආකාරයටම එය සිදු නොවුනද මොහොමඩ් එය අවසාන කර ඇති අයුරුනම් වෙනදාමෙන්ම පුදුමාකාරය. එමෙන්ම මගේ හිතට දැනුනු අනෙක් කරුන වූයේ මොහොමඩ් කෙවින් පිළිබඳව පැවසූ කරුනු අතරම ඔහු මා ආරක්ෂාකලේ ඇයිද යන්න අප දෙදෙනාටම ඇති වූ ගැටලුවක් විය. වර්ණකුලසූරිය මහතා කෙවින් ලවා බොරු සාක්ෂි ගොනු කිරීමට තැත්කල නිසා පොලීවිය විසින් කෙවින්ව නිදහහ් කර තිබුනේ ඔහු නිවරැදිකරුවෙකුයැයි සිතූ නිසාවෙනි. එමෙන්ම මා හමුවීමට කෙවින් දැඩි ඕනාකමින් සිටිනා බව මා පුදුමයකට පත් කල තවත් එක කරුනක් විය. "පියුමි" "දිනුක අයියා.. ඔයා. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ නැත්තෙ. ඔයා කොහෙද ඉන්නෙ. අනේ ඔයා හොන්දින් නේද" "පියුමි හුස්මක් ගන්න ඉස්සෙල්ලම. අද හවසට අපි බීච් එකේදි හම්බවෙමු." "හරි දිනුක අයියා. මම එන්නම්." පියුමිට මා හවසට පැමිනෙන්නයැයි ආරාධනා කලද ඇයව හමුවීමට යාමට තරමක පසුබෑමක් මසිත තුල හට නැගුනේ මා එක දවසක ඇයව තනිකර දමා ගිය නිසාය. නමුත් මා එදා එලෙස ගත් තීරනය මෙතරම්ම මාව රිදවාවියැයි මා හට තප්පරයක්වත් සිතුනානම් මා එසේ ඇය තනිනොකරනවා නොඅනුමානය. අසිස් මා හට කල යෝජනාව මම අම්මාට පැවසුවෙමි. එය ඇසීමෙන් පසුව ඇය පුදුමට පත්වූ අතර මදක් නිහඬව සිටියේ මාගේ හද ගැස්ම තරමක් වැඩි කරමින්ය. "තාම ඒ ළමය පුංචි වැඩියි නේද පුතේ, ඔයා එක්ක එන්න තරම්" "හම්ම්" "දුක් වෙන්න එපා ඔයා මම මෙහෙම කියනවට. ඔයා ඔය ගැන ඒ ළමයට කියන්න යන්න එපා" "ඒ මොකද අම්මෙ" "ඒ ළමයට ඉගනීම ඉවරකරන්න දෙන්න. ඒ ගෑණු ලමය නරකමත් නැහැ. ඒත් ඉතින් ඔය වගේ යෝජනාවක් කරන්න තරම් ඒ ළමය පුංචි වැඩියි. මම හිතන්නෙ නැහැ ඒයාලගෙ අම්මල උනත් කැමති වෙයි කියල. මොකද එයාල නූගත් මිනිස්සු නෙමේනෙ." "ඒකත් ඇත්ත තමා අම්මෙ. මම එහෙනම් නොකිය ඉන්නම්කො" "ඒක හොඳයි. අනික ඔච්චර බලාපොරොත්තු තියාගන්න එපා ඒ කෙල්ල ගැන. සීමාවකට ඉන්න" "අම්ම ඇයි එහෙම කියන්නෙ" "මම මේ අකමැත්තකට කිව්ව නෙමේ. ඔයා හිත අවුල් කරගන්න එපා. තාම ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක්නෙ පුතේ. දන්නවනෙ ඉතින් ඔය වයසෙ කෙල්ලො ගැන" අම්මා කියූ දේ ඇත්ත උවද පියුමි එසේ නොවනා බම මම හොඳාකාරවම දැන සිටියෙමි. නමුත් ඇයව හමු වී සියලුම දේ මා පවසනවා යයි සිතා මම වේලාසනින්ම මාගේ ස්කූටියට ගොඩ වූයේ වර්ණකුලසුරිය මහතාගේ නිවසට යාමටය. මක් නිසාද යත් ඔහුගේ මරණ සිදුවී ඇති මෙවැනි වෙලාවක මා එක ස්ථානයේ නොසිටියහොත් එය අඩුවක් වූ නිසා හා මා ඒ පවුල සමග සමීප සබඳතා පැවැත්වූ නිසාය. එමෙන්ම මා ඔහුගේ මරණය ආරන්චි වී ඔහු වෙනුවෙන්ම මා ලංකාවට පැමිනි බව ඔවුනට ඇඟවීමට මට අවශය වූ අතර වර්තමාන තොරතුරු මා හට දැන ගැනීමට අවශය වූ නිසාය. පාර දෙපස දමා තිබූ සුදු කොඩි වැල් තවමත් එලසමය. වර්ණකුලසූරිය මහතාගේ රුව ඇඳි බැනර් තවමත් එලෙසම තිබූ අතර වෙනදා මෙන්ම මගේ සිත කැලබූ කරුන වූයේ ඔහුගේ මිදුලෙහි නවතා තිබූ රතු පැහැති ස්කූටියය. මීට අවුරුදු කීපයකට පෙර මා එය අදුනාගත්සේම අද දිනයේදීද මට එය ටානියාගේ බව අඳුනා ගැනීමට එතරම්ම කාලයක් ගත නොවීය. මා නොසිතූ ලෙස තරමක් සැලකිය යුතු පිරිසක් එම නිවස තුල සිටිය අතර මා දුටු විගසම ඔවුන් නැවතත් පරන මතකයන් අවදිකරමින් ඇඬීමට පටන් ගත්තේ මා තරමක අපහසුතාවයකට පත්කරමින්ය. නිවස තුල සිටි පිරිස ඔහුගේ නෑදෑ පිරිස බව මා අඳුනාගත්තේ ඔවුන්ව ඉමාෂාගේ අවසන් කටයුතු වලදී මා දැක තිබූ නිසා අතරම ටානියා හා හිරුනි ඔවුන් අතර සිටි මා දැනසිටි චරිත කීපයකි. ඔවුන් සමග මද වේලාවක සුහද පිළිසඳරක යෙදුනු මා ඉමාෂාගේ කාමරය වෙත ඇදුනේ මටත් හොරාවටමය. එය තවමත් එදා තිබූ ආකාරටමය. එම කාමරට ඇතුල් වෙද්දිම දැනුනු ඇගේ සුවඳ මගේ මතකයන් නැවත අවදිකලද මම ඒ සියල්ලම පාලනය කර ගත්තෙමි. පිළිවෙලකට තබා තිබූ ඇගේ ඇදුම් රාක්කය දෙස මදක් නිහඬව බලා සිටි මා ඇය කැම්තිම සාරිය වූ කහපැහැති සාරිය ලඟ මාගේ දෙනෙත් මොහොතකට නතර විය. සිතේ ඇති වූ ආසාව නිසාම එය මම අතට ගත් අතර එම ස්පර්ෂය මගේ නෙතට කඳුළු ගෙනාවේ මටත් නොදැනිමය. "තාමත් එයාව අමතක නැහැ නේද දිනුක" "ටානියා.. නෑ.. මේ.. මම.. ම..ම" "මට තේරෙනව කොල්ලො. හම්ම්ම්.. මගේ ලඟ දඟකාරකම් කරද්දි මම දැනගෙන හිටියෙ නැහැ ඔයා ඉමාෂගෙ බෝයි කියලා" "එතකොට මට ඉමාෂව හම්බෙලා තිබුනෙ නැහැ ටානියා" "ඒකත් එහෙමද.. මතකයන් වලට හිත පාරන්න දෙන්න එපා දිනුක. එහෙම උනොත් ඔයාට නොදැනිම ඔයාව විනාස වේවි. ඉස්සර වගේ ඉන්න දිනුක. මම ආසයි ඒ දඟකාර කොල්ලට" "මමත් ආසයි ටානියා ඉස්සර වගේ ඉන්න. ඒත් මට මගෙ ජීවිතේ ගොඩක් දේවල් අහිමි උනා. මම ආදරය කරපු ගොඩක් දේවල් මට නැති උනා. ඉතින් මම කොහොමද ඉස්සර වගේ ඉන්නෙ" "හරි හරි. ඒ ගැන පස්සෙ අපි කතාකරමු. මම ඔයාව මීට් වෙන්න එන්නම්. මම ඔයාට පනිවිඩයක් කියන්න හදිසියේම ආවෙ මෙතන්ට. ඔයාගෙ ඇස්වල කඳුලු තියනවා දැක්කහම මගෙ හිතත් වාවන් නැතිව ගියා දිනුක" "මොකද්ද කාරනේ" "ඔයා ඉක්මනටම මෙතනින් යන්න. වර්ණකුලසූරියගෙ නැන්ද කෙනෙක් ආරූඩ වෙලා ඔයා ආව කියල දැනගෙන" "ඒ මොකෝ ඒ" "ඔයා මේ ෆැමිලි එකට ආව දා ඉඳන්ලු මේ කරදර. අන්න එහෙම කියකිය මරලතෝනි දෙනවා. බොහොම අමරුවෙන් ෂේප් කරල කාමරයකට දැම්මෙ. ඒ නිසා ඔය ඉක්මනටම මෙතනින් යන්න. දන්නවනෙ ඔය ගෑණුන්ගෙ හැටි. මම පස්සෙ එන්නම් ඔයාව මීට් වෙන්න" ටානියා එසේ පවසනවාත් සමගම මා එම ස්තානයෙන් නොපෙනි ගියේ තරමක හිත් රිදවීමක් ඇතිව උවද ඔවුන් පැවසූ කාරනය සාදාරණ වූයේ මේ සියලුම දේ පසුපස මා සිටි නිසාය. සිදුවූ සියල්ලම මා මොහොතකට අමතක කර මම පියුමිව හමුවීම සඳහා නියමිත ස්තානයට ගියෙමි. මා තරමක් වේලාසනින් පැමිනි නිසා අප සුපුරුදු ස්ථානයට් වී නිසල මුද දෙස බලා සිටියේ හිස් වූ සිතකිනි. මා කුමක් කරම්ද කුමක් කියම්ද යැයි මසිත තුල අදහසක් නොතිබූ තරම් වූ අතරම මා එකවරම තිගැස්සුනේ පිටුපසින් පැමින කවුරුන්හෝ මා බදාගත් නිසාය. ඒ වෙන කවුරුත් නොව පියුමිය. "මාව දාල ගියෙ ඇයි දිනුක අයියා.. මන් කොච්චර ඇඬුවද" "මම ආයෙමත් ආවනෙ ඉතින්" "ආවට මන් ගොඩක් ඇඬුවනෙ. සොරි කිව්වෙත් නැහැ. මව දාල ගියාට මාව මෙච්චර ඇඬෙව්වට සොරි කියන්න" "සොරි.. දැන් හරිනෙ" "මම හිත හදාගත්තා විතරමයි දිනුක අයියා ඔයා නැතිව ඉන්න. හම්ම්ම්.. එතකොටම ඔයා ආයෙමත් ආවා." "ඒ කියන්නෙ ඔයාට මාව එපාද, පියුමි" "එහෙම එකක් නැහැ දිනුක අයියා. ඔයාව දකිනකොට මට ඉන්න බැහැ. තුරුල්කරගන්නමයි හිතෙන්නෙ. ඒත් .." "ඒත් ... ඇයි නිහඬ" "ඔයා හින්ද මම ගොඩක් දුක් වින්දා දිනුක අයියා. මේ පුංචි කෙල්ල ඔයා හින්දා ගොඩක් විඳෙව්වා. මම ඔයා නිසා අඬපු තරම් ඔයා දන්නෙවත් නැතිව ඇති" "මම දන්නවා පියුමි. මම වැරැද්දක් කලා. එත් එහෙම කලේ ඒ දේ ඒ විදිහට වෙන්න ඕනි නිසා. හම්ම්ම්.. මට නොතේරෙනව නෙමේ ඔයා ඉන්න තත්වය. ඒක මටත් දැනුන නිසා තමා ඔයා වෙනුවෙන් ආයෙමත් ආවෙ" "ඔයා එනව කියල මම දන්නවා දිනුක අයියා. එහෙම නොවුනනම් මම මේ ඔයාට දුන්නු ආදරෙන් ඵලක් නැහැ. ඒත් ඔයා ආපහු එන්න මෙච්චර කාලයක් ගනීවි කියල මම හිතුවෙ නැහැ. ඉතින් මම පුරුදු උනා ඔයා නැතිව ඉන්න." "හම්ම්.. " "තරහ වෙන්නෙ නැතිනම් මම දෙයක් කියන්නද" "කියන්න පියුමි" "මම මෙහෙම කියන්නෙ ඔයාට ආදරේ නැතුවාම නෙමේ දිනුක අයියා. අපි ටික කාලයකට යාළුවෝ වගේ ඉමු." "පියුමි ... ඔ.. යාට..." "මම දන්නවා අයියා, ආදරේ කරපු හිත් දෙකකට බැහැ යාළුවො වෙන්න. ඒත් ඔයා මගේ ලඟින් ගියාම මම ගොඩක් දුක් වින්දා දිනූක අයියා. මෙච්චර ආදරේ කරලත් ඒ ආදරේ මදි උනාද කියල මට හිතුනා. ඉතින් මට බයයි ආයෙමත් ඒ වගේ ආදරේ කරන්න. මොකද මම බයයි මම ආයෙමත් පිස්සියක් වගේ අඬන්න උනොත් කියලා" "හම්ම්.. ඒක එහෙම වෙන්නෙ නැහැ පියුමි. මේ දිනුක අයියා හැමදාමත් ඔයා වෙනුවෙන්ම ඉඳීවි මේ ලෝකෙ කොහේ හරි. අපි යාළුවො වගේ ඉමු. මම කැමතියි ඔයාගෙ ඒ යෝජනාවට" "ඔයා කිව්ව වගේ අපි දකින හැම හීනයක්ම අපිට ඕනි විදිහට පාට කරන්න බැහැ අයියා. ඒත් එකක එකක් මතකෙ තියාගන්න මේ කෙල්ල ඔයාට ගොඩක් ආදරෙයි. මට ටිකක් කාලයක් දෙන්න මේ හැම දේටම." "ඒ කියන්නෙ අපි මේ වෙරළ තීරයෙ හමුවෙන අන්තිම දවසද පියුමි" "අනේ එහෙම කියන්න එපා දිනුක අයියා. මම ඉල්ලන්නෙ ඔයාගෙන් ටික කාලයක් විතරයි. මට මගේ ස්ටඩීස් ඉවරකරගන්න දෙන්න. ඔයා මට කතාකරන්න ඕන වෙලාවක මම එන්නම්. වෙනදා වගේම අත් අල්ලන් එකට ඇවිදිමු. අයිස්ක්‍රීම් කමු. හැබැයි ඒ තාවකාලික යාලුවන් විදිහට." "හම්ම්ම්.. මේ හිතුවක්කාර ආදරේ හරිම වේදනාකාරීයි පියුමි" "ඒක ඔයාමයි උරුමකර ගත්තෙ දිනුක අයියා." "මට තේරෙනවා පියුමි. ඒත් .." මා කතාකිරීමට උත්ස කලද ඇය මා වැලක්වූයේ ඇගේ දෙනෙතේ කඳුලු සඟවාගෙන වූ අතර මා නොසිතූ වෙලාවක සියුම්ම මාගේ දෙතොල් මත හාදුවක් තැබූ ඇය මගේ දෑසින් නොපෙනී ගියේ හරිම ඉක්මනටය. හිතුවෙවත් නැති විදිහකට ඇගෙන් පිටවූ එම වචන කීපය දරාගත නොහැකි තරමට වේදනාවක් මා තුල ඉතිරිකල අතර මගේ දෙනෙතින් කඳුලැලි කඩා වැටුනේ මටද අකීකරුවමය. මා එදා ඔයාගෙන් වෙන්වෙලා ගියේ ඔයාගේම හොන්දටමැයි කෑගසා කීමට සිතුවද මා නිහඬව සිටියේ මා ලද දඬුවම මා බාරගත් නිවාසෙනි. මගේ ලඟ නොරැඳුනාට ලඟ සිටි දා දුන්න සෙනෙහෙට ස්තූතිකරමින් මා කඳුලු පිරි දෑසින්ම මගේ ස්කූටිය මතට ගොඩ වූයේ මාද මට අයිති නැති මොහොතකදීය. හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට..
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Apr 12, 2015 #468 ado dinuka illan kaawe..
coolshano Well-known member Sep 1, 2007 14,334 623 113 N/A Apr 12, 2015 #469 niyamai machan digatama liyapan,,,,
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Apr 12, 2015 #470 coolshano said: niyamai machan digatama liyapan,,,, Click to expand... thnx machoo..
ZeeMARZ Member Aug 20, 2014 304 16 0 මේ අහස් වියන යට Apr 12, 2015 #472 එළ එළ මචන්... උබේ කතාව ආසාවෙන් කියවන්න පුළුවන් බන්... ඉක්මනින් ඊලග එකත් දාපන් ..
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Apr 12, 2015 #473 ZeeMARZ said: එළ එළ මචන්... උබේ කතාව ආසාවෙන් කියවන්න පුළුවන් බන්... ඉක්මනින් ඊලග එකත් දාපන් .. Click to expand... Thanks machoo .. ZeeMARZ said: come on bro Click to expand...
ZeeMARZ said: එළ එළ මචන්... උබේ කතාව ආසාවෙන් කියවන්න පුළුවන් බන්... ඉක්මනින් ඊලග එකත් දාපන් .. Click to expand... Thanks machoo .. ZeeMARZ said: come on bro Click to expand...
HypermaD Member Feb 8, 2015 1,178 115 0 31 Marawila Apr 12, 2015 #474 නියමයි මචා.. පට්ටම කතාව.. හැමදාම නූලට ඇවිත් බලනව උඹ අලුත් එකක් දාලද කියල... උඹට පුලුවන් ඉක්මනට දාපන් සහෝ.. ජය වේවා..!!!
නියමයි මචා.. පට්ටම කතාව.. හැමදාම නූලට ඇවිත් බලනව උඹ අලුත් එකක් දාලද කියල... උඹට පුලුවන් ඉක්මනට දාපන් සහෝ.. ජය වේවා..!!!
dreezone Well-known member Sep 18, 2006 1,374 80 48 හීන-ලන්තය Apr 13, 2015 #476 නියමයි මචන් කතාව... එල... මේ අවුරුදු දවස් වල නිවාඩුවේ කියවන්න තව කොටස් දාපන්කෝ...
VirajRK Well-known member Feb 14, 2015 1,083 187 63 ලංකාවේ තමා Apr 13, 2015 #477 පට්ට මචන් හරිම අසවෙන් කියවන්නෙ ක්අත්ව. ඉක්මනට ඉතුරු කොටස් ටිකත් ඩන්න
K Kachaya Well-known member Jul 11, 2012 1,435 679 113 Apr 14, 2015 #479 සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ !!!
dreezone Well-known member Sep 18, 2006 1,374 80 48 හීන-ලන්තය Apr 14, 2015 #480 සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ