හිතේ ඇදුන මතක රූප..

Forrest_Gump

Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    පොඩි කාලෙ අවුරුදු 5-7 වගේ ගෙදර අයත් එක්ක මාසෙට සැරයක් විතර කළු ගගේ නාන්න යනවා.ඔහොම එක දවසක හවස මායි සීයයි විතරක් නාන්න ගියා. ඉවුර දිගේ ටික දුරක් තියෙන ගල්පොත්තක් එක්ක තමයි නාන තොටුපල තියෙන්නෙ.සැර වතුර පාරක් ඇවිත් කොල්ලව ලිස්සල ගගට වැටුනා. වතුරෙ සැරට මාව ගහගෙන යද්දි මොකුත් කරගන්න බැරුව බයවෙලා ගිලෙනවා උඩ එනවා මතකයි. ගල් පොත්ත දිගට තිබුන නිසා සීය දුවගෙන ඇවිත් ගගට පැනලා පීනලා මාව බේරගෙන.බේරගන්න සීන් එක මගේ මතකෙ නෑ.වතුර ගහගෙන යන ටික හොදට ඔලුවේ තියෙනවා. සීය උනාට ඒ දවස්වල 57 ක් වගේ වයස. සීයා fit එකේ ඉදිය නිසා මං බේරුනා.

    ඊලග සීන් එකත් ඔය වගේමයි.කලින් එක වෙච්ච කාලෙමයි උනේ. ගංවතුර ආපු කාලෙක ගෙදරට අයට කියන්නෙත් නැතුව වතුර බලන්න පාර දිගේ තව කට්ටිය එක්ක ඇවිදින්න ගියා.වතුර හුගක් ගැඹුරට තිබ්බෙ නෑ.මගෙ උස අඩි දෙකහමාරක් තුනක් විතර තියෙන්න ඇති.වතුර තිබ්බෙ මගෙ දණහිසට වගේ.ඔහොම යද්දි පාර අයිනෙ යෝධ ගැඩවිලෙක් මැරිලා පාවෙවී තියෙනවා මං දැක්කා.ඒ සයිස් උන් වැඩිය එලියට එන්නෙ නෑ.වතුර දැම්මාම උන්ට හුස්මගන්න බැරුව පොලොවෙන් එලියට එනවා.ඒ ආවත් තියෙන්නෙ වතුර නිසා උං මැරෙනවා.ආසාවට මං ඌව බලන්න ඌ ඉදපු පැත්තට ගියා.පාරෙං එලියට අඩිය තියලා ටිකක් යද්දිම එකපාරට ගිලුනා.මොකුත් කරගන්න බැරුව හුස්ම හිරවෙලා ඉන්නවා මතකයි. වතුර අපහැදිලි උනත් මගේ ඇස් කෙලින්ම වගේ අර මැරිච්ච පණුවාත් පාවෙවී ඉන්නවා ලාවට පේනුනා.එකපාරට ඩයල් එකක් මාව උස්සලා වතුරෙන් එලියට ඇදලා ගත්තා.ඒ මනුස්සයා ඇදං හිටියෙ ලා නිල් පාට වගේ shirt එකක්. කව්ද කියලා දන්නෑ.මතකත් නෑ.මං පට්ට බය වෙලා ඉදියෙ.මාව වැටිලා තියෙන්නෙ පරණ රබර් ගහක් උදුරලා දාපු වළක. අලුත් ගස් දාන්න කලින් වතුර දාලා. ගෙදර ආවටත් පස්සෙ තමා ඒක දැනගත්තෙ. අම්මා හවස වැඩ ඉවර වෙලා එද්දි වෙච්ච සිද්ධ්ය දැනගෙන තරහ ගිහින් ඉදියෙ.ඒ නිසා හවස හැංගිලා ඉන්නත් උනා.මාව හොයාගෙන ගැහුවා.දවස් කීපයක් යනකං ගෙදරට නොකියා ගිය එකට බැන බැන ඉදියෙ.

    කොහේ හරි නාන්න ගියාම ඔය සිද්දි දෙක නිතරම මීටර් වෙනවා.කලු ගගේ ගහගෙන ගිය එකනම් කීප දවසක් හීනෙනුත් පෙනිලා තියෙනවා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    ubata sure ekata wathuren apala athi.. parissamen
     
    • Like
    Reactions: netsurfer