මේක නම් උනේ ළඟදි දවසක.ඒත් කවදාවත් අමතක වෙන්නෙ නෑ කියල ෂුවර් නිසා මෙතන දානවා.මගෙ කෙල්ලට පූසො දෙන්නෙක් හිටියා.අම්මයි දුවයි.කෙල්ල සැලකුවේ දරුවන්ට වගේ.මේ අම්මා(එයාට කීවෙ මැණිකෙ කියලා)අසනීප වෙලා නැති උනා.ඒ වෙද්දි කොවිඩ් නිසා මාස හයක් කෙල්ල බලන්න යන්න විදියක් නැතුව ඉඳලා ඉඳලා මාත් එහෙ ගිහින් හිටියේ.මැණිකෙ මැරුනේ රෑ එකොලහට විතර.මම මේකෙ ත්රෙඩ් එකකුත් දැම්මා හොඳ වෙට් කෙනෙක් අහලා.ඒත් බේරගන්න බැරි උනා.මුලු ගෙදරම මල ගෙයක් වගේ.ඉතින් ඔන්න දවස් දෙකක් ගියා.එදා රෑත් මම වතුර බොන්න කුස්සියට ගියාම පූසෙක් අමාරුවෙන් කෑගහනව ඇහුනා.මම දොර ඇරල බැලුවම අර අම්මගෙ දුව(එයාගෙ නම සීනු)වත්තෙ ඉඳන් මං ළඟට දුවගෙන ඇවිල්ලා මගෙ කකුල් දෙක උඩට වැටුනා.මට තේරුනා මොකක් හරි වෙලා කියලා.මම ටක් ගාල එයාව වඩා ගත්තා.ඒතකොටම එයාට කක්කයි චුයි ගියා.එහෙම ගියා කියන්නෙ ගොඩක් වෙලාවට ඒ සතා ජීවත් වෙන්නෙ නෑ.කොහොම උනත් මමයි කෙල්ලයි පුලුවන් ඉක්මනට සතාව අරන් ගියා වෙට් ගාවට.ඩොක්ටත් පුලුවන් දේ කරා.ඒත් එයා නැති උනා.දවස් දෙකක් ඇතුලත සත්තු දෙන්නම මැරුනා.සත්තුන්ට ආදරේ කරන කෙනෙක්ට ඒක කියාගන්න බැරි තරම් දරුණු අත්දැකීමක්.මුලු ගෙදරම මල ගෙයක් වගේ.කෙල්ලගෙ අප්පච්චී ටිකක් තද ගතිගුණ තියෙන කෙනෙක්.එයත් අයිනකට වෙලා ඇස් දෙක ඇඟිලි වලින් මිරිකගන්නවා දැක්කා මම.මේකෙ මට මතක හිටිනම දේ මේක නෙවෙයි.සීනු ටිකක් අහංකාර සතෙක්.කෙල්ලගෙ අතට ඇරෙන්න වෙන කිසි කෙනෙක් අතට ගියෙ නෑ කවදාවත්.මා එක්ක ඕන සතෙක් පොඩි වෙලාවක් ඇතුලත ෆිට් වෙනවා.ඒත් සීනු කවදාවත් මා එක්ක ෆිට් උනේ නෑ.කොච්චර ආදරේ කරත්,හුරතල් කරත් මගෙ අතට ආවෙ නෑ.ඒත් එදා අන්තිම මොහොතෙ මම එයාව අතට ගත්තම එයා මගෙ අත ලෙවකෑවා බන්.ලෙවකාල මගෙ මූණ දිහා බැලුවා අමාරුවෙන්.මගෙ අතට නොආවට එයා දැනගෙන ඉඳල තියෙනව මම එයාට ආදරේ බව.එයත් මට ආදරේ කරන්න ඇති පෙන්නුවේ නැති උනාට.මේ සිද්ධිය එදා ඉඳන් අද වෙනකම් මට ලක්ෂ වාරයක් මතක් වෙන්න ඇති.ඉස්සරහටත් මතක් වෙයි.හිතේ අමාරුවටම තමා ලීවෙත්.දිග උනාට සොරි වෙන්න ඕනේ.