හිතේ හැටියට ගංජා උරන්න
උරුගුවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඉදිරිපත් කරනු ලැබූ මරිජුවානා වගාකිරීම සහ අලෙවිය නීතිගත කිරීමේ පණතට ලෝක ප්‍රජාවෙන් එල්ලවූ විවිධ විවේචන නොතකමින් එරට ජනාධිපති ජොසේ මුජිකා විසින් අත්සන් තබා ඇතැයි වාර්තා වේ. ජනාධිපති ලේකම් දියේගෝ කැනෙපා විසින් මේ බව ජාත්‍යන්තර මාධ්‍ය වෙත අනාවරණය කර ඇත.
අපේ‍්‍රල් මස 9වනදා මෙය පූර්ණ බලාත්මක භාවයට පත්වීමට නියමිත අතර ඊට පෙර මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නියාමන රෙගුලාසි අවසන් වශයෙන් නිර්ණය කිරීම සිදුකළ යුතුව තිබේ.
මේ වන විට යෝජනා කර ඇති පරිදි ගංජා පැළ 6ක් දක්වා වගා කිරීමට එක් පවුලකට අවසර හිමිවනු ඇති අතර ජාතික මට්ටමේ දත්ත පද්ධතියක ලියාපදිංචි වීමෙන් පසු ඖෂධසල් වලින්ද මරිජුවානා මිලදී ගැනීමේ අවස්ථාව එරට වැසියන්ට හිමිවනු ඇත. ඒ සඳහා සීමාවක් පණවා ඇති අතර එය මසකට ග්‍රෑම් 40කි.
පාතාල අලෙවිය මැඩලීම සඳහා දැනට හොරරහසේ ඩොලර් 1.40කට අලෙවි කෙරෙන මරිජුවානා ග්‍රෑමයක මිල ඩොලර් 1ක් බවට පත් කිරීමට නියමිත අතර මුජිකා විශ්වාසය පළ කර ඇත්තේ උරුගුවේ රාජ්‍යය පුරා පැතිරී ඇති නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මාෆියාව පරාජය කිරීමට මේ හරහා හැකියාව ලැබෙනු ඇති බවයි.
කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ මණ්ඩලයේ ප්‍රධානි රේමන්ඞ් යාන්ස් විසින් පවසා ඇත්තේ උරුගුවේ රාජ්‍යය දැන දැනම තමන් එකගව සිටි ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දැමීමට කටයුතු කර ඇති බවයි.
ඇමරිකාවේ කොලරාඩෝ සහ වොෂින්ටන් ප්‍රාන්ත වල මරිජුවානා නීතිගත කරද්දී මුණිවත රැකි ජාත්‍යන්තර ආයතන දැන් අවදී වී ඇත්තේ ඇයිදැයි ඊට පිළිතුරු වශයෙන් ජනාධිපති මුජිකා විමසා තිබේ.
මේ සමග මත්ද්‍රව්‍ය අපනයනයන් ව්‍යාප්ත වනු ඇතැයි අසල්වැසි රටවල් බියට පත්ව ඇති අතර එය වැළැක්වීමේ පියවරයන්ද උරුගුවේ රාජ්‍යය විසින පැහැදිලි කර ඇතැයි වාර්තා වේ.
ජාතික මත්ද්‍රව්‍ය ලේකම් කාර්යාලයේ ලේකම් ජුලියෝ කැල්සාඩා පවසන්නේ මරිජුවානා අස්වැන්න ලබාගැනීමේ සිට එය අලෙවිය දක්වා වන සියල්ලම රජයේ නියාමනය මගින් සිදුවන හෙයිනි බියවීමට හේතුවක් නොමැති බවයි.
උපුටාගැනීම - http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/foreign-news/107370/

ඕකට ගංජා වල සුවඳවත් අදුරගන්න බැරිද කොහෙද