හිත ටිකක් කලබල වුනා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    koi hariyeda bn?

    ගේ කියන එක හරි නැහැනේ බන්......දැන් තියනවද දන්නේ නෑ...උඹ ඒ පැත්තේ නම් ඉන්නේ රෑ 6.00 ත් 7.00 ත් අතර කැස්බෑවේ හන්දියේ ඉඳන් පිළියන්ද පැත්තට වම් පැත්තෙන් ඇවිදන් අවොත් පෙනෙයි....👻
     
    • Like
    Reactions: Gonawala_GUNE

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    https://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/page-4#post-11453402

    මේක අස්සේ ඇති. පොඩ්ඩක් බලන්න.

    කොහොමත් වයසක මිනිස්සුන්ට ඕව පෙනීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා යන්න කාලේ හරි නිසා.

    රොබොට් අයියා :frown:
    අලුත් කතාවක් දාපං අයියෝ ආයි එළකිරි ආපු එකේ
     
    • Like
    Reactions: Gonawala_GUNE

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    දැනට අවුරුද්දකට විතර කලින් අපේ ගෙදරට ඉස්සරහා ගෙදර අන්කල් එයාලගේ ගේ ඉස්සරහා ගහක එල්ලිලා මැරුණා
    මෙයාට පිළිකාවක් තිබුනා එකේ වේදනාවට වෙන්න ඇති එල්ලුනේ
    ඉතින් අපේ ගේ ඉස්සරහම පොඩි බුදු මැදුරක් තියනවා. ගමේ ගොඩ දෙනෙක් මේකට මල්, දානේ එහම පිළිගන්වනවා.
    අපේ වයිෆ් හැමදාම හවසට ගිලන් පස තියලා මල් පහන් තියන්නේ මෙතන
    ඔය බුදු මදුර තියෙන්නේ අර අන්කල් එල්ලුන ගහට ඉස්සරහා (ඒ ගහනම් දැන් කපලා දාලා)
    මම ගෙදර ඉන්න දවසක මීටර් උනා වයිෆ් අර බුදු මැදුරට මල් පහන් තියන් නැතුව ගෙදර පහන තියනවා කියලා (එකේ කලින් කරේ පුතා)
    ඉතින් මේ ගැන මම ඇහුවා

    පෝය දවසේ දවල් දානේ ගෙවල් කීපයකින් ගෙනත් බුදු මැදුරේ තිබ්බලු. ඉතින් දවල් අපේ වයිෆ් තව වයසක අච්චි කෙනෙක් එක්ක මෙතන අස් කරලා.
    අර දානේ පාරේ ඉන්න බල්ලන්ට කන්න කියලා වට අයිනේ කොලයකට දාලා. දාලා ටික වෙලාවක් යද්දී අර ආච්චි එක පාරම ගෙදර දුවලා.
    වයිෆ් ෆුල් හොල්මන්ලු. වයිෆ් හිමිට අර ටික අස් කරලා ඇවිත්. අර ආච්චි හවසත් පහන තියන්න අපු නැති නිසා වයිෆ් ගිහින් ටිකක් බලලා.
    ඒ ආච්චි කිවලු අපේ වයිෆ් අර බත් ටික කොලේට දානවත් එක්කෙම් අර එල්ලිලා මරුන අන්කල් එතන බිම වැඩි වෙලා ඒවා කනවා දැක්කලු.
    කොට කලිසමක්යි රතු ෂර්ට් එකකයි ඇදන් හිටියලු. සින් එක කියන්නේ එල්ලෙන වෙලේ ඔය දෙකයි ඇදන් හිටියේ.
    ඒ මරුන වෙලේ එක දැක්ක වෙන්න බැහැ. මොකද එතන අපි කීප දෙනෙක් විතරයි හිටියේ. ඉක්මනට බලා විල් එකක දැන් ගියා.
    ඔය සිද්දියෙන් පස්සේ වයිෆ් අර බුදු මදුර ලගට යන්න බයයි. මම ඉන්න දවසට මවත් එක්කන් ගිහින් සුද්ද කරනවා.
    මගෙත් පොඩ්ඩක් හිත ගැස්සුනා. මට හිතා ගන්න බැරුව ඉන්නේ.

    හරි විදියට සාංඝික දානයක් දීලා 'ඔය ආත්මෙන් මිදෙන්න කියලා' ඕකට පින් දීපන්.. එකෙන්ම ඉවරයි.



     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔතනින් යන හැම සැරේටම ආච්චිගේ ඔළුවේ එල්ලිලා මැරුණ හාදය මතක් වෙනවා ඇති, ඒ වගේම ආච්චිගේ පෙනීම දුර්වල ඇති, එතන ඒ වෙලාවේ බල්ලෙක් හරි මොකෙක් හරි කෑමත් කන්න ඇති.

    මිනිස්සුන්ගේ මොළේ අමුතුයි, ඒ වගේම සුපර් කම්පියුටර් එකක්, හරියට පෙනුනේ නැති දෙයක් මොළෙන් ප්‍රොසෙස් කරනවා හිතන හෝ හිතේ තියෙන දේ ට අනුරූපව, එතකොට හරියට නොදැක්කත් ප්‍රොසෙස් වෙච්ච ඉමේජ් එක තමා හොල්මන.

    මේක සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් එකක්, දැන් අපේ ආදී කාලීනයෝ හිටියේ වනාන්තර ප්‍රදේශ වල, ඉතින් සත්තු වගේම සතුරන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම සර්වයිවල් එකට වැදගත්, ඒ නිසයි මොලයේ මේ ප්‍රොසෙස් එක වැදගත් වෙන්නේ, හරියටම නොපෙනුනත් කෝකටත් කියල රෙඩි පිට ඉන්න පුළුවන් නිසා. දැන් ඒ දෙයම අපි හොල්මන් භූතයෝ විදිහට දකින්නේ.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    දැනට අවුරුද්දකට විතර කලින් අපේ ගෙදරට ඉස්සරහා ගෙදර අන්කල් එයාලගේ ගේ ඉස්සරහා

    ඔය මනස්ගාත හිතේ පුරවගන්නේ නැතුව, වත්තපිටිය හොදට සුද්ද කරලා මහන්සිවෙලා (තමන් කරන රස්සාව අවංක වගේ සාර්ථකව) වැඩ කරලා අඩියක් පුඩියක් ගහලා ඉන්න. හිතේ මාවගත්ත දේවල් වලට ඉඩදුන්නොත් යන්නේම වලපල්ලට.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මැරෙන්න යන මොහොතේ ගැලවෙන්න හිත පහල වෙන්න ඇති නේද
    අනික සනික මරණයක්
    ආත්මෙට හිතා ගන්න බැරිව ඇති යන්නද ඉන්නද කියලා
    අනිවා සීන් එක වෙන්න පුළුවන්

    හැබැයි ඔහොම එකක් සෙට් උනාම වගතුවක් නම් නෑ මචං
    එල්ලුන සීන් තියෙන ගෙවල් කීපයක් දන්නවා
    හැමතැනම අමු කූජිතයි
     
    • Sad
    Reactions: Gonawala_GUNE

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම ලියල ඇති මළගිය මගේ සීයා ගෙන්නගත් අවස්ථාවක ගෙදර කෑම කෑපු ගැහැනියක් සීයා පහුකර ඉදිරියට එන කථාවක්. එය මීට සමානයි.
    රොබොට් අයියා:frown:
    yako robert ayye ....
    :eek::eek::eek:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    හිත ටිකක් කලබල වුනා​

    උඹේ නෙමේ, අර පිස්සු ආච්චිග‍ෙ හිත කලබල වෙලා තියෙන්නෙ.
    ආච්චිලාට තමයි ඕවා පේන්නෙ. ගමේ මිනිස්සු කියන හොල්මන් කතා, කට්ටඩියන්ගෙ marketing කතා තමයි හේතුව මං හිතන්නෙ.
    ප්‍රේතයො ඉන්නවා තමයි. ඛුද්දක නිකායෙ "ප්‍රේත වස්තු" කොටස කියවන්න.

    හැබැයි ඔය නම් එහෙම එකක් නෙවේ. ඕවා අලුත්, අමුතු කතා. (ප්‍රේතයො නෙමේ, හොල්මන්)
    අර ඇඳුම්ම ඇඳගෙන හිටියා නම්........ ඔරලෝසුවක් බැඳගෙන හිටියා නම් ඒකත් තියෙයිනෙ. 😆
     
    Last edited:

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මචං ආච්චි තාම ඉන්නවද ? එයාට ඕවා පෙනව කියන්නෙ එයාට පෙරේත ආත්මයක් ලැබෙනව කියන එක, ආච්චි මැරිල නැත්නම් ගොඩක් පිං කරන්න කියහන්, නැත්නම් ඕකි මැරිල උබලගෙ වයිෆ් හොයාගෙන එයි, අපේ ආච්චි කෙනෙකුත් ඔහොම කලා
     
    • Haha
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මචං ආච්චි තාම ඉන්නවද ? එයාට ඕවා පෙනව කියන්නෙ එයාට පෙරේත ආත්මයක් ලැබෙනව කියන එක, ආච්චි මැරිල නැත්නම් ගොඩක් පිං කරන්න කියහන්, නැත්නම් ඕකි මැරිල උබලගෙ වයිෆ් හොයාගෙන එයි, අපේ ආච්චි කෙනෙකුත් ඔහොම කලා
    උබේ ගෑනි හොයන් ආච්චි ආව ද? එහෙනම් ඒකි ආච්චිට හතූරුකම් කරන්නැති😂
     
    • Haha
    Reactions: dilw