හිත නැත්නම් අත නැතුවට කමක් නෑ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හිත නැත්නම් අත නැතුවට කමක් නෑ

    මේ බලූ සුරතලා උපන්නේ නත්තල් දාට කලින් දා 2002 අවුරුද්දේ. උපදින කොට ම තිබුණේ කකුල් දෙකක් විතරයි. ඒ නිසාට ඌට ඇවිදීමට පුළුවන් කමක් තිබුණේ නෑ. එයාගෙ අම්මටත් මේ පැටියා එපා වෙලා තිබුණෙ.

    එයාගේ මුල් අයිතිකාරයත් හිතුවා මේ වැඩි කලක් ජීවත් වෙන එකක් නැහැ කියල. ඉතින් එයා හිතුවා මෙයාව ‘සදාකාලිකව නිදි කරවන්න.’

    ඒත් වාසනාවකට වාගේ ඊට කලින් මෙයාට මෙයාගේ දැන් අයිතිකාරයා හමු වුණා. එයා අයිතිකාරයෙක් නෙමෙයි, අයිතිකාරියක්. නම ජූඩි ස්ටි‍්‍රන්ෆෙලෝ. ජූඩි හිතුව මෙයාව හදා වඩා ගන්න ඕනෑ කියල.


    3.jpg


    මුලින් ම මේ පුංචි පැටියට ‘ෆේත්’ (Faith) කියල නම තිබ්බා. ඒ නමේ තේරුම ‘විශ්වාසය’ කියන එකයි.

    ඊළඟට ඌට තනියම ඇවිදින හැටි උගන්වන්න හිතුව. ජීවත්වෙන්න අවශ්‍ය හැම දෙයක් උගන්වන්න කල්පනා කළා.

    ඇය මුලින් ම ලිස්සන ලෑල්ලක් (surfboard) යොදා ගත්තා මෙයාට චලනය ගැන හැඟීමක් ඇති කරන්න. ඊට පස්සෙ හැන්දකට බටර් ටිකක් දාල ඉහළින් අල්ලන් හිටියා එය දෙපාවලින් නැඟිටල ඒක ගන්න කම්. එයා දෙපාවලින් හිටගෙන හැන්දෙ බටර් ටික කෑව. මේ ක‍්‍රමයට ඇය ඌව ටිකෙන් ටික පොලඹවා ගත්තා දෙපාවලින් හිටගෙන පැන පැන ඇවිදින්න.

    ජූඩිගෙ අනික් බලූ සුරතලත් ෆේත්ව දිරිමත් කළා එයා එක්ක එහෙ මෙහෙ දුව පනින්න.

    හරිම පුදුමයි! මාස හයයි ගියේ. විස්මයජනක විධියට ෆේත් ඉගෙන ගත්තා සිරුර සමබරව තියාගෙන ඉදිරියට පනින්න.

    හිම වැටෙන කාලෙදි හිම මත දෙපා මාරු කර ඇවිදින හැටි උගන්වන්න ජූඩි සමත් වුණා. දැන් එයාට දෙපාවලින් ඇවිද ගෙන යන්න හරියට මේ අපි වගේ.


    4.jpg



    දැන් ෆේත් ආසයි ඒ විදියට ඇවිද ගෙන යන්න. එයා යන යන තැන සෙනඟ ආකර්ෂණය වෙනවා. හැමෝම එයාට ආදරය කරන්න පටන් ගන්නවා.

    වැඩි කලක් ගියේ නෑ. එයාට ලොකු ප‍්‍රසිද්ධියක් ලැබුණා. පුවත්පත්වලින්, ටීවීවලින් එයා ගැන ලෝකෙට ම දැන ගන්න ලැබුණා. අද ෆේත් ලෝක ප‍්‍රසිද්ධයි!

    දැන් එයා ගැන ‘විත් අ ලිට්ල් ෆේත්’ (With a Little Faith) පොතකුත් ලියැවිලා තියෙනවා.
    එයාව ‘හැරී පොටර්’ චිත‍්‍රපටයක රඟපාන්න යොදා ගන්නත් සලකා බැලූණා.

    දැන් එයාගෙ අයිතිකාරිය, ජූඩි ස්ටි‍්‍රන්ෆෙලෝ, මෙතෙක් කල් කළ ගුරු සේවයෙන් ඉවත් වෙලා මේ බලූ සුරතලත් අරන් දේශන පවත්වමින් ලෝකෙ වටේ යන්නයි හදන්නේ. ඇගේ දේශනවල තේමාව, ‘පරිපූර්ණ සිරුරක් නැතත් කෙනකුට පරිපූර්ණ ආත්මයක් ලබන්න පුළුවන්’ (even without a perfect body, one can have a perfect soul) යන්නයි.

    ජීවිතයේ කෙතරම් අමිහිරි දේ තිබුණත් ඒවා මිහිරි කර ගන්න අපට බැරි කමක් නැහැ. අපේ පැරණි සිංහල කියමනක් තියෙනවා, ‘හිත ඇත්නම් පත කුඩාද’ කියලා. ඒකෙ තේරුම ‘හිතට අර ගෙන කළොත් කරන්න බැරි දෙයක් නෑ’ කියන එකයි. හිතට ගත්තොත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්.


    watch


    http://www.youtube.com/watch?feature=player_embedded&v=5-A0WRDPQHc
    රිපොස්ට් නම් සමාවෙන්න..මෙක උපුටා ගත්තෙ මල් කැකුලු වෙබ් අඩවියෙන් :yes:
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඒක ඇත්ත. තමන්ට නැති දේ ගැන අඬ අඬ ඉන්න අයට,
    අත පය හොඳට තියාගෙන මිනිස්සුන්ගෙන් හිඟා කන අපතයන්ට මේවා හොඳ පාඩම්.
    අවාසනාවට මේ වගේ දේවල් දකින්න බෑනෙ ඒ අයට.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඒක ඇත්ත. තමන්ට නැති දේ ගැන අඬ අඬ ඉන්න අයට,
    අත පය හොඳට තියාගෙන මිනිස්සුන්ගෙන් හිඟා කන අපතයන්ට මේවා හොඳ පාඩම්.
    අවාසනාවට මේ වගේ දේවල් දකින්න බෑනෙ ඒ අයට.


    :yes: