හිත හදාගන්ඩ උදව් කරපල්ල

AnuradhaRa

Well-known member
  • හිත හදාගන්ඩ උදව් කරපල්ල

    මට ඒ වෙලාවෙ හිතුණෙ දැං ඉතිං ඉඳල වැඩක් නෑ. බේරුණත් දැං මැරිල වගේ තමා කියල
    හිත හදාගන්ඩ උදව් කරපල්ල. හිතන්ඩෝන පොයින්ට්ස් කියපල්ල


    මම පිටකොටුවෙ බස්ටෑන්ඩ් එකේ බස් දෙකක් මැදින් ගියා. මාර වැඩේ එක බස් එකක් ඇලේට යන්නෙ බස්එකේ මැද හරිය පහුවෙනකොට මට තේරුණ මාව දෙකටම හිර වෙනව කියල. දෙකම ඉස්සරහට ගන්නව..
    අතේ තිබුණ බෑග් එක හිරවුණ. යාන්තමට මට යන්ඩ ඉඩ ඉතුරු වුණා..


    මම සාමාන්‍යයෙන් බස් අස්සෙන් යන්නෙ නෑ. ස්ටෑන්ඩ් එක ඇතුලෙන්මයි යන්නෙ. එදා මම යාලුවගෙ පස්සෙන් ගියේ..


    දැං මගෙ හිත මටම වද දෙනව තව පොඩ්ඩෙන් මොකක්හරි වුණානං කියල
    මම මටම බැන ගන්නව ඔහොම වෙනව කියල දැන දැනත් බස් අස්සෙන් ගියෙ මොකද කියල


    මම හිත හදාගන්න එක පොයින්ට් එකක් තමා වෙන්ඩ තිබුණ දේ වලක්වන්ඩ බෑ කියල.

    predeterminsm


    තව දෙයියො බේරුව කියල හිතුව.. වනචර කතා කිව්වට මම උඹලට වඩා ගොඩාාක් හොඳ කෙනෙක්. මගේ හිත මම දන්නව


    වෙන මොනාද හිත හදාගන්ඩ පුලුවන් කරුණු :confused:


    බස් කාරයො දෙන්න මාව දැක්කද දන්නෙ නෑ..
    මට මොනාහරි වුණොත් ගෙදර අයට කොච්චර දුකද.. මට මං ගැන (එයාල වෙනුවෙන්) වගකීමක් තියෙන්ඩ ඕන