මේ දේවල් කෙල්ලෝ පහත් කරන්ඩ කියන දේවල් නෙමේ. ඒත් මේ කියන දේවල් මමත් අත්දැකල තියනවා, මගේ යාළුවන්ට වෙච්ච සිද්ධි වලිනුත් දන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ කෙල්ලෝ ඔක්කොම චාටර් කියන එක නෙමේ. හැබැයි මෙන්න මෙහෙම එකක් සාමාන්යෙන් කෙල්ලන්ගේ (ගෑනුන්ගේ ) දැකල තියනවා. ගොඩක් කෙල්ලෝ එක අරමුණක ඉන්න ගතිය අඩුයි. මුලින්ම එක දෙයක් හොදයි කියල කරනවා. පස්සේ ඒකට support කරන කට්ටිය නැතිවේගන යද්දී එක ගැන පොඩි අවිශ්වාසයක් එනවා. සැලෙන ගතියක් එනවා. ඊට පස්සේ කලින් කර කර හිටපු එක හොදයි කියල ආයේ ඒ පැත්තට යනවා. ඔය විදිහට කරන දේවල් හිතේ එන සිතුවිලිත් එක්ක වෙනස් වෙන පිළිවෙලක් තමා මම දැකල තියෙන්නේ. (මේ දේවල් 100% හරි නොවෙන්ඩ පුළුවන්, මොකෝ මම කියන්නේ මගේ අත්දැකීම් වලින්). කොල්ලෝ එක අරමුණක හිටියට (සාපේක්ෂව බහුතරයක්), කෙල්ලෙක්ගෙ තීරණ ගොඩාක් රඳා පවතින්නේ ආශ්රය කරණ යාලුවෝ නිතර දෙවේලේ කියන දේවල්, අම්ම තාත්තා කියන දේවල් වගේ නිතර දෙවේලේ වදින "තෙල" මත. එතකොට කවුරුහරි කියාගෙන ගියොත් ඔය කොල්ල හරියන්නේ නෑ කියල, ටික කාලයක් යද්දී ඒ කොල්ලා දෙවියෙක් උනත් හරියන්නේ නෑ. කවුරුහරි කියාගෙන ගියොත් ඌ හරියනවා කියල අන්න යකෙක් උනත් හරි. පවුලේ බාලයා වෙන්ඩ වෙන්ඩ තවත් ඔය සැලෙන ගතිය, වෙනස් වෙන ගතිය වැඩියි.
කෙල්ලෙක් ඉන්නේ හොඳ යාලුවෝ set එකක් එක්කනන්, family එක පිළිවෙලක family එකක් නන්, හොඳ qualities තියෙන chance එක වැඩියි. (family එක හොඳයි කියන එකෙන් කියන්නේ සල්ලි තියනවා කියන එක නෙමේ. සල්ලි තිබ්බ නැතා ප්රතිපත්තියක් ඇතුව ඉන්න අයට. උදාහරණයක් විදිහට ගත්තොත් වැරැද්ද නන් තමුන්ගේ දරුවා කරත් වැරැද්ද වගේ හිතන්ඩ පුළුවන් අය). ඉතින් මන් මේ කියන්ඩ ගියේ, යාලුවන්ගේ කීමට, නැත්තන් තමුන්ගේ අදහසට support කරන කට්ටිය අඩුවෙච්ච හින්ද තීරණේ වෙනස් වෙච්ච කෙල්ලෙක් නන්, ආයේ සුපුරුදු තෙල වැටුනම දාල යන්ඩ ලොකු ඉඩක් තියනවා.
තව තව විස්තර දෙන්ඩ පුළුවන් එක එක විදිහට. ඒ මොනා කිව්වත් අන්තිමට කෙටියෙන් කියන්ඩ තියෙන්නේ, ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියලයි. තමුන්ගේ හිත කියනවනන් ගැලපෙන්නේ නෑ කියල, මුළු ලෝකෙම කිව්වත් ගැලපෙනවා කියල ගැලපෙන්නේ නෑම තමා.
ඉතින් උඹට experience තියනවනේ මොකද උනේ කියන්ඩ. ඒක බොරුවක් නොවන බවත් උඹ දන්නවනේ. ඒක පාඩමක් කරගෙන එක තීරණේ ඉදපන්. නොදන්න වලවල වැටුනට දන්න වලේ ආයේ ආයේ වැටෙන්ඩ ඕන නෑනේ. ඒ වගේම උඹට හරියන්නේ කොයි වගේ qualities තියන කෙල්ලෙක්ද කියන එකත්, ඒව නොතිබ්බම ඇතිවෙන ප්රශ්න මොනාද කියන එක ගැනත් හොඳ අදහසක් එන්ඩ ඇතිනේ. ඉතින් මචන් ඔය පාඩමම ඇති ජීවිතේට.
තව තව drama එන්ඩ පුළුවන්. සමහරු ඉන්නවා, තමුන් ඒ තත්වෙට වැටුනේ අපි නිසා කියල පෙන්නන්ඩ හදන. guilt trap එහෙක හිර කරල වාසි ගන්ඩ බලන. (ගෑණු විතරක් නෙමේ පිරිමිත් ඉන්නවා මේ විදිහ, ආයේ මතක් කරන්නේ ගෑණු ගැන තරහක් ඇති කරන්ඩ නෙමේ මේවා කියන්නේ )
දැන් ප්රශ්නේ තනිකම නැතිකර ගන්න එකනේ. ඒකට විදි ටිකක් හොයල බලමු.
ඇතුලටම වෙලා ඉන්ඩ නන් පුරුදු වෙලා තියෙන්නේ, ඒකෙන් අහක් වෙයන්. ගොඩක් වෙලා නිදා ගන්ඩ පුරුදු වෙලා ඉන්නවනන්, උදේකම නැගිටලා පොඩ්ඩක් එලිය වැටෙනකන් වටේ ඇවිදින ටික හරි කරපන්. සමහරු ඔහොම ප්රශ්න උනාම කැමති නෑ වැඩිය මිනිස්සු ඉන්න තැන්වල ගවසෙන්ඩ. උඹ ඉන්නේ කොහොම පැත්තකද දන්නේ නැහැ. පිට්ටනියක් එලිමහනක් වගේ තියනවනන් අන්න එහෙම තැනක හරි පොඩි walk එකක් දාපන්.
වවන්ඩ කැමති නන්, එකට ඉඩක් තියනවනන් අන්න තනිකම නැතිකරගන්ඩ ඒකත් හොඳ විදිහක්. apartment එහෙක හිටියත් පොඩි පෝච්චි ටිකක් අරන් උනත් වැඩේට බහින්ඩ පුළුවන්.
උයා ගන්ඩ පුළුවන් තැනක නන් ඉන්නේ, මෙච්චර කල් කඩෙන් නන් කන්ඩ පුරුදු වෙලා හිටියේ, කෑමක් දෙකක් හදාගන්ඩ try කරන්ඩත් පුළුවන්.
කොහොමත් ඕක ගැනම හිත හිත ඉන්නේ නැතුව වෙන මොනාම හරි කරන්ඩයි ඕන. හිතන්ඩ හිතන්ඩ ආයේ හිර වෙනවා මිසක් ගොඩ ඒමක් නැහැ. ආයේ හිත fit උනාට පස්සේ හිතලා බලද්දී නොපෙනිච්ච ගොඩක් දේවල් පේන්ඩත් පුළුවන්මු. මුල් කාලේ පන්නගන්න එකයි අමාරු. ඊට පස්සේ ඕක ගානක්වත් නැති වෙයි.