හිත_රිදුනදෙන්...
හිත රිදුනදෙන්... අද ඇති තරම්.... සනසන්න හිත ගාව සැනසිල්ල නෑ.....
නෙතු පිරුනදෙන්... කදුලැල් වලින්.... පිසලන්න හසරැල්ල මා ගාව නෑ.....
තරු පිපුනදෙන්... රෑ අම්බරේ..... තරු එක්ක හිනැහෙන්න සදවතිය නෑ....
තනිවෙච්චදෙන්.... මේ ජීවිතේ... පිටුපෑව ඔබ ගාව මගෙ ලෝකෙ නෑ....
ඉස්සර වගේ.. තිස්සෙම බැදී.... දෙදෙනා තුටින් දවස ගෙවිලා ගියා....
ලස්සන කථා .... ඇස් දෙක පුරා... කියනා තරම් රූප ඇන්දා ඔයා....
වරදක් කියා... නාමේ පවා.... නොඇසූ විරූ තැනක රදවා තියා....
මට මා තියා.... ඔහුගේ වෙලා... හිත බින්ද ඔබ ඈත ඉගිලී ගියා.....//
හිත රිදුනදෙන්...
අදුරක් ගලා.... හිරු සගවලා... මහ වැස්සකින් පොලොව තෙමලා ගියා....
මේ මැදියමේ.... උනුසුම් සුසුම්... වැහි සිසිලෙ රහසේම ඇදිලා ගියා....
පා දැවටෙනා.... සායම් වගේ.... දූවිල්ල සේ මතක අවුලා තියා....
මගෙ ආදරෙත්.. ඔබගේ ලොවේ... ඒ දූලි වාගේම නොපෙනී ගියා....//