පට්ට රුවන් වැකි.....
අද කියන්න යන්නෙ ටිකක් වෙනස් මාතෘකාවක්.... ඔයාලා පාරෙ තොටේ යද්දි දැකලා තියෙනවා නේද ඔය ත්‍රී වීල් වල ලොරිවල එහෙම ගහලා තියෙන වැකි... අද මම පොඩි ගමනක් යද්දි දැක්ක රුවන් වැකියක් නිසා මට ඒ ගැන පෝස්ට් එකක් ලියන්න හිතුනා.... මේ පෝස්ට් එක කියවන ඔයාලත් කමෙන්ට් විදිහට ඔයාලා මගතොට දැකපු වාක්‍යයන් දමාවි කියලත් මම හිතනවා....
ත්‍රීවීල් වල තමයි හොදම කතා තියෙන්නෙ.... පිඹගෙන යන ත්‍රීවීල් එකක පිටි පස්සෙ මෙහෙම ගහලා තිබ්බා...
මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න.....
ඇත්ත තමයි.... මිනිහා ගිය විදිහටනම් මට හිතුනෙ ඊයෙ යන්න තිබ්බ ගමනක් අද යනවා කියලයි.....
කොහොමත් ත්‍රී වීල් රියැදුරෝ එහෙන් මෙහෙන් දාලා අස්සෙන් රිංගලා යන්න සමත් අයනෙ... එක පාරට තමන්ගෙ වාහනේ ඉස්සරහින් ත්‍රී වීල් එකක් මතුවෙනවා දැකලා ඉබේටම තිරිංග තද කරන වාහන රියැදුරන්ගෙ මුවෙනුත් පිට වෙන්නෙ මරුම වදන් තමයි... ඉතින් මෙහෙම අස්සෙන් රිංග රිංග යන ත්‍රී වීල් එකක් පිටි පස්සෙ ගහලා තිබ්බ මෙහෙම වැකියක්....
පොඩි උනාට දග නෑ පැටියෝ.....
බනින්න හදනකොටම මේ වැකිය දැක්ක අයට බනින්න අමතක වෙනවා ඇතිනේද?
****************************
පුද්ගලික බසුත් ඉදලා හිටලා ලංගම බසුත් මේ වගේ වැකි ප්‍රදර්ශනය කරනවා.. පුද්ගලික බස් වල ජනප්‍රියම කවි තමයි විල්ඹට් අඹතලාව මහත්තයාගෙ කවි.. ඒ ගැනනම් වෙනම ලිපියකුත් ලියන්න පුළුවන්.. ඔන්න වටේ යනවා.. ආයෙ කතාවට එන්න ඕන.. හරි ඉතින් දවසක් රියදුරු මහත්තයගෙ අසුන උඩින් මගී ජනතාවට කියවන්න පුළුවන් වෙන විදිහට මේ වගේ වැකියක් මම දැක්කා.....
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්...
ඇත්තටම ගෑනු ලමයි රියැදුරු මහත්තයා දිහා බල බල ගිහින් අන්තිමේට එයත් බල බල යන්න ගත්තම බස් එකේ යන මගීන්ට ඊලග මොහොතෙ අත්වන ඉරනම ගැන හිතාගන්න පුළුවන් නේද?
****************************
මේ වගේ තව ගොඩක් තියනවා.
"පතාගෙන ආපු හැටියටනේ ඔතාගෙන යන්න වෙන්නේ..."
හප්පන්න එපා පුපුරයි බෝම්බේ....!!!
එක කකුලක් අඩු වුනාට අපිත් හොද චණ්ඩි...
කකුල කිව්වේ ත්‍රිවීල් එකේ රෝදෙට නෙවැ.
යනවානම් අනේ මං අරන්
යන තැනකට හෙමින් යමුකෝ බං....
මල්ලී චූ බරද හයියෙන් යන්නේ..??
හැප්පුවොත් කුකුල් පැටව් පව්...
ගෙනියන්නේ බිත්තර....
අපි බොක්කෙන් - අපිට බෙලෙක්කෙන්!
"හැටත් වයසක්ද"
මම මේ රුවන් වැකිය දැක්කේ තොළඹ දී......
කටු ගෙට යවන්න වටින 60ශ්‍රී**** බස් එකක පිටි පස්සේ ගහලා තිබ්බා.
බුදු රදුන් නිසා සමහරු නිවන් ගියා
බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා
ඔබ පසු වුනා නෙමෙයි මා ඔබ පසු කලා...!!!
ඇරගෙන එන්නේ ඇනගෙන යන්නද?
වද්දන්න එපා මල්ලී..ගත්තෙ අමාරුවෙන්..
මොකද හදිස්සි?
අපිත් යන්නෙ එහෙට තමයි....
ත්‍රිවීල් එකක තිබ්බේ..
ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී.
"අම්මා රත්තරං, ඇයි තාත්තා පිත්තලද ?"
"සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම්"
"අත හිත බාප්පාගෙනි"
"ආලෝකය නැතිවිට සෙවණැල්ලද මග හරී"
මාලෙ ගෙලේ - චේ පපුවේ
කිසිම දෙයක් නෑ ඔලුවේ
වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ...
පිඔගෙන එන්නෙ... ඉඔගෙන යන්නද....
මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපට
රෑ එළිවෙනකම් රාමායනය බලලා උදේට අහනවා සීතා කව්ද කියලා
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව..
"අනුන්ගේ දුර්වලතා සිනහවෙන් ඉවසන්න"
මේක තිබුනෙ නම් ආටා එකක හැබැයි මල්ලී නම් කොකු රාජයෙක්.
******************************************************
රෙපක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා

Last edited: