හිනා..හිනා.වෙන්න හිනා - 5
අවුරුදු චාරිත්‍ර
තේගිරිස් ගමේම සිටි බයාදුම මිනිසා යැයි කීවොත් නිවැරදිය. හේ ඉතා පාඩුවේ තම පවුලේ අගහිඟකම් සපුරමින් ජීවිතය ගෙන ගියේය.
පරණ අවරුදු දා පංසලේ ඝාන්ටාරය නාද කර ගැමියන් කැඳවා, ඔවුන්ට අවුරුදු නැකැත් පිළිබඳව දැනුම් දීම හාමුදුරුවන්ගේ සිරිතය.
සිරිත් පරිදි ඇසුණු ඝාන්ඨා නාදයෙන් කලබල වුන තේගිරිස්ගේ බිරිඳ "තමුසේ විගහින් ගිහින් නැකැත් අහගෙන එනවා" යි පැවසීය.
තේගිරිස් - "අනේ තමුසේ යනවකෝ... මම ඕවට වැඩිය කැමති නෑනේ.."
බිරිඳ - "ඔය බලනවකෝ.... මට කොයිතරම් වැඩද ? මේ කැවුම් ටික බැදගන්නත් තියෙනවා. ගිහින් එනවකෝ"
බිරිඳගේ බලකිරීම නිසාම කමිසයක් ඇඟට දාගත් හෙතම හීං සීරුවේ පංසල වෙත ඇදී... දාන ශාලාවේ බිත්තියට හේත්තුවී හාමුදුරන්ගේ කථාවට ඇහුම්කන්දීගෙන සිට ගෙදර ආවේය.
අළුත් අවුරුද්ද උදාවිය. ලිප මෙලවීමේ නැකතට දසත රතිඥ්ඥා සද්දෙට දෙකන් බීරිවන තරම්ය. තේගිරිස් දරුවන් දෙදෙනා වත්ත පල්ලෙහාට පිටත් කර යැවුවේ ඔංචිලි පදින ලෙස අණකරමිනි. ලිප මොලවන නැකතට රතිඥ්ඥා පත්තුවන්නට විය.
තේගිරිස් - "ගලවනවා ඉතිං ඔය චීත්තේ..."
බිරිඳ - "මොන යකෙක් ගහලද තමුසෙට මේ නැකැත් වෙලාවේ"
තේගිරිස් - "හාමුදුරුවෝ කිව්වේ එහෙම තමයි යෝදියේ.... මේ සැරේ ලිප මොලවන්න තියෙන්නේ නිර්වස්තරෙන්"
බිරිඳ - "ම්... ඈ...."
තේගිරිස් - "ඔව් යෝදියේ රෙද්ද ගලවල ඕක මොලවපං"
සියල්ල සිරිත් පරිදි සිදුවිය. දින කීපයකට පසු නාන්නට ගිය තේගිරිස්ගේ බිරිඳ ගමේ ගෑනුත් එක්ක
"මේ සැරේ නැකත තමයි නැකත, යි පැවසීය"
මෙය අසා සිටි අනෙක් ගෑනු ඇයි මොකද ? වෙනද වගේමනේ. ඇයි උඹ මොකද කලේ.
"නෑ මම කිව්වේ මට නම් ලැජ්ජාවේ පනගියා"
පසුව සිදුවූ දේ ඇය විස්තර කලාය. අසාසිටි සියළු දෙනාම බඩවල් අල්ලා ගෙන සිනාසෙන්නට විය.
සිදුවී තිබුනේ මෙසේය .....
හාමුදුරුවන් කියා තිබුණේ නිල්වස්ත්‍රයෙන් සැරසී ලිප මොලවන ලෙසය. තේගිරිස් එය අසාගෙන ඇත්තේ නිර්වස්ත්‍රයෙන් සැරසී ලිප මොලවන ලෙසටය.

ඇයි දෙවියනේ එහෙම කලේ
අධික දේව භක්තිකයෙක් ගඟක් අසල වාසය කළේය. තද වැසි හේතුවෙන් ගඟ දොගොඩතලා යෑමට සැරසෙද්දී පොලීසියෙන් පැමිණ වහා ඉවත්වන ලෙස දැනුම් දෙද්දීත් “දෙවියන් මා බේරාගනීවි” පවසා නිවසින් ඉවත් නොවීය. නිවසේ දෙවන තට්ටුව තෙක් වතුරට යටවිය. නැවත ජීවිතාරක්ෂක සේවයෙන් පැමිණ මෙම පුද්ගලයා ඔවුන් සමග රැගෙන යාමට තැත් කළේය. එවිටද “දෙවියන් මා බේරාගනීවි” යි පවසා ඔහු නිහඞව සිටී. දෙවන තට්ටුවද යටවීම නිසා මොහු වහලට නැග්ගේය. ඔහු බේරාගන්නට පැමිණි හෙලිකොප්ටරයටද මොහු පැවසූයේ “දෙවියන් මා බේරාගනීවි” කියායි. අවසානයේදී මොහු වතුරට ගසාගෙන ගොස් ඉතා අමාරුවෙන් ගසක එල්ලී පන බේරා ගත්තේය. දින කීපයකට පසු ඉතා කේන්තියෙන් දේවාලය වෙත ගිය හේ “දෙවියනේ ඇයි මට එහෙම කලේ? ඇයි මාව බේරාගන්න ආවේ නැත්තේ ? ” යි විලාප තැබීය. එවිට දෙවියන් මෙසේ පැවසීලු.
“යකෝ මම දෙසැරයක් පොලීසියෙන් එව්වේ. ඊට පස්සේ හෙලිකොප්ටරයකුත් එව්වේ තෝ නැග්ගයෑ. මම මොනව කරන්නද ඒකට”

කලින් දැනගත්තා
මරණ මංචකයේ සිටි හේ .... සිය බිරිඳ අමතා.....
"මට මේක නොකියා මැරෙන්න බැහැ.. ඔයා දන්නේ නැහැ ඔයත් එක්ක හිටපු කාලේ මම රෑ වැඩ කියලා ගෙදර එන්නේ නැත්තේ මම වැඩට ගිහින් නෙවෙයි. මම වෙන වෙන ගෑණුත් එක්ක හොටල්වල හිටියේ. එහෙම හිටපු ගෑණු කී දෙනෙක්ද කියල මට හිතා ගන්නත් අමාරුයි. ඒත්..... දැන් ඔයා විතරයි මගේ අවසන් වෙලාවේ මා ලඟ ඉන්නේ...... මම දැන් හරියට දුක් වෙනවා පහුගිය කාලේ මම ඔයාට සලකපු විදිහ ගැන. දැන් මගේ හිතේ තිබුණු ලොකූ බරක් නිදහස් උනා වගේ දැනෙනවා. මීට කලින් ඔයා මේ වග දැනගත්තනම් ඔයා මොකද කරන්නේ ???"
බිරිඳ - "ඒක දැනගත්ත හින්ද තමයි මම ඔයාට වහ දුන්නේ"

ගෙදරට එන විදිහ
නිමල් යහළුවෙකුගේ නිවස අසලින් යන අතරතුර එහි ගොඩවීමට සිතී ඔහුට දුරකථන ඇමතුමක් දුණිමි.
යහළුවා - "හලෝ මචං, කොහොමද?"
නිමල් - "ඒක නෙවෙයි මම උඹලගෙ ෆැලැට් එක ලඟ ඉන්නේ... ගෙදරට එන විදිහ කියපං"
යහළුවා - "හරි මචං, ඔතන තියෙන පාක් එකේ කාර් එක දාපං, ඊට පස්සේ 3බී ෆ්ලැට් එකට වරෙන්. දකුණු අතේ වැලමිටින් ලිෆ්ට් එකේ 6 තට්ටුවේ බටන් එක ඔබපං. ඊට පස්සේ දකුණු පැත්තට හැරිලා 2 වෙනි ගේ. බෙල් එක වම් අතේ වැලමිටින් ගහපං... මම ගෙදර ඉන්නවා..
නිමල්- " ඒක නෙවෙයි... ඇයි මට වැලමිටින් බට්න් ඔබන්න කියන්නේ. ?"
යහළුවා - "නෑ මචං, බයිට් ට්ක එක අතක, අනෙක් අතේ බෝතලේ වැටුනොත් එහෙම"

හොඳනම් රෙප් දෙන්න අමතක කරන්න එපා

බැලුවෙ නැත්නම් බලන්න..
හිනා..හිනා.වෙන්න හිනා - 4
හිනා..හිනා.වෙන්න හිනා - 3
හිනා..හිනා.වෙන්න හිනා - 2
හිනා..හිනා.වෙන්න හිනා - 1